iranama
ඔබේ රැකියාව කේන්දරයේ ලියා තිබේ
තම දරුවාගේ අධ්‍යාපනයෙන් පසු, දරුවාට ගැලපෙන, යහපත් රැකියාවක් ලැබීම සෑම දෙමාපියෙකුගේම බලාපොරොත්තුව වේ. ඒ සඳහා සෑම දෙමාපියෙක්ම තම දරුවාට මූලික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පුදුමාකාර කැපකිරීමක් සිදු කරනු ලබයි. එහෙත් තමාට කොපමණ අධ්‍යාපන සුදුසුකම් තිබුණද? තමාට සුදුසු රැකියාවක් නොලැබෙන අවස්ථා බොහෝ දක්නට ලැබේ. තවද, කිසිම අධ්‍යාපන සුදුසුකමක් නොමැති පුද්ගලයන්ට නොසිතූ අන්දමින් උසස් රැකියාවක් ලැබෙන අවස්ථාද දක්නට ලැබේ.
රැකියාව තීරණය කිරීමේදී සම්ප්‍රදායික ජ්‍යෙdතිෂයට අනුව 10 වැන්න, 10 වැන්නාධිපතියා, 10 වැන්නාධිපති සිටින නවාංශකාධිපතියා 10 වැන්නේ ඇති ග්‍රහ පිහිටීම් ආදියද, නාඩි ජ්‍යෙdතිෂයට අනුව ශනි මුල්කර ගෙන පලාඵල කථනය සිදු කරයි. ඊට අමතරව 11 වැන්න, දෙවැන්න ගැනද පරීක්ෂා කළ යුතුවේ. මේ මගින් පුද්ගලයකුගේ හැකියාව හා ආදායම් ලැබීම තීරණය කළ හැකි අතර එය කුමන දිශාවකට ( වෘත්තියකට) ගමන් කරන්නේද යන්න තීරණය කළ හැක. එසේම ගත කරන මහ දශාවත්, අන්තර් දශාවත්, ග්‍රහයන්ගේ ගෝචර ගමන් කිරීමත්, ඒරාශ්ටක ආදිය සැලකිල්ලට ගෙන රැකියාවේ උසස් වීම්, රැකියා අහිමි වීම්, සිත් තැවුල්, කරදර පීඩා, ආදායම අඩුවීම් හා වැඩිවීම් ආදිය තීරණය කරයි. එසේම කේන්ද්‍රය තුළ පිහිටි, විවිධ වෘත්තිකයන් බිහිකිරීමේ යෝග, විවිධ ව්‍යවසායකයන් බිහිකිරීමේ යෝග සලකා බැලිය යුතුය. සමහර විට මෙවැනි යෝග කීපයක් පිහිටන පුද්ගලයෝද දක්නට ලැබේ. බොහෝ විට මෙවැනි පුද්ගලයන් මාර්ග කීපයකින් ධනය රැස් කරන අවස්ථා දක්නට ඇත.
මෙහිදී අධ්‍යාපනය පමණක් පදනම් කරගෙන වෘත්තීය තීරණය කළ නොහැක. නමුත් අධ්‍යාපනයට අදාළව ලැබූ වෘත්තියකට එහා ගිය ව්‍යවසායකයෙක්, ධනවතෙක් වීමේ වාසනා යෝගය සමහර කේන්ද්‍රවල යෙදේ. මෙහිදී ඉහත සඳහන් කළ ග්‍රහයන්ට අමතරව ධන කාරක ගුරුගේ බල දුබලතාවයද තීරණය කළ යුතු වේ. කෙසේ නමුත් කේන්ද්‍රයක ග්‍රහයන් ප්‍රබලනම් (උච්ච, ස්වක්ෂෙත්ර, මුල ත්‍රිකෝණ, දිග්බල ආදිය) පුද්ගලයකු අගනාකම් (ඪ්කමැs) වලින් යුක්ත පුද්ගලයකු බිහි කරයි. එවැනි අය කිසියම් වෘත්තියක නියළුණත්, කිසියම් ව්‍යාපාරයක නියළුණත්, තමාගේ අගනාකම්වලට හානියක් නොවන ආකාරයට කටයුතු කරයි. එවැනි පුද්ගලයන් යටතේ සේවය කරන, සේවකයන් ඉතා වාසනාවන්තය. එම නිසා සේවකයන්, මෙවැනි ප්‍රධානීන්ගේ හොඳකම නිතරම කියයි. එසේම ග්‍රහයන් ප්‍රබල නොවන පුද්ගලයන්ගේද කේන්ද්‍රයේ යෙදී ඇති විවිධ යෝගයන් මගින් දියුණු වූ අවස්ථාවන් කොතෙකුත් ඇත. නමුත් ඔවුන් සතුව අගනාකම් ඉතා අඩුය. මෙවැනි පුද්ගලයන් වෘත්තියෙන් හා ව්‍යවසාය තුළින් ඉතා දියුණුව පෙනුනද, ඔවුන්ගේ අධ්‍යාත්මය දුර්වල වේ. එය තුළින් ඔවුන්ගේ පුනර්භවය යහපත් නොවන අවස්ථාවක් කේන්ද්‍රය තුළින් පෙන්නුම් කරයි.
කෙසේ නමුත් රැකියාවල, ව්‍යාපාරවල ප්‍රශ්න පැන නැගීමට පෙර කේන්ද්‍ර පරීක්ෂාවෙන් මාර්ග උපදේශනයක් ලබාගත හැක. එසේම යෙදෙන්නා වූ අපල උපද්‍රව සඳහා පිළිවෙත් කිරීම හා ධාර්මිෂ්ටව ජීවත් වීම තුළින්, ඒවා සමනය කරගත හැකි අතර ඒවායේ බලපෑම අවම කර ගත හැකි වේ. තවද රැකියාව සම්බන්ධ ප්‍රශ්නයක් පැන නැගුණු අවස්ථාවලදී සාමූහික තීරණ ගැනීම සහ ඉවසීම මගින් තමා තුළින්ම ගැටලුව සඳහා පිළිතුරක් සොයාගත හැක.
වැඩිදුර උපදෙස් සදහා
0718602525,0115248187.
ඩී. ජී. එස්. මුදලිගේ
divaina.com