Health
හිසරදය රෝග රැසක ලක්ෂණයක්
කායික රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
නිමල් සෙනෙවිරත්න
හිසරදය සාමාන්‍යයෙන් වැඩිදෙනෙකු සැලකිල්ලට නොගන්නා රෝග ලක්ෂණයකිග නමුත් හිසරදය සුළු වුවත්ල දැඩි වුවත් ඒ ගැන සැලකිලිමත් විය යුත්තේ කිසියම් අවස්ථාවක ඒ තුළ සැඟවුණු යම් බරපතල ඇඟවුමක් තිබිය හැකි බැවිනිග එබඳු අවස්ථා කිහිපයක් හඳුනාගනිමුග
පොකුරු හිසරදය
මෙම හිසරදයට බලපාන හේතු නිශ්චිත නැතත් මෙම තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ගේ හයිපොතැලමසයේ් ක්රියාකාරීත්වයේ වෙනසක් සහිත බව හඳුනාගත හැකග
තවද මෙය පවුලේ අය අතර ද ඇතිවන තත්ත්වයක් වන බැවින් ඊට ජානමය බලපෑමක් ද ඇති බවට පිළිගැනීමක් ඇතග
පොකුරු හිසරදය ඇතිවීමට බලපාන හේතු
නිදාගන්නා රටාවේ වෙනසක් සිදුවීම
ඇතැම් ඖෂධවලින් ඇතිවන බලපෑම
දුම්පානයල මත්පැන් පානය ඇතැම් අහාර වර්ග :චොකලට් වැනි-
පොකුරු හිසරදයේ රෝග ලක්ෂණ
මෙම හිසරදය එක දිගට සතියක් හෝ සති කීපයක් පැවතිය හැකග එය දවස තුළ එක්වරක් හෝ දෙවරක් :උදාග උදෑසන 10ග00 ට හා රාත්‍රී 8ග00ට වශයෙන්-
එය අවම වශයෙන් විනාඩි තිහක් හෝ විනාඩි අනූවක් පමණ පැවතිය හැකි වේග එමෙන්ම මෙම හිසරදය දරා ගැනීමට නොහැකි වන අතර බොහෝවිට මෙවැනි තත්ත්වයක සිටින රෝගියකු හිසෙන් බිත්තියට හෝ පොළොවට වුවද පහර දෙනු හඳුනාගත හැකග
මෙම වේදනාව බොහෝවිට ඇති වන්නේ ඇස වටා හෝ ඇස පිටුපසයග තවද ඇස රතු විය හැකි අතර කඳුළු ගලන සුළු තත්ත්වයක් ද ඇති වේග මෙලෙසම නාසයෙන් ද බර ගතිය හා දියර ගලන සුළු ගතිය ඇතිවිය හැකග
පොකුරු හිසරද තත්ත්වය බහුලව දක්නට නොලැබෙන අතර පුරුෂයන් අතර වැඩිපුර දක්නට ලැබේග
ප්‍රතිකාර
මෙහිදී පොකුරු හිසරදය වැඩි කරන සාධකවලින් වැළකීම වැදගත්යග තවද ප්‍රතිකාර ක්‍රම දෙකකට සිදු කරනු ලැබේග එනම්ල
රෝගය පවතින විට සිදු කරන ප්‍රතිකාර හා රෝගය ඇතිවීම වැළැක්වීම සඳහා සිදු කරන ප්‍රතිකාර වශයෙනිග
හිසරදය සහිත අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථා
රෝගියාට එය තම ජීවිත කාලයේදී වැළඳුණු දරුණුම හිසරදය ලෙසින් දැනෙන අවස්ථාවකදී හිසරදය ඔබට වැළඳෙන සාමාන්‍ය හිසරදයට වඩා වෙනස් ආකාරයට දැනෙන අවස්ථාවලදී ක්ෂණයකින් ඇතිවන හිසරදයග
ශරීරය වෙහෙසට පත්වීමල කැස්ස හෝ ලිංගිකව එක් වීමේදී ඇතිවන හිසරදයල හිසරදය සමඟ නොනවත්වා පවතින ඔක්කාරය හෝ වමනයල හිසරදය සමඟ ඇතිවන උණ හෝ බෙල්ලේ තද ගතියල හිසරදය සමඟ ඇතිවන වලිප්පු තත්ත්වයල හිසරදය සමඟ දෘෂ්ටියේ කතා කිරීමේ හෝ හැසිරීමේ වෙනස්කමක් ඇතිවීමග
හිසරදය සමඟ ශරීරයේ කොටසක ඇතිවන හිරිගතිය හෝ පණ නැති ගතිය
එදිනෙදා වැඩකටයුතුවලට බාධා වන අන්දමින් ඇතිවන හිසදරය
හිසේ තුවාලයකට හෝ හිසේ අනතුරකට පසුව ඇතිවන හිසරදය
නොකඩවා උදෑසන කාලයේ ඇතිවන හිසරදය
ආතතිය නිසා ඇතිවන හිසරදය
ආතතිය හිසරදයට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන නමුත් ඊට බලපාන නිශ්චිත හේතු හඳුනාගෙන නොමැතග එසේ වුවත් හිස් කබල පිටතින් ඇති මාංශ පේෂිවල සංකෝචනයක් සිදුවන බව හඳුනාගෙන තිබේග තවද මේ තත්ත්වයේදී ඇතිවන වේදනාව බොහෝවිට බෙල්ලල හකු ප්‍රදේශයට ඉහළින් හෝ නළලේ වේදනාවක් ලෙස ඇතිවිය හැකග
මෙම තත්ත්වයට බලපාන මානසික හා ශාරීරික හේතු
දැඩිව වෙහෙසීම හා එකම ඉරියව්වෙන් පුටුවක වාඩි වී වැඩ කිරීම නිසා ඇතිවන ආතතිය බොහෝවිට හිසරදයට හේතු වේග
කායික හා මානසික ආතතිය නිසා ඇතිවන හිසරදයේ රෝග ලක්ෂණ
හිස පිටුපස හා බෙල්ලේ ඉහළ කොටසේ ඇතිවන වේදනාව හෝ හිස වටා පටියකින් බැඳ තද කරන්නාක් මෙන් දැනෙන වේදනාව මෙන්ම හිස වටා තද කරන සුළු වේදනාව සමඟ ඇහිබැමේ ඇතිවිය හැකි තද ගතිය එහිදී හඳුනාගත හැකග මෙහිදී ඇතිවන වේදනාව හිස දෙපසින් ඇතිවන අතර බොහෝවිට එය දරා ගත හැකි වේදනාවකිග තවද මෙම හිසරදය එදිනෙදා වැඩ කටයුතු සිදු කර ගැනීමට බාධා ඇති නොකරයිග
එමෙන්ම හිසදරයට පෙර ඔක්කාරයල වමනය හෝ ආලෝක සංවේදීතාව ද ඇති නොවේග තවද මෙම හිසරදය කාල රටාවක් රහිතව ඇති වේග
ආතතිය නිසා හටගන්නා හිසරදයට ඇති ප්‍රතිකාර
මූලිකව බලපා ඇති කායික හෝ මානසික ආතතිය අඩු කර ගැනීමට අදාළ පිළියම් යෙදිය යුතු වේග ඊට අමතරව වෛද්‍ය උපදෙස් අනුව වේදනා නාශක භාවිතා කළ හැකග
ද්වියිතික හිසරදය :ඉඥජධදඤචපර ඩ්ඥචඤචජඩඥඵ-
මෙය මොළයේ පටකවල ආබාධ නිසා හටගන්නා හිසරද තත්ත්වයක් ලෙස සලකයිග උදාග මොළයේ ඇතිවන ලේ ගැලීම්ල පිළිකා හෝ ආසාදන
ද්වියිතික හිසරදයට හේතු
හිසට හෝ බෙල්ලට ඇතිවන තුවාල හේතුවෙන්ල මොළය වටා හෝ මොළය ඇතුළත ලේ ගැලීමේ හා ලේ ගැලීමකින් තොරව ඇතිවන තුවාල මොළයේ හෝ බෙල්ලේ රුධිර නාලවල ඇතිවන ආබාධ එහිදීල
අංශභාගය
:එනම් ක්ෂණිකව සිදුවන රුධිර නාලවල අවහිරතා නිසා මොළයේ යම් ප්‍රදේශ අඩපණ වීමග- රුධිර නාල බිත්ති තුනී වී පිටතට නෙරා ඒමල රුධිර නාල ප්‍රදාහය ආදී තත්ත්ව ඊට හේතු ලෙස ක්රියාකරයිග
මොළයේ සෛලවල ඇතිවන ආබාධ
මොළයේ හටගන්නා ප්‍රාථමික හෝ ද්වියිතික පිළිකා වර්ගල වලිප්පුවල මොළයේ කුහර තුළ පීඩනය අධික වීම මීට බලපායිග
ඖෂධ
විවිධ ඖෂධ වර්ග ද මීට බලපාන බව හඳුනාගෙන තිබේග
මොළය හා මොළය ආශි‍්‍රත ආසාදන
එහිදී එන්කෙෆලයිටීස් තත්ත්වය මොළයේ ආසාදන තත්ත්වයට උදාහරණයක් වන අතර මෙනින්ජයිටීස්ල මොළය වටා පටලවල ආසාදිත තත්ත්වයක් ලෙසින් හඳුනාගත හැකග ඊට අමතරව අනිකුත් අවයව වල ඇතිවන ආසාදන ද හඳුනාගත හැකග
:උදාග නියුමෝනියාව-
සිරුරේ වෙනත් අවයව වල ආබාධ හේතුවෙන් ඇතිවන රසායනික අසමතුලිතතාව
අධික රුධිර පීඩනයල විජලනයල මන්දතයිරොයිඩතාවල වකුගඩුල අක්මා ආබාධ නිසා ඇතිවන හිසරදය මෙහිදී හඳුනාගත හැකග එසේම ඇස්ල කන්ල නාසයල උගුරල දත් හෝ බෙල්ලේ ඇතිවන ආබාධ ද බොහෝවිට හිසරදයට හේතු වේග
ඊට අමතරව මානසික රෝග තත්ත්වයන් ද හිසරදයට බලපායිග
වෙනත් හිසරද
මේ සඳහා මොළය ආශි‍්‍රතව ඇතිවන විවිධ ස්නායු ආබාධ ඊට බලපායිග උදාග නියුරැල්ජියා
නියුරැල්ජියා යනු වේදනා සෛල උද්දීපනයෙන් තොර තනි හෝ ස්නායු කීපයක ඇතිවන වේදනාවකිග මෙම වේදනාව දරාගත නොහැකි වේදනාවකිග ආබාධයට ලක් වූ ස්නායුව අනුව වේදනාව ඇතිවන ස්ථානය ද වෙනස් වේග
තවද මොළයේ හෝ සිරුරේ වෙනත් ප්‍රදේශවල ඇති ස්නායුවල මෙම තත්ත්වය ඇතිවිය හැකග මෙම තත්ත්වයට හේතුව නිශ්චිතව හඳුනාගෙන නැතිමුත් ස්නායු සෛලවල ලවණ පාලනයේ වෙනසක් සිදුවන බව හඳුනාගෙන තිබේග
curtesy :dinamina.lk