Health
ෆාමසියෙන් විටමින් ගත්තට නීරක්තිය :පාණ්ඩුව- අඩුවෙන්නේ නෑ
සාමාන්‍ය වැඩිහිටියෙකුගේ සිරුර තුළ රුධිරය පයින්ට් අටක් පමණ ඇතග සංවෘත වූ රුධිරවාහිනී පද්ධතිය තුළ ඇති මේ රුධිරය හෘදය වස්තුව මඟින් සිරුර පුරා පිහිටි පටක කරා ඉන් පසුව නැවත හෘදය වස්තුව කරා සංසරණය වෙමින් පවතීග මෙම රුධිර සංසරණය නැවතී මිනිත්තු කිහිපයකින් මිනිසාගේ මරණය සිදු වේග
රුධිරයෙහි රතු පැහැයට හේතු වී ඇති සංඝටකය කුමක්දැයි ඔබ දන්නවාදරෑ ඒ තමයි රතු රුධිරානු හෙවත් රතු රුධිර සෛලල තවත් නිවැරදිව කියනවා නම් රතු රුධිර සෛලවල රතු පැහැයට හේතු වී ඇත්තේ ඒවා තුළ පිහිටි හිමොග්ලොබින් නම් වර්ණකයයිග
රතු රුධිරානු වලින් කෙරෙන කාර්යය කුමක්දරෑ
අප හුස්ම ගන්නා විට පෙනහලු කරා ඇදී එන වාතයෙහි අඩංගු ඔක්සිජන් නම් වායුව රතු රුධිරානුවල පිහිටි හිමොග්ලොබින් වර්ණකය මඟින් උරාගෙන නැවත හෘදය වස්තුවට ගොස් එහි සිට ශරීරය පුරා පිහිටි පටකවල සෑම සෛලයක් කරාම බෙදා හරිනු ලැබෙනවාග
හොදයිල අවශ්‍ය තරමට රතු රුධිරානු හෝ හිමොග්ලොබින් වර්ණකය අප සිරුර සතුව නැත්නම් කුමක් වෙයිදරෑ
ඒ තත්ත්වයට කියන්නේ නීරක්තිය කියලග සාමාන්‍ය ව්යවාහාරයේදී හඳුන්වන්නේ ර්ණපාණ්ඩුවර්ණ කියලග හිමොග්ලොබින් වර්ණකය අඩුවීම නිසා ශරීරයේ රතු පැහැය අඩු වී සුදුමැලි වෙනවාග ලෙහෙසියෙන් මහන්සි ගතිය දැනෙනවග මලානික වෙනවාග කරකැවිල්ල හිසරදය ඇති වෙනවාග සමහරවිට පපුවේ වේදනාවක් හට ගන්නවග හෘදය වස්තුව වේගයෙන් වැඩ කරන්න පටන් ගන්නවාග ඒ නිසා යම් වැඩක් කරන විට පපුව ගැහෙන්න පටන් ගන්නවාග අත්ලල පත්ලල හිසල දිව සහ ඇසිපියෙහි ඇතුල් පැත්ත කහවන් සුදු පැහැයක් හෙවත් පාණ්ඩු පැහැයක් ගන්නවාග සමහරවිට කකුල් ඉදිමී හිරි වැටෙන්නටත් පුළුවනිග නිය ලෙහෙසියෙන් කැඩෙන සුළු ස්වභාවයකට පත්වීම පමණක් නොව ඒවා මැදින් වක ගැසී තුනී වන්නත් පුළුවනිග
රක්තහීනතාවය හෙවත් පාණ්ඩුව හේතුවරෑ
1ග රතු රුධිරානු වර්ධනයට අවශ්‍ය වන යකඩල විටමින් ඕ සහ ෆෝලික් අම්ලය වැනි ශුද්‍ර පෝෂක ශරීරයට ආහාරයත් සමඟ නිසි ප්‍රමාණයට නොලැබී යාම රක්තහීනතාවයට ප්‍රධානතම හේතුවයිග
2ග යම් හෙයකින් රතු රුධිරානු නිපදවන ඇට මිදුළු රෝගී වීමත්ල ලියුකීමියා රෝගය වැළදුණු විටත්ල වකුගඩු ක්‍රියා විරහිත වූ විට සහ පිළිකා රෝගි තත්ත්වයන් ඇති වූ විටත් රක්තහීනතාවය ඇති විය හැකියිග
3ග කාන්තාවන්ගේ මාස් ශුද්ධිය හෙවත් ආර්තව රුධිර වහනය වැඩිපුර සිදුවන්නේ නම්ල මිනිසුන්ට වැළඳෙන අර්ශස් රෝගය නිසා අධි වශයෙන් ගුදයෙන් රුධිර වහනය සිදුවන්නේ නම්ල කොකු පණුවන් බඩවැලේ එල්ලී ලේ උරා බොන්නේ නම් හෝ සිරුරේ ඇති වූ යම් තුවාලයකින් අධිකව රුධිරය ගලයි නම් එයද රක්තහීනතාවයට තුඩු දිය හැකියිග
4ග අප සිරුර තුළ රතු රුධිරානු නිපදවීම සහ කලක් ගිය පසු ඒවා විනාශ වී යාම නිරතුරුවම සිදු වෙයිග රතු රුධිරානු නිෂ්පාදනය අඩු වූ විට මෙන්ම ඒවා විනාශ වීම අධිකව සිදුවන්නේ නම් එවිට ද රක්තහීනතාවය ඇතිවිය හැකයිග හැඩය වෙනස් වූ රතු රුධිරානු ඇති වීම :උදාග ඉඪජඬතඥ ඛ්ඥතත ඒදචඥථඪච සහ ඊඩචතචඵචඥථඪච- සහ ප්ලීහාව ඉදිමුණු විටද :ඩ්රනඥප ඉනතඥදඪඵථ- රක්තහීනතාවය ඇති වෙයිග
අපේ අම්මලාට හන්දිපත් රුදාවල ප්‍රතිකාර වශයෙන් ගන්නේ ඇස්පී්රන්ල ටික කලක් යන විට අම්මා සුදුමැලි වුණාග දොස්තර මහත්තය පරීක්ෂා කර බලල කිව්වා ඇස්පී‍්‍රන් නවත්වන්න කියලග සුදුමැලි වුණේ ඒ නිසාලුග ඇස්පී‍්‍රන් හා රක්තහීනතාවය අතර සම්බන්ධය කුමක්දරෑ
ඇස්පී‍්‍රන් පමණක් නොවෙයිග හන්දිපත් රුදාවට දෙන බොහෝ ඖෂධ වර්ග නිසා ආමාශයේ සහ ආහාර මාර්ගයේ තුවාල ඇති වී ලේ ගලන්නට පුළුවනිග කලක් යනවිට ලෙඩාත් නොදැනුවත්වම ඇඟ සුදුමැලි වී රක්තහීනතාවය ඇති වෙන්නට පුළුවනිග ඒ නිසයි ඇස්පී‍්‍රන් ගැනීම නවත්වන්න කියන්න ඇත්තේග
රක්තහීනතාවය හෙවත් පාණ්ඩුවෙන් පෙළෙන්නන්ගේ රෝග ලක්ෂණ ලෙස ඇඟ සුදමැලි වී ඇත්තේ ඈලිමෑලි දුබල ගතිය දැනේ නම්ල ඇඟ ලේ වඩන විටමින් බෝතලයක් ෆාමසියෙන් අරගෙන බිව්වම හරිනේගගගගරෑ
ඒක වැරදියිග එහෙම කරන්න එපාග මොකද දන්නවදරෑ රක්තහීනතාවය ඇති වීමට හේතු වන සාධක රාශියක්ම තියෙනවනේග ඒ නිසා රක්තහීනතාවයෙන් පෙළෙන්නන් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරවා ගත යුතුමයිග එයට හේතුව පරීක්ෂණ මඟින් හඳුනාගත යුතුයිග රක්තහීනතාවයේ මට්ටම හඳුනා ගැනීම සඳහා රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණය මැන බැලිය යුතුයිග රක්තහීනතා වර්ගය හඳුනා ගැනීමට රුධිර සෛල අන්වීක්ෂයෙන් පරීක්ෂා කර බැලිය යුතුයිග
රෝගී තත්ත්වය ඇති වීමට හේතු වූ රෝග නිධානය හඳුනා ගැනීම සඳහා ඔබේ වෛද්‍යවරායා ඔබේ ආහාර පාන ගැන විමසාවිග කාන්තාවන් නම් ආර්තව රුධිර වහනය පිළිබඳව විමසාවිග අර්ශස් රෝගයෙන් පෙළෙන්නේ දැයි අසා ආමාශයේ හෝ බඩවැලෙන් රුධිර වහනයක් සිදුවේ දැයි දැන ගැනීමට ඔබ භාවිතා කරන ඖෂධ ගැන විමසාවිග කොකුපණු රෝගය තිබේදැයි දැන ගැනීමට ඒ පිළිබඳව විමසාවිග සමහරවිට මළපහ සාම්පලයක් පරික්ෂා කරවා පණු බිත්තර ඒවායෛ් තිබේදැයි සොයා බලාවිග අවසානයේ රක්තහීනතාවය කිනම් හේතුවක් නිසා ඇති වූවාදැයි වෛද්‍යවරයා විසින් තීරණය කරාවිග
රෝග විනිශ්චයට අනුවයි ප්රතිකාරයල හැම කෙනෙකුටම විටමින් බෝතලයක් නියම කරන එකක් නැහැග
අධික රක්තහීනතාවයෙන් පෙළේ නම් සිරුරට ඉක්මණින් ලේ ලබා දේවිග :රුධිර පාරවිලනය කරාවි- පෝෂක ඌනතාවයක් නම් :යකඩල ෆෝලික් අම්ලයල විටමින් බී 12 වැනි- එම පෝෂක නික්ෂේපනය පෙති හෝ සිරප් මඟින් ලබා දේවිග රක්තහීනතාවයට හේතුව රුධිර වහනයක් නම් එය නතර කිරීම සඳහා ප්‍රතිකාර කරාවිග පිළිකාවක්ල ලියුකේමියාවක් හෝ වෙනත් රෝගී තත්ත්වයක් ඇත්නම් ඊට පිළියම් කරාවිග
අවුරුදු 4ක් වයසැති මගේ දරුවා පෝෂණ නිරක්තියෙන් පෙලෙන බව ළමා සායනයේදී වෛද්‍යවරයා කීවාග පණු රෝගයන්ගෙන් පෙලෙන බව පවසා පණු ප්‍රතිකාර පෙතිත් ලබා දුන්නාග කහපාට සහ දුඹුරු පාට පෙති වගයකුත් දුන්නාග දරුවාගේ මන්දපෝෂණ තත්ත්වය මඟහරවා ගැනීමට ගත යුතු පියවර ගැන උපදෙස් දෙන්න පුළුවන්දරෑ
කුඩා දරුවන්ට රක්තහීනතාවය ඇති වීමට ප්‍රධානතම හේතුව ආහාරයේ ඇති යකඩ සහ විටමින් ඌනතාවයයිග බඩවැලෙහි කොකුපණුවන් ඇති වීම නිසා මේ තත්ත්වය උග්‍ර අතට හැරෙයිග
සායනයේ ලබාදුන් ප්රතිකායට අමතරව ඔබේ දරුවාට කරවලල මාළුල මස්ල සෝයාල කොළ වර්ගල මුං ඇටල උළු දු වැනි මාංශ බෝග සහ තම්බපු නිවුඩු සහලින් පිසූ බත් ආහාරයට දෙන්නග කෑමෙන් පසු ඉදුණු අලුත් පළතුරු කෑමට ගතහොත් ඒවායේ විටමින් සී ඇති නිසා යකඩ ධාතු ශරීරයට පහසුවෙන් උරා ගනීවිග යකඩ පෙති සමඟ විටමින් සී පෙති දෙන්නෙත් බඩවැලේදී යකඩ උරා ගැනීම පහසු කරවීමටයිග කොකු පණු රෝගය නිසා ඇතිවන ලේ හිඟකම වැළැක්වීම සඳහා දරුවා ඇතුළු පවුලේ සියලු දෙනාම සෞඛ්යාරක්ෂිත වැසිකිලි භාවිතයට පුරුදු වන්නග කොකු පණුවන් යටි පතුල් හරහා ශරීරයට ඇතුල් වීම වැළැක්වීමට නිතර පාවහන්ල සෙරෙප්පුල පළඳින්නග පවුලේ සාමාජිකයන් සියලු දෙනාටම එකවර කොකු පණු ප්‍රතිකාරය ලබා දෙන්න
curtesy :
dinamina.lk