iranama
නව වසර සරුකර ගන්න ශ්‍රී ලක්ෂ්මියගේ පිහිට ලබමු
"උෙද්යගිතඃ පුරුෂ සිsංහ මුපෛති ලක්ෂ්මිං උත්සාහ සම්පත්ත මදිර්ස පුත්රඃ ක්‍රියා විධිඥං ව්යාසනේෂ්ව ශක්තං ශූරං කෘතංඥං දාඨ සෞහාදංච ලක්ෂ්මිං ස්වයං යාති නිවාස හේ කොඃ"
උත්සාහවන්ත වූද අද කළ යුතු දේ හෙටට කල් නොදමන්නා වූද මනා පැවැත්මෙන් හා සංවිධානයෙන් තම කටයුතු සිදු කරන්නා වූද යහපත් සිතුවිල්ලෙන් තම දියුණුව පිණිසම කටයුතු කරන යම් අයෙක් වේද ඔහු හෝ ඇය සොයා ශ්‍රී ලක්ෂ්මී දේවිය සිය කැමැත්තෙන්ම පැමිණෙතැයි යන්න ඉහත පාඨයේ සරල තේරුම වේ.
සර්ව ශුභවාදී දෙවඟනක් ලෙස සැලකෙන ශ්‍රී ලක්ෂ්මී දෙවඟන සර්ව සෞභාග්‍යයට අධිපති දෙවඟනව සිටිමින් සකල ලෝකවාසී සත්වයාට යස ඉසුරු දානය කරමින් එවන් සම්පත් පවතින තැන්හි ඒවා වැඩි දියුණු කරමින් ශුභවාදී ගුණාංගයන්ට මුල්තැන දෙමින් කටයුතු කරන දේවාත්මයකි.
එවන් වූ විශ්මිත බලයකින් හෙබි ශ්‍රී ලක්ෂ්මීයගේ ආශිsර්වාදය ඔබ වෙතද ලබා ගැනීමට මූලික වශයෙන් පස් පවින් වැළකී. ගතින් මෙන්ම සිතින්ද පිරිසිදුව ජීවත් වන නිවසද මනා ලෙස පිරිසිදු කොට දිනපතා නිවසෙහි ඉටු කරන ආගමික වතාවත්වලින් පසු කෙම්මුර දිනයන් ලෙස සැලකෙන බදාදා සෙනසුරාදා දිනයන්හි ශ්‍රී ලක්ෂ්මී දේවිය උදෙසා සඳුන් තෙල් පහනක් සුවඳ දුම් රෝස පැහැති මල් සමඟ බෙලි පත්‍ර අමුණා සකස් කරගත් මාලයක් පූජා කර වන්දනා මාන කර ශ්‍රී ලක්ෂ්මි නමස්කාරය 21 වරක් ගායනා කර පිං අනුමෝදන් කිරීමෙන් පිනට පිහිටවන ශ්‍රී ලක්ෂ්මිය ඔබ වෙත ආකර්ෂණය වී ඔබට සැපත, ශ්‍රියාව, ධන ධාන්‍ය වස්තු ලාභ ආදී සර්ව සෞභාග්‍ය උදා කර දී ඔබ සියලු අයහපතින් ආරක්ෂා කරනු ඇත.
ජ්‍යෙතිෂවේදී- රංජන් සිසිර කුමාර
සටහන- ධම්මික හේවාවසම්
Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks