iranama
විවාහවන දවස... කේන්දරයෙන් දැනගන්න
විවාහය කියන්නෙත් සරණ පාවා ගන්නවා කියන්නෙත් ඒකයි නේ. ඒ වගේම තමයි අසරණ පාවා නොගන්නවා කිව්වත් හරි. අපි අසරණ නොවන්නත් සමාජයේ ගැහැනු පිරිමි අසරණ නොකරන්නත් කරුණු කාරණා ගැන ජ්‍යෙතිෂ පැත්තෙන් විස්තර ගොඩක් තියෙනවා.
විවාහයට සුදුසු දරුවකුට එවැන්නකට අර අඳින දෙමව්පියන් ඉස්සෙල්ලාම කරන්නේ පොරොන්දම් බැලීමයි. ප්‍රථමයෙන් ග්‍රහ පොරොන්දම් බලලා, ඊළඟට දස පොරොන්දම පරීක්ෂා කර බලලා තවත් ඕන නම් අශ්ඨකූඨනාඩි පොරොන්දමත් පරීක්ෂා කරලා සුභ අසුභ වාර්තාව ඉදිරිපත් කරනවා. අනතුරුව ලැබුණු වාර්තාව අනුව දෙමවුපියෝ විවාහය කරල දෙනවා. මේ විදියට කරපු විවාහ කීයක් අතරමඟදී නතර වෙලාද. දරුවන් නැති නිසා කී දෙනෙක් ස්ත්‍රීන් අතරමං වුණාද? බේබදුකම නිසා පුරුෂයන් කී දෙනෙක් දාලා ගියාද. මේ කරුණු දෙකම නැතුව වෙනත් කරුණු මත විවාහය අතරමඟදී නතර වුණාද? කියලා කලින් දැන ගන්න හැකි එකම ශාස්ත්‍රය මේ ශාස්ත්‍රය විතරයි. අසනීපයක් උග්රවන්න කලින් ලේ, මුත්‍ර වැනි දේවල් පරීක්ෂා කරලා වෛද්‍යවරයා එය දැන ගන්නවා. එතුමා ඒකට දක්ෂයි. කේන්දරයේ කොටු 12 නැත්නම් රාශි 12 පරීක්ෂා කරලා ඉදිරියේ සිදු වන්න තියෙන දේවල් ජ්‍යෙdතිර්වේදියා කියනවා. මෙච්චර කරුණු කාරණා තිබියදී ලස්සනට මුදලට කතාවට රැවටිලා අතරමං වෙනවා. මනුෂ්‍යයා හරි කලබලයි. හැම දේම එහෙම කරලා බැහැ. මම හැමදාම වගේ කියන එකක් තමයි. සත්ත්වයාට කිසිම දෙයක් කරන්න බැහැ සියලුම දේ විශ්වයේ බලය විසින් කරවනවා කියලා. අපි මේ බලයන්ට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ක්‍රියා කළාම හරි. මේ හැම දෙයක් ම හඳහනේ කොටුවල ලියලා තියෙනවා. කවදද සිදුවන්නේ කොහොමද සිදුවන්නේ කියලා තත්කාල කේන්දරයෙන් කියන්න පුළුවන්.
නියම විවාහය කියන්නේ පෙර සංසාරයක පෙරහුරුවක් හෝ ඇසුරක්. නමුත් අද ඒක මෝස්තරයක් වෙලා. යසෝධරා දේවීන් වහන්සේ ඉකිබිඳ හැඬුවේ ඒ සංසාරික ඇසුර නිසා. ඉතින් මෙච්චර දේවල් දැන ගන්න තිබියදී අපි විවාහය ගැන දැනුවත් නොවන්නේ ඇයි. පොරොන්දම් විතරක් බලලා බැහැ. සියයට මෙච්චරක් හොඳයි මෙපමණ නරකයි කිව්වට මදි. ස්ත්‍රියගේ ජන්ම නැකත පිරිමියාගේ නැකතට සීහුම් වනවා නම් ඒ කිව්වේ ප්‍රතිඵලය ජන්ම, සම්පත්, මෛත්‍රී - පරම මෛත්‍රී නම් නැකැත් අනර්ගයි. ක්ෂේම, සාධක නම් හොඳයි. ප්රත්යාරි නම් නරකයි. විපත් හෝ වද නම් ඉතා නරකයි. මේ විදියට අනිකුත් දේවලුත් විස්තර කර කර බලන්න ඕනෑ. පොරොන්දම් බලන කොට ලකුණු ප්‍රමාණයටම පමණක් බලලා විවාහ වූ අති විශාල දෙනෙක් අතරමං වෙලා ඉන්නවා. ඒ මදිවට දරුවො හදාගෙන නැවත ගෙදර ආපු අය ගැන ඔබ කොච්චර අහලා ඇද්ද? එක අතකින් පව්. දරුවන් හා බිරින්දැවරුන් අතරමං කරලා වෙනත් ගැහැනියක් තුරුලේ ඉන්න ස්වාමිපුරුෂයන් නැවත ගෙන්වා ගන්න යන්ත්‍ර තහඩු රත් කරන කොච්චර අය ඉන්නවද? වරද කොතැනද නැත්නම් කා අතරද කියලා වත් දන්නෙ නැහැ.
ගමන් යනකොට ඔය ගැහැනු ළමයි පිරිමි ළමයි දුටුවම නැත්නම් පිරිමි ළමයි ගැහැනු ළමයි දුටුවාම ඇස් පුංචි කරනවා දැකල තියෙනවාද? ඔය රොඩු දමනවා කියන්නේ. ඒ සරාගි යෝග නිසා, සමහරු කාම යෝග කියලත් කියනවා. ඇතුවත් බැරි නැතුවත් බැරි සරාගි යෝග විශේෂයෙන් විවාහ ජීවිතයට වැදගත් වනවා. අඟහරු නැත්නම් කුජ ලග්නයේ හෝ 7 ඒ කිව්වේ විවාහකස්ථානයේ හිටියොත් විවාහය ඉක්මන් කරනවා හොඳට හෝ නරකට පිහිටීම අනුව.
අහල තියෙනවා නේද සුරගුරු බ්‍රහස්පති ගැනයි අසුරගුරු සිකුරු ගැනයි. මේ දෙන්නම නෛසර්ගික හතුරෝ ගුරුවරු වුණාට. ඉගෙන ගන්න කාලෙට අසුරගුරු ඉස්සර වුණොත් ඉතාම සූක්ෂම ලෙසට ඉගෙනීම කඩනවා. ඒ වගේම විවාහ වන කාලයට සුරගුරු ප්‍රබල වුණොත් මංගල්‍යය කඩනවා. මේ දෙකම කරන්නේ ඉතාම සූක්ෂම ලෙසින් සුභ වෙසින්. විවාහ වන කාලයට 4 කොටුව අඟහරුට බලවත් වුණොත් නිකං මනමාලිව ලැබෙන්නේ නැහැ. ඉල්ලුවත් නැතත් දැවැද්ද ෂුවර්. තවත් ඉඟියක් දෙන්නම්කෝ. ඔබේ දුව හෝ පුතාගේ ජන්ම පත්‍රයේ 2 වැන්න අධිපතියා 11 වැන්නෙත්, 11 වැන්න අධිපතියා 2 වැන්නෙත් සිටී නම් යහපත් විවාහයක් හිමියි. විවාහයෙන් පසුවත් පොහොසත් වෙනවා. ඒ වගේම 2 අධිපතියා 11 වැන්නෙත් ලග්නාධිපති 10 වැන්නෙත් නම් ඉක්මන් විවාහයක් සිදුවන විට දූ දරුවන්ට බනින්න එපා. ඒ වගේම ජන්ම පත්‍රයක 6, 7 හෝ 8 පිළිවෙළින් අඟහරු, රාහු හා සෙනසුරු වැනි පාපීන් ඉන්න කේන්දර විවාහයට එච්චර සුදුසු නැහැ. එහෙම කියලා ඒ කේන්දර අහක දමන්නේ නැහැ. දොaෂ භංග කේන්දර කියලා වර්ගයට වැටෙන ඒවාත් තියෙනවා කියලා ගුරු මුශ්ඨ§වල තියෙනවා.
ජයට මගුල් අරං කරපු විවාහ එක එක හේතූන් මත දීගය කැඩෙනවා. ඒ ජන්ම පත්‍ර හරිහැටි පරීක්ෂාවෙන් තොරව කළ නිසා. ඔය දූවරු පුතාලා විවාහ වෙන්න ප්‍රථම ජන්ම කේන්දර දෙක විශේෂයෙන් 7 කොටුව නැත්නම් රාශිය, කාම ත්‍රිකෝණය 3, 7, 11 හා පුත්‍ර ස්ථානය සමඟ සරාගි යෝග පරීක්ෂා කරන්න. මොකද නියම වශයෙන් සිදුකළ විවාහය සුරපුරක්. ඒක අපායක් කරගන්න එපා. මේවා පරීක්ෂා කරන්න. ජ්‍යෙdතිර්වේදියාට අවශ්‍ය කාලය දෙන්න. හදිසි කරන්න එපා. අනික විවාහ නැකත් 14 කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. අවශ්‍ය ඒවා විතරක් ගන්න. විශේෂයෙන් මතක තබා ගන්න. මේ නැකත් හා මේ සංයෝග පරිගණකයේ නැහැ. ගැහැනු දරුවෙකුට විවාහය වැරදුනොත් ඉවරයි. කේන්දර පොරොන්දම් කොච්චර ගැලපුනත්, පුරුෂ කේන්දරයේ කුජ, රාහු, ශනි, රවි හතර දෙනා ලග්නයෙන් හෝ චJද්රයාගෙන් 7 වැන්න 8 වැන්නෙ හිටියොත් දුවේ ඔබේ විවාහයෙන් පසු කණවැන්දුම් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.
අඟහරු මකරයට උච්චයි. බ්‍රහස්පති මීනයට දෙවැනි අයිතිකාරයා. එතකොට මේ අඟහරු මකරයේ සිටියදී ගුරු මීනයේ හිටියොත් දෙදෙනාගේම පින පහළ වි ඉතා උසස් විවාහයක් එනවා. පොරොන්දම් පරීක්ෂා කොට පාපි කේන්දර නැත්නම් දෝෂ කේන්දර කියලා අහක දමනවා. එහෙම කරන්න එපා. භයවන්නත් එපා. ඒකට තවත් දෝෂ කේන්දරයක් ගත්තාම හරි. දෝෂ භංග වෙනවා. මෙවැනි ඔබ නොදන්නා ප්‍රශ්න වලදී පවුලේ ජ්‍යෙdතිෂතුමා හමුවන්න. දුවලට තවත් පුංචි ඉඟියක් දෙන්නම්. මේවා ගුරු මුෂ්ඨ§. පිරිමි ජන්ම පත්‍රයේ අට අධිපතියා ලග්නයේ හෝ විවාහක ස්ථානයේ සිටීම බොහෝ දුරට ඔබට අමතරව තව ගැහැනියක් සමඟÊඇසුරක් පවත්වන බව දැන ගන්න ඕනෑ. පසුව අඩදබර කර ගන්න එපා.
සිකුරු විවාහකාධිපතියා තමයි. සිකුරා කාමාධිපතියා කිව්වනේ. මේ සිකුරුට අයිති නැකැත් තමයි බෙරණ, පුවපල්, පුවසල නැකත් 3. උපතින් මහ දශාව සිකුරුට ඇවිල්ල මේ නැකැත් වල පාදය 3 ට ගියොත්, විවාහයෙන් ඔබට ලබන්න බලාපොරොත්තු වන පහස ලබන්න බැහැ. ඒවා නවාංශක දෝෂ ගණයට වැටෙනවා. මේ විවාහක මුලික දෝෂ ඔබටම බලාගන්න පුළුවන්. විවාහ ජීවිතයට යන්න අපේක්ෂිත දරුවෝ පුරුෂ කේන්දරයේ කුජ, සිකුරු, හා සඳු ගැනත්, ස්ත්‍රී කේන්දරයේ ලිංග - යෝනි - වෘක්ෂ පොරොන්දම්වලට වැඩිපුර උනන්දුවක් ගන්න ඕනෑ. නොමිලේ උපදෙස් ලබා ගන්න 0722174553 අංකයට අමතන්න.
ජ්‍යෙතිෂ ශාස්ත්‍රඥ/ ගුප්ත විද්‍යාධර
මොරටුවේ මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න