රූපලාවණ්‍ය ගැන රුව ලස්සන කරන ක්‍රම ගැන සියලු දේ කාන්තාවන්ට විතරක්ද? ඇත්තම කතා කළොත් බොහෝ විට රූපලාවණ්‍ය කිව්වොත් අප හිතන්නේ එය කාන්තාවන්ට සීමා වූ දෙයක් හැටියටයි. එක් අතකින් එය පිරිමි පාර්ශ්වයට කෙරෙන අසාධාරණයක්. හේතුව කාන්තාවන්ට මෙන් ලස්සනට ඉන්න. ලස්සන වෙන්න පිරිමි අයට ද අයිතියක් තිබෙන නිසයි.
ඔබ බිරියක් නම් ඔබේ රූපලාවණ්‍ය ගැටලු සඳහා ඔබ රූපලාවණ්යගාරවලට යනවා වන්නට පුළුවන්. ඒත් ඔබට වගේම සැමියාටත් ඔහුගේ රුව සම්බන්ධව ගැටලු ඇති. ඒත් ඔබට වගේ ඒවාට පිළියම් කිරීමට ප්‍රතිකර්ම කිරීමට ඔහුට අවස්ථාවක් නෑ. එම අවස්ථාව ඔහුට උදාකර දෙන්නට ඔබට වුවමනාවකුත් නෑ.
ඔබ කෙතරම් ලස්සන අයකු වුවත් සැමියා ඔබට වඩා වැඩි වයසක් පෙන්නුම් කරනවා නම් ඔහුගේ මුහුණේ සමේ ගැටලු තිබෙනවානම් සැමියාගේ අවලස්සන පෙනුම ඔබව හෑල්ලුවට පත් කරනවා නොවේද?
එහෙම නම් ඔබ ලස්සනට ඉන්නවා වගේම සැමියාටත් ලස්සනට ඉන්න ලස්සන වෙන්න උදව් කරන්න. ඔහුගේ රූපලාවණ්‍ය ගැටලුවලට විසඳුම් ලබා ගන්නට ඔහුට අවස්ථාව උදාකර දෙන්න. එයට උදව් වෙන්න. පිරිමි පක්ෂය වෙනුවෙන් ද ප්‍රතිකර්ම සිදු කෙරෙන රූපලාවණ්‍ය ආයතනයකට ඔහුව කැටුව යන්න ඔබට පුළුවන්නම් ඒ ආඩම්බරයක් ඔබටමයි.
බලන්න ඔහුටත් ඔහුගේ රුව සම්බන්ධව මෙවන් ගැටලු තිබෙන්නට පුළුවන්.
මුහුණේ කුරුලෑ, සමේ ලප කැළැල්, අව්වට පිළිස්සීම නිසා ඇති වූ දුර්වර්ණ වීම්, සම රළුවීම, සමේ කොරළ ස්වභාවය, සම එල්ලා වැටීම, උදරය නෙරා ඒම, අධික තරබාරුකම, කොණ්ඩය යාම කොණ්ඩය අකලට සුදුවීම, මානසික ආතතිය මේ වගේ ප්‍රශ්න නිසා බොහෝ විට පිරිමි පක්ෂය කනස්සල්ලට පීඩාවට පත් වෙනවා.
මේ සියල්ලටම ප්‍රතිකර්ම තිබෙනවද?
කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද මෙම ගැටලු නිරාකරණය කරගත හැකි රූපලාවණ්‍ය ක්‍රම ප්‍රතිකර්ම, සත්කාර තිබෙනවා. ඔවුන්ටම විශේෂිත වූ ආලේපන වර්ග තිබෙනවා. පිරිමි අයගේ ප්‍රතිකර්ම සඳහාම වෙන්වූ රූපලාවණ්‍ය ආයතන තිබෙනවා. ඒ පිළිබඳ විමසිලිමත් වන්න.
මෙහිදී ෆේෂල් ප්‍රතිකර්ම, බොඩි මසාජ්, ඔයිල් ට්‍රීට්මන්ට් ස්ටීම් බාත්, බොඩි රිලැක්සින්, වැක්සින් කුරුලෑ ප්‍රතිකර්ම, පිග්මන්ටේෂන් ප්‍රතිකර්ම ලප කැළැල් ඉවත් කිරීම, ඉන්නන් ඉවත් කිරීම, සම පැහැපත් කිරීම ආදී ප්‍රතිකර්ම සිදු කෙරෙනවා.
පිරිමි පක්ෂයේ වැඩි දෙනකුට කාර්ය බහුලතාවය නිසා දැනෙන මානසික ආතතිය පීඩාව බොහොමයි. එවන් අයට මනස සැහැල්ලු කරන ප්‍රතිකර්ම මෙන්ම සිරුර සම්බාහනය ස්ටීම්බාත් ප්‍රතිකර්ම වඩාත් විශේෂයි.
කාන්තාවන් බොහෝවිට අව්වට නිරාවරණය වන්නේ නෑ. ඒත් පිරිමි පක්ෂය ආවරණයකින් තොරව අව්වේ යන අවස්ථා වැඩියි. මේ නිසා සමේ දුර්වර්ණ වීම් ලප කැළැල් පිග්මන් ටේෂන් වැනි ලප ඇස්යට කළු වීම් බහුලයි.
මෙහිදී සුදුසුම දේ. ෆේෂල් ප්‍රතිකර්මයට යොමු වී නිසි ප්‍රතිකර්ම මඟින් සම පැහැපත්කර ගැන්මයි. දිනපතා සමේ දූවිලි කුණු තැන්පත් වීම නිසා සමේ ගැටලු ඇතිවන අවස්ථා බොහොමයි.
මේ අයගේ සම පිරිසුදු කළ යුතු වුවත් ක්ලෙන්සිං ස්ක්‍රබ් ආදී දේ ගැන නොදැනුවත්කම නිසා එයට යොමු වන්නේ නෑ.
ඉන් සිදු වන්නේ සමේ මැරුණු සම තැන්පත් වී සම රළුවීම සහ අවපැහැ වීමයි.
මේ නිසා සැමියා හෝ එසේත් නැත්නම් පෙම්වතා රූපලාවණ්‍ය ප්රතිකර්මවලට යොමු කරලීම ඔබේ යුතුකමක්. හේතුව ඔබ මෙන්ම ඔහුද ලස්සනට සිටීම පැහැපත්ව සිටීම ඔබටද ආඩම්බරයක් වන නිසයි.
විවාහයට ප්‍රථම තම බිරිය රුවැත්තියක් වී සිටි ආකාරයෙන් විවාහයෙන් පසුවත් දැකීමට සැමියා කැමැති සේම තම සැමියා ද විවාහයට පෙර සිටි ස්වරූපයෙන් දැකීමට ඕනෑම බිරියක් කැමැතියි.
මේ නිසා පිරිමින්ට රූපලාවණ්‍ය අවශ්‍ය නොවන බව සිතා ඔවුන්ව ඉන් ඈත්කර තබනවාට වඩා ඒ සඳහා ඔවුන්ව යොමු කරළීම වඩාත් වැදගත් බව සිතන්න.
ඔහුගේ රූපලාවණ්‍ය ගැටලු වෙත්නම් 0755005005 අංකයට කථා කිරීමෙන් උපදෙස් ලබාගත හැකියි.
(under the courtesy of goodhousekeeping.lk web)