iranama
ඔබ උපන් නැකතේ සුබ - අසුබ දැනගන්න
ජ්‍යෙතිෂ ශාස්ත්‍රය තුළ නැකැත් 27 ක් පවතින අතර ඒවායේ ගුණ බල එකිනෙකට වෙනස් වේ. කෙනෙකුට සුබ ලෙස යොදා ගත හැකි නැකතක් තවත් කෙනෙකුට අසුබ විය හැකිය. එදිනෙදා තම තමන්ගේ කටයුතු සඳහා කුමන නැකත යෝග්‍ය වන්නේද යන්න පිළිබඳව දැනුවත්ව තම කටයුතු සඳහා යොමුවීමෙන් බොහෝ සුබ ඵල ළඟා කර ගත හැකි බව සත්‍ය වූ කාරණයකි.
1. අස්විද නැකත- විවාහයට, ගෘහ ආරම්භයට ගෙවැදීමට, මල්වරයට සුබයි.
2. බෙරණ නැකත- අස්විද නැකත් කාර්ය හා සමානය.
3. කැති නැකත- සියලු ශුභ මංගල කටයුතු සඳහා අත්හල යුතුය.
4. රෙහෙණ නැකත- අකුරු කියෑවීමට බත් කැවීමට ප්‍රශස්ථ ගුණ දෙයි. ඊට අමතරව අස්විද නැකතට අදාළ කාර්යය හා සම වේ.
5. මුවසිරස නැකත- ශුභ මුහුර්ථ සඳහා අස්විද බෙරණ නැකත් හා සමයි
6. අද නැකත- කැති නැකත හා සමානයි. අශුභයි.
7. පුනාවස නැකත- විවාහයට හැර අන් සියලු මංගල කරුණු සඳහා ශුභයි.
8. පුෂ නැකත- විවාහය ප්‍රිය සම්භාෂණය ආදී වූ කටයුතු සඳහා භාවිත නොකෙරේ.
9. අස්ලිස නැකත- ශුභ මුහුර්ත සාධනයට ශුභය. එහෙත් මංගල කටයුතු සඳහා භාවිත නොකෙරේ.
1. වගා කටයුතුවලට
2. නඩු හබවලින් ජය ගැනීමට
3. සතුරන් පරාජය කිරීමට යොදා ගනී.
10. මා නැකත- විවාහය ඇතුළු සියලු මංගල කටයුතු සඳහා යොදා ගනී.
11. පුවපල් නැකත- විවාහයට හා මල්වරයට යොදා නොගනියි.
12. උත්‍රපල් නැකත- ව්‍යාපාර ආරම්භයට ඉතා ශුභයි. ගෘහ, මංගල කටයුතුවලට ශුභයි.
13. හත නැකත- සියලුම ශුභ කටයුතු සඳහා යොදා ගැනේ. ව්‍යාපාර කටයුතුවලට විශේෂ ගුණ දේ.
14. සිත නැකත- ශුභම නැකතකි. විභාග, විවිධ තරග ජය ආදියට යොදා ගනී. ව්‍යාපාර කටයුතුවලටද ශුභයි. සියලු ශුභ කටයුතු සඳහා යොදා ගැනේ.
15. සා නැකත- වෛද්‍ය කටයුතුවලට, කන් විදීමට සැත්කම් ආදිය සඳහා අයෝග්‍යයි. අන් සියලු මංගල කටයුතු සඳහා ශුභයි.
16. විසා නැකත- අධ්‍යාපන ක්ෂේත්රයේ කටයුතුවලට ඉතා ශුභයි. සියලු මංගල කටයුතුවලට යෝග්‍යයි.
17. අනුර නැකත- සියලු මංගල කටයුතු සඳහා ශුභයි.
18. දෙට නැකත- මල්වරය හා මංගල්‍ය කටයුතු සඳහා නොගනියි. අන් කටයුතු සඳහා යොදා ගනී.
19. මුල නැකත- කෘෂි කටයුතු සඳහා ශුභයි. සියලු මංගල කටයුතු සඳහාද ශුභයි.
20. පුවසල නැකත- කලා කටයුතු ආරම්භ කිරීමට ශුභ නැකතකි.
21. උත්‍රසල නැකත- සියලු නැකත් කටයුතු සඳහා ශුභයි.
22. සුවණ නැකත- ඉතා හොඳ නැකතකි. අධ්‍යාපන, ව්‍යාපාර, පුණ්‍ය කටයුතුවලට අදාළව ශුභයි.
23. දෙනට නැකත- නඩු ජය ගැනීමට, ගිවිසුම් අත්සන් කිරීමට, සටනට එළඹීමට ශුභයි.
24. සියාවාස නැකත- කෘෂිකාර්මික, වෛද්‍ය ව්‍යාපාරික පැවිදි කිරීම් ආදී කටයුතුවලට යොදා ගැනේ.
25. පුවපුටුප නැකත- ලිපි ලේඛන කටයුතු සඳහා ශුභයි. ගිණුම් කටයුතු ආදියටද ශුභයි.
මංගල කටයුතු සඳහා භාවිත නොවේ.
26. උත්‍රපුටුප නැකත- සියලුම මංගල කටයුතු හා අනෙක් කටයුතු සඳහාද ගැනේ.
27. රේවතී නැකත- වැඩිම ශුභ කටයුතු සංඛ්‍යාවක් සඳහා යොදා ගත හැකි නැකතයි. සියලු මංගල කටයුතු සඳහා ඉතා ශුභයි.
නොමිලේ උපදෙස් සඳහා 072-3559768 අංකය අමතන්න.
Wmqgd .ekSu /�K mqj;am; weiqfrks