සූර්යයා හෙවත් හිරු ලබන 16 වැනිදා කටක රාශියට මාරුවීමට නියමිතය. එතෙක් මාසයක් පුරා හිරු ගමන් කරන්නේ මිථුන නම් කෝණ මාසයේය. කෝණ මාසයක් යනුවෙන් හඳුන්වන්නේ නැකත් නැති කොන්කර ඇති මාසයක් වශයෙනි. නැවත මංගල නැකත් හා විවාහ නැකත් උදාවෙයි. ශ්‍රී ලංකාව හිමි කුම්භ ලග්නයේ හයවැන්නට රවි මාරුවන අතර ඒ සඳු ග්‍රහයාට හිමි කටක රාශියයි. ග්‍රහ රාජ්‍යයේ රජු වශයෙන් සලකන හිරු මාරු වන්නේ බිසව වශයෙන් සලකන සඳුගේ භවනටය. රජු බිසවගේ භවනට යාම රටටත් ඔබටත් විශේෂ සුභපල හෝ තරමක් අසුභපල ඇති කරයි.රවි මාරුව පරිපාලන ක්ෂේත්රයේ රැකියාවල නියුතු රාජ්‍ය නිලධාරීන්ට, අධ්‍යක්ෂවරුන්ට, පාලකයන්ට සුභපල උදා කරනවා ඇත. ස්වකීය පරිපාලන කටයුතු වල තිබූ බොහෝ ගැටලු විසඳාගත හැකි වේ. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. ව්‍යාපාර හෝ ආයතනවල කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තිය ලැබේ. මේ තත්ත්වය අගෝස්තු මස 15 දින දක්වා පවතිනු ඇත. රවි කටක රාශිගතවීම උපන් ලග්නය අනුව බලපාන ආකාරය පහත සඳහන් පරිදි වේ.
මේෂ
මේෂ ලග්න හිමියන්ගේ සිව්වැන්නට රවි මාරුව සිදුවේ. පදිංචිය හෝ ඉඩකඩම් පිළිබඳව ගැටලු ඇතිවීමට ඉඩ තිබේ. හෘදයාබාධවලින් පෙළෙන අය ශරීර සෞඛ්‍ය ගැන විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුය. ගෙදර මව්පියන් හෝ වැඩිහිටියෙකුට අපලදායකයි. මේ අතර උත්සාහය ධෛර්යය ඉහළ යයි. මේ නිසා රැකියා ව්‍යාපාර කටයුතු සාර්ථක කරගත හැකි වේ. එහෙත් ඔබේ උසස් අය අමනාපවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.
වෘෂභ
ඔබේ කේන්ද්‍රයේ තුන්වැන්නට රවි මාරුවීම සුභදායකයි. චිත්ත ධෛර්යය, උත්සාහය වැඩි වේ. ප්‍රයෝජනවත් ගමන් බිමන් නිතර යෙදේ. අසල්වාසීන් සමඟ පවතින සබඳතා අලුත් වේ. බාල සහෝදරයකුගේ රැකියා ප්‍රශ්නයකට විසඳුම් ලැබේ. ලිපි ලේඛන හා ශාස්ත්‍රීය කටයුතු සාර්ථක වේ. ස්ථාන, ඉඩමේ, නිවාස පිළිබඳ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමටද හැකි වේ. එහෙත් වෘෂභ ලග්න හිමියන්ගේ සෙනසුරු අටවැන්නේ ගමන් කරන නිසා සේවක ගැටලු හා ශරීර සනීපයට බාධා ඇතිවීමට ඉඩ තිබේ.
මිථුන
මිථුන ලග්න හිමියන්ගේ ලග්නාධිපති සමඟ රවි දෙවැන්නට මාරුවීම සිදුවේ. සුබාසුබ මිශ්‍රඵලදායක තත්ත්වයක් පෙන්වයි. පවුලේ වියදම් ඉහළ යැමට ඉඩ තිබේ. සමහරවිට තැන්පත් මුදලක් පවා වැයවීමට කරුණු යෙදේ. නිවාස ඉදිකිරීම්වලට ද වියදම් සිදුවේ. කතාව නිසා අන් අය අතර අමනාපකම් ඇතිවිය හැකිය. එහෙත් ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. පදිංචිය පිළිබඳ නීතිමය ගැටලුවකට විසඳුම් ලැබේ. උරුමයකින් ලැබිය යුතු ධනයක් ලැබීමටද ඉඩ තිබේ. හිසේ සහ මුහුණේ ඌෂ්ණාධික රෝග, ඇස්වල රෝග ඇති අය සෞඛ්‍ය රැකගැනීමට උනන්දු වන්න.
කටක
කටක ලග්න හිමියන්ගේ දොළොස්වැන්නේ ගමන් කළ රවි ලග්නයට පැමිණීම තිබු අසුබපල අඩු කරයි. වියදම් පාලනය කරගැනීමට හැකියාව ලැබේ. පසුගිය මාසයේ තිබූ අධික වියදම් අඩු කරගත හැකි වේ. මේ අතර හත්වැන්නේ සිටින කුජ ගේ අසුබ දෘෂ්ඨ§ය නිසා අඹු-සැමි භේද ඇතිවීමටද ඉඩ ඇති බව මතක තබා ගන්න. බිරිඳ හෝ සැමියා අමනාප වීමට ඉඩ තිබේ. අවිවාහක කටක ලග්න හිමියන්ගේ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට මේ මාසය එතරම් සුබ නොවේ. හිසේ කැක්කුම, ඇස් දැවිල්ල වැනි ඌෂ්ණාධික රෝග වලින් ප්‍රවේශම් වන්න.
සිංහ
සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දොළොස් වැන්නට රවි මාරුවීම තරමක් අසුභපලදායක බව පෙනේ. මේ දක්වා සාර්ථකව කරගෙන ආ කටයුතුවලට අනපේක්ෂිත බාධා කරදර ඇතිවීමට ඉඩ තිබේ. නීතිමය ගැටලුවකටද මැදිවිය හැකියි. පසුගිය කාලයේ ගනු ලැබූ තීරණයක් ගැන පසුතැවිල්ලක් ඇති වේ. මේ අතර විදේශ ගමන් පිළිබඳ කටයුතුවලට සුබපලදායක බවද පෙනේ. එවැනි කටයුතුවලට තිබූ නීතිමය අවහිරතා ඉවත් වේ. රුධිර පීඩනය, හෘදයාබාධ හා අක්ෂි රෝගවලින් පෙළුණු අය ශරීර සනීපය රැකගැනීම ගැන විශේෂයෙන් උනන්දු වීම අවශ්‍ය වේ. මේ මාසය තුළදී රවි අපලයට අදාළ ශාන්ති කර්ම කරගන්න.
කන්‍යා
කන්‍යා ලග්න හිමියන්ට රවි මාරුව සුභපලදායකයි. උසස් අයගේ හා නීතිමය අංශවල උදව් උපකාර ලැබේ. රැකියා හෝ ව්‍යාපාර ස්ථානවල නායකත්වය ලැබේ. තනතුරේ හෝ තත්වයේ උසස්වීමකට ඉඩ ඇති බව ද පෙනේ. විදේශ රැකියා බලාපොරොත්තු සාර්ථක වනවා ඇත. අසනීප වලින් සුවය ලැබේ. රැකියා නොමැති අයට රැකියා අවස්ථා උදාවේ. කරන කියන බොහෝ දේවල් සාර්ථක කරගැනීමට හැකි වේ. සමාජයේ තිබූ තත්ත්වය ඉහළ යයි. ආදායම් ද සතුටුදායක වේ. හිතේ සතුට ඇති වේ. විවාහ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට සුභඵලදායක වේ.
තුලා
ඔබේ කේන්ද්‍රයේ දහවැන්නට රවි මාරුවීම සුභපලදායකයි. ඇසුරු කරන අය අතර කැපී පෙනෙන තත්ත්වයක් ඇති වේ. රැකියා හෝ ව්‍යාපාර අංශවල පිළිගැනීමක් ඇති වේ. නායකත්ව ගුණාංග ඉස්මතු වේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. රැකියා නැති අයට රැකියා ලාභ ලැබෙන කාලයක්ද වේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. සේවක පක්ෂයේ සහයෝගයද ලැබෙන කාලයකි. අවිවාහක අයට මංගල යෝග උදාවේ. උසස්, උගත් අයගේ ඇසුර ලැබේ. එවැනි අය හඳුනාගන්නට අවස්ථාව උදාවේ. නීතිමය අංශවලින් ලැබිය යුතු උපකාර ලබාගත හැකි වේ. අධ්‍යාපන කටයුතු කරන ශිෂ්‍යාවන්ගේ ඉගෙනීම පිළිබඳ අවශ්‍යතා ඉටු වේ. විභාග වලින් සමර්ථ වේ.
වෘශ්චික
වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ නමවැන්නට රවි මාරුවීම නිසා ගතවූ මාසයේ තිබූ කරදර බොහෝ දුරට අඩුවේ. අසනීපවලින් සුවය ලැබේ. ආගම දහමට වැඩියෙන් හිත යොමු වේ. පිංකමකට සහභාගිවීමට ද අවස්ථාව උදාවේ. උසස් අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. යහපත් ගුරුවරුන්ගේ උදව් උපකාර ලැබේ. විදේශ අධ්‍යාපනයක් ලැබීමට තිබූ බලාපොරොත්තුවක් සාර්ථක කරගැනීමට කරුණු යෙදේ. දුර වන්දනා ගමනක් යැමට ද ඉඩ ලැබිය හැකිය. මේ අතර පැවති අසනීප තත්ත්වයන් හොඳ අතට හැරුන ද ඌෂ්ණාධික රෝගවලින් පෙළෙන්නේ නම් ශරීර සනීපය ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.
ධනු
ධනු ලග්න හිමියන්ගේ අටවැන්න වූ කටක රාශියට රවි මාරුවීම ශරීර සෞඛ්‍යය පිළිබඳ ගැටලු ඇති කිරීමට ඉඩ තිබේ. ලග්නයේ සෙනසුරු ඒරාෂ්ඨකව ද ගමන් කරන බැවින් මේ තත්ත්වය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වේ. රුධිර පීඩනය හෘදයාබාධ වැනි අසනීපවලින් පෙළෙන අය විශේෂයි. වාසනාව, භාග්‍යයට නොව උත්සාහයට මුල් තැනදී ක්‍රියා කිරීම මැනවි. උසස් අය අමනාප වීමට ඉඩ ඇති නිසා කල්පනාකාරී වන්න. පොරොන්දු ගිවිසුම්වලට අත්සන් තැබීම, නීතිමය කටයුතු, නඩු හබවලට මැදිහත් වීම සුදුසු නොවන බව මතක තබා ගන්න. රවිට අදාළ ග්‍රහ ශාන්තිකර්ම කර ගැනීම මැනවි.
මකර
මකර ලග්න හිමියන්ගේ රවි මාරුව සිදු වන්නේ හත්වැන්නටය. අටවැන්නාධිපති බැවින් විවාහ ගැටලු ඇතිවීමට ඉඩ තිබේ. බිරිඳ හෝ සැමියාට අපල, අඹු සැමි අමනාපකම් ඇති විය හැකියි. හවුල් ව්‍යාපාරවල යෙදෙන අයට හවුල්කරුවන් අමනාප වීමට ඉඩ තිබේ. ප්‍රසිද්ධ සතුරන් නිසා සිත්තැවුල් ඇතිවීමට කරුණු යෙදිය හැක. අවිවාහක මකර ලග්න හිමි තරුණ තරුණියන්ගේ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට ද සුබ නොවන බව පෙනේ. හිසේ හා යටි බඩේ ඌෂ්ණාධික රෝග, මුත්‍රා දැවිල්ල වැනි රෝගාබාධවලින් ප්‍රවේශම් වෙන්න. මේ මාසය තුළ රවි අපලයට අදාළ ශාන්ති කර්ම කර ගැනීම මැනවි.
කුම්භ
හය වැන්නට රවි මාරුවීම කුම්භ ලග්න හිමියන්ට සුභඵලදායකයි. අසනීපයකින් පෙළුනේ නම් සුව අතට හැරේ. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබෙන නිසා ව්‍යාපාර හෝ රැකියා අංශවල කටයුතු සාර්ථක වේ. උත්සාහය ධෛර්ය ඉහළ යයි. සතුරන් පරාජය කළ හැකිවේ. බලාපොරොත්තුවෙන් සිටි ණය මුදලක් ලබා ගැනීමට පහසුකම් සැලසේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. නීතිමය ගැටලුවලට විසඳුම් ලැබේ. බලාපොරොත්තු වූ බොහෝ කටයුතු සාර්ථක කරගත හැකිවේ.
මීන
මීන ලග්න හිමියන්ගේ රවි පස්වැන්නට මාරුවීම මිශ්‍රඵලදායක බව පෙනේ. දරුවකුගේ මුරණ්aඩුකමක් නිසා සිත් තැවුලක් ඇති වීමට ඉඩ තිබේ. නැතහොත් දරුවකුගේ අසනීපයක් නිසා අමතර වෙහෙසක් දරන්නට සිදුවිය හැකිය. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිවේ. ව්‍යාපාරවලට මුදල් යෙදවීමේදී දුරදිග බලා කටයුතු කරන්න. රහස් සතුරන් හෝ ඊර්ෂ්‍යාකාරයින් නිසා ව්‍යාපාර කටයුතු හෝ අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවීමට ඉඩ තිබේ. ආමාශගත රෝග, දියවැඩියාව වැනි රෝග වලින් ප්‍රවේශම් වීමට වග බලා ගන්න.
අපල දුරුවීමට....
රවි අපලයක් ඇති අය ඉරිදා දිනවල බුද්ධ පූජා තබා බෝධි පූජා කර කතරගම දෙවියන්ට භාරවීම මැනවි. රතු කොඩි , රතු මල්, තැඹිලි තෙල් පහන් පූජාව විශේෂයි. මේ හැර ඖෂධ පූජාව, සිසිල් පැන් දන්දීම මැනවි. සිල්වත් කෙනෙකුට ඇස් කන්නාඩි ලබාදීම විශේෂ ශාන්ති කර්මයකි.
සූරිය පිරිත භාවිත කිරීම. අභිසම්භිදානය, සූර්යමණ්ඩලය හෝ සබ්බ පාපස්ස යන්ත්‍රය පැළඳීම අපල දුරුවීමට හේතුවේ.