iranama
සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දූ දරුවන්ගේ ජයග්‍රහණයට
සුබ නැකැත් සමගින් විභාග ජය ගෙනෙන විශේෂ බෝධි පූජාවක්
මහා බලසම්පන්න සෙත්කවියක්, ගණ දෙවි පූජාවක් මෙන්න.....
මෙවර අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගය 2016 දෙසැම්බර් මස 06 වන අඟහරුවාදා දිsන ආරම්භ වී 18 වන බ්‍රහස්පතින්දා දින අවසන් වීමට නියමිතය.
මෙම විභාගයට පෙනී සිටින සියලු දුවා දරුවන්ට විභාගයට පිටත්වීමට සුබ නැකැත් සමඟ ඉතාමත් නිවැරදිව ගණ පිහිටුවා බලසම්පන්නව හා සරලව ගණදෙවි, විෂ්ණු, කතරගම යන දෙවියන් වහන්සේලා උදෙසා රචනා කර ඇති මෙම විශේෂ සුසිද්ධ වර්ගයේ සෙත්කවිය එළඹෙන 2016 නොවැම්බර් 29 වන අඟහරුවාදා සිට දෙසැම්බර් 05 වන සඳුදා දින දක්වා පහත සඳහන් ආකාරයට ගායනා කිරීම තුළින් ඉතාමත්ම යහපත් ප්‍රතිඵල උදා කරගත හැකිය.
බෝධීන් වහන්සේ ඉදිරිපිටදී සවස 6 .00 ත්
10 .48 ත් අතර කාලය තුළ නිවැරදිව පහත දක්වා ඇති සෙත්කවිය දින 7 පුරා දිනකට 7 වරක් ගායනා කොට විභාග නිමා වන තුරු මතක ශක්තිය වර්ධනය, නිරෝගී භාවය හා යන එන ගමනේ බිමනේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්න.
මහා බලසම්පන්න සෙත් කවි රත්නය -
ලැබුන ඔදතෙද සුරකින සදහම සදන යහපත පතල විකුමැති
පුදන බැතියෙන ගොවිඳු බරනෙත් ගණදෙවි ද හැම දෙවිඳු බල ඇති
ලබන උඳුවප් මසට මම අබියසට එන තරගයට යහපති
සරණ නැණ බල දෙවනු මැන දිරි විභහාගයෙ ජය සතිරකර නිති.
ගණ දෙවි පූජාව නිවැරදි ව පැවැත් වීම.
ගණ දෙවි පූජාව පැවැත්වීම සඳහා සාලය හෝ කාමරයක් තෝරා ගන්න. එය නිසි පරිදි පිරිසිදු කර එහි කුඩා මේසයක් තබා ගණ දෙවියන්ගේ රූපයක් හෝ පිළිමයක් තබන්න.
පහත සඳහන් දෑ සකස් කර ගන්aන.
ෆ මල්වට්ටියක් නෙළුම් මල් සමඟ.
ෆ පළතුරු වට්ටියක් (පලතුරු 5 පමණ)
ෆ කැවිලි වට්ටියක් (කැවිලි 5 පමණ)
ෆ හඳුන් කූරු
ෆ පහනක්
ෆ සාම්බ්‍රානි සුවඳ දුම් සූදානම්කර ගන්න.
නෙළුම් මල් හා වෙනත් සුදු හා පාට මල්වලින් වට්ටියක් සාදා ගන්න. අඹ, කෙසෙල්, කොමඩු, දෙළුම්, පේර වැනි පළතුරු වර්ග සහිතව පළතුරු වට්ටියක් සාදාගන්න.
හඳුන්කූරු දල්වා කපුරුපෙති හා ගිතෙල් පහනක් දල්වා සුවඳ දුම් අල්ලා ඒ සියල්ල ගණ දෙවියන්ට පූජා කරන්න. ගණ දෙවි ගුණ ස්ත්‍රොaත්‍රය හා ගණ දෙවි පූජා ස්ත්‍රොaත්ර 7 වරක් ගායනා කරන්න.
බදාදා හා සෙනසුරා දා දිනයන්හි දින 03 ක් සවස 6 ත් 8 ත් අතර කාලය තුළදී ගණ දෙවිපූජාව තබන්න. ඔබේ දරුවාගේ සියලු දුක් දොම්නස් දුරු වී දරුවන් ගේ විභාග ජය ලැබී රෝගී තත්ත්ව දුරු වී ධන වාසනාව කැන්දනු ඇත. ඔබට සෞභාග්‍යමත් කාලයක් උදාවෙයි.
ගණ දෙවි ස්ත්‍රොaත්ර
ගණපතිපරිවාරං - චාරුකේයුරභාරං
ගිරිධරවරසාරං - යෝගිනිචක්‍ර වාරං
භවහයපරිහාරං - දුකකදාරිදාදුරං
ගණපතිමහිවන්දෝ - චක්‍ර තුණ්ඩවතාරම්.
සියලුම දූ පුතුන්ට උපරිම ජය සමාර්ථය ලැබේවා.
ජ්‍යෙතිෂවේදී,
බණ්ඩාරගම සම්පත් එස් කල්පගේ
Wmqgd .ekSu ��ir weiqfrks