iranama
ඇඟිලි පුරුකෙන් කියවෙන පලාපල
ඔබ පූර්ව ජාතියෙහි කරන ලද කුසල් - අකුසල් කර්මයන්ගේ පල මෙබඳු යයි ඔබ උපන් වේලාපත් කඩයේ සටහන් වන්නේය. එම වේලාපත් කඩය අල්ලේ ද ලියවෙන්නේය. අල්ලේ පමණක් නොව ඔබේ හැඩරුවේ ද - දේහ ලක්ෂණයන් තුළ ද සටහන් වන්නේය. සියලුම මනුෂ්‍යයින්ගේ අල්ලේ මාපට ඇඟිල්ල හැර අනික් ඇඟිලි හතරේ දබරගිල්ල මැදගිල්ල වෙදගිල්ල සුළගිල්ල ආදියේ ඇඟිලි පුරුක් අතර ඔහු උපන් රාශිය හෙවත් ලග්නය සඳහන් වන්නේය.
මෙම හස්ත රේඛා රූප සටහනේ (අංක 1) දබරගිල්ලේ නිය සහිත පිහිටා ඇති ලකුණ මේෂ රාශියට හිමි ය. මෙය නිසි ආකාරව පිහිටියේ නම් ඔහු මේෂ රාශිය හෙවත් මේෂ ලග්නයෙන් උපන් අයෙකි. සාමුද්‍රිකා ඉර්ෂි මතය අනුව එය ලග්නයේ උදාව අනුව අංශක කලා අනුව ඇඟිලි පුරුකේ දිස් වේ. එවැනි අය දිනන ලද ඉන්ද්‍රයන් ඇත්තෝය. පෙනුමෙන් ශ්‍රියාවන්ත ශරීරයකි. ඇස් උස්ව බැලීම් ඇති පිත් අධික ශරීර ඇති වස්තූන් ලැබීමේ හිමිකාර කම් ලත් කරුණාවන්ත සිත් ඇති ලෝභී නොවන ත්‍යාගශීලීවන්ත අයෙක් බව සාමුද්‍රිකා ඉර්ෂින්ගේ මතයයි. මෙම ලකුණ අල්ලේ ඇඟිලි පුරුකේ විවිධාකාරව වැටේ. එය මේෂ ලග්නය අල්ලෙන් හඳුනා ගන්නා සැටියි.
දැන් දබරගිල්ල මැද පුරුක බලන්න. (අංක 2) පුරාණ සාමුද්‍රිකා ඉර්ෂින් වෘෂභ රාශියෙන් (ලග්නයෙන්) උපන් පුද්ගලයා හඳුනාගෙන ඇත්තේ එහි ඇති රාශියට හිමි ලකුණින්ය. එම ලකුණ යම් අතක දබරගිල්ලේ මැද පුරුකේ දිස්වේද ඔහුට වට වූ උස්වූ සිරුරක් ද පළල් වූ මුහුණක් ද මහත් කළවා සහ කෙණ්ඩ ද ඇලපත්වල හා මුහුණේ ලප පිහිටයි ද බලවත් වූ සිරුරක් ඇත්ද ඔහු වෘෂභ රාශියෙන් උපන් කෙනෙකි.
ස්වභාව ධර්මයට ආශා කරන ලස්සන ගස්වැල් මල්වතු උයන් සහිත පර්වතවල ඔවුන් ජීවත් කරවන බව කියයි. දැන් දබරගිල්ලේ මුල් පුරුක දෙස බලන්න (අංක 3) එය මිථුන රාශියට අයත්ය. යම් අල්ලක මිථුන රාශියේ ලකුණ වැටේ ද එවැන්නෝ මිථුන රාශිය උදා වෙද්දී උපන්නෝය. කිසියම් කෙනෙකුගේ දබරගිල්ලේ මෙම රූප ලක්ෂණය වැටීම අනංගයාට සමාන රූ සපුවක් ඇති මහත් වූ ඇස් ඇති සෙම් වා පිත් ඇති ශරීරයෙන් යුත් කෙළි සෙල්ලමේ හා සූදුවෙහි දක්ෂ මත්පැන් ප්‍රිය කරන නෑයන් නුරුස්සන අන්‍යයන්ට කෑම් බීම් ආදියෙන් සංග්‍රහයට කැමැත්තෝය. නොයෙක් දෙස් දේශයන්හි ඇවිදින කර්මාන්ත නිර්මාණයේ දක්ෂ අයය.
මෙම ලකුණ පිහිටන්නේ මිථුන රාශියෙන් උපන් කෙනෙකුටය. කටක රාශියෙන් උපන් කෙනෙකු අඳුනා ගන්නේ වෙදගිල්ලේ අග පුරුකේ පිහිටි ලකුණින්ය (අංක 4) එය කටක රාශියට හිමි ස්ථානයයි. මෙවැනි ලකුණු වැටුණ අය සටන් කාමීය. සත්‍ය ලෙස ආගම් භක්තිය ඇති ඉතා යහපත් ගුණා අංගයන් ගෙන් යුත් නුවණැත්තෝය. සියලු දෙනා කෙරෙහි ඒකාකාර ඇල්මෙන් ජීවත් වන්නෝය. දක්ෂ කථිකයෝය. සිංහ රාශියෙන් උපන් කෙනෙකු පැරැණි ඉර්ෂිවරුන් අඳුනාගෙන ඇත්තේ වෙදගිල්ලේ මැද පුරුකේ ඇති රූප සටහනින්ය (අංක 5) මෙවැනි අය කෙළින්ම නෙත් යොමා බලන්නෝය. මුහුණ ප්රතාපවත්ය. මෙවැනි රේඛා වැටුණ විට ඉතා ගැඹුරු අදහස් ඇති බොහෝ සැප ලබන අයෙකි.
මෙම ලකුණ සිංහ රාශියේ උපන් සමහර අත්හි දක්නා ලැබේ. වෙදගිල්ල (රවි ඇගිල්ල) මුල පුරුක තුළ කන්‍යා රාශියට හිමි රේඛා ලක්ෂණය (අංක 6) මෙහි දක්වා ඇත. කිසිවෙකුගේ අතක මෙම ලක්ෂණය මනා සේ පිහිටා ඇත්නම් ඔහු නිරන්තරයෙන්ම ඇවිදිලි අධික අයෙකි. ඔහුට පිහිටන්නේ උස් නොවූ අවයවය. (දැමිටු) සත්පුරුෂ ගුණයෙන් යුක්තය. නෑසියන්ගෙන් අපවාද ලබයි. දිලිසෙන මුහුණක් හිමිය. ස්ත්‍රීන් කෙරෙහි ඉතා ඇල්මෙන් යුක්තය. සෙම් අධික වූ ශරීරයක් හිමිය. සැප ලැබීමේ අධික ආශා ඇත්තෝය.
පැරැණි ඉර්ෂි මත අනුව ඉහත කී රේඛා සටහන කන්‍යා රාශියට හිමි වෙදගිල්ලේ මුල පුරුකේ වැටේ. තුලා රාශියට හිමි සලකුණු රේඛා සටහන සුළඟිල්ලේ අග පුරුකේ වැටේ. (අංක 7) සිනාවෙන් මුහුණ පුරවා ගත් සිරුරක් කන්‍යා ලග්නය හෙවත් රාශියට හිමිය. මෙවැනි ලකුණු කිසියම් අල්ලක සුළඟිල්ලේ අග පුරුකේ වැටුණ විට ඔහු ව්‍යාපාරිකයෙකි. වාසනාවන්ත අඹුවන් දරුවන් ඇති අයය. ගනු දෙනු කිරීමේ සමත්තුය. මෙම ලක්ෂණය වෘශ්චික රාශියේ උපන් කෙනෙකුගේ සුළගිල්ලේ මැද පුරුකේ වැටේ. ධනු රාශියෙන් උපන් අය හස්ත රේඛාවෙන් හඳුනා ගන්නේ සුළගිල්ලේ මුල පුරුක තුළ වැටෙන ඊතල ලක්ෂණයෙනි (අංක 9) යම් කෙනෙකුගේ අල්ලේ සුළගිල්ලේ මේ ලකුණ පිහිටියේ නම් ඔහුට හිමි මුහුණ වට කුරුය. පලාවන් පාට ඇස් ඇත. පෙනුමැති මුඛයකි. මෙවැන්නෝ ශාස්ත්‍රානුකූලව කර්මාන්ත දක්ෂ වූ අයය. සන්සුන් ගමන් ඇත්තෝය. ඔබේ මැදගිල්ලේ උඩ පුරුක (ශනි ඇඟිල්ලේ තුන්වන පුරුක) මකර රාශියට හිමිය. හස්ත රේඛා විද්‍යාවේ ඔබ උපන්නේ මකර ලග්නය හඳුනා ගන්නේ එහි පිහිටි ලාංඡන රේඛාවෙනි (අංක 10)
කිසියම් කෙනෙකුගේ අතක මෙම ස්ථානයේ එම රේඛා ලකුණ හොඳින් පිහිටියේ නම් කොට නොවූ ශරීරාවයන් ඇති තේජවන්ත වූ දක්ෂ වූ ක්‍රියා ඇති මධ්‍යම වයසේදී වස්තුව හීත වත්තා වූ බොහෝ දේශ - දේශාන්තරවල ඇවිදින්නා වූ නිශ්චල ගති ඇති ඉතා දුක් උසුලන්නා වූ ජන ප්‍රධාන වන්නා වූ දියුණු වන්නා වූ අයෙකි. මෙවැනි අය ස්ත්‍රීන් කෙරෙහි අධික සෙනේහයෙන් යුතුය. ධනවත් වන්නා වූ කෙනෙකු බව ඍෂි මතයයි.
කුම්භ රාශියට හිමි රේඛා අක්ෂර ලාංඡනය මැදගිල්ලේ මැද පුරුකේ වැටේ (අංක 11) මෙවැනි අය දික්වූ ශරීරාවයන්ගෙන් යුක්තය. බොහෝ සේ ගමනාගමනය කරන්නා වූ අයය. විපක්ෂ අය නැසීමෙහි උපායශීලී අයය. ප්‍රයෝග දත් බොහෝ උත්සාහ දරා ක්‍රියා කරන අයෙකි. කුම්භ ලග්නය උදාව තිබියදී උපන් අය පුරාතන සාමුද්‍රිකා ඉර්ෂින් හඳුනා ගත්තේ මැදගිල්ලේ මැද පුරුක දෙස බැලීමෙනි. ඔබේ හස්තයේ මීන රාශියට හිමි මැදගිල්ලේ මුල පුරුකයි. (අංක 12) ඔබ උපන්නේ මීන රාශිය උදාව තිබියදී නම් මෙහි දැක්වෙන ‘එච්’ අකුරු ආකාරයේ රේඛා ලක්ෂණ වැටේ. එය නියම ලකුණ මීන රාශියටය. ඔවුනට යහපත් ශරීරාවයන් පිහිටන්නේය.
යමෙකුගේ අතේ මෙකී ස්ථානයේ එම ලකුණ පිහිටා තිබේ නම් හෙතෙම යහපත් රූ ලක්ෂණයෙන් යුත් බැගෑපත් නොවන බලවත් වූ වචන කියන නුවණැති ස්වකීය අඹුවට දැඩි සෙනේහය ඇති මාන්නාධික - රහසින් සතුරන්ට පහර දෙන ජන ප්‍රධාන වූ ජනතාව අතර ප්‍රිය මනාප වූ ඉතා යහපත් ගුණාංගයන්ගෙන් යුත් අයෙකු බව සමුද්‍රිකා ඉර්ෂින් පෙන්වා දී තිබේ.
silumina.lk