iranama
විවාහය සිදුවන කාල සීමාව දැනගැනීමට කැමති ද ?
තරුණ වියේ පසුවන යෞවන යෞවනියන් මෙන්ම විවාහ වන වයසේ සිටින දරුවන් සිටින දෙමව්පියන් වැඩි වශයෙන්ම දැනගැනීමට කැමති කාරණයක් ලෙස විවාහය සිදුවන වයස් සීමාව හඳුන්වා දිය හැකිය.මේ පිළිබඳව ජ්‍යෝතිෂයේ සඳහන් වන ගණනය කිරීම් හා සිද්ධාන්තයන් කිහිපයක් දෙසට අප යොමු වෙමු.
* 7 අධිපතියා පිහිටි භාවය අධිපතියාගේ හෝ 7 අධිපතියා නවාංශකයේ පිහිටි ස්ථානය අධිපතියාගේ දශා කාලයන් තුළදී විවාහය සිදුවිය හැකිය.
* විවාහ කාරක මෙන්ම 7 වන භාවයට කාරක වන සිකුරුගේ සහ සඳුගේ දශා කාලයන්හිදී විවාහය සිදුවිය හැකි අතර මෙහිදීත් වඩාත් බලවත් ග්‍රහයාගේ කාලය තුළදී එය සිදුවනු ඇත.
* 7 වැන්න අධිපතියා, සිකුරු හා සම්බන්ධ වී ඇති විටද එම අධිපතියාගේ දශාව හෝ අතුරු දශාවද විවාහය සඳහා ශුභ වේ.
* 2 අධිපතිය හෝ 2 අධිපතියා නවාංශකයේ පිහිටි ස්ථානයට අධිපතිගේ දශා කාලයන් ද විවාහයට ශුභ වනු ඇත.
* කලින් සඳහන් කල දශාවන්හි විවාහය පිළිබඳව ශුභ තත්වයක් නොමැති නම් 9 සහ 10 අධිපතියන්ගේ දශා කාල තුලදී ද ශුභ පල බලාපොරොත්තු විය හැකිය.
* 7 අධිපතියා සමඟ සංයෝග වූ ග්‍රහයාගේ හෝ 7 වැන්නේ පිහිටි පිහිටි ග්‍රහයාගේ දශා කාලයන් ද විවාහයට ශුභ වේ.
* විවාහය සිදුවන කාලය ගණනය කිරීම සඳහා තවත් ක්‍රමයක් නම් ජන්ම පත්‍රයේ ලග්නාධිපති හා 7 අධිපතිගේ ස්පුට එකතු කිරීමෙන් ලැබෙන අගයට අදාළ වන රාශියේ ගුරු ගමන් කරන කාලය මෙන්ම, එම ස්ථානයෙන් ත්‍රිකෝණ ස්ථානයක ගුරු ගෝචරයෙන් ගමන් කරන කාලයද විවාහය සඳහා ශුභ වේ.
* මේ අකාරයටම ජන්ම පත්‍රයේ සඳුගේ ස්පුටයට 7 අධිපතියාගේ හෝ 7 අධිපති පිහිටි ස්ථානයට ත්‍රිකෝණ වන ස්ථානයේ ස්පුටය එකතු කර ලැබෙන අංශක ප්‍රමාණයට අදාළ වන රාශියේ ගුරු ගොචරයෙන් ගමන් කිරීමද විවාහය පිළිබඳ ශුභ තත්ව ඇති කරයි.
* මේ ආකාරයට ඒ ඒ දශාවන් තුළ විවාහය ඇතිකළ හැකි ග්‍රහයන් කිහිප දෙනෙකු පිළිබඳව සඳහන් කළ හැකි වුවද විවාහය ප්‍රමාද කරවන ග්‍රහ තත්වයන් හා ග්‍රහ යෝගයන් මත ඉහත කාරණා වෙනස් විය හැකිය.
* ලග්නයෙන් මෙන්ම සඳුගෙන් ( චන්ද්‍ර ලග්නයෙන්) 7 වන්න,7 අධිපති හෝ සිකුරු මතට ශනිගේ දෘෂ්ටිය හිමිවීම සමඟ පවතින දශාධිපතියා එතරම් බලවත් නොවීම විවාහය ප්‍රමාද වීමට හේතුවකි.
* 6,8,12 යන අශුභ ස්ථාන අධිපතියෙකු 7 වැන්නේ, 7 අධිපතියා සමග හෝ කාරක සිකුරු හා සංයෝග වීම හෝ එම ස්ථානයට දෘෂ්ටි හෙළීමද විවාහය ප්‍රමාද වීමට හේතුවේ.
මෙම කරුණු කාරණා පිළිබඳව සැලකීමේදී මුලික වැදගත් කමක් දිය යුත්තේ ජන්ම පත්‍රයේ ග්‍රහයන් පිහිටා ඇති තත්වයත් ක්‍රියාත්මක වන දශා කාලයන් යන කරුණු කාරණාවන්ය.ග්‍රහ ගෝචර ගමන දෙවනුවට සැලකිල්ලට ගත යුතුය.
Wmqgd .ekSu wo forK fjí wvúh