iranama
හදහනෙන් පෙන්වන ධර්ම ත්‍රිකෝණය
බුදු දහම සහ ජ්‍යෙතිෂය අතර සම්බන්ධය පෙන්වන ඉපැරණි ඉන්දියානු චිත්රයකි මේ
පසුගිය දවසක ජන්ම පත්‍රයේ පිහිටා ඇති කාම ත්‍රිකෝණය ගැන ලිව්වා මතකනේ. කාම ත්‍රිකෝණය ජීවිතයේ සතුට ගැන කතා කරන ත්‍රිකෝණවලින් දෙවැනි එක. සතුට ගැන කතා කරන නැත්නම් සුබ ඵල උදා කරන පළමු ස්ථානය ගැනයි අද කතා කරන්නේ. සතුට/අසතුට කියලා නැහැ. මේ දෙකම අපට උරුමනේ. විශ්ව ශක්තිය විසින් අපිට උරුම කරවන මේ භව ශක්තීන් හෝ විභව ශක්තීන්වල ප්‍රතිඵල අපි භාරගන්න ඕනෑ කැමැති වුණුත් නැතත්. ඕනෑම මනුෂ්‍යයෙක් උපදින කොට අහසේ උදාවී ඇති රාශියනේ ඔබේ ලග්නය. ඒ අනුවනේ එකින් එක පලාඵල කියන්නේ. අපි හිතමු ඔබේ ලග්නය මේෂය කියලා. එතකොට ඔබේ භවාධිපතියා නැත්නම් අයිතිකාර ග්‍රහයා අඟහරුවා. අඟහරුවා නැත්නම් කුජ ගිනි රාශියක්, නැත්නම් උෂ්ණ රාශියක්. අනිත් රාශි දෙක සිංහය හා ධනුව. අයිති පිළිවෙළින් රවිට හා බ්‍රහස්පතිට. මේ අයගේ බලපුළුවන්කාරකම් තමයි. ශරීරියේ රුධිරයටත්, ඔළුව නැත්නම් ප්රාඥවටත්, ශිල්පය නැත්නම් භවයේ කුසලාකුසල තත්ත්වය ගැන ශුභ අශුභ කීමක්. සමහර ප්‍රඥයෝ මේකටම තේජෝ ත්‍රිත්වය කියලාත් කියනවා. තේජෝ කියන්නේ උෂ්ණ කියන අදහසනේ. ඉතින් ඕනෑම ජන්ම පත්‍රයක 1- 5- 9 ලග්නය අනුව වෙනස් වෙනවා. ඒකනේ හැමදාම මම කියන්නේ එක එක්කෙනාගේ ලග්නය අනුව පවතින මහ දශාව/ අතුරු දශාව හා ප්‍රමාණය අනුව ප්‍රතිඵල වෙනස් වෙනවා කියලා. අපි හිතමු මේෂ ලග්නය අයිති කෙනෙක්ගේ මහ දශාව සිකුරුව පවතිනවා කියලා. තව කෙනෙක්ගේ බුධට. එතකොට ලග්නය එක වුණාට ප්‍රතිඵල වෙනස්. අතිවිශාල වශයෙන් ඔය නිඹුල්ලු එක් අයෙක් ජීවිතයෙන් සමු ගනිද්දී අනිකා ජීවත් වන්නේ සුවසේ.
මේ ගිනි ත්‍රිකෝණය නැත්නම් ධර්ම ත්‍රිකෝණය ඉතා බලවත් ත්‍රිකෝණයක් බව තේරෙනවානේ. අපි උදාහරණයට ගන්නේ මේෂ රාශියනේ. මේෂ රාශියට භවාධිපතියා අඟහරුවා. අඟහරුවාට රාශි දෙකයි. දහවලට මේෂ. රාත්‍රියට වෘශ්චිකයයි. බ්‍රහස්පතිට ධනුව හා මීන යයි. රවිට එකයි, දහවලටයි ඒ සිංහයයි. එක එක ශාස්තෘවරු එක එක අයුරින් විස්තර කරනවා ඒ එකම දේ. මේ ධර්ම ත්‍රිකෝණයේ නැත්නම් තේජෝ ත්‍රිත්වයට අයත් අඟහරු නැත්නම් කුජ කියන්නේ උල්පත නැත්නම් ලග්නයයි. පහ කියන්නේ ශිල්ප ස්ථානයයි. 9 කිව්වේ භව ස්ථානයයි. මේ ධර්ම ත්‍රිකෝණයේ මොන රාශියකින් උපන්නත් ඒ තැනැත්තා ඉතා වාසනාවන්තයි. අනික කාර්යක්ෂමයි. මේ රාශි තුනම බල පුළුවන්කාරකම් කරන්නේ දහවලටයි. දහවලට යම් කිසි වැඩක් කරන්ට විශේෂ බලයක් නැත්නම් දක්ෂතාවක් ඕනෑනේ රාත්‍රි කාලයට වඩා. බලන්න රාත්‍රියට යමක් හොරකම් කරනවාට වඩා අමාරුයිනේ දහවලට කරන්න. හැබැයි මේ රාශි තුන හරියට අතුරේ යන ගමන වගේ. මධ්‍යම ප්‍රතිපදාවක් නැහැ කියලා කිව්වොත් හොඳයි.
මේ රාශි 3, එනම් 1 ලග්නය නිසා බලපාන කරුණු බලමු. ඉපදුණු සත්ත්වයාට මොළය කල්පනාව, සියුම් නහර ඔළුවේ ස්නායු ගැනනේ කතා කරන්නේ. මෙයා ඔළුවට ප්‍රධානියා. ශරීරය හිටපු ගමන් මුළු ශරීරයේ එක් පැත්තක්ම පණ නැති කරන්නේ මෙයා. විදුලි බුබුළක් වගේ හොඳට දල්වලා එක පාරට නිවල දමනවා. ඒ නරක පැත්තට. හොඳ පැත්තටත් තියෙනවා. මම ඒකනේ කිව්වේ එක රාශියක්වත්, ග්‍රහයෙක්වත් නරක- හොඳ නැහැ කියලා. බලපාන විදියටයි ප්‍රතිඵල දෙන්නේ. ඒකනේ බුදුපියාණන් දේශනා කළේ "නජඡ්ජා වසලෝ හෝති- නජඡ්ජා හෝති බ්‍රාහ්මණෝ කියලා" අපි ඉපදුණාට පස්සේ හොඳට ඉගෙනගෙන දරුවෝ හදලා සමාජයට උරුම කරන්නේ මේ ශිල්ප ස්ථානයයි නැත්නම් පුත්‍ර ස්ථානයයි. එනම් 5 කොටුවයි. මේ ආකාරයට රටට සමාජයට හොඳ කරලා අපි යන තැනටත් යමක් කරගන්න ඕනෑ. මොකද උත්පත්තියත් සමඟනේ මරණය අරගෙන ආවේ. පරලොව සැප ලබන්නනේ හැම කෙනාගෙම එකම ප්‍රාර්ථනය. නිකං නිවන් දකින්නත් නොවේ. තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් වැඳ, බුදුන් දැක නිවන් දකින්නනේ එකම ප්‍රාර්ථනය නැත්නම් උත්සාහය. එහෙනම් ධර්මය ඕනෑ. පිංකම් ඕනෑමයි. එනම් 09, ධර්ම ස්ථානය ගැන දැනගන්නම ඕනෑ. කාම ත්‍රිකෝණයේ සිකුරු හා අඟහරු එකතු වුණාම විවාහය ඉක්මන් කරනවා වගේම ධනුවේ අඟහරු එකතු වුණාම අනුන්ට දීම කඩිනම් කරනවා. ඒ එක පැත්තක්. මේ ජ්‍යෙdතිෂය කියන බෝලය හැම පැත්තකටම කරකවලා බලන්න ඕනෑ. එහෙම බලලා අවශ්‍ය ප්රතිකර්මය එනම් නවග්‍රහ පූජාවද, යන්ත්‍රයක් පැළැඳීමද, ඇප නූලක් දැමීමද කරවා ගන්න. හැබැයි ඡන්ම පත්‍රය පරීක්ෂා කරවාගෙන ඒ අනුව කරවාගන්න. හරි ගියේ නැහැ කියලා ජ්‍යෙdතිෂයට බණින්න එපා. සමහර අය නියත මාරකයට කරන ගුරුකම් අනියත මාරකයට කරනවා. ඉතින් ප්‍රතිඵල නැහැ. එහෙම ගුරුකමක් කරවා ගන්න කල්මදි නම්, එහෙමත් නැතිනම් මුදල් හිඟයක් නම් ප්‍රථමයෙන් ඇප නූලක් දාගෙන පසුව කරගන්න. බොහෝ දුරට මේ 1-5-9 නිසා හටගත් දොaෂවලට ඇප නූල් දාලා මරණය පවා ඈත් කර ගන්නවා. මරණයත් වේදනා විඳින්නේ නැතුව ළං කරගන්න මේ ගුරු නැත්නම් බ්‍රහස්පතිට බලයක් තිබෙනවා. බ්‍රහස්පතිට අයිති වෘක්ෂය බෝ, දිශාව ඊසාන. ඒකනේ විභාගවලට යන දරුවන්ට හා ලොකු අසනීප ඇති අයට බෝධි පූජා කරවන්නේ ඊසාන දිශාව බලාගෙන.
පස්වැනි රාශිය ශිල්ප ස්ථානය/ පුත්‍ර ස්ථානය කිව්වට දරුඵල ඔවුන්ගේ වාසනාව/ අවාසනාව මත තමයි. ඒ දරුඵලයි, නාභියේ සිට හෘදය වස්තුව දක්වා අයිති 5 ට. අපි ලග්නය ගැන බලනවා. 5 ගැන බලනවා. නමුත් 9 ගැන තරුණ කාලේ කතා කරන්නේ ටිකයි. ඒක නිසානේ සිල් ගන්න- පන්සල මතක් වන්නේ ටිකක් වැඩිපුර වයසට පත් වුණාම. එතකොට කාලය මදි වෙනවා පාර කපා ගන්න. විශේෂයෙන් 9 කියන්නේ මී කුඩුව වගේ. කාලා බීලා එළිsයට එන්න බලන කොට දොර වැහිලා එන්න බැහැ. 9 ත් එහෙමයි. ඔබේ කල්පනා ශක්තිය ලග්නයෙන් දියුණු කරලා. හොඳ විවාහයක් හොඳ දරු පැටව්/ සතුට 5 න් දීලා, මරණයෙන් පසු යන්න තැනට අවශ්‍ය පිංකම් දිහා 9 බලනකොට ආයුෂ අප පසු කරගෙන ගිහිල්ලා. කාලය මදි. භාග්‍යස්ථානයට යමක් කරන්න ආයුෂ මදි. වැඩිපුර 9 දිහා නොබලන අය අන්තිම කාලයේදී තනි වෙනවාද? ඔය බස් හෝල්ට්වල, පාළු අම්බලන්වල, වැඩිහිටි නිවාසවල හූල්ලන අය දැකලා නැත්නම් අහලවත් නැද්ද? ඔබේ ධර්ම ත්‍රිකෝණය ඔබට පැහැදිලි නැත්නම් විශේෂයෙන් 9 නරක නම් ප්‍රවේශමෙන් වැඩ කරගන්න. ඉඩකඩම් දරුවන්ට ලියලා අත පිසදාගෙන අනුන්ගේ තැනක පණ ටික යවන්න එපා. ඔබ ජන්ම පත්‍රයේ 1-5-9 පරීක්ෂා කරවා හැමදාම මැරෙනකන්ම දරුවොත් සමඟ සතුටින් ඉන්න.
අප උදාහරණයක් ගනිමු. 9 පරීක්ෂා නොකර බුධට ඕන විදියට රසවත් ආහාර පාන අනුභව කරලා ශරීරය පිළිමයක් වගේ ලස්සන කරගෙන ලැබූ ආයුෂ අවරට යන කාලයට මේ ශරීරය පිනවීමට හේතු වූ පිෂ්ඨය- මේදය වැනි දේවල් නේද ඔබ රෝගකාරකයකු කළේ. පිටින් ගෙනවාද, මේවා ගැන කාලීනව දැනුවත් වන්න. අපි උත්පත්තියත් සමඟ ලැබූ ග්‍රහ කිරණ සංයෝග අනුව ලෙඩ කරදර වුණොත්- ඉඩකඩම්, වාහන වගේ විකුණා දමන්න බැහැ. ඒවා ගන්න කෙනෙකුත් නැහැ. මැරෙනකන්ම අරගෙන යන්න ඕනෑ කැමැති වුණත් නැතත්. මේ සියලුම දේ ඔබේ ජන්ම පත්‍රයේ කොටු 12 ලියා තිබෙනවා. අදෘශ්‍ය මානව. මේ ඡන්ම පත්‍රයේ කොටු ගැන පරීක්ෂා නොකර වටහා ගත් මහා ප්රඥවන්තයා තමයි අපේ ශාන්ති නායක බුදු හාමුදුරුවෝ.
ජ්‍යෙතිෂ ශාස්ත්‍රඥ, ගුප්ත විද්‍යාධර
මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
වැඩිපුර විස්තරය නොමිලේ ලබා ගැනීමට
දු. ක 072- 2174553 අමතන්න
Wmqgd .ekSu wo weiqfrks