* බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගයක් තමයි හිසරදය කියන්නේ. කොහොමද මෙම රෝගය ඇතිවන්නේ.
ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක -
රදය යනු වේදනාවයි. මිනිසාගේ ශරීරයේ ප්‍රධානතම ඉන්ද්රිය මොළයයි. මොළය ස්නායු පද්ධතියේ මූලස්ථානයයි. එයින් නිකුත් වන මූල ස්නායුව කුඩා මොළය ඔස්සේ ප්‍රධාන කශේරුකා පන්තියට ඇතුළු වී කශේරුකා සන්ධිස්ථානවලින් පිටතට ගොස් ශරීරයේ සියලුම ඉන්ද්රිය හා අවයව කරා දිවෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වය දායක වීම සිදු වෙනවා. එම නිසා ශරීරයේ කුමන ස්ථානයක ඉන්ද්රිය දොaෂයක් හටගත්තත් එය මොළයට බලපෑම සිදු කරනවා. එම බලපෑම්වල උච්චතම අවස්ථාව තමයි මෙම රදය හෙවත් හිසරදය ලෙස හැඳින්විය හැක්කේ.
* හිසරදය වැළඳුණු රෝගීන්ගේ ප්‍රධානතම රෝගී තත්ත්වය ලෙස හැඳින්විය හැක්කේ කුමන අවස්ථාවක්ද?
ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක -
අප කරා පැමිණෙන බොහෝ රෝගීන්ගේ හිස කැක්කුමට ප්‍රධානතම හේතුව ලෙස දැක්විය හැක්කේ සෙම කුපිත වීමයි. මෙලෙස හිස ආශ්රිත කලාපයේ සෙම බහුල වීම සඳහා බලපාන්නේ බොහෝ දෙනෙක් එතරම් නොසිතන ශරීරයේ අධික උෂ්ණාධික බවයි. මෙම උෂ්ණාධික බව ශරීරයේ සියලුම ඉන්ද්රියයන් හා අවයවවලට බලපෑම් ඇති කරන අතර මොළය ආශ්‍රිතව පවතින්නේ ඉතා සියුම් සෛල නිසා එම සෛල මෙම අධික උෂ්ණාධික බව නිසා විනාශ විය හැකියි.
මෙම තත්ත්වයෙන් මොළයේ සෛල ආරක්ෂා කර ගැනිම ශරීරය විසින් හිස පෙදෙසට සෙම ගෙන්වා ගෙන ස්වයංක්‍රීය ශීතකරණ වැඩපිළිවෙළක් ඇති කරනු ලබනවා. මෙන්න මේ ක්‍රියාවලියක් සමග තමයි සියලු ප්‍රශ්න ඇතිවීම සිදුවන්නේ.
* මේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කළොත්
ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක -
මෙසේ මොළ කුහරය තුළ වැඩි වශයෙන් එක්වන සෙම නාස්කුහර තුළින් පැමිණෙන බාහිර වාතයත් සමග එන ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑම් හමුවේ සෙම නරක් වීමේ තත්ත්වයට පත්වීමෙන් හිසේ බර ගතිය සහ වේදනාව ඇතිවීම සිදු වේ. මෙම තත්ත්වයේ උච්චතම අවස්ථාව ලෙස ඉරුවාරදය හැඳින්විය හැකියි.
* මීට අමතරව හිසරදය ඇතිවීමට බලපාන වෙනත් තත්ත්වයන් තිබෙනාවද?
ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -
ඔව්. තවත් විවිධ රෝග අවස්ථා නිසා හිසරදය ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ඒ අනුව මළ බද්ධය, ගැස්ට්‍රයිටීස් ඇතුළු ආහාර ජීර්ණ පද්ධතියේa ඇතිවන දුර්වලතා, දියවැඩියාව, අර්ශස්, පීනස, රක්තහීනතාව, අධික නිදිමත හෝ නින්ද නොයැම බඩ පුරවා දැමීම, මුත්‍රා රෝග, වකුගඩු ආශ්රිත දුර්වලතා, පිත්තාශයේ ගල්, කාන්තාවන්ගේ ගර්භාෂ රෝග, විවිධ සමේ රෝග, වාතරක්ත වැනි රෝගාබාධ අවස්ථාවන්හිදී ද හිසරදය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. මීට අමතරව විවිධ මානසික පීඩනයන්a නිසාද හිසරදය ඇතිවිය හැකියි.
* මෙම රෝගය සඳහා ප්‍රතිකාර කළ යුත්තේ කෙසේද?
ආයුර්වෙද් වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -
සෙම ඉවත් කිරීම සහ සෙම වියළීමට ප්‍රතිකාර කිරීම තුළින් උෂ්ණාධික බව තවත් වැඩි වී මොළය ආශ්රිත සියුම් සෛල තවත් විනාශ විය හැකියි. එම නිසා මොළය ආශ්රිත කලාපය සිසිලනය කිරීම සඳහා මුළු ශරීරයයේම උෂ්ණාධික බව අඩු කිරීමට ප්‍රතිකාර කළ යුතුයි. අප අනුගමනය කරන්නේ එම ක්රමවේදයයි. එවිට රෝගියාගේ සම්පූර්ණ ශරීරයේම පවතින උෂ්ණ බව නැති වෙන අතර එවිට මොළයේ සිසිලනය ද සිදුවී හිසරදය සම්පූර්ණයෙන්ම සුව වීම සිදු වෙනවා. මීට අමතරව රෝගියාට පවතින අනෙකුත් රෝගී තත්ත්වයේද සොයා බලා ප්‍රතිකාර ලබාදීම සිදු කළ යතුයි.
* බොහෝ දෙනා සිතන්නේ හිසරදය නිට්ටාවටම සුව කළ නොහැකි බවත් මෙය ඒ ඒ අවස්ථාවන්හිදී යටපත් කළ හැකි තත්ත්වයක් පමණක් බවය. ඇත්තටම හිසරදය නිට්ටාවට සුව කළ නොහැකිද?
ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- ඇත්තටම බොහෝ රෝගීන් පවසන්නේ කෙතරම් බෙහෙත් ගත්තත් මෙය යළි යළි මතුවෙන බවයි. නමුත් වෛද්‍යවරයකු හෝ වෛද්‍යවරියක කරා ගොස් නිවැරදි පරීක්ෂාවකින් පසු රෝගියාට වැළඳී ඇත්තේ කුමන රෝගයක්දැයි වටහාගෙන රෝග නිධානයට ප්‍රතිකාර ලබා දුන්නොත් හිසරදය නිට්ටාවටම සුව කළ හැකියි. වේදනා නාශක තුළින් හිසරදය සුවපත් කිරීමෙන් පසුකාලීනව වෙනත් බරපතළ රෝගාබාධ වැළඳීමද සිදුවිය හැකියි.
විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයකු කරා ගියොත් මේ රෝගය නිට්ටාවටම සුව කර ගත හැකියි. ඒ සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවා.