iranama
ගුරු මාරුව ඔබට කොහොමද? ශ=භද? අශ=භද?
2016 අගෝස්තු මස 11 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී 9.21 මෙතෙක් සිංහ රාශියේ ගමන් ගත් ගුරු ග්‍රහයා කන්‍යා රාශියට පැමිŒම අප ජීවිතවලට බලපාන හැටි විස්තර පලාඵල තම තමන්ගේ ලග්නවලට කෙසේ බලපාන්නේ ද යන්න දැන ගැනීමට පහත ඒ ඒ ලග්න විස්තර බලන්න.
ඒ වගේම ලබන ජනවාරියේ දී ශනිගේ මාරුවීමත් එක්ක පවතින ග්‍රහ ගමන්වල බලපාන විෂම හා ශ=භ තත්ත්වයන් ද විස්ර කැටි කොට ඉදිරිපත් කර ඇත. ඔබ සැමට තෙරුවන් සරණයි.
මෙයට,
zzකීර්ති දේශ ශක්තිZZ ජ්‍යෙතිෂවේදී ගාමිŒ හේවා පතිරණ
මේෂ ලග්නය
ගුරු මාරුව ඔබට ශ=භඵල එතරම්ම බලාපොරොත්තු තබා ගැනීම අසීරු වෙයි. ගුරු ග්‍රහයා රෝග ස්ථානය වන 6 වැන්න වන කන්‍යා රාශියට ප්රවිශ්ඨ වීම අශ=භඵල ඇති කරයි. මෙතෙක් පැවැති දුක් සහිත කාලය එලෙසම පවතී. හිතට අසහනකාරී බවක් හා නොසන්සුන් බවක් ඇති කරයි. පවුලේ ප්‍රශ්නයක් දුර දිග යාම නිසා සැක සහිතව නිතර සිටීමට සිදුවෙයි. 2017-01-30 පසු තත්ත්වය වෙනස් වී යයි. ශ=භඵල ඇති කරයි.
තමන්ට උවමනා ආකාරයට කටයුතු කිරීමට හා අතපය දිගහැර කටයුතු කිරීමට සිදු වෙයි. පරණ අපල නැති වී යයි. වැඩිහිටි අයකුට අපලයක් මතුවීම නිසා සිතට දුක් කරදර ඇති කරයි. එසේ නැත්නම් දරුවකු නිසා කරදරයක් ඇති වීමක් සිදු විය හැකියි. එම නිසා ඉවසීමෙන් හා වගකීමෙන් කටයුත කිරීමක් දැනට ඇති අපලවලට ඇති හොඳම විසඳුමකි. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
වෘෂභ ලග්නය
තමන් කැමති ආකාරයට වැඩ කිරීමට හැකියාව හා බලය ලැබුණත් විවාහ දිවියට බලපාන ප්රශ්නය කරගෙන යම් දියුණුවක් කරදරයකට පත් වූයේ නම් සියළු අමතක වී යයි. එහෙත් අඹු-සැමියන් අතර තියෙන මනාප භාවය අමනාප භාවයකට පත් වෙයි. ඉවසීම අඩු වෙයි. 2017-01-30 පසු තත්ත්වය තවත් වැඩි කරයි.
එහෙත් ඉගෙනීම් ආදී කටයුතුවල යෙදී සිටින දූ දරුවන්ගේ අනාගතය යහපත් අතට හැරී දියුණුවක් ප්‍රගතියක් පෙන්වයි. විභාග ආදියෙන් ජයග්‍රහණ ඇති කරයි. හිතට දුක් සහිතව සිටීමට හෝ ස්ථාන කරදර ඇතිවීම නිසා මානසික පීඩා ගතියක් ඇති කරයි. රැකියා ලාභ වෙනුවට රැකියා අහිමි වීම් හෝ රැකියාවෙන් ඉවත් වීමට ද සිදුවිය හැකියි. උත්සාහය තරමට ප්‍රතිඵල ඇති නොකරයි.
මිථුන ලග්නය
පසුගිය කාලයේ තිබූ ස්ථාන කරදර හා ප්‍රශ්න ඉවත් වී ගියත් පවුලේ උදවිය සමඟ ආරවුල් හා වාද විවාදවල අඩුවක් ඇති නොකරයි. නිවාස අළුත් වැඩියාවක් හෝ නිවාස ඉදිකිරීමක් පිළිබඳව සලකා බැලීමක් සිදු කරයි. නැත්නම් වාහන වාහනයක් ගැනීමට ද බලපොරොත්තුවෙන් හෝ මිලදී ගැනීමක් සිදු වෙයි.
එහෙත් ඔබට 2017-01-30 පසු බලාපොරොත්තු නොවූ ආකාරයට පවුලේ ප්‍රශ්නයක් නිසා සිත් වේදනා ඇති කරයි. ඉවසීම ද අඩු වෙයි. විවාහ වීමට සිටියේ නම් විවාහය කල් දැමීමට හෝ විවාහ වී සිටින අයට පෙර කී කාලය තුළ අඩ දබර හා ප්‍රශ්න ඇති කරයි. සහෝදර සහෝදරියන්ගේ ඉදිරි දියුණුවක් පිළිබඳව සලකා බැලීමක් හෝ ඒ අය නිසා යම් පීඩාකාරී බවක් ඇතිවීමට ඉඩ ඇති කරයි.
කටක ලග්නය
විවාහක අයට වගේම අවිවාහක අයට ද අනවශ්‍ය ගැටළුවලට මුහුණදීමට සිදුවෙයි. දරුවෙකුගේ හදිසි රෝගයක් හෝ කරදරයක් නිසා ප්‍රශ්න රැසක් පැන නැඟීමට ඉඩ ඇති කරයි. විවාහ වීමට සිටින අයට ඒවා අතර මඟ නතර කිරීමට හෝ කල් දැමීමට සිදු වෙයි. නැත්නම් අමනාපකම් ඇති කර ගනියි.
සමහරවිට විදේශ ගමන් පවා යාමට සිදු විය හැකියි. 2017-01-30 පසු තරමක් අශ=භ තත්ත්වයක් උදා කරයි. ඒරාශ්ඨකයක් ආරම්භවීමක් නිසා රෝග පීඩා හෝ වෙනසක් කරදරයක් මතුවිය හැකියි. බඩේ රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමක් සිදුවිය හැකියි. ආර්ථීක තත්ත්වය තරමක් කඩා වැටීමක් තැන්පත් ධනයට හානි ඇතිවීමක් සිදුවිය හැකියි. ප්‍රේම සම්බන්ධතා කඩා වැටෙයි.
සිංහ ලග්නය
අට අධිපතියා වන ගුරු ග්‍රහයා ඔබගේ 2 වැන්නට යාම තරමක් අශ=භඵල ඇති කලත් ගුරුගේ දශාවක් හෝ සෞම්‍ය ග්රහයෙකුගේ දශාවක් ලබා තිබේ නම් අශ=භඵල මර්දනය වී ශ=භඵල ඇති කරයි. හිතේ පැවැති නොසන්සුන් බව හා කලකිරීම් ස්වභාවය තරමක් දුරට අඩුවීමක් අවම වීමක් නිසා සිතට සතුටට හේතු වෙයි.
ණය මුදලක් ලබා ගැනීමට කලින් සිට කරන ලද ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් එය ලැබීමට ඉඩ ඇති කරයි. මෙතෙක් පැවැති පවුලේ අසමාදානය සමාදානයක් බවට හැරී වෙනසක් ඇති කරයි.
එහෙත් අඹු-සැමියන් අතර පවතින මත භේද තරමක් අඩු වී ගියත් තාවකාලිකව වෙයි. ස්ථාන කරදර තිබුණේ නම් ඒවා ඉවත් වී යයි. දරුවකුට අපලයක් පෙන්වයි. හදිසි කරදරයක් හෝ ඇට බිදීමක් වැනි දෙයක් සිදුවීමට ඉඩ ඇති කරයි. අවිවාහකයින්ට ද තරමක් අශ=භයි
කන්‍යා ලග්නය
කන්‍යා ලග්නයෙන් උපත ලබා ඇති ඔබගේ මෙවර ගුරු ග්‍රහයා ලග්න ගතවීම ඉතාමත් හොඳ තත්ත්වයක් වන අතර ස්වාමියාට පැවැති කරදර හා දුක් පීඩා අවසන් වී ශ=භඵල ඇති කරයි. එහෙත් ශනි මහ දශා අතුරු දශා ගත කරන අයට ඒ වගේම කුජ මහ දශා අතුරු දශා නොවන අයට අශ=භඵල ඇති කරන අතර සෙසු අයට ශ=භඵල ඇති කරයි.
මව්ගේ අදහස්වලට විරුද්ධ වීම හා හිතුවක්කාර ගති ඇති වීම තම නෑදෑයින්ගේ ප්රතිවිරෝධතා ඇතිවීම තුළින් යම් යම් කරදර හා චෝදනා ද ඇති කරයි.
එහෙත් විදේශ ගත වී සිටින අයට තව දුරටත් ඒවායේ රැදී සිටීමට වාසනාව ඇති කරයි. ණයතුරුස් ඇති වී තිබුණේ නම් ඒවායෙන් මිදීමට අවකාශ ලැඛෙයි. පිට පළාත්වල ඇවිදීම සංචාරය කිරීම අශ=භඵල ඇති කරන අතර ප්‍රවේශමෙන් ගමන්බිමන්වල යෙදිය යුතුයි. නීති ප්‍රශ්නයක් පැන නැගීමට ද ඉඩ ඇති කරයි.
තුලා ලග්නය
තරමක සැනසිලිදායක තත්ත්වයක් ඇති කරයි. විදේශ ගමන් යාමට හෝ සංචාරය කිරීමට අවස්ථාවක් උදා කරයි. නැත්නම් විදේශ රටක ඔබ සිටින්නේ නම් ඔබේ රටට මව්බිමට ඒමට වාසනාව ඇති කරනු ලබයි. වැය වැඩිවීම, රෝහල් ගතවීම හෝ ස්ථාන වෙනස් කිරීම ගැන සොයා බැලීමක් කරයි.
රජයේ උදව් උපකාර වගේම ප්‍රභූ පකෂයේ උදව් උපකාර ලැබීමට ද වාසනාව හිමි කරයි. ආදායම් මාර්ගවලට වඩා වියදම් පකෂය වැඩි කරයි. එහෙත් ඔබට 2017-01-30 පසු කාලයක් බලාපොරොත්තු යම් දෙයක් ඉටු කර ගැනීමට හෝ නිදහ් වීමක් වැනි දෙයක් සිදු වෙයි.
මෙතෙක් අවු. 7 1/2ක් ගෙවුන ශනි ඒරාශ්ඨක අපලය නැති වී 2017-01-30 පසු ලොකු නිදහස හිමි කරයි. එහෙත් ආගමික කටයුතුවල යෙදෙන්න. යහපත උදා කරයි. මව්ට පියාට සලකන්න. වැඩිහිටියන්ට සලකන්න. ඔබට යහපත උදා කරයි.
වෘශ්චික ලග්නය
මෙතෙක් පැවැති මානසික අවපීඩාකාරී බව මඟහැරී ගියත් සම්පූර්ණ වශයෙන් 2017-01-30 පසු නැති වී යයි. රැකියා දියුණුව ඇති වීම කරන ව්‍යාපාරයක් ඇත්නම් එය දියුණුවට පත්වීම, නැවත රැකියා ලැබීම් ආදිය සිදු වෙයි. රැකියා කටයුතු දියුණුව ඇති කරයි. පාලන බලතල ලබා ගැනීමට හැකිවෙයි.
ආදාය් තත්ත්වය යහපත් අතට හැරෙයි. රජයේ රැකියා කරන්නේ නම් උසස්ීම් ආදියට හේතු ඇති කරයි. සාධාරණව හරි හම්බු කිරීමක් තුළින් දියුණුවට යාමට සිතයි.
එහෙත් 2017-01-30 පසු ශනි ඒරාශ්ඨකය 2 වැන්නට යාම නිසා අපල වැඩි කරයි. එම නිසා ධනහානි ආදිය ඇති කරයි. විවාහය ද කල් පසු කරයි. ස්ථාන කරදර ඇති කරයි.
ධනු ලග්නය
ව්‍යාපාර කටයුතුවල දියුණුවක් හා රැකියා ආදියේ දියුණුවක් ඇති කරයි. බලාපොරොත්තු ඉටු වෙයි. ගුරු ග්‍රහයා 10 වැන්නට ප්‍රවිශ්ඨවීම තුලින් කාලයක් රැකියා අහිමිව සිටි අයට නැවත රැකියා ලැඛෙයි.
එහෙත් අධික වියදම් හා අයට වැඩියෙන් වැය වැඩිවීම නිසා ආර්ථීක තත්ත්වය පාලනය කර ගැනීම දුෂ්කර වෙයි. නිවාස ප්‍රතිසංස්කරණය කර ගැනීමට හා වාහන ලබා ගැනීම් ආදියට ඉදිරි පත්වීම නිසා එම කාර්යයන් ඉටු කර ගැනීමට හැකියාව ශක්තිය ලැඛෙයි.
පාලන බලතල ලබා ගැනීමටත් රජයේ තනතුරුවලට පත්වීමටත් අවස්ථාව උදා කරයි. පියාට හදිසි කරදර ඇති විය හැකියි. නැත්නම් රෝහල් ගත කිරිම් ආදියට යාමට සිදු වෙයි. දකෂතාවට යන තැන ලැඛෙයි. ඒ වගේම ඉල්ලූම් කර ඇති කාර්යයන් සඵල කර ගැනීමට ද හැකි තත්ත්වයක් උදා කරය.ි
මකර ලග්නය
විවාහ දිවිය තරමක් අවුල් සහගත තත්ත්වයක් උදා කිරීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව සිටීම යහපත් බව පෙනේ. එහෙත් ගුරුගේ 9 වැනියා වන කන්‍යා රාශියේ ප්රවිශ්ඨ වීම නිසා තරමක සහනයක් උදා කරයි. භාග්‍ය ස්ථානයට ගුරගේ පැමිŒම යහපත උදා කරයි. විශේෂයෙන් මෙතෙක් පැවැති ආර්ථීක දුෂ්කරතාවන් බොහෝදුරට ලිහිල් වී යයි.
ඉඩම් දේපලවල පැවැති ආරවුල් තත්ත්වය මඟහැරී යයි. 2047-01-30 පසු තත්ත්වයේ වෙනසක් විය හැකියි. ඒරාෂ්ඨකයක් පටන් ගැනීමක් ඇති කරයි. එම නිසා ගුරුගේ පැමිŒම වගේම ශනිගේ 12 වැන්නට පැමිŒම ද එතරම්ම ශ=භදායක නොවෙයි. එහෙත් ආර්ථීකය කඩා වැටීමක් තොරව කරගෙන යාමට ශක්තිය, බලය ලැඛෙයි. ස්ථානවල කරදර හා ප්‍රශ්න ඇති කරයි. විශේෂයෙන් අඹු-සැමියන් අතර පවතින සුහදතාවයට හානිවීමට හේතු ඇති කරයි.
කුම්භ ලග්නය
ගුරුගේ කන්‍යාවට පැමිŒම එතරම්ම ශ=භඵල ඇති කිරීමක් ඇති නොවෙයි. බලාපොරොත්තු වූ තරමට ප්‍රතිඵල ඇති නොකරයි. රැකියාවේ යම් යම් වෙනස්කම් ඇති කලත් දාඩිය මහන්සියෙන් උපයා සපයා ගත යුතුය. විශේෂයෙන් විවාහකයින්ගේ පවුල් ජීවිතය තරමක් අවුල් සහගත තත්්ත්වයක් උදා කලත් සැප්තැම්බර් මාසයෙන් පසු තත්ත්වය යහපත් බවක් ඇති කරයි.
ඉඩම් දේපලවල යම් යම් අයිතියට අභියෝග කලක් ඒවා තමන් සතු කර ගැනීමට හැකියාව ඇති කරයි. පියාට මවට අපල ඇති කරයි. අසනීප රෝහල් ගතවීම් ප්‍රතිකාර ගැනීම් ආදිය පෙන්වයි.
සමහරවිට රැකියාවට කරදරකාරී බවක් ඇතිවිය හැකියි. එහෙත් ස්ථාන මාරුවකට යාමට ද බැරි නැත. කෙසේ වෙතත් ඉවසීමෙන් හා වගකීමෙන් යුතුව වැඩ කිරීම යහපතට හේතු වෙයි. කලබල නොවිය යුතුයි. ගුරුගේ පැමිŒම එතරම්ම ශ=භඵලයක් ඇති නොවෙයි.
මීන ලග්නය
බලාපොරොත්තු වූ ආකාරයටම සැලසුම් කළ ආකාරයටම විවාහය කර ගැනීමට හැකියාව ශක්තිය බලය ලැඛෙයි. ඒවගේම හවුලේ කරන වැඩවලින් සාර්ථක ප්‍රතිඵල අත් කරයි. ඒවගේම විවාහකයින්ගේ පවතින ආරවුල් ගතිය සමථයකට පත් වී සාමය සමාදානය ඇති කරයි.
ඒවගේම අවිවාහකයින්ට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වීම නිසා හිතට පැවැති කරදර හා දුක්පීඩා ඉවත් වී යයි. රැකී රකෂා දියුණුව වගේම නව රැකියා අවස්ථා උදාවීම තුළින් ආර්ථීක තත්ත්වය යහපත් අතට හැරෙයි.
දකෂ ව්‍යාපාරිකයින්ගේ වෙළඳ කටයුතු සාර්ථක කරයි. ඒ වගේම පැවැති අවහිරතා නැතිවී දියුණුවට කටයුතු යෙදෙයි. වන්දනා ගමන් සංවිධානය කිරීම ඒවායේ හෝ විදේශ සංචාරයන් ඇති කර ගැනීමට හැකි තත්ත්වයක් උදා වෙයි. වැඩට දකෂතා පෙන්නුම් කරයි. ගුරුගේ ගමන් විලාසය ඔබට අයහපත දෙයි.