Health
හා......... හා......... බලාගෙනයි
සංවර්ධනය වෙමින් පවතින රටක කර්මාන්ත අංශය ඉතා උසස් දියුණු මට්ටමක පවතින බව සැබෑවකිග මහාමාර්ගල අධිවේගී මාර්ග ඉදිකිරීම්ල ගොඩනැගිලිල නිවාසල තට්ටු නිවාස ගොඩනැගීම් ආදියට සමගාමීව රසායනික ද්‍රව්‍ය භාවිතා කෙරෙන විවිධ වූ කර්මාන්ත අප රටේම ආරම්භවීම නිසා එයින් විපුල ඵල නෙලා ගැනීමට අපට හැකිවී ඇතිබව නොඅනුමානයිග තවද බත බුලතින් අප රට ස්වයංපෝෂිත කිරීමට ගන්නා වෙහෙසත් අනාගතයට සුබ පෙර නිමිති පළ කෙරෙන්නෙකිග
ශ්‍රමිකයන්ගේ නීරෝගීභාවයට තර්ජනයක්
මෙවන් වූ සංවර්ධනයක් කරා රටක් ගෙන යෑමේදී ශ්‍රමිකයන්ගේ ශ්‍රම දායකත්වය අපට නැතිවම බැරියග නමුත් ගැටලුව වී ඇත්තේ මේ සා විශාල වූ ශ්‍රමිකයන් පිරිසකගේල නිරෝගී භාවය පිළිබඳව තක්සේරුවක් කිරීමට අප කිසිවකුට නොහැකි වීමයිග කර්මාන්ත පුරවරයක සේවය කරන ශ්‍රමිකයන් පරිසරයට නිරාවරණය වීමේදී පරිසරයේ ඇති පිළිකා ජනකවලට ඔවුන් නිරාසයෙන්ම නිරාවරණය වීම වැළැක්විය නොහැක්කකිග පිළිකා ජනකයන්ට නිරාවරණය වීම සහ පිළිකාව වැළදුණු කාලය අතර සීමාව වසර 10ක් පමණ විය හැකග එබැවින් විශාල වැඩකොටසකට දායකවන ශ්‍රමිකයන්ගේ නිරෝගී භාවය ආරක්ෂා කිරිමට හාම්පුතුන් බැඳි සිටිය යුතුයග
සංවර්ධිත රටවල පුරුෂයන් 10්‍රකට පිළිකා
විශේෂයෙන්ම සංවර්ධිත රටවල වෙසෙන පුරුෂයන් 10්‍රක්ම පිළිකාවලට ගොදුරු වී ඇති බව අනාවරණය වී ඇතග එයට බෙහෙවින් බලපෑ හේතුවක් වී ඇත්තේ ඔවුන් වෘත්තියෙහි නියැලෙන ස්ථාන බොහෝදුරට පිළිකා ජනකවලින් යුත් පරිසරයක් වීමයිග
රැකියාව ආශ්‍රිතව වැළදෙන පිළිකා
පිළිකා ජනක පරිසරයට නිරාවරණය වීම හේතුවෙන් ඒවා ආශි‍්‍රත වෘත්තින් හි නියැලෙන්නන්ට පහත සඳහන් පිළිකා වර්ග වැළඳීමේ ප්‍රවණතාවයක් පවතින බව හඳුනාගෙන ඇතග සායම් වර්ග :ඩයි ආශි‍්‍රත- රැකියා කරන අයට මුත්‍රාශ පිළිකා ලරබර්ල සම්ල ආශි‍්‍රත රැකියාවල නියැලෙනන්නට ලියුකේමියාලරබර් ඇස්බැස්ටෝස් සහ ආසනික් අඩංගු කෘමි නාශක භාවිතා කිරීම් ආශි‍්‍රත රැකියාවල නියැලෙන්නන්ට පෙනහලු පිළිකාල විකිරණ ආශ්රිත රැකියාල ලියුකේමියා වර්ගල පෙනහලු පිළිකාල මොළයල තයිරොයිඩ්ල පියයුරු පිළිකා ආදිය දැනටමත් හඳුනාගෙන ඇතග
පරිසර හානිය හා බැර ලෝහ
එසේම නගරාශි්රත ප්‍රදේශවල වායුගෝලය විවිධ හානිකර වායු වර්ගල සියුම් බැර ලෝහ කොටස් :උදාග ඊයම්- ආදිය මඟින් දූෂණය වී ඇති බැවින් බොහෝ පිළිකා රෝගීන් නගරබද ප්‍රදේශවලින් වාර්තා වේග
දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමෙන් සමේ පිළිකා
තවද හිරුඑළියට අධිකව නිරාවරණය වීම නිසා එහි ඇති පාරජම්බුල කිරණ :උතබපචමඪධතඥබ අචරඵ- මඟින් සමේ පිළිකා ඇතිවිය හැකගහිරුඑළිය දැඩිව තිබෙන උදෑසන 11ග00 සිට සවස 3ග00 දක්වා කාලය තුළදී හැකි පමණ හිරුඑලියට නිරාවරණය වීමෙන් වැළකීම නුවණට හුරුයග අත්ල පාල හොඳින් ආවරණය වන ඇඳුම්ල හිස් වැසුම්ල අව් කණ්ණාඩි මඟින් සමට වැටෙන හිරුඑළිය ප්‍රමාණය අවම කර ගැනීමට ඔබට හැකියාවක් ඇතග
විශේෂයෙන් කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන්නන් වගාවන් සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කරන විට මුඛවාඩම් හා අස්වැසුම් පැළඳීමල සුළං හමන දිශාවට මුහුණලා දියර ඉසීම ආදියෙන් වැළකීය යුතුයග
පලතුරු කහ පැහැ ගැන්වීමට ඉසින රසායනික ද්‍රව්‍යය
පලතුරු ආදිය ඉක්මණින් ඉදවා ගැනීම සඳහා ගොවීන් විසින් අස්වනු කාලයට පෙරාතුව රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම සිදු කෙරේග එසේම අස්වනු නෙළු පසුව ද පලතුරු එකවර කහ පැහැ ගැන්වීම සඳහා රසායනික ද්‍රව්‍ය ඉසීම ඇතැමුන් විසින් සිදු කෙරේග මෙවැනි රසායනික ද්‍රව්‍ය නිසා පිළිකා අවදානමක් ඇති වීමට හේතුවිය හැකග
ආරක්ෂිත මෙවලම් භාවිතා කරන්න
එබැවින් සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටක වෙසෙන ශ්‍රමිකයන් මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු අතර මේවායේ අවදානම පිළිබඳ ඔවුන් දැනුවත් කළ යුතුයග විදෙස් රටවල මෙවැනි වෘත්තීන්හි යෙදෙන්නන් ආරක්ෂක මෙවලම් පැළඳිම අත්‍යාවශය වුවද ලංකාව වැනි රටක වෙසෙන ශ්‍රමිකයන් ඒ පිළිබඳ නොසැලකිලිමත්විම ඔවුන්ගේ සෞඛ්‍යට තර්ජනයක් වන බව ඔවුන් නොදැන සිටිම කණගාටුවට කරුණකිග ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ හාම්පුතුන් මෙයට වඩා සැලකිලිමත්ව ක්‍රියා කළ යුතුයග එසේ නොවන්නට මෙවැනි වෘත්තින්හි නියැලෙන පුරුෂ පක්ෂය නිරායාසයෙන් පිළිකාවට ගොදුරුවිම වැළැක්විය නොහැක
curtesy : dinamina.lk