ඈත අතීතයේ සිටම මිනිසුන් කළ වැඳුම් පිදුම් ක්‍රම, යාගහෝම, බලිතොවිල් හා විවිධ පුද සිරිත් පිළිබඳ සලකා බලන විට, එදා මනෝවිද්‍යාත්මක දැනුමක් නොමැති වුව ද, කිසියම් මානසික අසහනකාරී තත්ත්වවලින් මිදීම සඳහා ඉහත ක්‍රම භාවිත කර ඇති බවත්, ඔවුන්ගේ මානසික සෞඛ්‍යයත් සමඟ අභිමානය ආරක්ෂා කර ගත් බවත් තහවුරු කළ හැකි ය. එහෙත්, මෑත කාලය වන විට, ජන සමාජයේ යම් ප්‍රමාණයකට මානසික රෝග හා මානසික සෞඛ්‍ය පිළිබඳ පුංචි හෝ දැනුමක් තිබෙන බව පෙනී යයි.
එය පිළිගත හැකි වන්නේ, ප්‍රධාන මානසික විද්‍යායතනවලට (මානසික රෝහල්වලට) ඇතුළත් කරන රෝගීන් ප්‍රමාණය වැඩි වීම හේතු කරගෙන ය. එහෙත්, මේ සංඛ්‍යා දත්තවලින් අපට ව්‍යංග්‍යාර්ථයෙන් ප්‍රකට වන අනෙක් කරුණ වන්නේ, ශ්‍රී ලාංකේය ජනයා තුළ මානසික සෞඛ්‍ය පිළිබඳ ඇති දැනුම (සාක්ෂරතාව) ප්‍රමාණවත් නොවන නිසා, සරල මානසික ගැටලූ සංකීර්ණ වී, මානසික රෝගීන් බවට පත්ව ඇති බව ය.
එහි අනෙක් ශෝකාන්තය වන්නේ, රජය මඟින් විශාල වියදමක් දරා, මානසික වෛද්‍යවරුන් හා මනෝ විද්‍යා උපදේශකයන් මඟින් සුවපත් කරන රෝගීන් නැවතත් බාර ගැනීමට, රෝගීන්ගේ ඥාතීන් හා ප්‍රජාව දක්වන අකමැත්ත ය. මීට අමතරව, මානසික සෞඛ්‍ය පිළිබඳ නොදැනුවත්කම ද මානසික සෞඛ්‍ය පිරිහීමට බලපා ඇති අතර, එමඟින් සමාජය තුළ, බලාපොරොත්තු නොවන ආකාරයේ සමාජ ව්‍යසනවල වර්ධනය වීමක් දක්නට ඇත. දරුණු අපරාධ, මිනීමැරීම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර මින් කීපයක් පමණි.
ඉහත තත්ත්ව තුළ ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය වර්ධනය කරලීමේ අවශ්‍යතාව ප්රබලව දැනෙන්නට පටන්ගෙන ඇති බව පෙනේ. මෙයට බලපෑ හේතු රාශියකි.
.සිය දිවි නසා ගැනීමේ ප්‍රමාණය වැඩිවීම
.දිනෙන් දින වර්ධනය වන මිනීමැරීම්
.මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවීම
.විවිධ ළමා අපචාර හා මරණ
.පශ්චාත් යුද සමය නිසා ඇතිවන මානසික කම්පන තත්ත්වය
.සුනාමි ව්‍යවසනයෙන් සිදු වූ මානසික බිඳවැටීම
.නායයාම් නිසා ඇති වූ මානසික කම්පන
.දික්කසාද වීමේ ප්‍රමාණය වර්ධනය වීම
.පුද්ගලික සමාජ අන්තර් සබඳතා බිඳවැටීම
.අධ්‍යාත්මික පිරිහීම
.රිය අනතුරුවලින් සිදුවන ව්‍යවසන
.සමාජ අසහනය (විරැකියාව, දුගීබව, නූගත්කම)
.රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ආයතනික සාමය නොමැති වීම නිසා, මතු වූ සේවක අසහනය
.මනෝ වෛද්‍යවරුන්ගේ මානසික රෝග පිළිබඳ දැනුම ලත් හෙදියන්ගේ සහ කාර්ය මණ්ඩලවල ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම
.මනෝ විද්‍යාත්මක උපදේශනය ජනතාව අතරට නොයාම
.සමාජය තුළ මානසික සෞඛ්‍ය පිළිබඳ නොදැනුවත්කම හා මානසික රෝග පිළිබඳ තිබෙන ආකල්පය සෘණ වීම.
ඉහත සාධකවල බලපෑම නිසා මානසික සෞඛ්‍ය පිරිහීමේ ප්‍රතිඵල අද තම තමන් පෞද්ගලිකවත්, සමාජයක් ලෙස පොදුවේත් භුක්ති විඳීම දැකිය හැකි ය. ශ්‍රී ලාංකේය ජනතාවගේ මානසික සෞඛ්‍ය වර්ධනය කිරීමේ හා මානසික රෝග සඳහා විසැඳුම් සෙවීමේ දී, මානසික විද්‍යායතන, මානසික රෝග වෛද්‍යවරුන්, හෙදියන්, සහය කාර්ය මණ්ඩල හා මනෝ උපදේශකවරුන් හා ඔවුන් බිහි කරන විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ කාර්යභාරය ඉතාමත් ඉහළින් අගය කළ යුතුව ඇත. ශ්‍රී ලංකාව පමණක් නොව, ලෝකයක් ලෙස පොදුවේ ලෝක මානසික සෞඛ්‍ය පිළිබඳ සිතන මේ මොහොතේ, ලෝක ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය වඩා යහපත් කිරීමට අප අදිටන් කර ගත යුතුව ඇත. මේ සඳහා ඔබට ද කළ හැකි කාර්යය ඉතා පහසු එකකි.
ඔබ, ඔබගේ මානසික සෞඛ්‍ය පවත්වා ගැනීම හා වර්ධනය කිරීම ගැන සිතන්නට පටන් ගන්න. ඔබගේ බිරිය, ස්වාමියා හා දරුවන්ගේ මානසික සෞඛ්‍ය යහපත් කිරීමට උදවු කිරීම ආරම්භ කරන්න. ඔබ අවට ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය ගැන ද සැලකිලිමත් වන්න. ඔබ ඔබට ආදරය හා ගෞරවය දක්වනවාටත් වඩා, ඔබ වටා ඇති සැමටම ආදරය හා ගෞරවය කිරීමට පුරුදු වන්න. එවිට ඔවුන් සතුටින් සිටිනු ඇත. ඒ මඟින් මුළු මහත් මානව සමාජය තුළම අභිමානවත් මානසික සෞඛ්‍යයක් ගොඩනැගෙනවා ඇත. මේ කාර්යය ඔබට කළ හැකි නම්, ඔබේ බලාපොරොත්තු මල්ඵල ගැන්විය හැකි වන අතරම, සැමට සුවදායී ලොවක් තනන්නට ද ඔබට ද හැකි ය.