iranama
කාටවත් කරදර නැති හැමෝට ම වාසි ඇති ග්‍රහ මාරු දෙකක් !
17 දා රවි සිංහයට
20 දා බුධ කන්‍යාවට
දෙදෙනාම බලවත්
අදින් ඇරඹෙන සතියේදී සුවිශේෂ ග්‍රහ මාරු දෙකක් සිදුවේ. වසරකට ආසන්න කාලයකට පසුව රවි සහ බුධ යන ග්‍රහයන් දෙදෙනා ම ඉතා බලවත්වන කෙටි කාල සීමාවක් උදාවේ. ලබන 17 දා සිංහ රාශියට පැමිණෙන රවි ග්‍රහයා එහිදී මූල ත්‍රිකෝණ බලයට පත්වේ. එයින් දින තුනකට පසුව එනම් අගෝස්තු 20 දා කන්‍යා රාශියට එන බුධ එහිදී උච්ච ස්වක්ෂේත්ර සහ මූල ත්‍රිකෝණ යන ත්‍රිවිධ බලයෙන් ඉතා බල සම්පන්න තත්ත්වයකට පත්වේ. ඒ වන විට ගුරු ද කන්‍යා රාශියේ තැන්පත්ව සිටීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා ජනරජ කේන්දරය අනුව 7 වැන්න බලවත්වන අතර විදේශ සබඳතා හවුල් ගිවිසුම් සහ ආයෝජන සම්බන්ධයෙන් කැපී පෙනෙන ජයග්‍රහණ ලබා ගත හැකි වකවානුවකි. එමෙන් ම 8 වැන්න ද බලවත් වන නිසා පාර්ලිමේන්තු නීති හා බන්ධනාගාර ආශ්රිත ප්‍රතිසංස්කරණ අපේක්ෂා කළ හැකිය. මෙවැනි කටයුතු සඳහා කිසියම් සුදානමක් පවතින්නේ නම් මේ කාලය ඒ සඳහා ඉතා උචිත ය.
ලෝකායතන ජ්‍යොතිෂය අනුව ගත්විට රටේ කේන්දරයේ පිළිවෙළින් 8 සහ 9 වැන්න බලවත් වේ. විදේශ රටවලින් සහයෝගය සහ විශාල ලාබ ප්‍රයෝජන ලබා ගැනීමට ඉන් අවස්ථාව උදාවන අතර ආගමික සහ රාජ්‍යතාන්ත්‍රික අංශවල ක්ෂණික ප්රබෝධයක් විද්‍යාමාන කරයි. පෞද්ගලිකව එක් එක් ලග්න හිමියන්ට පොදුවේ මේ ග්‍රහ මාරුව බලපාන්නේ විවිධ ආකාරයන්ට බව පෙනේ.
මේෂ
මේෂ ලග්න හිමියන්ට මේ බලපෑම ගෙන දෙන්නේ 6 සහ 7 වැන්න මූලික කැර ගෙන ය. පෙර නොවු විරූ උපාය ඥානයකින් සතුරන් පරදා ජය ලැබිය හැක. රෝගාබාධ ආදිය සුව කැර ගැනීමට මෙතෙක් නො තිබූ අවස්ථාවන් උදාවේ. තම යටත් සේවකයන්ගේ ප්‍රසාදයට සහ ඔවුන්ගේ සහයෝගය නො අඩුව හිමිවන කාලයකි. හවුල් ව්‍යාපාර සහ විවාහ මංගල කටයුතු සඳහාත් ඉතා ප්රශස්ත වේ.
වෘෂභ
වෘෂභ ලග්න හිමියන්ට 4 සහ 5 වැන්න මූලික කැර ගෙන ඉතා යහපත් ප්රතිලාභ හිමිවන කාලයකි. නිවාස රථවාහන සහ අධ්‍යාපන අංශයෙන් ද ප්‍රේම සබඳතා සහ විනෝදාත්මක කටයුතුවලින් ද දූ දරුවන් ආදීන් ගෙන් ද ජයග්‍රහණ මාලාවක් ලබාගත හැකි කාලයකි. වෙනදාට වඩා හිතේ පුහු ආඩම්බරකාර ගතියක් උද්දීපනය වන මුත් එය පසුව කරදරයක් විය හැකිය. එහෙත් කෙසේ හෝ අනපේක්ෂිතව ධනය ලැබේ.
මිථුන
කෙටි ගමන් ලිපි ලේඛන නිවාස වතුපිටි සහ මවු පාර්ශ්වයෙන් ලාබ හිමිවන කාලයකි. උසස් නිළධාරීන් සහ ප්‍රභූන් ගෙන් සැළකිලි ලැබීමට භාග්‍ය තිබේ. වෙනදාට වඩා තම ආත්ම ශක්තිය සහ සිතිවිලි ප්‍රබෝධමත් වේ. නිරවුල් බුද්ධියකින් ක්‍රියාකරයි. යහපත් කාලයකි.
කටක
රජයෙන් හෝ වෙනත් බලවතුන් ගෙන් ධන ලාබ පෙන්වයි. නඩු හබවලින් ජය ගනී. එහෙත් වචන භාවිතයේදී ඉතා පරෙස්සම් විය යුතු ය. කෙටි ගමන් සහ ලිපි ලේඛන ගිවිසුම් ආදිය තමාගේ වාසියට තීරණය වේ.
සිංහ
ඉතා සුබදායක කාලයකි. රජය සහ ප්‍රභූන් වෙතින් විශාල ආධාර උපකාර ලබයි. කල් පසු වූ උසස්වීම් හිඟ වැටුප් ආදිය නිරුත්සාහයෙන් හිමිවේ. පෞරුෂය සහ බලය වැඩේ. සැමතින් ම යහපත්වන අතර සන්නිවේදන ඉංජිනේරු සහ ලේඛන කටයුතුවල යෙදී සිටින අයට ඉතා සුබ කාලයකි. ලොකු මුදලක් හිමිවේ. එහෙත් ඌෂ්ණාධික රෝග , උද්ධච්ච ගතිය නිසා ඇතිවන පුහු මාන්නය ආදිය පාලනය කැර නො ගතහොත් පසුවට හානි ගෙන දිය හැක.
කන්‍යා
මෙතෙක් කල් නො තිබුණු තීක්ෂ්ණ නුවණකින් සියලු කටයුතු ජයගත හැකි අවස්ථාවන් උදාවේ. කල්පසු වූ බොහෝ කටයුතු ඉතා වේගයෙන් සහ පහසුවෙන් ඉටු වේ. සැලසුම් සහගතව සහ උපාය ඥානය පෙරටු කැර ගනිමින් ක්‍රියා කිරීමට ඇවැසි පසුබිම සැලසේ. ඉතා යහපත් කාලයකි. තැන්පත් ධනය විශාල වශයෙන් වැය කිරීමට කරුණු යෙදෙන මුත් අපේක්ෂිත ප්‍රතිලාභය හිමි නොවේ.
තුලා
තුලා ලග්න හිමියන්ට ඉතා සාරවත් කාලයකි. එහෙත් දැවැන්ත බාධක මැද කටයුතු සාර්ථක කැර ගැනීමට සිදුවේ. මේ ඔබේ දරා ගැනීමේ ශක්තිය සහ උපාය ඥානය පිරික්සීමට ලක්වන කඩඉම් අවස්ථාවකි. බාධකස්ථානාධිපති එහිම රජ වීමත් වැයස්ථානාධිපති එහිම රජ වීමත් නිසා රජය, සේවා ප්‍රධානීන් සහ රැකියා ස්ථානයේදී කරන කටයුතුවලදී අතිශයින් ම දූරදර්ශී විය යුතු ය. තීරණයක් ගැනීමේදී හැකිතාක් කල් මැරීම සුබදායක වේ. විදේශගත වීමට අපේක්ෂිත අයට ඉතා හොඳ කාලයකි. ප්‍රභූන් සහ ආගමික අංශයෙන් විශිෂ්ට උපකාර ලැබේ. මොළයෙන් හොඳට වැඩගත යුතු අවස්ථාවකි.
වෘශ්චික
වෘශ්චික ලග්න හිමියන් තම රැකියාවේ සහ ආදායම් උපදවන මාර්ගයන් හි අති විශිෂ්ට සුබඵල භුක්ති විඳින කාලයකි. උසස්වීම් වැටුප් ඉහළ යෑම් හිඟ වැටුප් සහ පාරිතෝෂික යනාදිය උපරිමයෙන් ලබා ගන්නා කාලයකි. සැමතින් ම වාසනාවන්ත ය. තමාට වාසිදායක ලෙස රැකියාවේ නව වෙනසකට මුල පුරයි. සේවා ප්‍රධානීන්ගේ ගෞරවය සහ විශ්වාසය හිමිවීමෙන් මෙතෙක් පමා වූ බොහෝ කටයුතු වාසිදායක ලෙස නිරාකරණය වේ.
ධනු
9 වැන්න සහ 10 වැන්න බලවත් වේ. පෙර පින් බලය ඉස්මතුවන අතර උසස් නිළධාරීන් ප්‍රභූන් සහ ආගමික අංශ සමඟ ඉතා සමීපව කටයුතු කිරීමට සිදුවේ. බාධක ග්‍රහයා 10 වැන්නේ රජවීම නිසා රැකියාව ආශ්රිත බාධක මතුවන මුත් උසස් අයගේ උපකාර සහ මැදිහත්වීම නිසා හානි පූරණය කෙරේ. රැකියාවේ කැපී පෙනෙන වෙනසකට මුල පුරයි. එය වාසිදායක ය. විදේශගත වීම හෝ විදේශ රටවලින් විශාල ප්රතිලාභ හිමිවන කාලයකි. ආගමික ලේඛන සහ සන්නිවේදන ක්ෂේත්රයන්හි නිරතවූවන්ට වඩාත් යහපත් ය.
මකර
මකර ලග්න හිමියන් ඉතා පරෙස්සම් විය යුතු ය. අනපේක්ෂිතව ධනය සහ අන් සතු දේපළ තමා සතුවිය හැකි අවස්ථාවලදී ඉක්මන් නොවීමට වග බලා ගැනීම වැදගත් ය. දූරදර්ශී නොවුණොත් රැකියාව සහ පරස්තාව ආශ්රිත කරදර මතුවීමට ඉඩ තිබේ.
කුම්භ
කුම්භ ලග්න හිමියන් සමාජයේ ජනප්‍රියවන අවස්ථා උදාවේ. හවුල් ව්‍යාපාර ප්‍රේම සබඳතා ආදිය නො සිතූ ලෙස සාර්ථකත්වයට පත්වේ. එවැනි දේට මුල පිරීමට ඉතා යෝග්‍ය කාලයකි. අන් සතු ධනය වස්තුව හෝ තම සැමියා හෝ බිරිඳගේ පර්ශ්වයෙන් නො සිතූ විරූ ලාබ හිමිවන කාලයකි. ලොතරැයි සූදු ඔට්ටු යනාදියෙන් ජය ලබයි. ඇස් අදහාගත නොහැකි සිදුවීම්වලට මුහුණ දී ජය ලබයි.
මීන
මීන ලග්න හිමියන් සතුරන් පරදා ජය ලබයි. කල්ගත රෝග පීඩාදිය සුව කැර ගැනීමට අවස්ථාව යෙදේ. තම යටත් සේවකයන් ගෙන් පෙර නොවු විරූ සහයෝගයක් හිමිවේ. හවුල් ව්‍යාපාර ගිවිසුම් ආදියට එළඹිමේදී අතිශයින් ම සැලකිලිමත් වීම වැදගත් ය. විවාහ ගිවිස ගැනීම් ආදිය පමා වේ. මිතුරු ඇසුර සහ සමාජ සබඳතාවලදී පරීක්ෂාවෙන් සහ සීරුවෙන් සිටීම මගින් බොහෝ දුෂ්කරතා ජය ගත හැකිය
Wmqgd .ekSu nqoqirK mqj;a m; weiqfrks