iranama
ඉදිරි දින 18 දී අධිවේගයෙන් අමුතු වැඩ සිදුවන හැඩ
*දොළොස් වසරකට පසු රවි බුධ ගුරු සංයෝගය කන්‍යාවේ
*කන්‍යා වෘෂභ සිංහ ධනු මකර යන ලග්න හිමියන්ට විශේෂ සුබ ඵල
හෙට එනම් ඔක්තෝබර් 03 දා සඳුදා හිරු බැස යෑමත් සමඟ ම බුධ ග්‍රහයා ස්වකීය රාජධානිය වූ කන්‍යාවේ මූල ත්‍රිකෝණ බලයට පත්වේ. ඒ සමඟ ම වසර දොළොසකට වරක් පමණක් සිදුවිය හැකි රවි බුධ සහ ගුරු යන අති ප්‍රබල ග්‍රහ සංයෝගයද කන්‍යා රාශියේ හට ගනී. මේ ග්‍රහ සංයෝගය ඉතා කෙටි කාලයකට සීමා වන මුත් ඔක්තෝබර් 03 දා සිට 21 දක්වා වූ දින 18 දී සිදුවිය හැකි අනපේක්ෂිත හදිසි සිදුවීම් මාලාව විසින් ඇති කරනු ලබන බලපෑම නම් දිගුකාලීනව අත්විඳින්නට සිදුවේ.
රවි සහ ගුරු යන ග්‍රහයන් දෙදෙනා ම සඳුගේ නැකතේ ගමන් ගන්නා අතර බුධ ග්‍රහයා ද සඳුගේ නැකතේ ගමන පටන් ගත් විගස ම පැයෙන් පැයට එකකට එකක් වෙනස් අමුතුම මාදිලියේ සිදුවීම් හට ගෙන සමාජය විමතියෙන් විමතියට පත්වේ. වසර ගණන් පමා වී තිබූ කටයුතු උන්හිටි ගමන් වේගයෙන් ක්‍රියාත්මක වන අතර සෑම ක්ෂේත්රයක ම පාහේ රැඩිකල් ප්‍රතිසංස්කරණ සිදුවේ. යම් යම් බලපෑම් හෝ අදෘශ්‍යමාන හේතු නිසා හෝ යටපත් වී තිබූ සමාජ දේශපාලන සහ ආර්ථික ව්‍යාපෘති අධි වේගයෙන් හිස ඔසවන අතර ඒ බොහොමයක් රටේ උන්නතිය පිණිස ඉවහල් වේ.
කාලගුණය නො සිතූ විරූ අයුරින් වහා වෙනස්වන අතර එක් තැනෙක මහ වැසි ද තව තැනෙක ගිනි ගැනීම් ද තවත් තැනෙක වායූ ගෝලයේ මහා කැළඹීමක් ද ආදී වශයෙන් විපරීත තත්ත්වයක් දැක ගැනීමට ලැබේ. කෙසේ නමුත් පඨවි රාශියක් වූ කන්‍යාවේ රවි බුධ සහ ගුරු යන ග්‍රහයන් තිදෙනා ම සඳුගේ නැකතේ චලනය වීම මහ වැසි සමයක් පිළිබඳ පූර්ව නිමිත්තකි. ඒ අනුව පවත්නා වියළි කාලගුණය නිමාවට පත්වීම පමණක් නොව ඉතා කෙටි කාලයක දී ඇද හැලෙන මහා වර්ෂාපතනය මහ පොළොවට දරා ගත නොහැකි වීමේ අවදානමක් ද ඉස්මතු කරනු ලබයි.
වාරිමාර්ග ජලාශ සහ විදුලි බලාගාර නාවික සහ ධීවර කර්මාන්තය ආශ්රිත හදිසි ආපදා තත්ත්වයන් ඉස්මතු වීමට ඉඩ තිබේ.
එසේ නමුත් අධ්‍යාපන - ජන සන්නිවේදන - රාජ්‍ය පරිපාලන - නීතී හා අධිකරණ - යන ක්ෂේත්‍ර ආශ්‍රිතව අධිවේගී ක්‍රියාදාමයන් ප්‍රකට කෙරේ. සමාජය පුරා දැවැන්ත බුද්ධි ප්රබෝධයක් සහ අනාගතවාදී චින්තන ව්‍යාපාරයක් ඇරඹෙන බවත් පෙන්නුම් කරයි.
ලග්න වශයෙන් ගත්විට පිළිවෙළින් කන්‍යා වෘෂභ සිංහ ධනු මකර යන ලග්න හිමියන්ට විශේෂ සුබ ඵල අපේක්ෂා කළ හැකිව තිබේ.
Wmqgd .ekSu /�K mqj;am; weiqfrks