සතුට තරම් පරම ධනයක් පුද්ගලයන්ට තවත් නැහැ. ඒත් අපි දහ දෙනෙක් සමග කතා කලොත් නව දෙනෙක්ම කියන්නේ “අනේ ඔහේ ජීවත් වෙනවා..කිසිම සතුටක් හිතේ නැහැ..” ඒ වුනත් ඔබ සතුටින් ජීවත් වෙන අයෙක්ද…? කියල ඔබටම තක්සේරු කරන්න පුලුවන්. ඒත් එක්කම අපි කියමුකෝ සතුටක් හිතේ නැහැ කියලා. එහෙම නම් මේ විදිහට ජීවිතේ හැඩගසා ගන්න…
ඇමරිකාවේ යේල් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ සහ ප්රජානන විද්‍යාව පිලිබඳ මහාචාර්ය “ලොරී සන්තෝස්” විසින් පෙන්වා දෙන අන්දමට ජීවිතයට මේ කරුණු සම්බන්ධ කර ගන්න. ලොරී සන්තෝස් යේල් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක්. ඇය විසින් ශිෂ්‍යන්ට දේශන පවත්වන්නේ “මනෝවිද්‍යාව සහ යහපත් ජීවිතය” යන විෂයයි. මෙම විෂය යේල් විශ්ව විද්‍යාලයේ වසර 316 ක ඉතිහාසයක් තිබෙනවා. මෙම පාඨමාලාව “ධනාත්මක මනෝවේදයේ මූලධර්ම” මත පදනම් වී තිබෙනවා. ඇගේ පංතියට ශිෂ්‍යයන් 1200 ක් සම්බන්ධව සිටිනවා. ඔබ සන්තෝස්ගේ පංතියේ ශිෂ්‍යයෙක් නොවුනත් මේ කරුණු අනුගමනය කිරීමෙන් නිවසේ සිටියත් සතුට උපයා ගන්න පුලුවන් බව ඇගේ අදහසයි.
කෘතඥතාවය දක්වන ලැයිස්තුවක් සකස් කරන්න.
අපේ ජීවිතයේ බොහෝ දෙනෙක් අපේ උදව්වට සිටිනවා. ඒ වගේම හැම දවසකම අපි කාගේ හෝ උදව්වක් ලබා ගන්නවා. ඒ නිසා ඔබ දවස අවසානයේදී අද මට උදව් කළ අයගේ ලැයිස්තුවක් සකස් කරන්න. එයින් ඔබේ හිතට විශාල සතුටක් ලැබෙනවා.
සැපදායක නින්දක් ලබා ගන්න.
සැපදායක නින්දක් ලැබීමත් සතුටට හේතු වෙනවා. අපි බොහෝ දෙනෙක් නින්ද ගැන හිතන්නේ නැහැ. අනේ නිදාගන්නවත් වෙලාවක් නැහැ.බොහෝ දෙනෙක් මේ සම්ප්‍රදායික වාක්‍ය කියලා හරිම කාර්ය බහුල චරිතයක් බවට පෙන්නුම් කරනවා. ඒ වුනත් සුවදායක නින්දක් නොලැබුනොත් එය ආතතියට හේතු වෙන බව මෙම මහාචාර්යවරිය විසින් පෙන්වා දෙනවා. ඒ නිසා ඔබ සුවදායක නින්දක් ලබන්න. එවිට ධනාත්මක සිතුවිලි වර්ධනය වෙනවා. ආතතිය දුරස් වෙනවා.
භාවනා කරන්න.
ඔබ දිනකට විනාඩි 10 ක් වත් භාවනා කරන්න.භාවනාවෙන් මානසික ඒකාග්රතාවයක් ඇති වෙනවා විතරක් නොවෙයි , හිතේ සැනසිලිදායක බවක් ගොඩ නැගෙනවා. මේ නිසා ඔබ පමණක් නෙවෙයි, දරුවන්ටත් භාවනා කිරීමට උපදෙස් දෙන්න. එය අධ්‍යාපන කටයුතුවලටත් ඉතාම ප්‍රයෝජනවත් වෙනවා.
පවුලේ අය සමග කාලය ගෙවන්න.
අද පවුල් හැම එකක්ම හුදෙකලාව කාලය ගත කරනවා. විද්‍යුත් සන්නිවේදනය නිසා මේ තැනට සමාජය පත් වුනත් එයින් ඇති වෙන මානසික ගැටුම සුලුපටු නැහැ. පවුලක් තුළ හැමදෙනාම එකට කතා බහ කරල, එකට ආහාර අනුභව කරල කාලය ගෙවනවා නම් හිතේ ඇති වෙන්නේ සතුටක්. ඒත් අද සමාජයේ අය හිතන්නේ සතුට තියෙන්නේ ජංගම දුරකථනයේ එහෙම නැත්නම් සමාජ ජාලවල කියලයි. අපේ උපකල්පන වැරදියි. පවුල තුලම අපි විතැන් වුනාම හිතට කිසිම සතුටක් නැහැ. ඒ නිසා නිවසේ අය සමග එකතුව ගත කරන්න. එය සතුටට හේතුවක් වෙනවා.
අන්තර්ජාල සම්බන්ධතාවයන් අඩු කරන්න.
ලොරී සන්තෝස් පෙන්වා දෙන අන්දමට ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ සම්බන්ධතාවයන් ලොඩ නගා ගත් අයට වඩා එවන් සම්බන්ධතාවයන් නොමැති අය වඩාත් සතුටින් ජීවත් වෙනවා. එහි අදහස එවන් පුද්ගලයන් අතර සැබෑම සම්බන්ධතාවයන් ඉහලයි. අන්තර්ජාලයට , එහෙම නැත්නම් වෙනත් එවන් මාධ්‍යය ජාල සමග සම්බන්ධතාවයන් දක්වන අය අතර වෙනත් සම්බන්ධතාවයන් අඩුයි. ඒ නිසා ඔවුන්ගේ සතුට නොදැනම හීන වෙන බව මෙම මහාචාර්යවරිය විසින් පෙන්වා දෙනවා.