නිවාඩු සමය සාමය සැනසීම පිරුනු එකක් විය යුතුය. එය හැම දෙයටම ඇගිලිගසනා නැන්දම්මා සමග කටයුතු කිරීමේදී පවා එසේ විය යුතුය.
නිවාඩු කාලේ එක්කම සාද, හමුවීම් වැහිවැහලා. හැම එකටම ඇගිලිගසනා නැන්දම්මා නම් මේ දිනවලට ගැලපෙන කෙනෙක් නෙවේ.
මිතුරුකම් විදින්න, අවුරුද්ද පුරා ලැබුන දේ ගැන සතුටු වන්න නිවාඩු කාල ඇත්තෙන්ම අපිට හොද වකවානුවක් වෙනවා.
නමුත් අපි මිතුරන් හා ආදරණීයයන් සමග කාලය ගත කිරීමට සිතුවත්, නැන්දම්මා වැනි ඇසින් ඇස ගැටෙනවාට ප්‍රිය නොවු පුද්ගලයන් සමග නිවාඩුව ගත කිරීමට සිදුවීමෙන් වෙහෙසකාරිත්වයක් දනවනවා.
ඔබටත් හැම එකටම ඇගිලිගසනා නැන්දම්මා කෙනෙක් ඉන්නවාද?
ඔබ ඔබේ නැන්දම්මාව අවුරුද්දකට දකින්නේ ඉතාම සුළු අවස්ථා ගණනක් වුවත් ඒ හැම අවස්ථාවක්ම ඔබට කණගාටුව හා කනස්සල්ල ලගාකර දෙනවා.
ඇයත් එක්ක ඔබ කරන සෑම ගණුදෙනුවක්ම වේදනාකාරී බවක් දැනෙන්න පුළුවන්.
ඔබ මේ ලිපිය කියවනවා නම් ඔබ හරි ඔබේ හිතවත් අයෙක් හරි මේ ගැටළුවට මැදිවෙලා ඉන්නවා වෙන්න පුළුවන්.
නිවාඩු කාලයේදී හැම දෙයටම ඇගිලිගසනා නැන්දම්මා එක්ක ගණුදෙනු කරන විටදී ඔබ සංසුන්ව සිටීම වැදගත් වේ.
මෙන්න මතක තබා ගැනීමට ප්‍රයෝජනවත් වියහැකි ඉගි කිහිපයක් ,
1. ඇයගේ උත්තේජනයන් සදහා ගෞරව කරන්න.
ඔබේ නැන්දම්මා එක්තරා විදියකට ප්‍රතිචාර දක්වන්නේ හා ප්‍රතික්‍රියා කරන්නේ ඇයි කියා දැන ගැනීමට ඇය ගැන දැන ගැනීම එක් හොද පියවරක් වෙනවා.
ඔබට ඇයගේ තැනට යෑමට ප්‍රයන්ත දරන්න පුළුවන් නම් යම් ගැටලුවක් ගැන ඇයගේ ඉදිරි දැක්ම ඔබට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්.
ඔබගේ නැන්දම්මා නිතරම පුතා පිටුපසින් සිටින්නියක් නම් හෝ ඔයා මගේ පුතාට ගැලපෙන්නේ නැහැ කියා හිතන අයෙක් නම් ඇයගේ අදහස් උපකල්පනය කිරීම හෝ ඇය කොතැන සිට පැමිණෙන්නේද යන්න පිළිගැනීම ඇයව තේරුම් ගැනීම ආරම්භ කිරීමට එක් ක්‍රමයක් වෙනවා.
ඇය වෙනත් පරම්පරාවකට අයත් බව හදුනාගන්න. පැරණි පාරම්පරික ඇත්තන්ට ඔවුන්ගේ සම්ප්‍රදායට අදාල බලාපොරොත්තු තියෙන්න පුළුවන්.
මෙය ඔබට පුරුදු සම්ප්රදාය සමග හෝ ඔබට දරුවන්ට පුරුදු පුහුණු කිරීමට අවැසි සම්ප්රදාය සමග ඍජුවම ගැටෙන්න පුළුවන්.
2.ඔබේ හදුනාගැනීම තුල ආරක්ෂාකාරී වන්න.
ඔබ කවුද ? ඔබට සැමියාගේ ජීවිතයේ කොතැනද ඉන්න අවශ්‍ය කියා දැනගන්න.
ඔබේ හැම දෙයටම ඇගිලිගසනා නැන්දම්මාට අපැහැදිලි වුවත් ඔබ ඔබේ පවුල වෙනුවෙන් හැකි උපරිමය කිරීමට උත්සාහ කරන බව ඔබටම සහතික කර ගන්න.
ඇය කවදාවත්ම ඔබේ උත්සාහයන් පිළිනොගන්න ඉඩ තියෙනවා. ඒත් ඔබට විශ්වාසයක් ඇත්නම් ඔබ ඇයට ගෞරවයෙන් සලකනවා නම් ඇය ඔබට සහය දෙන්න ඉඩතියෙනවා.
නිවාඩු කාලයේදී ඇයත් එහි සිටින බව ඇයට දැනෙන්න ඉඩ දීමට උත්සහ කරන්න. එහෙත් ඔබේ දරුවන්ගේ නිවාඩු කාලය කලමනාකරණය කිරීමේදී ස්ථීර වන්න.
3. එකගතාවය
සීමා මායිම් වැදගත් වුවත් , නිවාඩු දින ගතකරන විටදී සුළු එකගතාවයක් වුනත් සෑම කෙනෙකුටම පහසුවක් වනු ඇත.
නිදසුනක් වශයෙන්, ඔබේ නැන්දම්මා ඇයගේ කැමැත්තට වැඩකරයි නම් ඔබේ ක්‍රමය භාවිතා කිරීමට බල කරන්න එපා. එය ඒ ඒතරම්ම සරලයි.
4.සියල්ල ආදරයෙන් විස්තර කරන්න
ඔබ දවස් හතම පැය 24 ම සතුටෙන් සිටිය යුතු නැත. එහෙත් අවම වශයෙන් සුහදශීලී වීමට පුරුදු විය යුතුය.
එකගතාවයක් නැතිවිට පවා මූලිකව ගෞරවය තිබිය යුතුය. ඔබට ගොඩාක් තරහා ගිය විටදි පවා උපහාසාත්මක අදහස් දැක්වීම් හෝ එලෙස හැගවෙන දේ කිරිමෙන් වලකින්න.
ඔබේ හැම දෙයටම ඇගිලිගසනා නැන්දම්මාට අගය කරන බව දැනෙන පරිදි ඔබේ ප්‍රකාශයන් ගෞරවනීයව හා විනීතව කිරීමට වගබලා ගන්න.
5.හැම දෙයක්ම පෞද්ගලිකව ගන්න එපා.
සෑම කුඩා අදහසක හෝ සෑම යෝජනාවකම වැරැද්දක් දැකීම නොකළ යුතුය. සෑම දෙයක්ම අසාධාරණ විනිශ්චයන් ලෙස නොදැකිය යුතුය.
මෙම සෘණත්වය ඔබගේ නිවාඩු දින ගත කිරීම තුලදී අනෙක් අය දැනුවත් වෙනු ඇත.
අවසාන වශයෙන් , සැබෑ සිනහවක් රදවා අනෙක් අයට ප්‍රසන්නව නිවාඩුව ගත කිරීම සඳහා ඔබේ උපරිමය කරන්න.
ඔබ හා ඔබේ නැන්දම්මා කවදාවත්ම හොද මිතුරන් නොවිය හැකි වුවත්, එළඹෙන නිවාඩු සමය ඔබ එකිනෙකාට ගෞරව දැක්වීමට පුංචි අවස්ථාවක් විය හැකිය.