ඔබ ඉන්නා පෘථීවි ධාතුවේ වටේට ග්‍රහ වළලු නවයක් ඉතා වේගයෙන් තම කක්ෂය වටා කැරකි කැරකී පෘථිවිය දෙසට කිරණ විහිදෙනවා. පෘථිවියේ ජීවත් වන අපට ඒ කිරණ වදිනවා. ඒ කිරණ යහපත් ආකාරයටත් අයහපත් ආකාරයටත් පතිත වෙනවා. ඔබත් මමත් ඒ පෘථිවි තලය මත ඉන්න නිසා ඒ කිරණවල බලපෑම් අපට ලැබෙනවා. අපි හිතමු අඟහරු කිරණය අපට ශුභවාදීව පතිත වෙනවා කියලා. එවිට අපේ ජ්‍යෝතීර්වේදියා අපට පවසනවා මේ දිනවල අඟහරු නැත්නම් කුජ අපට ශුභයි නැත්නම් මිත්‍රයි කියලා. එහෙම කිව්වාම අපට ඒක වැටහෙනවා. විද්‍යාත්මක හෝ ජ්‍යෝතිෂ වචනවලින් කියනවාට වඩා අපට සුපුරුදු වචනයෙන් කිව්වාම වැටහෙනවා. මේ ග්‍රහ වළල්ලේ ග්‍රහයෝ සිටිය පළියටම නැත්නම් කිරණ පතිත වූ පළියටම ඒකේ හොඳ - නරක දැනෙන්නේ නැහැ. ඒ ග්‍රහයොත් කොහේ හරි මේ ග්‍රහ වළල්ලේ ඉන්නත් එපායෑ. ඉවත් කරලා දමන්න බැහැනේ. මේවා බල ශක්තීන් විශේෂයක්. එහෙනම් බලපාන්නේ කොහොමද?
සමහර දිනවල නාළිකාවකින් හෝ ගුවන්විදුලියෙන් හෝ පුවත්පතකින් කියනවා මේ දිනවල මේෂ ලග්න හිමියන්ට හොඳයි කියලා. එහෙම කිව්වට සෑම මේෂ ලග්න හිමියන්ටම හොඳ නැහැ. ඔබ නොදන්නවට සමහර නාළිකාවල පසුගිය මාසයේ විකාශනය වූ ලග්න පලාපල මේ සතියේ පවසනවා. ජ්‍යෝතිර්වේදියා ඉන්නේ ගෙදර. ඔබ අහලා රැවටෙනවා. ඒ ප්‍රතිඵල අශුභ නම් ඔබ හිතෙන් දුක් විඳිනවා. ඊට පසු මටත් ඒ ගැන අහලා දුරකථන පණිවුඩ එවනවා. එහෙම ඔක්කොටම එක විදියට බලපාන්නේ නැහැ. ඔබට ඒ ග්‍රහයා මහ දශාව හෝ අතුරු දශාවෙන් හෝ සූක්ෂම් දශාවෙන් හෝ අයිති වුණොත් ඔන්න බලපානවා. සූක්ෂම් දශාව නම් ඉතා ස්වල්ප කාලයක් පමණයි. අතුරු දශාව නම් මහ දශාවට සාපේක්ෂව බලපානවා.
අනිත් ක්‍රමය තමයි ඒ නිශ්චිත ග්‍රහයාගේ සප්තම දෘෂ්ටියට අනුව ඉන්න ග්‍රහයාගේ හෝ ස්ථානය භාරකාරයාගේ තත්ත්වය අනුව බලපානවා. සමහර අතුරු දශා කාලය ටිකයි. සමහර අතුරු දශා කාලය දිගුයි. උදාහරණයකට බලමු. රවි මහ දශාවේ රවි අතුරු දශාව මාස 03 යි දින 18 යි. මොකද රවි මහ දශාව වර්ෂ 06 නිසා සඳු මහ දශාවේ රවි අතුරු දශාව මාස 06 ක්. මොකද සඳු මහ දශාව අවුරුදු 10 ක් නිසා. වැඩිම මහ දශාව අයත් වන්නේ සිකුරුට වර්ෂ 20 ක්. සිකුරුගේa රවි අන්තරයට මාස 12 ක්ම තිබෙනවා. එක එක මහ දශාවන්ට සාපේක්ෂව අතුරු දශාව අඩු වැඩි වෙනවා. සූක්ෂම දශාවත් පවතිනවා තමයි ඒක ටිකයි. ටිකයි කියලා අයින් කරන්න බැහැ.
අඩුම කාලසීමාවක් තිබෙන්නේ රවිට. ඒ වසර 6 යි, දෙවනුව අඟහරුවට සහ කේතුට, වසර 07 යි. තුන්වැන්න චන්ද්‍රයාට. හතරවැන්න බ්‍රහස්පතිට, පස්වැන්න බුධට, හයවැන්න රාහුට, සෙනසුරුට හත්වැන්න වසර 19 යි. අන්තිමයා තමයි සිකුරු වර්ෂ 20 යි. මේ අනුව ඒ ඒ කාලපරිච්ඡේදවලට හොඳ හෝ නරක ලබාදීම සිදුකරනවා.
ඔබට පරිස්සම් වෙන්නත් එක්ක මීළඟ ග්‍රහ මාරුවීම් ගුණ ටිකක් ලියන්න හිතුණා. විශේෂයෙන් මෙහෙම ලියන්න හිතුණේ ඔබගෙන් ලද දුරකථන පණිවුඩවලට ප්‍රතිචාරයක් වශයෙන්.
විශ්ව ග්‍රහ වළල්ලේ ප්‍රධානියා ප්‍රබලයා රවි. දිවයුරු කියන්නේ ග්‍රහ වළල්ලේ මේ දිනවල ඔබේ කේන්දරයේ රවි පතිත වෙලා තිබෙන්නේ තුලාවේ යන්නේ නොවැම්බර් 15 වැනිදා. මෙතැනට රවි නීචයි. රවිගේa මහ දශාවක් හෝ අතුරු දශාවක් ගෙවනවා නම් ඔබට තදින් බලපෑම් ඇති කරනවා. ඉතා කල්පනාවෙන් වැඩ කරන්න ඕන කාලයක්. ඔළුවේ සියුම් නහරයක ආබාධ ඇති කරනවා. ඉවසීම ඉතා අත්‍යවශ්‍යයි. ඔය සිලම්බරය නවගුණ යන්ත්‍රය පළඳින්නේ මේ වෙලාවට තමයි. ඉතා ප්‍රවේශමෙන් වැඩ කරන්න. මේ රවි ගන්නා තීරණ වරද්දනවා. ඒaa නිසා හිතවත් දෙවැනි විනිශ්චයක් ඕන කරනවා. මේ රවි එක් වසරකට මාස 07 ක්ම හතුරුයි. මිත්‍රව සිටින්නේ ධනුවට හා මීනයට. මොකද අයිති බ්රහස්පතිටනේ. ගුරුවරයා නේ. උච්ච වන්නේ මේෂයට.
හොඳම මාසය සිංහයට අයත් අගෝස්තු 17 වැනිදා සිට සැප්තැම්බර් 16 වැනිදා වෙනකන්. මේ කාලසීමාව රවි හරි ආඩම්බරයි. රජතුමා තමයි. හිතුවොත් කරනවාමයි. අපි හිතමු ලග්නයේ කියලා. එහෙනම් පතිත වෙලා තිබෙන තත්ත්වය අනුව ප්‍රතිඵල දෙනවා. අපි හිතමු 7 වැන්න කියලා. ශුභ තත්ත්වයට පිහිටලා නම් ඉතා බලගතු හා කල්පනා ශක්තියෙන් වැඩි සහකරුවෙක් හෝ සහකාරියක් දෙනවා. හැබැයි ඒ මාසය තුළදී විතරයි. අඟහරුව වගේ ඉක්මන් කිරීමක් වන්නේ නැහැ. ඔබ මන්ද උත්සාහ වුණොත් ලැබෙන එකත් නැතිවේවි. හොඳ, නරක දෙකම පිළිගන්න වේවි.
රවි නරක් වුණොත් තනි තීරණ ගන්න බැහැ. එතකොට දෙවැනි අදහසක් අවශ්‍යයි. හැබැයි මේ දිනවල රවි ලග්නයේ නම් උසස් වුණත් පහත් වුණත් බිමටම ඇදලා දමනවා. මොකද රවි නීචයි. ඊළඟ කාරණය තමයි මේ දිනවල නොපිහිටි නමුත් සෙනසුරු 7 වැන්නේ නම් ඉවරටම ඉවරයි.
අඟහරුවාදා ඔක්තෝබර් 13 වැනිදා කන්‍යාවට ආවා. 30 වැනිදා තුලාවට යනවා. ජනවාරි 17 වැනිදා වෘශ්චිකයට පතිත වෙනවා. මාර්තු 07 වැනිදා වනකම් ඉන්නවා. මේ කාලයට ඔබේ රාශිsය අනුව සිදුවන දේවල් ඉක්මන් කරනවා. ඒ වගේම 2018 මැයි 02 වැනිදා සිට ජුනි 27 වැනිදා වනකම් ඉන්නේ මකරේ. වෘෂභ ලග්න හිමියන් කටක ලග්න හිමියන් විවාහ වන වයසේ ඉන්නවා නම් ඔන්න විවාහය ළඟා කරන ඉක්මන් කරන කාලය උදා වෙලා. උත්සාහ කරන්න.
ඔබ හැමදාම වගේ මගෙන් අහනවානේ විවාහය සිදුවන දවස. ඔන්න කාලය ඇවිල්ලා තව එකක් කියන්නට ඕනෑ. මේ ලග්න දෙකින් එකක උත්පත්තිය ලබලා අතුරු දශාව අඟහරුවට නම් විවාහ වෙලා ඉන්න අය අවුරුදු 40 - 60 අතර නම් ඔහු හෝ ඇය ප්‍රවේශම් වෙන්න ඕනෑ. අනියම් සබඳතා බොහෝ විට ඇති වනවා. දැනටමත් ටික ටික ලකුණු පහළ වෙලා නම් සහකාරිය හෝ සහකරු ටිකක් කල්පනාවෙන් ඉන්න ඕනෑ. මොකද හිතන්aන ශක්තිය තිබෙනවා නම් මේ කරදරවලින් බේරන්න පුළුවන්.
බුද්ධියට අධිපති බුධ 2018 මාර්තු 03 වැනිදා සිට මාර්තු 23 වැනිදා දක්වා දින 20 ක් ඉන්නේ මීන රාශියේ නීචයි. නැවත මාර්තු 23 සිට අප්‍රේල් 15 දක්වා ටිකක් ලිහිල් කර නැවත අප්‍රේල් 15 සිට මැයි 09 වනකන් ශරීරයේ බෙල්ලෙන් පහළ නහර අමාරුවලින් - සිහි නැති කිරීම්වලින් - ශල්‍යකර්මවලින් ප්‍රවේශම් වන්න. ශිල්පය හදාරන සිසු සිසුවියන්ටත් නරකයි. බුද්ධිය නැති කරනවා. බුධ ඒ සීමාවේ එහෙම කළාට 2018 අප්‍රේල් වනකම් ගුරුවරයා ශිල්පාධිපති බ්‍රහස්පතිගෙන් කිසි කරදරයක් නැහැ. මොකද ඉස්කෝලේ මහත්තයා නිසාද මන්දා.
අපි ඊළඟට කියමු ග්‍රහ වළල්ලේ මනමාලයා සිකුරා ගැනයි. සිකුරා ඉන්නේ කන්‍යාවේ, නොවැම්බර් 03 වැනිදා වනකම්. ඉන්නෙත් නීච තත්ත්වයෙන්. මේ කාලය තුළ විවාහ ගිවිසුම් ගැනීම ප්‍රමාද කළොත් හොඳයි. ඊයේ වූ විවාහ පොරොන්දුව හෙට අකැමැති වේවි. එහෙම විවාහ ගිවිස ගන්න සාකච්ඡා ඇත්නම් හැකි තරම් නොවැම්බර් 03 වැනිදා පහුවෙනකම් කල්දැම්මොත් හොඳයි. ඔක්කොටම නොවේ. සිකුරා ඔය 07 වැනි රාශි පැත්තේ සැරිසරනවා නම් මේෂ ලග්න හිමි ඔබ මේක ටිකක් ඔළුවට ගන්න, මොකද දන්නවද? අඟහරුව හොඳ නම් මේ කාලෙට ලග්නෙට ආවොත් භවයේ පින තමයි නොවැම්බර් 26 වැනිදා වනකම් හොඳයි. ඊට පසුව නරක නැහැ. නැවත ඉතා ශුභ වන්නේ 2018 මාර්තු 02 වැනිදා සිට මාර්තු 26 වැනිදා වනකම් දින 24 ක් පමණයි. විවාහය අපේක්ෂිත අයට භෞතික සිදුවීමකින් විවාහය අඩපණ කරනවා නම් "මහා මාතාංගේශ්වරී" යන්ත්‍රය පළඳින්නේ නම් කාලයට කිරි ගහට ඇන්න වගේ තමයි.
සෙනසුරාත් අපේ කේන්දරයේ ඔක්තෝබර් 26 වනකම් ඉන්නෙ වෘශ්චිකයේ. මේ දිනවලට නරකයා. මේෂ ලග්න කාරයෝ වෘශ්චික ලග්න හිමියෝ නම් ඒරාෂ්ටකවලින් ප්‍රවේශම් වෙන්න. දන්නවනේ සෙනසුරාගේ හැටි නරක් වුණොත් නේද? විෂ්ණු දෙවියන්ටත් බට කොළ කවපු කතාව දන්නවනේ. මේ සෙනසුරා ඔබේ කේන්දරයේ 8 වැන්නේ හෝ ලග්නයේ හෝ චන්ද්‍රයා ඉන්න තැන ඉන්නවා නම් උත්පත්ති කේන්දරයේත් හතුරු නම් "ශනි මෘතුංජය" පළඳින්නම වෙනවා. නුග ගස්වලට පහන් දල්වන්නම වෙනවා. අනික කෙම්මුර දිනවලට කපුටන්ට ගිතෙල් බත්, පොල්තෙල් පහන් දැල්වීම නිසා ටිකක් මර්දනය කරගන්න පුළුවන්. ලෙඩේ ආරම්භ කරන්නේ යටි බඩෙන් ඉතා සියුම්ව. ඒ කිව්වේ බඩට වාතය පිරීමෙන්. බඩ පිපෙනවා හවසට සෝඩා බීලා හරියන්නේ නැහැ. ඔබේ කේන්දරයේ මකර ලග්නයේ සෙනසුරු 8 පිහිටලා ඒ කිව්වේ සිංහයේ නම් ජීවිත හානිය පවා දෙනවා. මොකද මකර ලග්නයේ අයිතිකාරයා සෙනසුරු මරණය පවා දෙන එකම රාශිය.
රාහු හා කේතු ගැන කියන්න ඕන නැහැ. දන්නවානේ මේ දිනවල නීචයි. මේ ආකාරයට ග්‍රහ පිහිටීම උඩ ප්‍රතිඵල දෙනවා.
ඔක්කොම ගුණ කිව්වා. ජ්‍යෝතිෂයේ අම්මා චන්ද්‍රයා ගැන කිව්වේ නැහැනේ. වැදගත් සෞම්‍ය ග්‍රහයා. හැබැයි පුර තිථියට, අව තිථියට කෲරයා. ඔබ පුරතිථියට උත්පත්තිය ලැබුවේ පෙර පින් තිබෙන නිසා. ඔබට විශ්ව ශක්තියෙන් පවා වැඩ ගන්න හැකි බලයක් තිබෙනවා. ක්‍රමය දන්නේ නැහැ. ඔබ පුරට උපන්නා නම් කේන්දරය ජ්‍යෙdතිර්වේදී මහතකුට දී ක්‍රමය අහගෙන වාසනාව උදා කරගන්න.