iranama
දරුඵල අහිමිනම් මෙය කියවන්න
ලෞකික ජීවිතයක් ගතකරන පෘථග්ජනයාට, එනම් කාලයට යටත් වන්නා වූ මිනිසුන්ට, සම්පත් අතරින් වටිනාම සම්පත වන්නේ දරු සම්පතයි. ජ්‍යෙdaතිර්වේදයට අනුව කේන්ද්‍රයක දරුඵල සම්බන්ධව බැලීමේදී 5 වැන්නාධිපතියා, පස්වැන්නාධිපති සිටින නවාංශකාධිපති, පුත්‍රකාරක ගුරුගේ හා එම ග්‍රහයන්ට අනෙකුත් ග්‍රහයන්ගෙන් ලැබෙන ග්‍රහ දෘෂ්ටි 5 වැන්නේ පිහිටි ග්‍රහ පිහිටීම්, ඉහත සඳහන් කළ ග්‍රහයන්ගේ ජීව හා ශරීර ග්‍රහයන්ගේ බල දුබලතාවය සහ අදාළ පුද්ගලයාගේ දරුවකු බිහිකිරීමේ ශක්තිය, පරීක්ෂා කරන හත්වැන්නාධිපති කුජ සිකුරුගේ පිහිටීම ආදී සියල්ල සැලකිල්ලට ගෙන වඳ හා ඵල රාශිවල ස්වරූපය හා එහි පිහිටි ග්‍රහයන්ගේ පිහිටීම අනුව සියල්ල සලකා බලා නිවැරැදි ජ්‍යෙdතිෂවේදියකුට කර්මානුරූපීව කේන්ද්‍ර හිමියාට දරු සම්පත හිමිද? අහිමිද? යන්න තීරණය කළ හැකිය. එසේම ඔහුගේ හා ඇයගේ විවාහ සහකරුගේද කේන්ද්‍ර පරීක්ෂා කළ යුතු වේ. කෙසේ නමුත් අප මෙම භවයේ කරන පිංකම්වලට අනුව අප විසින් පෙර භවයන්වල සිදු කරන කර්ම විපාකවල බලපෑම අවම කර ගැනීමේ හැකියාවක් ඇත. ඒවායේ කර්මානුරූපී බලපෑම නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි වන්නේ සම්මා සම්බුදුවරයකුට හෝ අභිඤ්Æ බලය සහිත රහතන් වහන්සේ නමක් වැනි උත්තම පුරුෂයකුට පමණි. නමුත් මීට අමතරව දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් දරු සම්පතක් සඳහා යෝග්‍ය ශරීර සෞඛ්‍ය තත්ත්වයක් ගොඩනඟාගත හැක. නමුත් මවට මවගේ කේන්ද්‍රයේ දරුඵල අහිමි නම් කොපමණ ප්‍රතිකාර හා පිළිවෙත් කළද දරු සම්පතක් ලබාගත නොහැක. එවැනි අය ගර්භනී කාන්තාවන්ව හා කුඩා දරුවන්ව සම්බන්ධ කරගෙන පිංකම්වල නිරත විය යුතු අතර පන්සිල් ගැනීම, සිල්වතුන්ට දන්දීම, මෛත්‍රී භාවනාව ආදී කුසලයන් වැඩීම තුළින් මතු භවයන්හි දරු සම්පත උරුම කරගත හැක. දැනටමත් ඔබට දරු සම්පත අහිමි නම්, ඔබගේ කේන්ද්‍රයේ ඔබට දරු සම්පතක් උරුම නම් පහත සඳහන් ප්‍රතිකර්ම තුළින් හෝ මවට බලපාන වාස්තු දෝෂ හා අමනුෂ්‍ය දෝෂ කේන්ද්‍රය තුළින් පරීක්ෂා කරවා ඒ සඳහා ද පිළිවෙත් කර පහත සඳහන් පිළිවෙත කරන්න.
රතන සූත්‍රයේ 5 වැනි ගාථාව වන
සම්බුද්ධ සෙට්ටෝ පරිවණ්ණයී සුචිං - සමාධිමානන්තරිකඤ්ඤමාහූ
සමාධි නාතේන සමෝන විඡ්ජතී - ඉදම්පි ධම්මේ රතනං පණීතං ඒතේන සච්ෙච්න සුවත්ථි හෝතූ...
මෙය නිර්මාංශව, සිල්වත් උතුමෙකුට කියා 108 වරක් නොඉඳුල් පැන් වීදුරුවකට පිරිත් කර ස්ත්‍රී ඔසප්වූ දවසේ බොන්න. දරුගැබ පිහිටයි. මෙය අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. (විවාහ සහකරුට කළ හැකිනම් ඉතාමත් හොඳයි)
ජ්‍යෙතිෂවේදී
ජී. එස්. මුදලිගේ
වැඩිදුර උපදෙස් සදහා
0718602525, 0115248187.
Wmqgd .ekSu ��r mqj;am; weiqfrks