iranama
මේ වසරේ අවසන් සති දෙක බලාගෙනයි - පරෙස්සමින් !
මේ වසරේ අවසන් පුර පොහොය ලබන 13 දා අගහරුවාදා පෙරවරු 09.18 ට උදාවේ. අප ගිය සතියේ කී පරිදි ම මේ වන විට අහසේ පවතින ග්‍රහ සිත්තම එතරම් සුබදායක නොවේ. වෘශ්චිකයේ සිට මීනය දක්වා වූ එකිනෙකට යාබද රාශි පහේ ග්‍රහයෝ 9 දෙනෙක් තැන්පත්ව සිටිති. මූල ත්‍රිකෝණ බලයෙන් යුත් සඳු හුදෙකලාවේ තමාගේ ම නැකතක ය. රවි ශනි කුජ ගුරු සිකුරු යන ග්‍රහයන් පස්දෙනා ම ඒ දෙස බැල්ම හෙළති. ග්‍රහයන් හතර දෙනකු ජලකාරක නැකත්වල ය. පොළොවේ මහත් සෙලවීමකට සහ ජලය ආශ්රිත ස්වභාවික විපතකට මේ නම් කියාපු පිහිටීමකි.
සඳු සහ යුරේනස් අතර අංශක 45 ක් ද සඳු සහ රවි -ශනි අතර අංශක 180 ක් ද වශයෙන් සඳුගේ චලිතය සිදුවන විට නියමයක් ලෙස ම පොළොවේ සමතුලනය බිඳී යයි. මෙවර සඳු ගෙන් දුරස්ථව ග්‍රහයන් 9 දෙනෙකුගේ පොකුරක් සෑදී තිබෙන නිසා තත්ත්වය තරමක් බරපතළ විය හැකිය. ඒ අතර ම රවි සහ ශනි සතුරු වෘශ්චිකයේ සංයෝගව බුධගේ නැකතක ගමන් කිරීම විශේෂයෙන් සැලකිලිමත් විය යුතු තත්ත්වයකි. කෙටි කාලයකදී ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව - මහ පරිමාණ නාය යෑම් - ගංගා පිටාර ගැලීම් මෙන් ම 12- 13- 14- 15 යන දින ආශ්‍රිතව භූ චලනයන් ද අපේක්ෂා කළ යුතුව තිබේ.
දෙසැම්බර් 20 දා පස්වරු 06.50 ට අව අටවක පෝය උදාවන අතර 19-20-21-22 යන දින හතර ද මහ පරිමාණ ස්වභාවික විපත් ගෙන දීම අතින් 13 දාටත් වඩා නරක ග්‍රහ චලිතයක් පෙන්නුම් කරයි.
දෙසැම්බර් 28 දා පෙරවරු 10.36 ට මේ වසරේ අවසන් අමාවක පෝය උදාවේ. අපගේ ගණනය කිරීම් අනුව 2016 වසරේ අඳුරුත ම සහ බිහිසුණු ම දිනය දෙසැම්බර් 28 දාය. එහි නපුරු බලපෑම 27- 28- 29- 30 යන දින හතර ද ඉක්මවා යයි. රටක් ලෝකයක් කළඹන සිදුවීම් මාලාවක් හට ගත හැකි ලෙසට වසරාවසානයේ ග්‍රහ චලිතය නිර්මාණය වී තිබේ. මහ පරිමාණ පිපිරීම් - ගිනි ගැනීම් - ඉදිකිරීම් ආශ්රිත කඩා වැටීම් - අවි ආයුධ - බෝම්බ යනාදියෙන් සිදුවන අනතුරු - ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ බිහිසුණු අපරාධ - හදිසි අනතුරු ආදිය පෙර නොවු විරූ ආකාරයෙන් ඉස්මතු කැර සමාජ ඛේදවාචක නිර්මාණය කිරීමට මේ දින කිහිපයේ පවතින අවදානම ඉතා ඉහළ ය. ඊට අමතරව ගිනි කඳු විදාරණය - සුළි සුළං සහ ටෝනෙඩෝ - භූ චලන - ලැව්ගිනි යනාදි ස්වභාවික විපත් මාලාවක් ලෝකයේ බොහෝ රටවල හට ගනී. ගොඩබිම - නාවික සහ ගුවන් යන ප්‍රවාහන - ගමනාගමන මාර්ගයන් ද මේ කෙටි කාලයේදී අනතුරුදායක විය හැකි හෙයින් සියලු දෙනා පරෙස්සම් වෙත්වා ! සිළුමිණ ජ්‍යොතිෂ පුරෝකතනයන් අමු අමුවේ කොපි කොට වෙනත් මාධ්‍යයන්වලට ගොස් වරද්ද වරද්දා කියන ජ්‍යොතිෂ ප්‍රතිරූපකයෝ ද මේ නර කාලයේදී වත් තම වැරදි හදා ගනිත්වා !
silumina.lk/