Health
සෙම් රෝගීන්ට ප්‍රතිකාර කළ යුතු අන්දම
ශරීරයේ හටගන්නා විවිධාකාර රෝගී තත්ත්ව සඳහා විවිධාකාර රෝග හේතූන් බලපෑම් ඇති කරනු ලැබේග ආයුර්වේදීය වෛද්‍ය ක්‍රමයට අනුව එම රෝග හේතූන් අතර ආහාර පාන වලට හිමිවන්නේ සුවිශේෂත්වයක්ග ඊට හේතුව මිනිසාගේ ඇතැම් ආහාර රටාවන් බොහෝ රෝගවල ඍජු හෝ වක්‍ර වශයෙන් බලපෑම් ඇති කරනු ලබන එක් ප්‍රධාන හේතුවක් වශයෙන් සැලකෙන නිසාවෙනිග
ඔබ දන්නවාද සෙම් රෝගී තත්ත්ව සඳහා ද උෂ්ණ අධික ආහාර මෙන්ම අම්ල අධික ආහාරද හේතුවක් වන බවග මේ ඒ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක සමඟ ගෙනෙන සාකච්ඡාවක්ග
සෙම් රෝග
ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල ජීවත්වන මිනිසුන්ගේ ශරීර අධික උෂ්ණ සහිතයග මෙම උෂ්ණ අධික බව සාමාන්‍ය දේහ සෛලවලට දරා ගැනීමට හැකිවූවත් මොළය ආශි‍්‍රත සියුම් ස්නායු සෛලවලට දරා ගැනීමට නොහැකියග එබැවින් ශරීරය විසින්ම ඊට උපක්‍රමයක් වශයෙන් ස්වයං ශීතකරණ ක්‍රමයක් :Aමඑද ජදදකසබට ිහිඑැප- අනුගමනය කරනු ලැබේග මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ශරීර මඟින් සෙම නිපදවනු ලැබේග
මිනිස් ශරීරයේ සෙම නිපදවෙන ක්‍රියාවලිය
ඉහත පැහැදිලි කළ ක්‍රියාවලියත් සමඟ මොළය විසින් නිකුත් කරන සංඥා අනුව ක්‍රියාත්මක වන ආහාර ජීරණ පද්ධතිය සෙම නිෂ්පාදනය කර මොළය දෙසට ගමන් කිරවීම සිදුකරවයිග ඊට හේතුවන්නේ ශරීරයේ උෂ්ණත්වය අධික වීම වළක්වාගැනීම සහ ස්නායු සෛල වියළීම වළක්වා ගැනීමයිග කෙසේ වෙතත් මේ ආකාරයට මොළය කරා පැමිණෙන සෙම පදාර්ථ නළල ආශ්රිත ප්‍රදේශයේ කෝටර :හිස් කබලල නාසය හා ඇස් ආශ්රිත කුහර- තුළ එක්රැස් වේග පසුව එම සෙම් කොටස් නාසය හරහා වාතයට නිරාවරණය වීම හේතුවෙන් ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නිසා පැසවීමට ලක්වී සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය ඇති කරනු ලැබේග එවිට නාසයෙන් දියර ලෙස ගැලීම හා ඒ ආශ්රිත සෙම් රෝග ලක්ෂණ ඇති කරනු ලැබේග කාලයක් පුරා මෙම තත්ත්වය පැවතීමෙන් දුර්ගන්ධයක් ඇතිවීමද සිදුවේග
ශරීරය උෂ්ණ අධික වීමට බලපාන තවත් හේතු
ඇතැම් පිරිසකගේ ශරීර ස්වභාවයෙන් :උපතින්ම- උෂ්ණ අධික බවින් යුතු වන අතරම තවත් සමහර පිරිස් තම ශරීර උෂ්ණ අධික බවට පත්කර ගනු ලබන්නේ තමා විසින්මයග විශේෂයෙන් වැරදි ආහාර රටාවන්ට පෙළඹීම නිසා බොහෝ දෙනා නොදැනුවත්වම තම ශරීරය උෂ්ණ අධික තත්ත්වයට පත්කරගනු ලැබේග ඉස්සන්ල දැල්ලන්ල කකුළුවන්ල බල මාළු වැනි උෂ්ණ අධික ආහාර මෙන්ම අන්නාසිල තක්කාලි වැනි අම්ල අධික ආහාර ද මේ තත්ත්වය තව තවත් උග්‍ර අතට පත් කරවනු ලැබේග
උෂ්ණ අධික බවත් සමඟ ඇතිවන වෙනත් රෝග තත්ත්ව
ඉහත පැහැදිලි කළ සෙම් රෝග තත්ත්වයට සමගාමීව ඇතිවන තවත් රෝග තත්ත්වයක් ලෙස ඉරුවාරදය පිළිබඳ හැඳින්විය හැකියිග මේ සඳහා බලපාන මූලික හේතුව වශයෙන් හඳුන්වා දිය හැක්කේ ශරීරය තුළ හටගන්නා අධික පිත තත්ත්වයයිග මෙම අධික පිත ස්වභාවය නිසා මොළය ආශ්රිත ශ්ලේෂ්මල පටකවලට දැඩි ලෙස හානි සිදුවේග ඉහත තත්ත්වයන්ට අමතරව අර්ශස් රෝගයල කැසීම්ල පළු දැමීම් ආශ්රිත සමේ රෝගල අධික නිදිමත හෝ නින්ද නොයාමල තදබල ලෙස පවතින ගැස්ට්‍රයිටීස් තත්ත්වල මල බද්ධයල අධික කේන්තිය ආදී රෝග තත්ත්වයන් අඩුවැඩි වශයෙන් වැළඳීමේ හැකියාවක් තිබේග
මේ සඳහා පවතින ප්‍රතිකාර
මෙම රෝග තත්ත්වයට ප්‍රතිකාර යෙදීමට පළමුවෙන් සිදුකළ යුතු වන්නේ ශරීරයේ උෂ්ණ අධික බවට පිළියම් යෙදීමයිග එහිදී ශරීරය ශෝධන කර්මවලට ලක් කරන ඖෂධ ලබා දිය යුතුයිග ඒ වගේම වා පිත් සෙම් පදාර්ථවල සමතුලිතභාවය ඇති කරන ප්රතිකාරද සිදුකළ යුතුයිග
තවද මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමේදී බොහෝ රෝගීන්ට අවශ්‍ය වන්නේ ශරීරයෙන් සෙම් ඉවත් කරවීම වුවත් ස්වභාවිකවම ශරීරය මඟින්ම ඒවා බැහැර කරන බවද මෙහිදී පැවසිය යුතුයිග ඒ නිසා මෙම සෙම් රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමේදී සිදුකළ යුතු ප්‍රධානතම කාර්යය වන්නේ ශරීරයෙන් සෙම බැහැර කරනවාට වඩා එහි ප්‍රධාන රෝග නිධානය වන ශරීරයේ උෂ්ණ අධික බව සමනය කිරීමයිග
බොහෝ කාර්ය බහුල පුද්ගලයන් ඉතා පහසුවෙන් ලබාගත හැකි විවිධ ප්‍රතිකාර ක්‍රමවලට යොමුවූවත් දේශීය ආයුර්වේදයේ අද වන විට ඉතා පහසුවෙන් ලබාගත හැකි ලෙස සැකසූ ප්‍රතිකාර ක්‍රම සකස් කර තිබෙන අතර ඕනෑම කාර්යබහුල අයකුට එම ප්‍රතිකාර ලබාගෙන මෙවැනි රෝග ඇතුළු ඕනෑම රෝගී තත්ත්වයක් නිට්ටාවටම සුව කරගත හැකිවේ
curtesy :
dinamina.lk