මේ සතිය ඔබට සුබද අසුබද
මේෂ ලග්නය
අවිවේකි සතියක්
ආර්ථිකය සමාන්‍යය පරිදි පවත්වාගන්න ලැබනෙවා.ධන හානි නිෂ්පල වියදම් වලට ඉඩ තිඛෙනවා.රැකියා කටයුතු සම්බන්ධයෙන් තරමක කළකිරීම් ඇති වන්නට පු
ළුවන්.කෙසේ වෙතත් බරපතළ ගැටළු මතු නොවේ.ප්‍රේම සම්බන්ධතා විවාහ කටයුතු සම්බන්ධයෙන් මේ සතිය සුභදායකයි. විවේකය අඩු වීම හේතුවෙන් තරමක ආවේගශීලි ගති ඇති වන්නට පුළුවන්.උෂ්ණ අසනීප වරින් වර මතුවන්නට ඉඩ ඇත.
වෘෂභ ලග්නය
ක්‍රියාශීලි සතියක්
ආර්ථිකය සම්බන්ධයෙන් අලුත් සතිය එතරම් සුබදායක නැත.වියදම් ඉහළ යාමට ඉඩ තිඛේ.රැකියා කටයුතු සම්බන්ධයෙන් සතිය සුබදායකියි.උද්යෝගයෙන් යුතුව රැකියා කටයුතු කරගෙන යාමට හැකිවෙනවා.විවාහ කටයුතුවලට තරමක බාධක එල්ල වෙනවා. ගමන් බහුල වෙනවා. ක්‍රියාශීලි බව සතිය පුරාවට කැපී පෙනෙනවා.ගෘහ ජිවිතයේ සමගිය අඩු වීමට ඉඩ තිඛෙන බැවින් ඉවසිලිමත්ව කටයුතු කණල යුතුයි
මිථුන ලග්නය
මිශ්‍ර පළදායක සතියක්
අනපේක්ෂිත වියදම් වලට මෙන්ම ධන හානි වලට ඉඩ තිඛෙන බැවින් සැලකිලිමත් විය යුතුයි.රැකියා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වනවා.මාධ්‍ය හා කළා ක්ෂෙත්ර වල නියැලෙන අයට විශේෂයෙන් සුබදායකයි. කතාවෙන් පාඩු වීමට ඉඩ තිඛෙන බැවින් කතා කිරීමේදි සැළකිලිමත් විය යුතුයි.ප්‍රේම සබදතා විවාහ කටයුතු ආදියට සතිය සුභදායකයි.
කටක ලග්නය
නොසන්සුන්කාරී සතියක්
ආර්ථිකය සම්බන්ධයෙන් සතිය බොහෝ දුරට සුබදායකයි.වියදම් පාලනය කරගැනීමට හැකි වෙනවා.රැකියා කටයුතු සම්බන්ධයෙන් සතුට තෘප්තිය වරින් වර අඩු වෙනවා.කෙසේ වෙතත් බරපතල ගැටළු කරදර වලට ඉඩ කඩ නෑ.මානසික නිරවුල්බව අඩු වෙනවා.ඉක්මන් තීන්දු තීරණ හේතුවෙන් ගැටළු මතු වීමට ඉඩ තිඛෙන බැවින් ඉවසිලිමත්ව හා සන්සුන්ව කටයුතු කළ යුතුයි.විවාහ කටයුතු වලට බාධක එල්ල වෙනවා
සිංහ ලග්නය
විශේෂ ගමන්
වියදම් ඉහළ යනවා.අනපේක්ෂිත වියදම් වලටද ඉඩ තිඛෙනවා.රැකියා කටයුතු සම්බන්ධයෙන් සතිය බොහෝ දුරට සුබදායකයි.කාර්මික ඉංජිනේරු හා සෞඛ්‍ය ක්ෂේත්‍ර වල නියැලෙන අයට වඩාත් සුබදායකයි.විශේෂ ගමනක යෙදීමට සිදු වෙනවා.තරමක ආවේගශීලි ගති ලක්ෂණ ඇති වෙනවා.නොසුදුසු බැදීම් ඇතිවීමට ඉඩ තිඛෙනවා.උෂ්ණ රෝග අසනීප පහසුවෙන් වැළදිය හැකියි
කන්‍යා ලග්නය
ක්‍රියාශීලි සතියක්
ආර්ථිකය සම්බන්දයෙන් අලුත් සතිය සුබදායකියි.යහපත් ආර්ථිකයක් පවත්වා ගැනීමට හැකි වෙනවා.රැකියා කටයුතු බාධාවකින් තොරව සාර්ථකව කර ගෙන යාමට ගැඛෙනවා.කතාවෙන් වාසි අත් වෙනවා.හිතමිත්‍රාදීන් සම්බන්ධයෙන් කළකිරීම් ඇති වෙනවා.ප්‍රේම සම්බන්දතා වලට තරමක බාධක එල්ල වෙනවා.වැඩ කටයුතු අධික වුවද සතිය පුරා ක්‍රියාශීලි ව කටයුතු කිරීමට හැකි වෙනවා.වරින් වර සෙම් අසනීප හා උදරාශ්‍රිත පීඩා මතුවිය හැකියි.
තුලා ලග්නය
විනෝදකාමී සතියක්
ආර්ථිකය සම්බන්ධයෙන් අලුත් සතිය සුබදායකයි.අනවශ්‍ය වියදම් පාලනය කරගැනිමට හැකි වෙනවා.රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකි වෙනවා.විනෝදය, සැප පහසුව කෙරෙහි වැඩි නැඔුරුවක් ඇති වෙනවා.ප්‍රීතිදායක උත්සව කෙරෙහි සහභාගි වීමට අවස්ථාව උදා වෙනවා.ප්‍රේම සම්බන්ධතා විවාහ කටයුතු සම්බන්ධයෙන් සතිය සුබදායකයි.වරින් වර සෙම් අසනීප මතු විය හැකියි
වෘශ්චික ලග්නය
වියදම් අධික සතියක්
ආර්ථිකය සම්බන්දයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.අනපේක්ෂිත වියදම් ,ධන හානි වලට ඉඩ තිඛේ.රැකියා කටයුතු සම්බන්ධයෙන් සතුට තෘප්තිය තරමක් අඩු වෙනවා.ගමන් බහුල විය හැකියි. කතාවෙන් පාඩු සිදු විය හැකියි.ක්‍රියාශීලි බව සතිය පුරා පවතිනවා.ප්‍රේම සම්බන්දතා විවාහ කටයුතු සම්බන්ධයෙන් සතිය බොහෝ දුරට සුභදායකියි.පපුව ආශ්රිත අසනීප මතුවිය හැකියි
ධනු ලග්නය
යහපත් සතියක්
ආර්ථිකය සම්බන්ධයෙන් අලුත් සතිය බොහෝ දුරට සුබදායකයි.අනවශ්‍ය විදයම් පාලනය කරගනිම්න් යහපත් ආර්ථිකයක් පවත්වාගන්න ලැඛෙනවා.රැකියා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වෙනවා.නව හිත මිතුරු සම්බන්ධතා ඇති වෙනවා.ආවේගශීලි ගති මැඩ පවත්වා ගත යුතුයි.කතාවෙන් පාඩු සිදු විය හැකියි. ගමන් බහුල වෙනවා. විවේකය අඩු වෙනවා.සුළු වැටීම් , අනතුරුවලට ඉඩ තිඛෙනවා
මකර ලග්නය
මිශ්රපලදායක සතියක්
වියදම් සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි.අනපේක්ෂිත වියදම් බහුල වීමට ඉඩ තිඛෙනවා.රැකියා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වෙනවා.යොදාගනෙ සිටි විශේෂ ගමනක් අතහැර දැමීමට සිදු වෙනවා.මතුවට ආයෝජනවත් අයකු හමු වීමට ඉඩ තිඛේ.අධ්‍යාත්මික කටයුතු කෙරෙහි නැඔුරුවක් ඇති වෙනවා.ප්‍රේම සම්බන්ධතා, විවාහ කටයුතු ආදියට බාධක එල්ල වෙනවා.සුළු අනතුරු වලට ඉඩ තිඛෙනවා
කුම්භ ලග්නය
අවිවේකි සතියක්
ආර්ථකය සම්බන්ධයෙන් සතිය බොහෝ දුරට සුභදායකයි.යහපත් ආර්ථකයක් පවත්වා ගන්න ලැබනෙවා.රැකියා කටයුතු සාර්ථක කර ගන්න ලැබනෙවා.අලුත් වාහන වලට අත ගැසීමට මෙම සතිය සුබදායකයි.විවේකය තරමක් අඩු වෙනවා.තරමක ආවේගශීලි ගති ලක්ෂණ ඇති වෙනවා.ගෘහ ජීවිතයේ සමගිය බිද වැටීමට ඉඩ තිඛෙනවා.ආගමික කටයුත්තකට සම්බන්ද වීමට ඉඩ තිඛෙනවා
මීන ලග්නය
වියදම් බහුල සතියක්
ආර්ථිකය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි.ලැඛෙන දේ නිරායාශයෙන් වියදමි විය හැකියි.අනපේක්ශිත වියදම් ඇති වේ.රැකිය කටයුතු සම්බන්ධයෙන් සතුට,තෘප්තිය තරමක් අඩු විය හැකියි.විනෝදය කෙරෙහි සිත යොමු වේ.නොමනා සම්බන්ධතා හේතුවෙන් ගැටළු මතු වීමට ඉඩ තිඛේ.ගමන් බිමන් වලදී කරදර සිදු විය හැකි බැවින් සැළකිලිමත් විය යුතුයි.සෙම් අසනීප පහසුවෙන් වැළදිය හැකියි
ජ්‍යොතිෂවේදී,ගුප්ත වෛද්‍ය දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර
0777 065 760; 07188 75 816