iranama
විවාහය ප්‍රමාද කරන්නේ ග්රහයන්මද?
නූතන සමාජය දෙස බලන විට විවාහ ප්‍රමාදවීම සමාජීය ගැටලුවක් බවට පත්වී තිබේ. සංකීර්ණ සමාජ රටාව තුළ විවාහ වන වයස් සීමාව ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් නූතන සමාජ රටාව තුළ අධ්‍යාපනය තුළින් සමාජයේ ඕනෑම තලයකට ප්‍රවේශ වීමේ හැකියාව පවතී. මේ හේතුවෙන් පහළ ශ්‍රේණියේ සිට ඉහළ ශේ්‍රණිවලට අවතීර්ණ වීමේ ප්රවනතාව බොහෝ දෙනා තුළ වැඩිදියුණු වී ඇත. මෙවැනි පසුබිමක් යටතේ ජීවත් වන පුද්ගලයාට විවාහයට පිවිසීමද එක්තරා විදියක බාධාවකි.
මේ නිසා ස්ථාවර ජීවන මාර්ගයකට ප්‍රවේශ වීමෙන් අනතුරුව විවාහය ගැන සිතන පිරිස වැඩිවී තිබේ. ඒ අනුව අධ්‍යාපන කටයුතු විවාහය ගැන කල්පනා නොකරති. මේ අතර අධ්‍යාපනය, නාගරීකරණය, පුද්ගලිකත්වය පිළිබඳ සිතිවිලි සහ ආර්ථික රටාවන්ට හුරුවීම ආදී හේතු විවාහයේ අර්ථය නවීකරනය වී තිබේ. මේ නිසා වර්තමානයේ බොහෝ විට කාන්තා පක්ෂය තමා සොයන සහකරුට අනාගත සුරක්ෂිතතාව සඳහා රැකියාවක් තිබීම අත්‍යවශ්‍ය බව සිතති. මේ අනුව තම ස්වාමි පුරුෂයාගේ සමාජ හා ආර්ථික මට්ටම, පෙනුම යන සාධක ප්‍රධාන කොටගෙන විවාහය ප්‍රමාද කරගන්නා කාන්තාවන්ද සිටී. පුද්ගලයන් තුළ පවත්නා මෙවැනි ආත්මාර්ථකාමී සිතිවිලි හා ආකල්පද විවාහ ප්‍රමාදයන්ට බොහෝ සේ බලපානු ලබයි.
මේ අතර මිල මුදල්, රූප සම්පත්තිය හා අනෙකුත් භෞතික සාධක සෑම දෙයක්ම සම්පූර්ණ කර තිබුණත් විවාහ වීමට නොහැකිව ප්‍රමාද වී ලතවෙමින් පවතින තරුණ තරුණියන්ද සිටී. මෙසේ පෞද්ගලික සමාජමය හා ආර්ථික හේතූන් සම්පූර්ණ වුවද ඇතැම් විට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව විවාහය ප්‍රමාද වන අවස්ථාද ඇත.
මේ අනුව විවාහ ප්‍රමාදයන්ට බලපාන අනෙකුත් සාධකයන්ට අමතරව ජ්‍යෙdතිෂ න්‍යායන්ද පවතී. මෙසේ හේතු කාරණා රැසක් ඇතත් විවාහ බාධා බෙහෙවින් ඇති වන්නේ අතැම් ජ්‍යෙdතිෂවේදීන්ගෙන් බව පෙනී යයි. විවාහයට පොරොන්දම් ගැලපිය යුත්තේ ධනාත්මකව මිස සෘණාත්මකව නොවේ.
ජ්‍යෙdතිෂ ශාස්ත්‍රය පිහිට කරගත යුත්තේ ජීවිතය පිළිබඳව ධනාත්මක ආකල්ප වර්ධනය කරගෙන බාධක ජය ගැනීමට මිස සෘණාත්මකව ඒවා ගැන සිතමින් මෙම භවය තුළ ලැබී ඇති ආත්මය විනාශ කර ගැනීමට නොවේ. තම කර්මය අනුව තමන් යා යුතු මඟ තෝරාගෙන ඒ අනුව තම ජීවිතය හැඩගස්වා ගැනීමටයි.
විවාහ කටයුතු සඳහා පොරොන්දම් පරීක්ෂාවේදී ඇතැම් ජ්‍යෙdතිෂවේදීන්ගේ සිතේ පැළපැදියම් වූ කරුණු කිහිපයක් තිබේ. තම සේවාදායකයන් භීතියට පත්කරන දුර්මත කිහිපයක් පහත දැක්වේ.
1. කුජ 1, 2, 7, 8, 12 යන රාශිවල සිටින ජන්ම පත්‍රවල කුජ දෝෂය යෙදී ඇති බැවින් විවාහයට අශුභයි.
2. ආයුෂ පොරොන්දම නොගැලපේ නම් විවාහයට අශුභයි.
3. ශනි රාහු වැනි පාපී ග්රහයෙකු 7 වැන්නේ දුටු පමණින් එවැනිම කේන්ද්‍රයක් නැතිනම් ගැළැපෙන්නේ නැත.
කුජ ග්‍රහයා ජන්ම පත්‍රයක දුටු පමණින් මෙවැනි තීරණවලට එළැඹීම කොතරම් දුරට සාධාරණද? කුජ ග්‍රහයා දුටු පමණින් බිය විය යුතුද? කුජ ග්‍රහයා සෑම විටම අපල කරයිද?
කේන්ද්‍රයක රාශි 12 ක් තිබේ. කුජ ග්‍රහයා 1, 2, 4, 7, 8, 12 යන රාශි 6 න් එකක පිහිටි විට විවාහය හා එහි පැවැත්මට පීඩාකාරී බලපෑමක් ඇති කරයි නම් කුජ ග්‍රහයා එකී රාශියක සිටින කේන්ද්‍ර හිමි සෑම සියලු දෙනාගේම විවාහ ජීවිතය අසාර්ථක විය යුතුය.
එබැවින් යම් ජන්මියෙකුගේ කේන්ද්‍රයක ඉහත කී රාශියක කුජ තිබූ පමණින්ම විවාහයේ දික්කසාද වීමත්, වැන්දඹු වීමත් ඇති වේ යෑයි පැවසීම සාධාරණ නොවේ. මෙම ස්ථානවල කුජ පිහිටා තිබුණද, එම දෝෂය භංගවන අවස්ථා ගණනාවක්ද ජ්‍යෙdතිෂයේ සඳහන් වේ. එබැවින් කේන්ද්‍රයේ ඉහත කී ස්ථානයක කුජ සිටි පමණින් සෑම පුද්ගලයෙකුටම එම කුජගෙන් දෝෂකාරී තත්ත්වයක් ඇති නොවනු ඇත.
විවාහයට පොරොන්දම් පරීක්ෂා කිරීමේදී විසි පොරොන්දමෙන් එකක් වන ආයුෂ පොරොන්දමටත් පුද්ගලයන්ගේ ආයුෂ ගැන තීරණ ගැනීම අපහසු වේ. මේ සඳහා සමස්ත කේන්ද්‍රයම විධිමත් ආකාරයෙන් පරීක්ෂා කළ යුතු වේ.
එමෙන්ම විවාහය අසාර්ථක භාවයට පත් කෙරෙන යෝගයක් යෙදී ඇති කේන්ද්‍රයක් දුටු පමණින් සේවාදායකයා බිය කළ යුතු නොවේ. එවැනිම අසාර්ථක ග්‍රහ පිහිටීම් ඇති කේන්ද්‍රයන් ඇති පුද්ගලයකු සමඟ විවාහ වීමෙන් අනතුරුව ඔහුගේ හෝ ඇයගේ දුර්වල යෝග සක්‍රීය නොවී යටපත් වීම හේතුවෙන් සාර්ථකව තම ජීවිතය පවත්වා ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම සමහර අවස්ථාවල යම් පුද්ගලයකුගේ කේන්ද්‍රය තුළ යුග දිවියට යම් අහිතකර බලපෑම් තිබූ පමණින්ම විවාහය පිළිබඳව බලාපොරොත්තු බිඳගෙන විවාහය ප්‍රමාද වීමට ඉඩදී බලා සිටිය යුතු නොවේ. මෙවැනි ග්‍රහයෝග තම සහකරුගේ හෝ සහකාරියගේ ග්‍රහයෝග අනුසාරයෙන් භංග වන අවස්ථාද පවතී. එමනිසා විවාහය ප්‍රමාද කරන ග්‍රහයෝග කේන්ද්‍රයක දුටු පමණින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොකර ගත යුතුය. එවැනි කේන්ද්‍ර හිමියන් කල් නොයවා තම විවාහය සම්බන්ධයෙන් උනන්දු විය යුතු අතර දෛවයේ සරදමක් සේ සළකා නිහඬව සිටිය යුතු නොවේ. වැඩිදුර විස්තර 0771268646 අංකයෙන් නොමිලේ ලබාගත හැක.
ජ්‍යෙතිෂවේදිනී තුෂාරා වික්‍රමසිංහ
317, දාගොන්න (වැව පාර), මීගමුව
Wmqgd .ekSu oskusK mqj;a m; weiqfrks