iranama
බුද්ධ මන්තරයකින් සර්වජන වශියක්
රන්තැඹිලි තෙල් බුබුළු දමමින් ජීවම් කරගන්නා හැටි යෝදින්ගේ වෙදමහතා "නැකතට" කියයි
මිනිසාට නොයෙක් ආකාරයේ ගැටලුවලට දිනපතාම පාහේ මුහුණ දීමට සිදුවීම ස්වාභාවිකය. ඒවා හුදෙක් සමාජ සබඳතාවන් හේතුකොට ගෙනම නිර්මාණය වන බව නොරහසකි. යහපත් සමාජ සබඳතාවක් පවත්වාගෙන යාම පිණිසම ඉවහල් වන වශීකර්ම දේශීය මන්ත්‍ර විද්‍යාවෙහි බොහෝ වේ. මෙබඳු වශී කර්මවලින් විපුල ඵල ලබාගත හැකි බව අත්දුටු සත්‍යයක් බව කිව හැකි අතර ඒ සඳහා පිළිවෙතින් යුතුව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යම කාරණකි.
නැකත අතිරේකය මගින් අද ඔබට ඉදිරිපත්කරන මෙම බලගතු වශීය මගින් රැකියා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමටත් සොර සතුරු රාජබිය, ග්‍රහ අපල තුන්දොස්, රෝ බිය ආදී සියල්ල හිරුදුටු පිනි සේ දූරීභූත වී යන්නා වූ මේ රාජ වශීය දුටුගැමුණු රජතුමා විසින් නිතර නිතර භාවිතා කළ බලසම්පන්න ජය මංගල ගාථා රත්නයකි.
මෙම ගාථාවෙන් ග්රාස්ත්රානුකූලව සිඳගත් රන් තැඹිලි තෙල් ලක්ෂ වාරයකට වැඩියෙන් ජීවම්කොට තිලක දී යාමෙන් තමන්ගේ සුබසෙත සැලසී අරමුණු ඉටුවන රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ ප්‍රසාදය ලැබීමටද සභාවන්හි සුදිලීමට මෙන්ම නඩුහබ ජයගැනීමටද හදිසි අනතුරුවලින් වැළකීමටද හේතු වෙයි. සමස්ත සමාජයේම ආකර්ෂණය තමන් කෙරෙහි යොමු වීමටද මේ ගාථා රත්නය ඉවහල්වෙයි. මෙහි ගුණ කියා නිමකළ නොහැකි තරම්ය.
ලක්ෂ වාරයක් ජීවම් කරන ලද රන් තැඹිලි තෙල් රන් සුරය කලා පුරපක්ෂයේ බුධ දිනක බුධ හෝරාවකදී රාහු කාලය මඟහැර සුබ මුහුර්තියකදී මරුට පිටුපා කිරිගසක් ළඟ ශුද්ධ පවිත්‍ර කොට වියන් බැඳ මල් අසුනක් සකසා ඒ යහන මත අරලිය, සුදු නෙලුම්, සමන්පිච්ච ආදී මල් සිය ගණනින් සරසා පන් කොළවලින් තනන ලද වට්ටියකට බුලත්කොළ හතක් අතුරා සඳුන් කුඩු ඉස ඒ මත සමන්පිච්ච මල් අතුරා සිඳගත් ජීවම් කරන ලද රන් තැඹිලි තෙල් මැටි බඳුනක බහා සකස් කරගත් වට්ටිය මත තබා යහන් ගත කළ යුතුය.
පසුව තැඹිලි ගොක් කොළයක් අඟල් අටක ප්‍රමාණයකට කපා කන්‍යාවියන් විසින් වියන ලද තුන්පට නූලක් ගෙන ගොක් කොළයේ ගැටගසා එය මාන්ත්‍රිකයා අතට ගෙන ගොක් කොළයේ තොල්ගාමින් බුදුන් වැඳ තෙරුවන් සරණ ගොස් අටවිසි පිරිත 108 වරක් සඡ්Cධායනා කොට අනතුරුව අදාළ "ගාථාව" සඡ්Cධායනා කළ යුතුය.
ගාථාව 50,000 වරක් සඡ්Cධායනා කිරීමෙන් අනතුරුව නැවත 108 වරක් අටවිසි පිරිත සඡ්Cධායනා කළ යුතුය. පසුව ගාථා රත්නය නැවත 50,000 වාරයක් සඡ්Cධායනා කළ යුතුය.
මෙලෙස කාල පූර්ණය වීමේදී රන් තැඹිලි තෙල්වල වර්ණය තද නිල් පැහැයක් ගනු ඇත. බුබුළු දමමින් නටන සෙයක්ද පෙනෙනු ඇත. මෙලෙස වන විට මාන්ත්රකයාට අවට පරිසරයෙන් නොයෙකුත් ශබ්ද ඇසීමටද නොයෙක් සුවඳ පරිසරයෙන් නිකුත් වීමටද ඉඩ තිබේ.
එබඳු දේ සිදුවන විට කලබල නොවී සිත ඒකාග්රකොට ගෙන අනන්aත බුදු ගුණ සිතෙහි තැන්පත් කරගෙන දිගින් දිගටම ගාථාව සඡ්Cධායනා කළ යුතුය.
මෙහිදී මාන්ත්රිකයාගේ චර්යාව අතිශයින්ම වැදගත් වෙයි. මස්මාංශ අනුභවයෙන් තොරව පේවී මේ කටයුතු කළ යුතු අතර සුදු පැහැති වස්ත්‍රයෙන් සැරසී සිටිය යුතුය. ඉහත කී සංකේතයන් දැනුන පසුව කිරිගසක් මුල කිරි මුට්ටියක් උතුරුවා කිරි ආහාර පූජාවක් තබා සිද්ධි කර ගත් රන් තැඹිලි තෙල් අභිශේක කළ යුතුය.
මෙසේ ක්‍රමානුකූලව පිළියෙල කරගත් තෙල් රන් සුරයක බහා අවශ්‍යතාවන් අනුව පැළඳීම ඉහත කීs කාරණාවන් සඵල වීම නියතයෙන්ම සිදුවේ. මාන්ත්‍රිකයා මෙන්ම ගාථා රත්නයෙන් පිහිට පතන්නාද බොහෝ සෙයින්ම තුනුරුවනේ සහ අනන්ත බුදු ගුණවල පිහිට මෙනෙහි කිරීමද මෙහි ආනුභාවයන් තව තවත් ලබා ගැනීමට මහෝපකාරී වන බවද සැලකිය යුතුය. බුදුන් වහන්සේගේ අනන්ත බුදු ගුණවලට සමකළ හැකි බලයක් හෝ ශක්තියක් මේ මිහිපිට නොමැති බව නිරතුරුවම සිහිපත් කළ යුතු අතර අනන්ත බුදු ගුණ බලයෙන් තමන්ගේ සිත්හි ඇති ප්‍රශ්නවලට සහනයක් ළඟාකර ගැනීම නියත වශයෙන්ම සිදුවන බව නිතර මෙනෙහි කිරීමද වැදගත්ය.
හැකිතරම් පංචශීල ප්‍රතිපදාවෙහි පිහිටා තමන්ගේ අරමුණු ගැන සිතමින් තෙරුවන් නිතිපතා නමැද නිතර කුසල කර්මවල නියෑළී සිටීමෙන් ද මෙම ගාථා රත්නයෙහි විපුල ඵල ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත.
මහා බලසම්පන්න ගාථා රත්නය
ඕං ජය ශ්‍රී මහා බෝධි රාජයා ඒස්වාහඃ
"ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ඝෝසයුං දේවගණා පසන්නා
ඒතේන සච්ෙච්න ජයස්සු මහිහං"
තේරුම(-
බුදුරජාණන් වහන්සේ මාර පරාජයකොට බෝධි රාජයාණන් වහන්සේ ඉදිරියේදී ජය ලබා බුදු වූ බව සත්‍යයි. එය දුටු දෙවියන්ද ඉතා සතුටට පත්වූහ. එම සත්‍යානුභාව බලයෙන් මටද ජයක්ම අත්වේවා·
මෙම ගාථාව වෙනත් අයෙකු සඳහා කියනවිට (මයිහං) යන වචනය වෙනුවට (තුයිහං) යන වචනය යොදා ගායනා කරන්න.
වැඩිදුර විස්තර සඳහා 078-6107052 අංකය අමතන්න.