Health
ෆේස්බුක්ල ට්විටර් යූ ටියුබ්ල ඉන්ස්ටර්ග්‍රෑම් ඇබ්බැහි වීමේ ව්‍යාධිය
අසීමාන්තික සයිබර් අවකාශය තුළ මහා ජංජාලයක් වී ඇති සමාජ මාධ්යල පුද්ගල ජීවිතයට සිදු කර ඇති බලපෑම සමාජයීය විද්‍යා පර්යේෂණ සිදු කිරීම දක්වාම දැන් ඔඩු දුවා තිබේග
මොකක්ද ප්රශ්නෙරෑ
අපිට නම් ප්‍රශ්නයක් නෑනෙරෑ මේ සම්බන්ධයෙන් බොහෝ පිරිස් දෙන පිළිතුර මෙයයිග මෙලෙස තරුණ කණ්ඩායම් ප්රමුඛව විවිධ සමාජ ස්ථරයන් නියෝජනය කරන පිරිස් ප්‍රශ්න කිරීමම මේ ජංජාලය තව තවත් පටලවා තබන්නට හේතුවක් වී තිබේග
විකාර කියවන්න එපා - සෝෂල් මීඩියා නැතිව මොනවා කරන්නදරෑ
මහජන සබඳතා ආශ්රිත කාර්යයන්වල නියැළෙන තරුණ කණ්ඩායම්ල වෘත්තීයවේදීන්ල විශ්ව විද්‍යාල සිසුන්ල ආචාර්යවරුන් ඇතුළු බොහෝ පිරිස් සමාජ ජාල අත්‍යවශ්‍යය යන්න වූ ඉතාමත් සාධනීය තර්කය ශක්තිමත් කිරීමට දායක වන ප්‍රබලම පිරිසයිග සමාජ ජාල සමඟ බැඳී සිටීම ඔබට වැදගත් ඇයිරෑ පැය 24 පුරා අලුත්වන රැකියා වෙළඳපල පිළිබඳ අවදියෙන් සිටීමටල වෘත්තීය පුහුණු අවස්ථා පිළිබඳ තොරතුරු දැන ගැනීමටල ඔබේ රැකියා ස්ථානයේ කටයුතු සමඟ සම්බන්ධීකරණය වීමට එසේත් නැතිනම් පුද්ගල සබඳතා පවත්වා ගැනීමටල ඕපාදූපල ප්රවෘත්ති මේ ඕනෑම හේතුවක් ඔබට බලපෑ හැකග
මේ අතර සැල්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලය මඟින් සමාජ ජාල ඇසුරු කරන්නන් පිළිබඳ කළ සමීක්ෂණයකින් අනාවරණය කරගෙන ඇත්තේ කවුරුන් කෙසේ කීවද ෆේස්බුක්ල ට්විටර් වැනි අතිශය පුද්ගල බද්ධ සමාජ මාධ්‍ය ඇසුරු කරන බහුතරයකගේම ජීවිත සාධනීය වෙනසකට ලක් වී නැති බවයිග
ඒ ඇයිරෑ
සමීක්ෂණයට පාත්‍ර වූ අයගෙන් 45්‍රක්ම කියා ඇත්තේ මේ ඇසුර ඔවුන්ව වේදනාවටල වෙහෙසට හෝ අසහනකාරී තත්ත්වයකට පත් කළ බවයිග
සමාජ මාධ්‍ය නූතන රැකියාවට බද්ධ වූ ඉතා වැදගත් අංගයක් ලෙස සැලකුවත් එය දිගුකාලීනව බලපෑ හැකි ආතතීන් දක්වා ඔවුන්ව ගෙන ගොස් ඇති බව සමීක්ෂණයන් තහවුරු කර තිබුණිග
සති අන්තයෙන් පටන් ගෙන සතියේ දින පහේමත්ල දිවා කාලයේත්ල රෑ නොනිදාත් බහුතරයක් පරිගණකයේ හෝ තම අයි ෆෝනයේ ඇලී සිටින බව ලොවට රහසක් නොවේග විටින් විට තම ටයිම් ලයිනය පිරික්සා බැලීමටත් වෝල් මත එළා ඇති තොරතුරු දැන ගැනීමටත් මා පෙළෙන කුතුහලය මා නම් හොඳින්ම දනිමිග මේ මත් වීම නවතම මෘදුකාංග නිපදවන්නන්ට ප්‍රමාණවත් උත්තේජනයකිග නමුත් දිනෙන් දින හඳුන්වා දෙන නව මෘදුකාංග ද මිනිසාගේ පිරිසුදු මනසට ගෙනදී ඇත්තේ වේදනාවක්ම පමණිග
මොළේට මොනව වෙලාදරෑ
සමීක්ෂණයට බඳුන් වූ තරුණ තරුණියන් සැලකිය යුතු පිරිසක් අවංකව ප්‍රකාශ කර ඇත්තේ මේ විපරීතය නිසා ඔවුන්ට මතක ඇති කාලයකින් රාත්‍රියේ සුව නින්දක් නොලැබුණු බවයිග තවද තම දුරකථනය නාද වෙනු ඇසෙන්නාක් මෙන් දැනෙන බවද එයින් සිය මානසික ඒකාග්‍රාතාව බිඳ වැටෙන බවද එය පීඩාවක්ව ඇති බව ද ඔවුන් හෙළි කර තිබුණිග මින් පෙරල නින්දට යන්නට මත්තෙන් අතීතයේ දරුවන්ව පුරුදු පුහුණු කර තිබුණේ ආගම දහම සිහිකර පී‍්‍රතිමත්ව නින්දට යන පිළිවෙළටයග
නමුත් මේ සමීක්ෂණයටම නතු වූ කණ්ඩායම්වල වැඩි පිරිසක් රාත්‍රියේ නින්දට පෙර දහවලේ ආතතිය බිඳ වෙහෙස නිවා ගැනීමට යොදාගෙන තිබුණේ ෆේස්බුක් ට්විටර් යූ ටියුබ් ඉන්ස්ටර්ග්‍රෑම් ආදී වූ ඇසුරකිග ඒ ව්‍යාධිය කොයිතරම් බරපතළ වී තිබෙනවාද කියතොත් මේ වනවිට බහුතරයක් දෙනා පසුවනුයේ තම අයි ෆෝනය නැති වුණොත් නම් මං ඉවරයිග වැනි වූ මාරාන්තික භීතිකාව සමඟ බවද සමීක්ෂකයින් හෙළි කරගෙන තිබේග
තවද පුද්ගල පෞරුෂය ප්‍රවර්ධනය කර ගැනීමේ වෙහෙසකාරී අරමුණෙන් හා පුද්ගල සබඳතා අත් නොහැර ගැනීමට ඇති ලෝභකමේ අන්තයටම ගොස් කාංසාමය නම් වූ රෝගී තත්ත්වය ද පසාරු කරගෙන සිය දිවි නසා ගැනීම තෙක්ම පාලනය කළ නොහැකි තත්ත්වයට පත් වී ඇතැයි ද සමීක්ෂකයින් අනාවරණය කරගෙන තිබේග
කෙසේ නමුත් ඔවුන් මේ සඳහා යම් විසඳුමක් ද ඉදිරිපත් කොට තිබුණිග එනම් අඩු ආතතියකින් තමන්ගේ එදිනෙදා කටයුතු මේ ජංජාල මාධ්‍ය සමඟ සමබර කරගත හැකි ක්‍රම කීපයක් ඔවුන් ඒ සමඟ හඳුන්වා දී තිබුණිග එනම් මෙසේයග ඔබ සමාජ මාධ්‍යයට ඇබ්බැහි වී ඇති අයෙකු නම් සමාජ ජාලයෙන් ටිකකට විවේක ගෙන ඇවිදින්න නැතිනම් ටෙලිවිෂනය ටිකක් බලන්න නැතිනම් හොඳ චිත්‍රපටියක් බලන්නග ඊමේල් බැලීමට පිළිවෙලක් - කලාවක් සකසා ගන්නග
විශේෂයෙන්ම ඊමේලයක් දුටු පමණින් පිළිතුරු යවන්නට කලබල නොවී :අත්‍යවශ්‍ය අවස්ථාවක හැර- අඩු තරමින් ටික වේලාවක් එය පමා කරන්නග
එසේත් නැත්නම්ල
ඔබ රැකියාවේ යෙදෙන විට හෝ දේශනවලට සහභාගී වී සිටින විට හෝ මහජන සබඳතා ආශි‍්‍රත කටයුතු වල නියැලී සිටින විට සමාජ ජාල පිටුල ගිණුම් සියල්ල වසා තබන්නග
curtesy : dinamina.lk