iranama
විවාහය ප්‍රමාද වන්නේ ඇයි?
කේන්ද්‍රයක් පරීක්ෂා කර පලාඵල කථනයේදී භාව කේන්ද්‍රය තුළින්, එය නිවැරදිව ප්‍රකාශ කළ හැක. එයට හේතු වන්නේ භාව කේන්ද්‍රය තුළින් සෑම ග්‍රහයෙකුගේම රාශිය, හෝරාව, දෙර්කාණ, නවාංශකය, ද්වාදසාංශක, ත්රිංශාංශක, නැකත, ග්‍රහයන්ගේ අවස්ථාව ආදී සියල්ලම සූක්ෂම පරීක්ෂාවකට ලක්වන හෙයිනි.
මෙහිදී විවාහය සඳහා, 7 වැන්න, 7 වැන්නාධිපති, 7 වැන්නාධිපති සිටින නවාංශකාධිපති, ජීව ශරීර ග්‍රහයන්ගේ පිහිටීම, කුජ සිකුරුගේ පිහිටීම, පරීක්ෂා කළ යුතුය. එහිදී විවාහය සඳහා ප්‍රමාද වීම, විවාහය කඩා කප්පල් වීම, බහු විවාහය සිදුවීම, විවාහයෙන් පසු ස්වාමියා හෝ බිරිඳ මියයැම ආදිය සඳහා බලපාන යෝග කීපයක් ඇත. එහිදී 7 වැන්න පාප පීඩිත වීම, එනම් ශනි, කුජ, රාහු, කේතු, රවි, අවපක්ෂයේ සඳු යන ග්‍රහයන් දුර්වලව 7 වැන්නේ යෙදීම හා 7 වැන්නට ග්‍රහ දෘෂ්ටි වැටීම, සුබයන්ගේ දෘෂ්ටිවලට හසුනොවීම (විශේෂයෙන් ගුරුගේ) 7 වැන්නාධිපති 6, 8, 12 දුර්වලව සිටීමද, සිකුරු, කුජ, 7 වැන්නාධිපති ද්විරාශිවල දුර්වලව පිහිටීම යන ආදී කරුණු හා නොකියූ යෝගද හේතුවේ.
මෙහිදී බොහෝ දෙනෙක් පවසන ප්‍රශ්නයක් වන්නේ, ශනි මංගල යෝගය යෙදුනු පමණින් (ශනි, කුජ) විවාහය ප්‍රමාද වන්නේද? යන්නයි. මා කර ඇති සමීක්ෂණ වලට අනුව ශනි මංගල යෝගය යෙදෙන අයගේ ශනි හා කුජ යන ග්‍රහයන් ප්‍රබලනම් එය එසේ සිදු නොවේ. එසේම ග්‍රහයන්ගේ යෝග වීම සඳහා (ශනි, කුජ) දෙදෙනා අතර පරතරය අංශක 8 ට වැඩි අඩු විය යුතුය. එයට හේතුව ග්‍රහයන් දෙදෙනාගේ රශ්මි මාලාව 4 මගින් දෙපසට විහිදීමයි. ඊට අමතරව ඉහත සඳහන් කළ යෝගවල බල දුබලතාව බැලීම සඳහා ග්‍රහයන් පනින නැකැත්, ප්‍රධාන වශයෙන් අධ්‍යයනය කල යුතුය. එමගින් ජීව ශරීර ග්‍රහයන්ගේ තත්ත්වය මැනගත යුතුවේ. ජීව ශරීර ග්‍රහයන් පලාඵල කථනය සඳහා ඉතා වැදගත් වේ. සම්ප්‍රදායික ජ්‍යෙdතිෂ මගින් අනාවැකි පළකිරීමේ, අනෙකුත් ජ්‍යෙතිෂ්‍ය හිමියන් (නාඩි, ජෛමිණි) ක්‍රම මගින් ඵලාඵල කථනය, අවුල්කර නොගත යුතුය. නාඩි ක්‍රමයට අනුව, විවාහ ප්‍රමාදය කුජ, සිකුරුට මුල්තැනදී ප්‍රකාශ කරයි. එහිදී ගුරුගේ ගෝචර ගමන තුළින් විවාහය සිදුවන කාලය නිශ්චිතවම ප්‍රකාශ කළ හැක. එය සම්ප්‍රදායික ජ්‍යෙdතිෂ්‍ය හා පටලවා නොගත යුතුය. කෙසේ නමුත් සම්ප්‍රදායික ජ්‍යෙdතිෂය තුළින් අනාවැකි පළකිරීමේදී, භාව කේන්ද්‍ර සංකල්පය තුළින් ප්‍රකාශ කළ හැකි අනාවැකි වල සත්යයතාවයෙහි වෙසසියා මට්ටම ඉතා ඉහළ අගයක් ගනී.
විවාහ ප්‍රමාදයක් ඇත්නම්, ඔබගේ කේන්ද්‍රය අනුව, ප්‍රමාදයට හේතුව බලා එම හේතුවට සාධකව ග්‍රහ පිහිටීම සූක්ෂම ලෙස පරීක්ෂා කර, ඒ සඳහා පිළිවෙත්, ප්‍රතිකර්ම කිරීම තුළින් හා තමා කරන දාන, ධර්ම, පිංකම් අනුව එම බාධාවල් අවම කරගත හැක. නමුත් කේන්ද්‍රය තුළ විවාහ නොවීම, බහුවිවාහ, සහ අධි ධාවනකාරී යෝග ඇත්නම්, ඒවා ඵලදීම කේන්ද්‍රය තුළින් නිශ්චිතනම්, කුමන පිළිවෙත් කළද, එහි බලපෑම අවම කර ගැනීමට හැකියාවක් නොමැත. එවැනි අය ධර්මයට නැඹුරුවීම තුලින්, තමාගේ සිත දමනය කර ගැනීම ඉතා යෝග්‍ය වනු ඇත.
* ඩී. ජී. එස්. මුදලිගේ
වැඩිදුර උපදෙස් සදහා 0718602525, 0115248187.
8/බී/54, සිසිල් සෙවන උද්‍යානය,
කුඩාමාදුව පාර, මත්තේගොඩ.
divaina.com