පසු ගිය කාලය පුරාවට අප ග්‍රහ යුද්ධ රැසක තොරතුරු මෙන්ම එම ග්‍රහ යුද්ධයන් නිසාවෙන් සමස්ථ ලෝකයටත් පොදුවේ අප රටටත් අප රටෙහි ජනතාවටත් සිදුවන්නා වූ සුබ අසුබ ප්‍රතිඵල මෙන්ම ඒ නිසාවෙන් සිදුවන්නා වූ කාලගුණ හා දේශගුණ විපර්යාසයන් පිළිබඳව ඔබට තොරතුරු රාශියක් ගෙන හැර දැක්වූ වෙමු. කෙසේ වෙතත් මේ ග්‍රහ යුද්ධයක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ග්‍රහ යුද්ධයක් හේතුවෙන් අපට ලැබෙන ප්‍රතිඵල කවරේද? යන්න පිළිබඳව නිතර අප වෙතින් විමසීම් කළ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සමස්ථ පාඨකයන් වෙත මෙම ලිපිය මගින් ග්‍රහ යුද්ධයක් යනු කුමක්ද? එයින් ඇතිවන ප්‍රතිඵල කවරේද? යන්න පිළිබඳ යම් අදහසක් දැක්වීම මේ ලිපියේ ප්රමුඛ අරමුණයි.
ග්‍රහ යුද්ධයක් යනු කුමක්ද, යන්න අප සරලව හඳුනා ගතහොත්...
ග්‍රහ යුද්ධයක් යන්නෙන් හඳුන්වනු ලබන්නේ ග්‍රහයන් දෙදෙනකු එක ම අංශකයක් තුළ රවි ග්‍රහයාට ඍජුව පෙළ ගැසීමයි. එසේ වනවිට එක් ග්‍රහයකු විසින් හිරුගේ රාශ්මිය හෙවත් ආකර්ෂණය මුවා කරනු ලබයි. එවිට පහළින් සිටින ග්‍රහයාට හිරු ගේ ආලෝකය නොලැබී යයි. ඒ නිසා එම ග්‍රහයා දුර්වල වේ. යුද්ධයකින් පරාජිත වන ග්‍රහයකුගේ තත්ත්වයට පත් වේ. පරාජිත ග්‍රහයාට අයත් කාරක අයිතිය ඒ නිසා දුබල වෙයි. ග්‍රහයන් දෙදෙනකු එකම දේශාංශකය ඔස්සේ පිහිටන විට එම ග්‍රහයන් දෙදෙනා අතර ග්‍රහ යුද්ධයකවේ යැයි කියයි. අක්ෂාංශ අනුව බලන කල උතුරින් (ඉහළින්) සිටින ග්‍රහයාට ජයද දකුණින්(පහළින්) සිටින ග්‍රහයාට පරාජය ද අත්වේ.
රටක් පාලනය කරනු ලබන්නේ රජය විසින් වුවත්, සමාජය, පරිසරය හෙවත් පොදුවේ ලෝකයම පාලනය කරනු ලබන්නේ ග්‍රහයන් විසිනි. එහෙයින් නිරතුරුව ම විශ්වයේ ග්‍රහ ගමන ගැන අවධානය යොමු කළ යුතුය. ඒ වූ කලි සාමාන්‍ය ඇසකට නොපෙනෙන එකකි. ජ්‍යොතිෂ ඇසට පමණක් පෙනෙන එකකි. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ තාරකා රැසක් අප හඳුනාගත්තද එයින් මූලිකව අප ජ්‍යොතිෂයේ දී අවධානය යොමු කරන්නේ ග්‍රහයින් 12 දෙනකු පිළිබඳවය. ඒ අනුව එම ග්‍රහයින් ඉහත දක්වන ලද ආකාරයට ග්‍රහ යුද්ධවලට ලක්වීම හේතුකොට ගෙන එම ග්‍රහ තාරකා වල බලය අඩු වැඩි වීම, ග්‍රහයා දුර්වල වීම, මෙන්ම එම ග්‍රහයාගෙන් ලැබෙන සුබ හෝ අසුබ ප්‍රතිඵලයට එයින් බලපෑම් සිදුව ඵල පෘථීවි වාසී අපහට අත් විදීමට සිදුවනු ඇත. විටින් විට රටක් තුළ මතුවන කුණාටු, නායයෑම්, ගංවතුර හෝ වෙනත් විපර්යාසයකට නිරතුරුව ග්‍රහ සටන ප්රමුඛ වෙයි. ඉර - සඳ ප්රමුඛ ග්‍රහ මඬුල්ලේ ගමන පොදුවේ හැම රටකටම පුද්ගලයකුට ම බලපෑම් කරයි. ජ්‍යොතිෂයේදී මේෂ, වෘෂභ, මිථුන යන නම්වලින් හඳුන්වනු ලබන දෙය තාරකා විද්‍යාවේදී තාරකා වශයෙන් හඳුන්වනු ලබයි. රාත්‍රි ආකාශය නරඹන කෙනකුට තාරකා අසූ අටක් දැකිය හැකි බව විද්‍යාඥයෝ කියති. එහෙත් පෘථිවියට ඍජු බලපෑම් කරනු ලබන්නේ තාරකා 12 ක් පමණ බවත් කියති. අප ලග්න 12 ක් වශයෙන් නම් කරන්නේ එයයි.
dese2මිනිසුන් අතර පවත්නා යුද්ධ වලට වඩා ග්‍රහයන් අතර සිදුවන යුද්ධ වෙනස් ය. 2018 වර්ෂය පුරාවට ග්‍රහ යුද්ධ 15 ක් සිදුවෙයි.
2018 වසරේ අවසානයේ හෙවත් දෙසැම්බරයේ ග්‍රහ යුද්ධ 02 ක් සිදු වන අතර එයින් පළමු වැන්න දෙසැම්බර් මස 07 වැනි සිකුරාදා ප. ව 7.42කට අඟහරු හෙවත් කුජ හා නෙප්චූන් අතර මෙම ග්‍රහ යුද්ධය සිදුවන අතර එයින් ජයග්‍රහණය නෙප්චූන්ට අත්වෙයි.
දෙවැනි ග්‍රහ යුද්ධය දෙසැම්බර් මස 21 වැනි සිකුරාදා ප. ව 11.08 ට ග්‍රහ ලොව බුද්ධිමතා හෙවත් ඥනකාරක බුධ හා ග්‍රහ ලොව සුබ ග්‍රහ ලොවක් වන ගුරු හෙවත් බ්‍රහස්පති අතර සිදු වන අතර එයින් ගුරු පරාජයට පත්ව බුධ ජය ගනී.
ඉහත දක්වන ලද්දේ උදාහරණ කීපයක් පමණී. මේ ආකාරයට ග්‍රහ යුද්්්ධ සිදුවීම හේතුකොට ගෙන අප රටට, ලෝකයට මෙන්ම සමස්ථ පරිසරයටත් එහි ජීවත්වන ජීවින්ටත් සුබ මෙන්ම අසුබ ප්‍රතිඵල ද උදා වනු ඇත. ඒ අනුව ඉදිරි යටත් මේ ආකාරයට ග්‍රහ යුද්්්ධ නිරන්තරයෙන් සිදු වනු ඇත.
විශේෂයෙන් 2018 වර්ෂය පුරාවට පසුගිය කාලයේ අපට ග්‍රහ යුද්ධ කීපයක්ම දක්නට ලැබුණු අතර එමගින් ඉදරි 2018 වර්ෂයේ අවසානය දක්වා වූ කාලය තුළ අප රටට පමණක් නොව මුළු මහත් ලෝකයටම යම් පීඩාකාරී හා කරදරකාරී කාලයකට මුහුණ දීමට සිදුවනු ඇත. ස්වභාවික විපත් බහුලවම සිදු වන කාලයකි. ගංවතුර, නායයෑම් ද භූමිකම්පා, සුළිසුළං තත්ත්ව මුහුදු විපත් ,හදිසි අනතුරු කැපී පෙනෙන ලෙස වර්ධනය වන කාලයකි. රහස්‍ය කටයුතු බහුලව සිදුවන කාලයකි. ජනතාවගේ මානසික සෞමයතාවය බිද වැටීම හේතුවෙන් ජනතාව අතර නොයෙක් වසංගත රෝග හා නොසන්සුන්තා ඇති වනු ඇත. විශේෂයෙන් පරිපාලන ක්ෂේත්රයේ හා අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලූ හා ප්‍රශ්න බහුල වන කාලයකි. උසස් ප්රභූන්ට මෙන්ම කුඩා දරුවන්ට මෙන්ම කාන්තාවන්ය අපල දායකය. විශේෂයෙන්ම අප රටේ ගව සම්පතට අපල දායක වනු ඇත. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොයෙක් ගැටලූ හා කරදර ඇති වනු ඇත. දේශපාලන ලෝකය තුළ නොසිතූ නොපැතූ හැලහැප්පීම් ඇති වේ. උද්ඝෝෂණ, උපවාස, වැඩවර්ජන ඇතිවන කාලසීමාවකි. රට තුළ සිදුවන මංකොල්ල හා ම්නීමැරුම් හා දුරාචාර ඉහළ යන අතර ඒවාට නීතිය ක්‍රියාත්මක වනු ඇත. රථවාහන අනතුරු වල කැපීපෙනෙන වැඞීවීමක් සිදුවනු ඇත. ආහාරපාන වල මිල ඉහළ යනු ඇත. විවාහ මංගල කටයුතු, නව නිවාස ඉදිකිරීම්, පේ‍්‍රම සම්බන්ධතා, විසිතුරු භාණ්ඩ හා රෙදිපිළි කර්මාන්තයට සුබ දායක වනු ඇත. එසේම රටතුළ කොතරම් දුක්පීඩා පැවතියත් ජනතාව විනෝදයට වැඩිපුර බරවන කාලයක් වනු ඇත. සංචාරක කලා හා ඇඟලුම් යන අංශ වල කැපී පෙනෙන දියුණුවක් ඇති වනු ඇත. සිනමා නිර්මාණ හා කලාකරුවන් ජාත්‍යන්තර සම්මානයට ලක්වන කාලයකි. එසේම අප රටට විදේශ රටවල සහාය හිම් වනු ඇත.
ශනි, මහ දශා හා අතුරු දශා, විදශා ගත කරන අය පරිස්සම් විය යුතුය. ලග්න වශයෙන් ගත් කල මේෂ, සිංහ, වෘශ්චික, ධනු, මීන යන ලග්න වලට යම් පමණක සුබ ප්‍රතිඵලත්, වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, මකර කුම්භ යන ලග්න වලට අසුබ ඵලත් ඇති වනු ඇත. මෙම ග්‍රහ අපල සඳහා ශනිදා, දිනවල බෝධී පූජා පැවැත්වීමත්, විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් යහපත් වනු ඇත. එසේම ධර්මානූකූලව ජීවත් වීම ඉතාම යහපත් වනු ඇත.
මේ අකාරයට ඉදිරියේදීත් තවත් ග්‍රහ යුද්ධයන් රාශියක් සිදුවීමට නියමිත අතර ඉහත දක්වන ලද තොරතුරු අනුව ග්‍රහ යුද්ධයක් යනු කුමක්ද? එමගින් සිදුවන ප්‍රතිඵල කවරේද යන්න ඔබට සරල ජ්‍යොතිෂානුකූල අදහසක් ලබා ගන්නට මෙම ලිපිය උපකාර වූයේ යැයි සිතමී.
ජ්‍යොතිෂවේදී,
බණ්ඩාරගම-
සම්පත්
එස්.කල්පගේ