iranama
නොවරදින්න පලාපල කියන්නේ මෙහෙමයි
ජ්‍යෙතිෂවේදියකු වන මා හට බොහෝ දෙනා පවසන කතාවක් වන්නෙ ''මගේ කේන්ද්‍රය අනුව මේ කාලයේ මේ මේ දේවල් සිද්ධ වෙනවා කිව්වා. නමුත් කිසිවක් සිදුවුණේa නෑ'' ආදී ගැටලු වේ. තමගේ ජන්ම පත්‍රය අනුව කියන පලාපල ඒ ආකාරයෙන් සිදු නොවන්නට හේතු කාරණා කීපයක් වේ.
ඔබට නිවැරදි කේන්ද්‍ර සටහනක් නොමැති වීම ප්‍රධාන කරුණක් වේ. එයට හේතු වන්නේ ඔබගේ නිවැරදි උපන් දිනය, උපන් වේලාව හා උපන් ස්ථානය අනුව නිවැරදිව කේන්ද්‍රය සකසා ගෙන නොමැති වීමයි.
සම්ප්‍රදායික ජ්‍යෙdතිෂ්‍ය අනුව, තවත් එක් හේතුවක් වන්නේ කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම සූක්ෂම ලෙස පරික්ෂණයට ලක් නොකිරීම වේ. එනම් ග්‍රහයන්ගේ බල දුබලතාවය, රාශියෙන්, හෝරාවෙන්, දේර්තාණයෙන්, නවාංශකයෙන්, ත්රිංෂාංශකයෙන,a නැකතෙන්, අවස්ථාවෙන් (ශාසන උපවෛශන ආදී) ග්‍රහයන්ගේ බලතත්වය (බාල, කුමාර, තරුණ ආදී) යන සියලු කරුණු පරීක්ෂා කළ යුතු වේ. මෙම සූක්ෂම ආකාරයට කේන්ද්‍රයක් පරික්ෂා කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වන අතර, ක්ෂණිකව කළ හැකි දෙයක් නොවේ. මීට අමතරව කේන්ද්‍ර හිමියාගේ මහ දශාව, අන්තර් දශාව, ඊට අදාළ වන්නා වූ ග්‍රහයන්ගේ බල දුබලතාවය, කේන්ද්‍රයට අනුව ග්‍රහයන් සුබයන්ද, අසුබයන්ද යන්න නිවැරදිව පරික්ෂා කර, එසේම ග්‍රහයන්ගේ ගෝචර ගමන පරික්ෂා කර අතීතයේ, වර්තමානයේ, අනාගතයේ කුමක් සිදු වීද, කුමක් සිදු වන්නේද? යන්න තෙවැනි ඇසත් ඇති ජ්‍යෙdතිෂවේදියෙකුට ප්‍රකාශ කළ හැක.
කටක ලග්න හිමියකුගේ ශනි 04 වැන්නේ, එනම් තුලාවේ පිහිටා තිබීම පංචමහා පුරුෂ යෝග වලින් එකක් වන ශශ යෝගය උදාවෙයි. නමුත් ශනි අනෙකුත් වර්ග (ලිපියේ ඉහත සඳහන් කළ) වලින් දුර්වල නම් යෝගය නාම මාත්‍රයකට පමණක් සීමා වේ. තවද 22 වන දෙප්කාණාධිපති 64 වන නවාංශකාධිපති 6,12,18 අධිපති ආදී බොහෝ කරුණු සම්බන්ධ කරනෙ කේන්ද්‍ර හිමියකුගේ අශුභ ඵල ප්‍රකාශ කරයි. විශේෂයෙන් රෝග, මරණ විපත් ආදිය වේ. නමුත් සෑම දෙර්කාණයකටම අයත්a ශරීර අවයවයන් රාශියකට (කාල පුරුෂයාට අදාළව) අයත් අවයවයන්, ග්‍රහයන්ට අදාළව ශරීර ඉන්ද්‍රියයනුත්, ග්‍රහයන්ට අදාළ ලෙස රෝගත්, ආදී කරුණු සම්බන්ධ කරගෙන, වෛද්‍යවරයෙකු රෝග විනිශ්චය කරන ආකාරයට, පළපුරුදු ජ්‍යෙdතිෂවේදියෙකුටද රෝග සම්බන්ධ අනාවැකි පලකළ හැක. මෙය එක් උදාහරණයක් පමණි. ඒ ආකාරයෙන් අපගේ ජීවිත වලට බලපාන්නා වූ සෑම අංශයක්ම පරික්ෂා කළ හැක. අනාවැකියක් සත්‍ය වීමේ සම්භාවිතාවය දශම 05කි. එනම් එය සිදුවන්නේද? නොවන්නේද යන්න වේ. නමුත් රෝගයක් නිවැරදිව ප්‍රකාශ කිsරීමේ සම්භාවිතාව ඊට වඩා විශාල වශයෙන් කුඩා අගයක් ගනී. (එනම් රෝග 50 ක් හෝ 100 ක් අතරින් 01 ක් ප්‍රකාශ කිරීම) මේ ආකාරයට නිවැරදි ආකාරයෙන්ම ග්‍රහයන්ගේ තත්ත්වයන් (බල දුබලතාවයන්) තීරණය කර අනාවැකි පැවසිය යුතු අතර, මේ සඳහා අත්දැකීම් විශාල වශයෙන් වැදගත් වන අතර, සෑම කේන්ද්‍රයක්aම දුටු පමණින් අත්දැකීම් මුල් කරගෙන පලාපල කීම නුවණට හුරු නැත. අප නොදන්නා ගමනක් යන විට, මාර්ගය සොයා ගැනීමට මාර්ග සිතියමක් යොදා ගන්නා සේ ජීවිත ගමන යාමේදී ඒ සඳහා ඔබගේ කේන්ද්‍රය යොදා ගත හැක.
තවද මේ පිළිබඳව කිව යුතු විශේෂ කරුණක් ඇත. එනම් භාව කේන්ද්‍ර සංකල්පය යටතේ තම උපන් දිනය, උපන් වේලාව සහ උපන් ප්‍රදේශය අනුව ඔබගේ කේන්ද්‍ර සටහන සාදා ගත් විට ඒ පිළිබඳ දැනුම ඇති ජ්‍යෙdතිෂ්යවේදියකුට ඒ මඟින් පලාපල කීමට විශාල වේලාවක්ගත වුවද නිවැරදි ලෙස පලාපල කිව හැක.
වැඩි විස්තර සදහා 071-8602525-0115248187
විද්‍යාවේදී ජ්‍යෙතිෂවේදී
ගෝඨාභය මුදලිගේ
divaina.com