Kitchen
අයිස් ක්රීම් පහසුවෙන්ම ගෙදරදීම හදා ගන්න මෙන්න ක්රමය
අයිස් ක්රීම් ලීටරයක් හදා ගන්න ඕනේ කරන ජාති මෙන්න මේවා.
කිරි පිටි පුරවපු කෝප්ප 1යි
සීනි කෝප්ප 3/4
ජෙලටින් තේ හැදි 1
උණු වතුර කෝප්ප 1
ඇල් වතුර කෝප්ප1
කැමති නම් රස කාරක/ වර්ණක
වැනිලා ටිකක්
සාදන ක්රමය
මුලින්ම ජෙලටින් තේ හැන්දක් වීදුරුවකට දාලා, ඒකට ඇල් වතුර තේ හැදි 4 ක් දාල පෙගෙන්න තියන්න.
ඊට පස්සේ සිනි ටිකයි කිරි පිටි ටිකයි හොදට කලවම් කරල උනු වතුර කෝප්පෙන් ටිකක් එකතු කරලා දිය කර ගන්න. දැන් මිශ්රණය වෙන භාජනයකට පෙරා ගන්න.
ඉතිරි ඇල් වතුර ටික ජෙලටින් එකට දාල හොදට මිශ්ර කරගෙන පෙරලා කිරි මිශ්රනයටම දාගන්න. (පෙගෙන්න තියපු ජෙලටින් ටිකට කැමති නම් රසකාරක/ වර්ණකාරක එකතු කරන්න. වැනිලා එකතු කරන්නේ මේ වෙලාවෙයි.)
කිරි සහ ජෙලටින් හොදට මිශ්ර කරගන්න. උණු වතුර ඉතිරි වෙලා තියනව නම් එවත් මේ මිශ්රනයට දමන්න.
මිශ්රණය අධි ශීතකරණයේ තබන්න.මිශ්රනය හොදටම ඝන වෙනකන් තියලා ශීතකරනයෙන් එලියට ගන්න. භාජනයේ ඇතුලෙ තියා ගෙනම මිශ්රනය කෑලි වලට වෙන් කරන්න. හයිය හැන්දක් වගෙ එකක් හොයා ගත්තොත් වැඩේ පහසුයි.
ඊට පස්සේ තියෙන්නෙ බීට් කරන්න. ටිකක් මිශ්රනය පොඩි කැලි වලට කැඩෙනකන් වේගය අඩුවෙන් බීට් කරගන්න. මිශ්රනය මෙලෙක් උනාම නවත්තන්නේ නැතිව උපරිම වේගෙන් බීට් කරන්න.
පැය බාගයක් විතර යනකොට මිශ්රනයෙන් වායු බුබුල් එලියට එන්න ගන්නවා. එතකොට බීට් කරන එක නවත්තලා පුලුවන් ඉක්මනට ආයෙත් අධි ශීතකරණයට දමන්න.
පැය දෙකක් විතර අධි ශීතකරණයේ තිබුනම කඩේ තියන එවා වගේ පදම හරි යනවා. එතකොට ඉතින් කන්න තමා තියෙන්නෙ. හැබැයි කඩෙන් ගෙනාව වගේ නෙවේ. ගෙදර අයිස් ක්රීම් හදනකොට හරි සතුටුයි. තමන්ට ඕනේ විදියට හදාගන්න පුලුවන්. වියදමත් ගොඩාක් අඩුයි.
මේ කියා දුන්නේ සරල විදියටම අයිස් ක්රීම් හදන හැටියි. ඔයාලාගේ නිර්මාණ ශීලීත්වයත් එකතු කරලා ඊලගට හදද්දී කජු, වියලි මිදි, චොක්ලට් වගේ ඒවත් එකතු කරලා හදන්න.