Health
හදවතට හිතකර මේදය අඩංගු ආහාර
කොතළාවල වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය
හෘද රෝග විශේෂඥ වෛද්‍ය
නාමල් විජේසිංහ
ඔබගේ රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකර ගැනීමටත් එමඟින් හෘද රෝගයක් වැළදීමට ඇති හැකියාව අඩුකර ගැනීටමත් කළ හැකි හොඳම දෙයක් වන්නේ ඔබ ආහාරයට ගන්නා සංතෘප්ත මේද ප්රමාණයලට්රාන්ස් මේද අම්ල ප්‍රමාණය සහ කොලෙස්ටරෝල් අඩුකර ගැනීමයිග
අපගේ ආහාරවල මේද තෙල් සංඝටක තිබිය යුතු ප්‍රමාණයන් මෙසේයිග
මේද වර්ගය ආහාරවල අඩංගු විය යුතු අයුරු
සංතෘප්ත මේද :උදා - ආහාර පිසීමට ගන්නා තෙල් වර්ගල බිත්තර කහ මදයල පීකුදුල බටර්ල චීස්ල සොසේජස් වැනි පිළියෙල කළ මස් වර්ග- මේවා දිනපතා ඔබ ආහාරයට ගන්නා කැලරි ප්‍රමාණයෙන් 7 ්‍රකට අඩු විය යුතුයිග ඔබ කැලරි 2000 පමණ ආහාර මගින් ලබා ගන්නවා නම් මෙම සංතෘප්ත මේද ආහාර ග්‍රෑම් 14කට වඩා අඩු විය යුතුයිග ට්‍රාන්ස් මේද අම්ල :උදා - බැදපු අල පෙති වෙනත් ඕනෑම බදින ලද ආහාර වර්ගල මාගරින්- දිනපතා ගන්නා කැලරි ප්‍රමාණයෙන් 1්‍රකට වඩා අඩු විය යුතුයිග ඔබ කැලරි 2000 දවස තුල ලබා ගන්නවා නම් මේවා ග්‍රෑම් 2කට වඩා අඩු විය යුතුයිග
කොලෙස්ටරෝල් :උදා - චීස්ල බිත්තර කහ මදයල බටර්ල ඉස්සන්-
දිනකට මිලි ග්‍රෑම් 200කට වඩා අඩු විය යුතුයිග
ආහාරයට ගන්නා මේද ප්‍රමාණය අඩුකළ හැකි හොඳම ක්‍රමය නම් බටර්ල චීස්ල මාගරින් වැනි දෑ සීමා කිරීමයිග එමෙන්ම ඌරු මස්ල එළු මස්ල හරක් මස් වැනි තෙල් වැඩි වශයෙන් ඇති මස් වර්ගද හැකි තරම් අඩු කළ යුතුයිග කුකුළු මස් පිසීමේදී හම ඉවත් කර පිසීමෙන් එහි තැන්පත් වී ඇති තෙල් පහසුවෙන් ඉවත් කළ හැකියිග යොදය සහිත මී කිරි හෝ යෝගට් වෙනුවට මේදය අඩු යෝගට් වැනි ආදේශකයක් යොදා ගැනීමත් කළ හැකියිග
අපේ සිරුරට වැඩියෙන්ම අහිතකර බලපෑම් ඇති කරන්නේ සංතෘප්ත මේදය හා ට්‍රාන්ස මේද අම්ලයයිග විශේෂයෙන්ම ට්‍රාන්ස් මේද අම්ල පිළිබඳව අප හැමෝම දැනුවත් වීමත් එයින් ප්‍රවේශම් වීමත් ඉතා වැදගත්ග
ආහාර පිසීමේදීල ඕනෑම තෙල් වර්ගයක් යොදා ගනිමින් ගැඹුරු තෙලේ යමක් බදිනවා නම් ඒ තෙල් රත්වන විට ට්‍රාන්ස් මේද අම්ලය තෙල් තුලම නිපදවෙනවාග පපඩම්ල අල පෙතිල මාළු පෙතිල කුකුළු මස් ආදිය ගැඹුරු තෙලෙන් බදින විට නිපදවෙන ට්‍රාන්ස් මේද අම්ල ඒ බැදෙන ආහාර තුළ තැන්පත් වෙනවාග එමෙන්ම එලෙස නිපදවනු ට්‍රාන්ස් මේද අම්ල සෑහෙන ප්‍රමාණයක් ඒ තෙල් වලද ඉතිරි වෙනවාග ඔබ දැනටමත් අසා ඇති ආහාර බැදීමට වරක් පාවිච්චි කළ තෙල් නැවත වරක් පාවිච්චි කිරීම සුදුසු නැති බවග එයට හේතුව එම තෙල්වල නිපදවී ඇති අධික ට්‍රාන්ස් මේද අම්ල ප්රමාණයයිග
හදවත් රෝගීන්ට ආහාර පිළියෙල කිරීමට වඩාත්ම සුදුසු තෙල් වර්ගය කුමක්දැයි කියා බොහෝ දෙනෙකු අපගෙන් අසනවාග ඇත්තෙන්ම වෙළඳ පොළේ ඇති විවිධ තෙල් වර්ගවල සුළු වෙනස්කම් තිබුණත් ඒ හැම තෙල් වර්ගයක්ම වැඩිපුර පාවිච්චි කිරීමෙන් ලැබෙන්නේ සෞඛයට අහිතකර ප්රතිඵලයයිග
සිරුරට හිතකර මේද මොනවදරෑ
මේදය යනු අප සිරුරේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය සාධකයක් බව අප සැවොම දන්නා කරුණක්ග නමුත් සිරුරට හානිකර මේද ප්‍රමාණය වැඩි වූ විට තරබාරු වීමල හෘදයාබාධ ඇති වීම වැනි අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන නිසා සිරුරට අවශ්‍ය යහපත් මේද මොනවදල ඒවා ලබාගන්නේ කෙසේ ද කියා බලමුග
යහපත් මේදය අසංතෘප්ත මේදය වන අතර එය බහු අසංතෘප්ත මේදය සහ ඒකීය අසංතෘප්ත මේදය ලෙසින් වර්ග දෙකකට බෙදා දැක්විය හැකියිග මේවා ප්‍රධාන වශයෙන් අපට ලැබෙන්නේ අප ආහාරයට ගන්නා එළවළු සහ මාළු වර්ග තුලිනුයිග
අසංතෘප්ත මේදවලින් අපගේ සිරුරේ ඇති හානිකර ඹ්ච්ඹ් කොලෙස්ටරෝල් ප්‍රමාණයන් අඩුකරන අතර හදවත් රෝග සෑදීමේ අවදානමද අඩු කරනවාග
බහු අසංතෘප්ත මේද අම්ල
Poly Unsaturated fatty acids
එළවළු තෙල් සහ මාළු වලින් අපට මෙය ලැබෙනවාග එක් බහු අසංතෘප්ත මේදයක් ලෙස ඔමේගා 3 මේද අම්ලය හැඳින්විය හැකියිග කුඩා මාළුල ලොකු මාළු ආදී ඕනෑම මාළු වර්ගයකින් ඔමේගා 3 ලැබෙනවාග එමෙන්ම මේ යහපත් මේදය රටකජුල අලිපේර ආදී ආහාරවලින් ද ලබා ගත හැකියිග
ඒකීය අසංතෘප්ත මේද අම්ල (Monounsaturated fatty acids)
හදවත නිරෝගීව තබා ගැනීමට උපකාරී වන මෙම මේදය මිනිස් සිරුරට අවශ්‍ය විටමින් ද ලබා දෙනවාග අලිපේරල රටකජුල තලල කජුලවට්ටක්කා ඇට ආදියේ මෙම ඒකීය අසංතෘප්ත මේද අම්ල අඩංගු වෙනවාග
ඉහත විස්තර කළ දේ තුළින් ආහාරවල තිබෙන සංඝටක පිළිබඳව ඔබට යම් දැනුමක් ලැබෙන්නට ඇති
curtesy :dinamina.lk