iranama
කේන්දර දෙකේම යෙදිය යුතුම සරාගී දෝෂ
පොරොන්දම් බැලීමේදී සලකා බලන දෝෂ කිහිපයක් ගැන මිට පෙර ලිපි දෙකකින් අපි ඔබව දැනුවත් කළා. මෙවර ඔබව දැනුවත් කරන්නට යන්නේ වැන්දඹු,බහු විවාහ, අවිවාහක, සරාගී දෝෂ සහ වඳ දෝෂ යන දෝෂ ගැනයි. මෙම දෝෂ යෙදෙන ආකාර රාශියක් ඇත.
වැන්දඹු දෝෂ
ස්ත්‍රී කේන්ද්‍රයේ 7,8 ස්ථාන වල කුජ,ශනි,රාහු,කේතු වැනි පාප ග්‍රහයන් වැඩි ප්‍රමාණයක් සිටීමත් පුරුෂ කේන්ද්‍රයේ 7,8 ස්ථානවල පාපීන් නැතිවීම හා පාපී ග්‍රහ දෘෂ්ථි නැතිවීම පුරුෂ මාරක යෝගයකි.
කේන්ද්‍රයක හත අට අධිපති ග්‍රහයන් දෙදෙනා යෝගව හෝ පරිවර්ථනය වී(හත අධිපති අටේත් අට අධිපති හතේත් සිටීම) සිටින කේන්ද්‍රවලට එලෙසම ඇති කේන්ද්‍ර විවාහයට ගත යුතුය.නැත්නම් වැන්දඹුවේ.
මේෂ හෝ වෘශ්චික රාශිගත චන්ද්‍රයා පාප ග්‍රහයන්ට මැදිවී(චන්ද්‍රයාගේ අංශකයට දෙපසින් ආසන්නයේ පාප ග්‍රහයන් සිටීම) සිටීම වැන්දඹු දෝෂයකි.
ස්ත්‍රී කේන්ද්‍රයේ හත අධිපති ග්‍රහයා දුබලව පාපීන් සමග යෝගව හෝ පාප දෘෂ්ථිව හය අට හෝ දොළහේ පිහිටීම වැන්දඹු දෝෂයකි.
බහු විවාහ දෝෂ
කේන්ද්‍රයක හත් වැන්නාධිපතියා සිකුරු සමග යෝගව (හත අධිපති සිකුරු වන විට සිකුරු ග්‍රහයාව සලකයි.) මිථුන,ධනු, මීන යන ද්විත්ව රාශියක තැන්පත් වීම.
හතේ පාප ග්‍රහයන් තිදෙනෙකුට වැඩි ප්‍රමාණයක් සිටීම.
සරාගී යෝග
ෆ සිකුරු කුජ යෝගය රවි සිකුරු යෝගය රාහු සිකුරු යෝගය කාම යෝග ලෙස සැලකේ. එවැනිම කේන්ද්‍ර ගැලපිය යුතුය.
අවිවාහක දෝෂ
හත අධිපතියා හා සිකුරු ග්‍රහයන් දෙදෙනාම නීච වීම(හත අධිපති සිකුරු වන විට සිකුරු නීච වීම)
ශනි මංගල දෝෂය(ඉහත සදහන්කළ ) හතේ හෝ ලග්නයේ යෙදීම
කුජ රාහු යෝගය හතේ හෝ අටේ යෙදීම
වඳ දෝෂ
පහ අධිපති හා බ්‍රහස්පති ග්‍රහයන් දෙදනාම නීච වීම
පස්වැන්නාධිපති ශනි සමග යෝග වීම.
පස්වැන්නාධිපතද හා ගුරු ග්‍රහයන් දෙදෙනාම මේෂ,මිථුන,සිංහ,කන්‍යා යන වඳ රාශි වල තැන්පත් වීම
ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම කේන්ද්‍රවල පහේ රාහු සිටීම
පහ හය ස්ථාන වල දුර්වල පාප ග්‍රහයන් තැන්පත් වීම.
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks