විවිධ වර්ණ වලින් තමන්ගේ නිය පෙළ අලංකාරව තබා ගැනීමට කවුද අකමැති. වර්ණය කොතරම් කැපී පෙනුණත් එය ගල්වන ආකාරය මත තමා නියපොතු වල අලංකාරය වැඩි වෙන්නේ. ඉතින් වඩාත් නිවැරදිව මනා නිමාවකින් යුතුව නිය ආලේපන ගලවන්නේ කොහොමද කියලා අපි බලමු.
ආලේප ගැල්වීමට පෙර නියපොතු මනාව පිරිසුදු කරන්න. පෙර පැවති සායම් ඉවත් කර, දෙහි ලෙල්ලක් දමා හොඳින් පිරිමදින්න. පිරිසුදු වතුරෙන් හොඳින් සෝදා ගෙන තෙත මාත්තු කරගන්න.
අවශ්‍ය හැඩයට, අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න.
නියපෙළ මත කඩතොළු ඉවත් කරගන්න. ඒ සඳහා නේල් ෆයිල් එකක් භාවිතා කරන්න. නියපොතු කුඩු හොඳින් සෝදා හරින්න.
බේස් එකක් ආලේප කරන්න. ඒ මගින් අමතර අලංකාරයක් එකතු වනවා සේම නියපොත්තද ආරක්ෂා වෙනවා.
ප්‍රමිතියෙන් හොඳ නේල් පොලිෂ් නිරතුරුවම තෝරා ගන්න. ඉරි තුනකින් නියමත ආලේප කරන්න. එක මත එක තට්ටු නොගල්වන්න. වටේ තැවරී තිබෙන අනවශ්‍ය කොටස් පිස දමන්න.
හොඳින් වියලුනු පසු ටොප් කෝට් එකක් ආලේප කරන්න .එමඟින් හොඳ නිමාවක් නියපොතු සඳහා ලැබෙනවා.
www.cnews.lk