iranama
ගෑනු පිරිමි ජෝඩු කරන ශෘංගාරයේ පහන්තරුව
කාමයට රාගයට සහ ශෘංගාරයට තද ආශාවක් දක්වන සිකුරු විවාහයට අධිපතිකම් කියයි. ස්ත්‍රියට පුරුෂයාත් පුරුෂයාට ස්ත්‍රියක් සොයාදී ඔවුනොවුන්ගේ කාමාශාව තෘප්තිමත්කර මතු පරම්පරාවට අවශ්‍ය වූ දරුවන් ජනිත කරවීමට මෙම සිකුරු උදව්වන නිසා සිකුරු සත්වයාට උත්පාදන ශක්තිය ලබා දෙන්නා ලෙස සැලකිය හැක. එබැවින් මෙම මඟුල් සක්වලට නැතිවම බැරි සිකුරා ගැන කරුණු සොයා බලමු.
සූර්යයාගේ සිට සැතපුම් හැට අට ලක්ෂයක් පමණ දුරින් පිහිටා ඇති මෙම ග්‍රහයා බොහෝදුරට පෘථිවියට සමානකම් දක්වන අතර ප්‍රමාණයෙන්ද පෘථිවියට සමාන බව විද්‍යාඥයන්ගේ මතයයි.
ඉරබටු තරුව පහන්තරුව නමින් හඳුන්වන මෙම තාරකාව එක් කාලයකට හිරු බැස ගිය හැටියෙන් තවත් කාලයකට හිරු නැග ඒමටත් ප්‍රථමයෙන් අපට දර්ශනය වේ. මෙම ග්‍රහ තාරකාවට සූර්යා වටේ යැමට දින 224 කුත් පැය 17 ක් ගතවන අතර අක්ෂය වටේ එක රවුමක් යැමට පැය 23 කුත් මිනිත්තු 21 ක් ගතවන බව සොයාගන ඇත.
මීදුම් පටලයකින් වැනි දෙයකින් නිතරම වාගේ වැසී තිබෙන මෙම ග්‍රහ තාරකාව සූර්යයාගෙන් අංශක 48 වඩා ඈත් නොවේ. ජ්‍යෙතිෂයේදී අසුරගුරු නමින් හඳුන්වන සිකුරු ගුරුගේ පුත්‍රයා වශයෙන්ද සලකයි.
සිකුරු ස්ත්‍රි ග්‍රහයෙක් මෙන්ම සෞම්‍ය ග්රහයකුද වේ. සිකුරු හඳුනා ගැනීමට මවා ඇති රූපය නම් සෝබන පෙනුමක් ඇති යහපත් ශරීරයක් සහ නිල්වන් රෝම ඇති රැළි කෙස්වලින් යුතු ප්‍රිය උපදවන්නා වූ ස්ත්‍රියක් වශයෙනි. පාට තළඑළලුය. වාහනයට යොදා ගෙන ඇත්තේ ගොනාය. ආයුධය වල් බිඳුනාවයි. තනතුරු මන්ත්‍රීකමයි. වාසස්ථානය සයනාගාරයයි. ඔටුන්නක්ද හිස පැළඳි මෙම සිකුරු සෙම් සහ වාත ගතියෙන් නිතර පෙලේ. දවල් උපදින අයට මවු කාරක සිකුරුය. ස්පර්ශයෙන් ඇතිවන දැනීම ලබා දෙන්නේද සිකුරුය.
ලෞකික සැප කෙරෙහි තද ආශාවන් දක්වන සිකුරා මෙලොව ජීවත්වීමට ආසාවත්, යස ඉසුරු සැප සම්පත් ලබා ගැනීමට මහන්සි ගැනීමත්, විනෝදයෙන් කාලය ගත කිරීමත්, ස්ත්රීන්ගේ පහස ලැබීමටත් කව් සින්දු නැටුම් ගැයුම් ආදියට ප්‍රිය වීමත් යන කාරනා නිසා ලෞකික ජීවිතයෙන් ඈත් කිරීම ඉතා අපහසුය.
සිකුරු අධ්‍යාත්මික ජීවිතයට බාධාවකි. එම නිසා මෙලොව සැප විඳීමට ආශා කරන සියලු දෙනාම සිකුරුගෙන් ලැබිය යුතු ගුණ නොඅඩුව බලාපොරොත්තු වේ. එසේ වීමට නම් තමාගේ කේන්ද්‍රයේ සිකුරු යෝග කාරකයකු වී යහපත් ස්ථානයක යහපත් රාශියක ශුභ සංයෝග හෝ ශුභ දෘෂ්ටි ඇතිව සිටිය යුතුය.
එවැනි කෙනකුට සිකුරුගේ දශා කාලය හෝ අන්තර් දශා කාලය ඉතාම වාසනාවන්ත විය හැක.
සිකුරු අහිංසක ග්‍රහයෙක් වන අතර සීතල ග්‍රහයෙකි. හැඩි දැඩි ගෞරෝසු ගති සිකුරු ළඟ නැත.
වටිනා වස්ත්‍රාභරණයෙන් සැරසී හොඳට කා බී විනෝදයෙන් සැහැල්ලු ජීවිතයක් ගත කිරීමටද සිකුරු සිත පොලඹවයි.
කොටින්ම සමනලයකු මෙන් ජීවිතයක් ලබා දෙන්නට සිකුරු මහන්සි ගනී. මෙවැනි ජීවිතවලට තදින්ම ආසා කරන්නේ ස්ත්රීන්ය. තරුණ කමට බලපාන සිකුරා බොහෝ විට තරුණ ස්ත්‍රී පුරුෂයන්ට එවැනි තත්ත්වයන් ලබා දෙයි.
වෘෂභ, තුලා ලග්න දෙකට අධිපතිකම් කියන සිකුරු එම ලග්න හිමියන්ට සිකුරුගේ නෛසර්ගික ගුණ යන්තම් හෝ පිහිටා තිබේ. විශේෂයෙන්ම තුලා වෘෂභ ලග්නවලින් උපත ලබා තිබෙන අය විනෝදයට කැමැති සංගීතයට චිත්රවලට ඇලුම් කරන හොඳට ඇඳුම් පැළඳුම් අදින නිතරම දුක් කම්කටොලු නුරුස්සන සැපවත් සැහැල්ලු ජීවිතයක් බලාපොරොත්තු වන අය වශයෙන් වෙන් කළ හැක.
ඉහත සඳහන් දෙය බලාපොරොත්තු වූ පලියට ලැබෙනවාද යන්න නොසිතිය යුතුය. එය ලබාදෙන තත්ත්වයකට සිකුරු ග්‍රහයා තම තමන්ගේ කේන්ද්‍රවල පිහිටා තිබිය යුතුයි.
නියම කේන්ද්‍රයේ දෙවැන්න සහ හත්වැන්න සිකුරුට අයත්ය. හත්වැන්න විවාහ සහකරු සම්බන්ධව බලපාන වන අතර දෙවැන්න විවාහයෙන් පසුව ගත කරන ජීවිත තත්ත්වය හෙළිකරන ස්ථානයකි. එම නිසා යහපත් විවාහයක් ඇති වීමට නම් දෙවැන්නත් ශූභ ග්‍රහයන්ගෙන් යුක්ත විය යුතුය. සියලු දෙනාගේම කේන්ද්‍රවල සිකුරු සිටියත් සිකුරුගෙන් ලැබිය යුතු ගුණ නොලැබී යන්නට පුළුවන.
සිකුරුගේ නියම ගුණ ලබන්නට නම් සිකුරු උෂ්ණවත් වේගවත් ග්‍රහයන්ගේ දෘෂ්ටි සංයෝග ලබා බලවත්ව සිටිය යුතුය. ඒ වගේම තරුණ කාලයේදී සිකුරුගේ දශාවන්ද ලැබිය යුතුය. ලෞකික ජීවිතයට ආශා කරන අප බොහෝ විට බලාපොරොත්තු වන්නේ නියම වයසේදී එනම් තරුණ වයසේදී තමාට හිමි සහකාරයා හෝ සහකාරිය සොයාගෙන විවාහ ජීවිතයක් ගත කිරීමයි. මෙය තමා සිකුරුගෙන් ලැබිය යුතු උසස් ගුණය.
නමුත් එම කටයුත්ත කිරීමට තනිකර සිකුරු අපොහොසත් වේ. ගුරු, කුජ, චන්ද්‍ර යන ග්‍රහයෝත් තමාගේ කේන්ද්‍රයේ හත අධිපතියාත් සිකුරුට උදව්වීමෙන් විවාහ සම්බන්ධ කටයුතු සාර්ථක ලෙස සිදුවේ.
සිකුරුගේ ලෞකික ආශාවන් තුනී කරන්ට හැම විටම ඉදිරිපත්වන්නේ සෙනසුරු හෙවත් ශනිය. ශනි මහලු ග්‍රහයෙක් වන අතර විවාහය ප්‍රමාද කරන ග්‍රහයෙකි.
කාමාශාවට පොලඹවන ශක්තිය සිකුරුගෙන් ඈත් වුවොත් සිකුරු විවාහයට එතරම් ආශාවක් නොදක්වයි.
ඒ වගේම සිකුරුගේ ශක්තිය වේගයෙන් මතු වී ගෙන එනවා නම් යහපත් රකින්නෙක් වුවත් එයින් මිදී කම්සැප මුදුන් පමුණුවා ගනී. බොහෝ අවස්ථාවල මහණ දම් පුරමින් සිටි භික්ෂූන් සිවුරු හැර යන්නේ මේ නිසා වීමට පුළුවන.
සිකුරුගෙන් යහපත් ප්‍රතිඵල ලබන්නට නම් භාවස්ථාන වශයෙන් සිකුරු සිටිය යුත්තේ හතර කේන්ද්‍රයේ හෝ දෙක එකොළහ යන තැන්වලය. එකී ස්ථානවලද රාශි නාමයෙන් සිකුරුට යහපත් විය යුතුය.
දුෂ්ඨ ස්ථානගත සිකුරුගෙන් ජන්මියාට එතරම් යහපතක් උදා නොවේ. විශේෂයෙන්ම හය අට යන ස්ථාන සිකුරුට අයහපත්ය. හය සිටි සිකුරුගෙන් යහපතක් සිදු නොවේ. හයවන භාවස්ථානයේ උච්ච රාශි බලයෙන් සිටිය සිකුරුගෙන් වත් යහපත් ප්‍රතිඵල නොලැබෙන අතර රාශි නාමයෙන් කන්‍යා කටක යන රාශිවල සිටින සිකුරුගේද යහපතක් නොවේ. කන්යාට සිකුරුව නීච රාශියක් වන අතර කටකය සිකුරුට හතුරු රාශියකි.
එම නිසා කේන්ද්‍ර ස්ථානයක් හෝ ත්‍රිකෝණ ස්ථානයක් සිටියත් එකී භාවස්ථාන කන්‍යා රාශියට හෝ කටක රාශියට අයත් දැයි බැලිය යුතුය. එම භාවස්ථාන කන්‍යා රාශියට හෝ කටක රාශියට අයත් නම් සුබ පල අඩුවිය හැක. සිකුරු බලවත් අය නිතර සැප විඳිති. ධනය මිල මුදල් යාන වාහන ගෙවල් දොරවල් රස ආහාර ගෙන ඇතිව සැපවත් ජීවිත ගත කරයි.
තවද හොඳ වාග් ශක්තියක් ඇතිවීමටත් සුන්දරත්වයට ආශා කිරීමටත් කාරුණික හදවතක් ඇතිවීමටත් කලාත්මක දෙයට ප්‍රිය භාවයක් ඇතිවීමටත් ස්ත්‍රි පුරුෂ දෙදෙනාගේ අෙන්‍යාන්‍ය ප්‍රේමය ඇතිවීමටත් උදව් වන්නේ සිකුරුමය.
සිකුරු බලවත්වීම ශුභ වගේම සිකුරු අයහපත්වීම ඉතා අසුබය. සිකුරු නොමගට ගිය විට එසේ නැතිනම් පාපී ග්‍රහයන්ගේ දෘෂ්ටි සංයෝග ඇතිව දුෂ්ඨ ස්ථාන ගතවුවොත් සිකුරුගෙන් ලැබෙන අයහපතත් ඒ වගේමය. කාමයට අධිපති සිකුරු කුජ සමග සංයෝග වී දුෂ්ඨ ස්ථාන රාශි හිමිකරගෙන සිටියොත් චන්ද්‍රdයාද නරක අංශකයක දුර්වලව සිටියොත් එවැනි ජන්මියෙක් දූෂිත චරිතයක් ඇත්තකු වේ.
විශේෂයෙන්ම ස්ත්‍රියක් නම් චරිතය අතින් ඉතා පහත් තත්ත්වයට පත්වේ.
බේබදුකම සල්ලාලකම අවිශ්වාසවත්කම අකාරුණාවන්තකම යන දුර්ගුණයන් පිහිටන්නේ සිකුරු දුර්වල වූ විටය. රෝග වශයෙන් සෙම් අමාරු, උගුරේ අමාරු, ලිංග රෝග, මුත්‍ර අමාරු වකුගඩු අමාරු, පුරුෂ වීර්ය හීන වීම ආදිය සිකුරු නරක් වීමෙන් සෑදිය හැක.
මේෂ වෘෂභ කටක සිංහ වෘශ්චික ධනු මීන ලග්නවලින් උපන් අයට සිකුරු පාපියෙකි. ඔහු ලග්නයෙන් උපන් අයට එකම පාපි ග්‍රහයා සිකුරුය. ඉහත ලග්නවලින් උපන් අයට සිකුරු නරක්වීම ඉතා අයහපත් වේ. නමුත් උසස් බලයකින් ශුභ ස්ථාන වර්ගවල සිකුරු සිටියොත් පාපී ග්‍රහයෙක් වූවත් එතරම් නරක නොවන අතර ශුභපල දීමට සමත්වේ.
මිථුන කන්‍යා මකර කුම්භ තුලා ලග්නවලින් උපන් අයට සිකුරු ශුභ ග්‍රහයෙකි. එම ලග්නවලින් උපන් අයට සිකුරු උසස් විදියට පලදේ. සිකුරු බලවත්ව එම ලග්න හිමියන්ගේ කේන්ද්‍රවල පිහිටා තිබුණොත් ලැබෙන ප්‍රතිඵල ඉතා ඉහළය.
ජ්‍යෙතිෂවේදී
නිශාන්ත විඡේසේන මොරවක
Wmqgd .ekSu nqoqirK mqj;a m; weiqfrks