iranama
සැප්තැම්බර් 01 සහ 17 සූර්ය ග්‍රහණයක් සහ චන්ද්‍ර ග්‍රහණයක්
නාවික - ධිවර - ජලාශ ආශ්රිත කටයුතු පිළිබඳව සැලකිලිමත් වන්න මුහුදු ජීවීන්ට ආගන්තුක තර්ජනයක් !
ලබන සැප්තැම්බර් 01 දා ගුරු දා පස්වරු 02 : 38 ට වලයාකාර සූර්ය ග්‍රහණයක් සිදුවේ. මෙකී ග්‍රහණය සිංහ රාශිය ඇසුරු කොට පවතින අතර ග්‍රහණ අවස්ථාවේ පුවපල් නැකතේ 1 පාදය උදා වී පවතී. මෙය ඉතා මනරම් දසුනක් වන්නේ සඳු විසින් සූර්යාගේ මධ්‍යය ආවරණය කරනු ලැබීම නිසා හිරු කිරණ යෝධ රන් මුදුවක් ලෙස දිස්වන හෙයිනි .
annular solar eclipse හෙවත් වලයාකාර සූර්ය ග්‍රහණය යනු අඳුරු අහසේ මැවෙන අති දැවැන්ත ගිනි වළල්ලකි. කෙනෙකුට එයින් චමත්කාරයත් කෙනෙකුට එයින් භීතියත් දැනෙන්නට පුළුවන. මෙකී සූර්ය ග්‍රහණයේ උච්චත ම අවස්ථාව විනාඩි 03 කුත් තත්පර 06 ක කාලයක් පවතී.
මෙය ඉතා හොඳින්ම දර්ශනය වන්නේ මැඩගස්කරය සහ මධ්‍යම අප්‍රිකාවට ය. ග්‍රහණ භූමිය ලෙස අත්ලාන්තික් සහ ඉන්දීය සාගරය ද දකුණු ආසියාවේ එක් කොටසක් ද අයත් වේ. වාසනාවකට හෝ අවාසනාවකට හෝ මේ වලයාකාර සූර්ය ග්‍රහණය ශ්‍රී ලංකාවට එතරම් හොදින් දර්ශනය වන්නේ නැත. එහෙත් ග්‍රහණයට පෙර සහ පසුව එන දින 7 ක කාලයේදී සුබ කටයුතු සඳහා සිංහ රාශිය සහ පුවපල් නැකත යොදා ගැනීම සුදුසු නොවේ.
මෙයින් හරියට ම දින 16 කට පසුව එළඹෙන සැප්තැම්බර් 17 දා මධ්‍යම රාත්‍රී 12: 26 ට ජායා චන්ද්‍රග්‍රහණයක් සිදුවේ. මීන රාශිය ඇසුරු කැර ගනිමින් සිදුවන චන්ද්‍රග්‍රහණයේදී පුවපුටුප නැකතේ 4 වැනි පාදය උදා වී පවතී.
Penumbral Lunar Eclipse හෙවත් මේ ජායා චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට ඉතා හොඳින් දර්ශනය වේ. මෙයද කුහුල උපදවන ත්‍රාසජනක දර්ශනයකි. අහස පුරා සහ පොළොව මතුපිට අති දැවැන්ත අඳුරු සෙවණැල්ලක් පතිත වේ.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් සැප්තැම්බර් 16 දා රාත්‍රී 11 : 24 ට ඇරඹෙන ග්‍රහණය එහි උච්චත ම අවස්ථාවට ළඟා වන්නේ සැප්තැම්බර් 17 දා රාත්‍රී 12 : 24 ට ය. එය අවසන් වන්නේ අළුයම 02 : 23 ට ය. ඒ අනුව සමස්ථ ග්‍රහණය පැය 03 කුත් විනාඩි 59 ක කාලයක් පවතී.
මෙහි දැවැන්ත ම අනිටු විපාක ගෙන දෙන්නේ සාගරය සහ ජලාශයන්ට ය. විශේෂයෙන්ම නාවික සහ ධීවර කටයුතු කෙරෙහි අහිතකර බලපෑම් අපේක්ෂා කළ යුතුව තිබේ. සාගර ජලය දූෂිතවීම මත්සයන් ආදී මුහුදු ජීවීන් වඳවීම සහ ඔවුන් අතර ගුප්ත රෝග පැතිර යෑම වැනි උපද්‍රවයන් හිස ඔසවනු ඇත.
ඊටත් අමතරව ජලය සහ මහ වැසි ආශ්රිත විපත් ඇතිවීම පිළිබඳ අවදානම බෙහෙවින් ම ඉහළ යා හැකිය. ග්‍රහණයට පෙර සහ පසුව එන දින 7 ක කාලය මීන රාශිය සහ පුවපුටුප නැකත කිසිදු සුබ කටයුත්තක් සඳහා යොදා නො ගැනීම වැදගත් ය. සමස්තයක් වශයෙන් මෙහි බලපෑම මාස තුනේ සිට මාස 9 දක්වා වූ කාලයකට සීමා වේ.
කිසියම් සූර්ය හෝ චන්ද්‍ර ග්‍රහණයක් සිදුවන දිනට පෙර සහ පසුව එන දින තුන විවාහ මංගල්‍යය වැනි කටයුතු සඳහා යොදා නො ගත යුතු බවට සම්මතයක් ඇති මුත් ඒ නොතකා මංගල කටයුතු සිදු කැරෙන බවත් පෙනෙන්නට තිබේ.
එහෙත් මෙවර ග්‍රහණය සිදුවන සැප්තැම්බර් 16 - 17 යන දෙදින පංචාංග ශුද්ධිය යෙදී නැති හෙයින් ද ඉන් පසුව සෙනසුරාදාවක් උදාවන හෙයින් ද අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැත. කෙසේ නමුත් මේ ජායා චන්ද්‍රග්‍රහණය හේතු කොට ගෙන එකිනෙකට පරස්පර විරෝධී කටයුතු සිදුවීම ඉහළ යන බවක් ද පෙන්වයි. එක් පැත්තකින් උගතුන්ට පීඩාදායක වන අතර අනෙක් පැත්තෙන් ආයුධ සන්නද්ධ අපරාධකරුවන්ට ද මාරක පරාජයන් අත්වේ.