Beauty
හෙළ වෙදකමින් ලස්සණවීමට රහස්
පුන්සඳවන් මුහුණකට,සුන්දර අත්වැලක්
කළු,සුදූ තලෙළු ඕනෑම කෙනෙක් ඉමහත් වෙහෙසක් දරන්නේ තමන්ගේ රූපය තවත් ඔපනන්වීමටය. අද ඉතාම වේගවත්ව දියුණු වන රටක් තුල ජිවත්වන අප සැම අවිවේකි ජිවිතයකින් පිරී ඇත තමන්ගේ රූපය තවකෙක්ගේ සිත් ඇද ගන්නා පෙනුමක් කර ගනීමට අවිවෙකී ජිවිතය තුළ කාලයත් සහ මුදලත් වෙන් කර ගැනිමට අප කවුරුත් පසු බට නෙවේ. එම වටිනා කාලය සහ මුදල්වන බව අප කිහිපවිටක්ම සිතා බැලිය යුතුය. මන්ද අද කෘතිම රසායනික ද්‍රව්‍යන් ගෙන් යුතු ඉතා ක්ෂණික ප්‍රථිඵ්ල ලැබෙන ආලේපන වර්ග බොහෝය. එවැන් දෑ විතරක් නොවේ අපගේ රූප වර්ධනය සඳහා ඉමහත් සෙවයක් කරන් අප ගන්නා ආහාර පාන ආදිය දෑ වස බවට පත්වී හාමාරය. මේ සියළු දේ අවසානායේ සිතුවන්නේ අප සැමගේ සුන්දරත්වය උදුරා ගැනීමය. එදා අපගේ ඉපැරණි කාන්තාවෝ රූප සමීප පන්තියෙන් බොහෝ අගතැන්පත්ය.අදට වඩා ඔවුන් මහ පොළ්වත් සමඟ පොරබැඳ ඔවුන් ගේ ජිවන රටාව ගෙව්වාය. එහෙත් ඔවුන් ඉතාමත් රූප ස්භාවයකට උරුමකම් කිවාය.අප සිංහල කාව්‍ය රචකයකින් එයට ඕනෑ තරම් නිදසුන් පළ කර ඇත. එහෙනම් කොහොමද? අදට වඩා නොදියුණු සමජයක් තුළ ඔවුන්ගේ ජීවන රටාව සහ පැවැත්ම තිබුණේ ගහකොළ ස්පර්ශ කරමින්ය. ඇළෙන්,දොළෙන් ගලා එන ජලයෙන් ගත පිරිසිදු කර්ගත්තේ එය ගතට පමනක් නොව මානසික සුවයට ද පිටුවහල් වුයේය. දේශිය වෙදකම ඔවුන්ගේ ජිවිතයේ කොටසක් කරගෙන තිබුණ නිසා ඔවුන්ගේ රූසපුව මන ලෙස වර්ධනය කර ගැනීමට එතරම් අපහසුවක් වුයේ නැත.එදා පැවත ගෙන ආ දේශිය වෙද කමේ රූප ස්භාවය වර්ධන සදහා නියමයන් වූ ප්රතිකර්මයන ඔබට හඳුන්වා දෙමි.
*ඔබේ සම වියළි නම් කෝමාරිකා යුෂ, දෙහි යුෂ හා මී පැණි එක්කර මිශ්‍රනයක් සකස් කොට මුහූණට පැහැපත් බවක් සහ මුහුණ පිරිසිදු වීමට හේතුය
*ඔබ තෙල් ගතියකින් යුතු සමකට හිමි කම කියයි නම් පිපිඤ්ඤා යුෂ,දෙහි යුෂ හා මී පැණි එක්කොට මිශ්‍රණයක් සදා මුහුණේ ආලේප කරන්න. නො එසේ නම් බිත්තර සුදුමදය හා දෙහි යුෂ දමා මිශ්‍රණයක් සකස් කර මුහුණේ ගා සෝදා හරින්න. තෙල් සහිත සම සම්බන්ධයෙන් මෙය වැදගත්ය.
*වෙනිවැල් ගැට කුඩු, කොකුම් පොතු කුඩු හෝ සුදුහඳුන් කුඩු හා පැණි ස්වල්පයක් දමා මිශ්‍ර කර මුහුණේ ආලේප කර මද වේලවක් තබ සෝදා හරින්න. ඔබට පැහැපත් සමක් හිමි වේවි.
*මුහුණේ සම සම්බන්ධයෙන් උනන්දු වන්නන්ට කොහොඹ දළු, සියඹලා දළු, අමු කහ අඹර සකසාගත් මිශ්‍රණය පොට්ටනියක් බැඳ වන්ඩුවේ තම්බා මඳ රස්නයෙන් මුහුණ මත තවන්න.
*රාත්‍රියට ඔලිව් තෙල් මදක් ගෙන මුහුණේ සහ ගෙල පෙදෙස අලේප කර ඇගිලි තුඩු වලින් මද වේලාවක් සියුම් ලෙස පිරිමදින්න පසුව සෝදා හරින්න.මුහුණේ රැලි බව දුර්ලයි.
*බිත්තර සුදු මදය,ඉඳුණු පැපොල් මදය, ඔලිව්තෙල්,මි පැණි, යෝගට්, ඉඳුණු බෙලි මද, සව්හල් කැඳ ආදිය සම මත ආලේප කොට මද වේලාවකට පසු ඇල්වතුරෙන් සේදීමෙන් සමෙහි කාන්තිමත් බව ඇති වේ.
*සුදු හඳුන්, සැවැන්දරා මුල්, ඇල්දියෙන් අඹරා ගෑමෙන් සම පැහැපත් වෙයි.
මුහුණේ ලප සඳහා.....................
කටු ඉඹුල් ගගේ කටු උදුරා එළ කිරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගා උදෑසන ඇල්වතුරෙන් මුහුණ සේදීමෙන් යහපත් ප්‍රතිඵ්ල උදාකර ගත හැකිවෙයි. දෙසතියක් පමණ නොකඩවා මෙය කළ යූතුය. මේ සඳහා තවත් ක්‍රමයක් නම් අමුක්කාර අල, ලබු ඇට, සුදු හදුන් එක පමණට හා අබ ඇට(සුළු ප්‍රමාණයක්) ගෙන සිහින් කර මී කිරිවලින් කකාරා රත්‍රි නින්දට යන්විට ලපවල හා උදේට ඇල්දියෙන් සේදීමෙන් සියළු ලප මැකියයි.
*ලොත් සුඹුලු,මනෝසීල, වෙනිවැල් ගැට, කහ එක හා සමානවද අබ (ස්වල්පයක්) ගෙන තැඹිලි වතුරෙන් අඹරා සේදීමෙන් සියලු තිත් ලප නැතිවේ.
කුරුලෑ ....................
මුහුණු අවලක්ෂණ වීමට ප්‍රධාන සාධකයක් වන කුරුලෑ පිළිබදව බොහෝ දෙනාගේ දැඩි අවධානය ලක්වේ ද්විතීයික ලිංගික ලක්ෂණ හටගන්නා අවදියේ කුරුලෑ ඇතිවීම ස්භාවිකය.
*කුරුලෑ වලට ප්‍රතිකාර ලෙස ලොත් සුඹුලු,වද කහ කොත්ත මල්ලි අඹරා ගෑම සුදුසුය.
*සුදු හදුන් මී පැණියෙන් අඹරා අලේප කිරිමෙන් ද කස්තුරි කහ,වෙනිවැල් ගැට, සුදු හදුන් එක ප්‍රමාණයට ගෙන මී පැණියෙන් අඹරා මුහුණේහි ආලේප කිරිමෙන්ද කුරුලෑ නැතිවෙයි.
*කුරුලෑ වලකා ගැනිමට මුහුණ පිරිසිදුව තැබිය යුතුය. දිනකට දෙවරක් උදේ හා රාත්‍රි නින්දට පෙර උණුවතුර භාජනයකින් පිටවන හුමාලයට විනාඩි 5-10 පමණ මුහුණ අල්ලාගෙන සිටිමෙන්ද උණු වතුරෙන් මුහුණ සේදීම ද විශේෂයි. තේල් අධික ආහාර, පැණි රස ආහාර ගුණදායක නොවේ.
*තවද හොදින් ජලය පානය කර නිසි ලෙස නෑමෙන්ද ප්‍රතිඵ්ල අත් කර ගැනිමට හැකිය.
ඔබ සිතනා අයුරින් ඔබගේ මුහුණේ කාන්ති මත් බව හා ඉතා පැහැපත් බවක් ඇති කර ගැනිමට නම්. කෘතිම දෑ වලින් ඉවත් වී ඉහත කී අයුරින් දේශීය ඖෂධ වලට මුල්තැන දී පිරිසිදු දිවි පෙවතක් ගත කිරිමෙන් ලස්සන රුවකට හිමි කම් කිව හැකිය.
(under the courtesy of goodhousekeeping.lk web)