iranama
අංකය 9න් උපන් අය නපුරට බරද?
ඔබ උපන් දිනය අංක නවයට නතුවන අංකයක් නම් ඔබේ ජීවවන අංකය 9 ය යි.
යම් කෙනෙක් 9,18,27 යන දිනක උපන්නේ නම් ජීවන අංකය නවය වේ.
ජීවන අංකය 9 ලබා උත්පත්තිය ලබන ඔබ කුඩාකළ සිටම දඩබ්බර චරිතයක් වනු ඇත.පාසලේ දී තම මිතුරන් සමඟ ද ගැටුම් ඇතිකර ගනී.නමුත් ඔබ ක්‍රියාශීලි වේ.පාසලේ විවිධ වූ ක්‍රීඩා කටයුතු සඳහා එක්වෙයි.
තම මිතුරෙකුට කවුරු හෝ අරියාදුවක් සිදු කළහොත් එම අරියාදුකරන්නාට එරෙහිව යුද්ධ කිරීමට නොබියව ඉදිරිපත් වනු ඇත. සමහර අවස්ථාවල පංතියේ මිතුරන් අතර ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.යුක්තිය අයුක්තිය කුමක් වුවත් හදිසි ආවේගශීලිත්වය නිසා නිතර නිතර රණ්ඩුවලට පැටලේ.
කුඩා කල සිටම ගුරුවරුන්ට හිස පහත් නොකරන ගතියෙන් යුක්තව කටයුතු කරයි.රැකියාවකට ගියත් එතන ප්‍රධානියාට හිස පහත් නොකරයි.වැරදි දුටු තැන ප්‍රධානියා ද යන වග සිතට නොගෙන ආරවුල් ඇති කරගනී.ඔබ ගමනක් යන්නේ නම් අනෙකා පසුකර ඉක්මනින් ගමන් කරයි. තමන්ට එරෙහිව යමෙක් කටයුතු කරයි නම් තමන්ට සිදුවූ දේට වඩා වැඩි හානියක් අදාල අයට සිදුකරන්නට පසුබට නොවේ.
හදිසි තීරණ ගන්නා අයෙකි.කොපමණ හදිසි තීරණයක් වුවත් කලින් හිතාමතා කළාක් මෙන් ඉතා සාර්ථක වෙයි.ඔබ ස්වාධීන අදහස්වලට ගරුකරන අයෙකු වේ.ඕනෑම භාර ධූර කටයුත්තක් පැවරුවොත් එහි ප්‍රධානත්වය ගෙන කිරීමට හැකියාව ඇත.
සෑම විටම ආත්ම අභිමානයෙන් කටයුතු කරන්නන් වේ.සංචාර වලට ප්‍රියය.
රථ වාහන පදවන්නෙකු නම් ඉතා කල්පනාවෙන් පදවන්න.වේගය අනතුරු ඇතිකරයි.
පවුලේ අය සමඟ නිතර විනෝදගමන් යන්නට ප්‍රියය.නිවසට අවශ්‍ය දේ මිලදී ගැනීමට අතේ ඇති මුදල වියදම් කරයි.
මේ අංකය හිමියන් පවුලේ සමඟිය රැක ගැනීමට උත්සහ කළද හදිසි කේන්ති කාරයන්ය.සහකරු/සහකාරිය සමඟ නිතර ගැටුම් ඇතිවේ.
ඉවසීම දරා ගැනීම පවුලේ සාමයට රුකුලක් බව මතක තබා ගන්න.නොඉවසුවොත් ඉතා අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දීමට සිදුවනු ඇත.සමහර ආරවුල් දුරදිග යාම නිසා පවුල් ජීවිතය දෙකඩ වීමටද ඉඩ ඇත.මේ නිසා හදිසි කෝපය පාලනයකර ගැනීමට භාවනා ආදියට යොමුවන්න.
ඔබ වැඩිපුර උෂ්ණ ආහාරවලට ප්‍රිය වුවත් ඇඟේ උෂ්ණ ගති ඇති අයෙකි.සැරට රසට ආහාර ගනී.එසේ නැති වූ විට ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරයි.හදිසි අනතුරුවලට ලක්වීමේ අවධානම වැඩිය.
ඇඟේ පලු දැමීම කුෂ්ට වැනි රෝග ඇතිවිය හැක.කෑමට ගන්නා මේ නිසා ආහාර පිළිබඳ සැලකිළිමත් වන්න.ලේ විෂවීම් ආදියෙන් රෝහල්ගත වීමට පවා ඉඩ ඇත.
ඔබගේ ජය අංකය ලෙස අංක 9 ද ට රතු හා අළු වර්ණ සුබය.සඳුදා දිනය ද සුබ වෙයි.ටොපෑස් පාෂාණ පැළඳීමෙන් වැඩි ආකර්ශනයක් ලබාගත හැකි වෙයි.
ඔබගේ ජීවිතයේ වැදගත් සිදුවීම් වන කාල ලෙස වයස අවුරුදු 9,18,27,36,45,54 හඳුනාගත හැක.ලේ ධාතුව කෝපවන රෝගවලින් විශේෂයෙන් ආරක්ෂා විය යුතුය.අවධානම් ස්ථානවලට යාමෙන් වලකින්න.සිතට වහල් නොවී බුද්ධියට ඉඩ දී කටයුතු කළොත් ජීවිතය සාර්ථකව ජයගත හැකි වෙයි.
Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks