ජ්‍යෙතිර් විද්‍යාවට අනුව හෝරාවක් යනු පැයක කාල පරාසයකි. සූර්ය උදාවේ සිට අස්ථය දක්වා කාලයත්, අස්ථයේ සිට පසුදින සූර්ය උදාව දක්වාත් පැය 24 ක කාල පරාසය එක් එක් ග්‍රහයන්ට අනුව එනම් ප්‍රධාන ග්‍රහයන් 7 දෙනාට අනුව බෙදා වෙන්කර හෝරා චක්‍රය සකසා ඇත. ඒ අනුව එක් ග්රහයෙකුට අයත් හෝරා කාලය පැයක් නැතහොත් විනාඩි 60 කි. හෝරාව ආරම්භ වන්නේ සූර්ය උදාවත් සමඟය. දින අධිපතියාට එම දිනයේ පළමු හෝරාව අයත්ව සෙසු ග්‍රහයන්ගේ නම්වලින් හෝරා චක්‍රය බෙදා දක්වා ඇත. එනම් ඉරිදා දින රවි හෝරාවෙන්ද, සඳුදා දින සඳු හෝරාවෙන්ද ආදි ලෙස හෝරා චක්‍රය ගොඩනඟා ඇත.
අර්කඃ ශුක්‍රෝ බුධන් චන්ද්රඃ ශනීර් මන්ත්‍රී මහී සුතඃ
එනම්, රවි, ශුක්‍ර, බුධ, චන්ද්‍ර, ශනි, ගුරු, කුජ යන පිළිවෙලට හොරාවන් බෙදී යයි. මුහුර්ථ චින්තාමනී හා මාන භාගරි ග්‍රන්ථවල පැය 24 හෝරාවලට බෙදන ලෙස හෝරා චක්‍රය සකස් කරගත යුතු බව සඳහන් වේ.
හෝරාව වැඩි වශයෙන් යොදා ගන්නේ ශුභ මුහුර්ථ සාධනය සඳහා ය. ඒ අනුව එක් එක් කාර්යන්ට ගැලපෙන පරිදි හෝරා සකස් කරගත යුතුය.
ප්‍රධාන ග්‍රහයන් 7 දෙනාගේ නමින් දක්වා ඇති හෝරාව භාවිතය දැන් අපි විමසා බලමු. කාර්ය සාධනයට මෙම ග්‍රහයන්ට අයත් හෝරා කුමන ආකාරයෙන් බලපාන්නේ දැයි ජ්‍යෙdතිෂයට අනුව විග්රහ කරගත යුතු වේ.
ඒ අනුව රවි හෝරාව
ප්‍රභූන් බැහැ දැකීමට
ගිවිසුම් අත්සන් කිරීමට
පෙත්සම් ඉදිරිපත් කිරීමට
ඉඩකඩම් බදු දීමට
දේශපාලන කටයුතුවලට
රන් රිදී වැඩවලට
මන්ත්‍ර ශාස්ත්‍ර හැදැරීමට
චන්ද්‍ර හෝරාව
සඳු ග්‍රහයාට හිමි වන අතර චන්ද්‍ර හෝරාවේදී පහත සඳහන් කාර්යයන් කරනු ලබේ.
සියලු ශුභ කටයුතුවලට චන්ද්‍ර හෝරාව භාවිතා වේ. ඊට අමතරව
ගොවිතැන් කටයුතු සඳහා
ළිං කැපීමට
ජලය ආශ්රිත ව්‍යාපාරවලට
කෙනකුගෙන් උදව් ගැනීමට
ගීත නිර්මාණවලට
භෝජන ශාලා ආරම්භයට චන්ද්‍ර හෝරාව යොදා ගනී.
කුජ හෝරාව
තරගකාරී කටයුතුවලට
නඩු පැවරීමට
ඉංජිනේරු ශිල්පයට
කර්මාන්ත ආරම්භයට
දිව්රුම් දීමට
මුද්‍රණ කටයුතුවලට
ආයුධ භාවිතයට
තුරඟ තරගවලට
සම්මුඛ පරීක්ෂණවලට
බුධ හෝරාව
අත් පොත් තැබීම
ශාස්ත්‍ර ආරම්භයට
ඉගැන්වීම් කටයුතු සඳහා
ගණිත මිණිත කටයුතු සඳහා
වෙළෙඳාමට
ජ්‍යෙතිෂ කටයුතු ආරම්භයට
ශාස්ත්‍රීය කටයුතු ආරම්භයට
ගුරු හෝරාව
සියලුම ශුභ කටයුතු
විවාහයට
පොත් ලිවීමට
මන්ත්‍ර ශාස්ත්‍ර හැදැරීමට
පාසල්, නිවාස ඉදිකිරීමට
රක්ෂණ ඔප්පුවලට අත්සන් කිරීමට
ගුවන් ගමන්වලට
මුදල් තැන්පත් කිරීමට
බෙහෙත් පාවිච්චි කිරීමට
සිකුරු හෝරාවෙන්
ගමන් බිමන් යැමට
උදව් ලබා ගැනිමට
නිර්මාණ කටයුතුවලට
මැහුම් ව්‍යාපාර ඇරැඹීමට
ස්වර්ණාභරණ මිලදී ගැනීමට
විවාහයට
රසකැවිලි නිෂ්පාදනය
නවීන කර්මාන්ත ඇරැඹීමට
සංගීත සංදර්ශන ඇරැඹීමට
ශනි හෝරාව
යෝග ව්‍යායාම
භාවනා කටයුතු
පතල් වැඩ
දරුණු අය මෙල්ල කිරීම
පැවිදි කිරීමට
බෞද්ධ කටයුතු සඳහා
අල වර්ග සිටුවීමට
මෙසේ ඉහත සඳහන් කාර්යයන් සාධනය කර ගැනීමට කාල හෝරාව භාවිතයට ගනී, මුහුර්ත කේන්ද්‍රයේ හෝ ජන්ම කේන්ද්‍රයේ 8 වැන්න හිමි හෝරා ඉතා අශුභ වන අතර ඒවා යහපත් කටයුතු සඳහා භාවිතයට නොගනී.
එක් හෝරාවක් ඔර්ලෝසු පැයක් ලෙස ගනී. එය විනාඩි 12 ක් බැගින් වූ පංචම හෝරාවන්ටද බෙදා ඇත. ඒ අනුව එක් ග්රහයෙකුගේ හෝරාවක් තුළ විවිධ ග්‍රහයන්ගේ ගති සොබා ඇති කරයි. තත්කාල හෝරාවේ පළමු පංචම හෝරාව හෝරා අධිපතිට අයත් වේ. එතැන් සිට සතියේ දින පිළිවෙළට ඉතිරි හෝරා යෙදේ. ඒ අනුව
රවි හෝරාවේ,
මුල් විනාඩි 12 රවිට
2 වන විනාඩි 12 සඳුට
3 වන විනාඩි 12 කුජට
4 වැනි විනාඩි 12 බුධට
5 වැනි විනාඩි 12 ගුරුට අයත් වේ.
මෙම පංචම කාල හෝරාවලත් 1 න් කොටසක් විෂ පංචම හෝරාව ලෙස නම්කර එය යහපත් වැඩට නොගනී.
ශනි හා චන්ද්‍ර හෝරාවල මුල් විනාඩි 12 ද බුධ හා සිකුරු හෝරාවල මැද විනාඩි 12 ද ගුරු කුජ හා රවි හෝරාවල අග විනාඩි 12 ද විෂ පංචම හෝරා වන අතර එම කාල මුහුර්ථ සෑදීමේදී භාවිතයට නොගනී. දිනයේ උදාවෙන් ඇරැඹෙන හෝරා චක්‍රය සියලුම ජ්‍යෙdතිෂ වැඩවලට දුරාතීතයේ සිටම භාවිතයට ගෙන ඇත.