Health
සෙම් රෝග සන්ධි රෝගවලට ගුණ දෙන ඖෂධීය තැවිලි පොට්ටනි
මිනිස් අවශ්‍යතා සපුරාලීමට පරිසරයෙන් ලැබෙන බොහෝ දෑ අතරට ශාක ලෝකයෙන් ලැබෙනුයේ මහත් සේවාවකිග අත්‍යවශයම කාරණා අතරට ගැනෙන ලෙඩ රෝගවලදී අවශ්‍ය වන ඖෂධ සඳහා ශාක ලෝකය ඉදිරියෙන් සිටියිග
ර්ණගහක මුලක පත්‍රයක ගෑවුනත් ඇති ලෙඩ රෝග සුව වන්න” යන මතය පැවතෙන්නේ ශාක ලෝකයේ පවතින වශ්මිත බව අතීතයේ ගැමියා දන්නා බැවිනිග ඒ අනුව ඒ විශ්මිත ශාක ලෝකයේ අරුමයට මෙවර එකතු වන මේ ඖෂධීය ශාකවල වටිනාකම හඳුනාගනිමුග
සන්ධි රෝග සුවයට භාවිතා කරන අන්දම එඬරු
සුදු එඬරුල වැට එඬරුල රතු එඬරු යනුවෙන් එඬරු වර්ග ඇතග ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැවෙන අතර අඩි 05 ත් 10 පමණ උසට වැවෙන ශාකයකිග උෂ්ණ ගුණය පවතීග කටුක රසය ඇතග මෙහි කප හා වාතය සමනය කිරීමේ ගුණයද ඇතග ඖෂධීය ප්‍රතිකාර ලෙස එඬරු තෙල් ඉතාමත් ජනපි‍්‍රය වේග පිත සමනය කිරීමේ හැකියාව ඇතග මුල්ල පොතුල කොළල ගෙඩි ඖෂධ වශයෙන් භාවිතා කරයිග එඬරු ඇටවලින් සාදන ලද තෙල් වලින් පිත සමනය වේග උණ රෝගය සඳහා සුදුසුයග ඉදිමුමට ගුණදායක වේග සන්ධි වේදනා ස්වාස රෝගවලට හා කුෂ්ට සඳහා එඬරු යෝග්‍ය වේග ප්රමේහයන්ටල ප්ලීහා රෝගවලටද ගුණදායකයිග වාතරක්ත රෝගයට හා හර්නියා :අන්ත්‍රවෘද්ධි- රෝග වලදී එඬරු භාවිතා කරයිග ආම වාතයෙන් ඇතිවන වේදනා සමනය කිරීමේ ගුණය ඇතග හෘද රෝග සමනය කරයිග එඬරු තෙල්වලින් පිත් වර්ධනය කරයිග නමුත් එඬරු තෙලෙන් සමනය වන්නේ පිතයිග වාත වේදනාව අඩුකරයිග සෙම සමනය කරයිග ස්වසන රෝග දුරුකරයිග පණු රෝග දුරුකරයිග
සන්ධි ඉදිමීමේදී එඬරු කොළල අමු කහ කොටා පොට්ටනි බැඳ වන්ඩුවේ තම්බා තැවීමෙන් අඩුවේග
මේදය අඩුකිරීමේ ගුණය පවතින නිසා අධික ස්ථුලතාවයට යොදන ක්ෂායවලදී එඬරු මුල් භාවිතා කරයිග
තැලුම් වූ අවස්ථාවකදී හා ඉදිමුමකදී
එඬරු ගසේ පංචාංගයම ගෙන කොටා එඬරු තෙලින් අලවා බැදීමෙන් සුවකර ගත හැකියිග
එඬරු ඇටවලින් සාදාගත් තෙල් කැඩුම් බිඳුම් වලදී යොදන ඖෂධ ප්‍රතිකාරවලට බහුලව යොදාගනීග මේ සඳහා පත්තු බැදීම පිණිස යොදන මැල්ලුමට උපයෝගි කරගනීග
සන්ධිවේදනා වලට යොදන පත්තු ලෙසද එඬරු භාවිතා කරයිග
සදාගත් මැල්ලුම බැදීමට එඬරු පත්‍ර උපයෝගි කරගැනීමෙන් ඖෂධීය වටිනාකම වැඩිකර ගත හැකියිග
එඬරු කොළ සන්ධි වේදනාවලදීද එඬරු කොළ තම්බා එම වතුරින් සෝදා තැවීමෙන් රෝග සුවවේග
විවිධ රෝගවලට නික කොළ භාවිතා කරන අන්දම
අඩි 10 ක් පමණ උසට වැඩෙන අතු බෙදී යන නික ශාකය ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැවෙන අතර බහුලව වැවෙන්නේ වියළි කලාපයේයග මේ ශාකයට හිර එළිය අත්‍යවශ්‍යයග නික ඖෂධීය ශාකයකිග කොළල මුල්ල පොතුල මල්ල ඖෂධ ලෙස භාවිතා කරයිග
සෙම හා වාතය සමනය කිරීමේ ගුණය ඇතග වේදනාව සමනය කිරීමේ ගුණය ඇතග නිකකොළ කොටා වන්ඩුවේ තම්බා තැවීමෙන් සන්ධි වේදනා අඩුවී යයිග මෙහිදී වේදනාව හා ඉදිමුම අඩුවේග වාතය කෝපවීම නිසා ඇතිවන හිසරදය හා සෙම කෝප වීම නිසා ඇතිවන හිසරදය යන රෝග තත්ත්ව නිකකොළල හීන් උලුපියලිය සමව ගෙන කොටා වන්ඩුවේ තම්බා තැවීමෙන් අඩුකර ගත හැකියිග අනවශ්‍ය සෙම්කොටස් බැහැර කිරීමේ ගුණය ඇතග එබැවින් ශීර්ෂය :හිස හා ගෙළ- ආශි‍්‍රතව පවතින අනවශ්‍ය සෙම් කොටස් බැහැරකිරීමට නිකකොළ යුෂ මෙන්ම නික ශාකය යොදා සාදන ලද තෙල්වර්ග බහුල වශයෙන් භාවිතා කරයිග හිසකෙස් පෝෂණයෙන් වඩයිග එසේම හිසකෙස්වලට ගුණදායක වේග අකලට කෙස්වැටීම හා පැසීම අඩුවී යයිග
ස්වසන රෝග වලටද භාවිතා කළ හැකියග පත්‍ර පුළුස්සා දුම් ඇල්ලීමට භාවිතා කරයිග නිකමුල් පක්ෂාඝාත :අංශභාග- රෝග වලදී භාවිතා කරන කසායට ගනීග
නික කොළල පාවට්ටා කොළල එඩරු කොළ සමඟ අමු ඉඟුරු සමඟින් කොටා පොට්ටනි බැඳ වන්ඩුවේ තම්බා තැවීමෙන් වයස්ගත වීම නිසා ඇතිවන සන්ධි රෝග අඩුවේග
නික කොළ තම්බා තැවීමෙන් තැලුම් සුව වී යයිග මාංශ පේෂී ඉරීම නිසා ඇතිවන වේදනාවද අඩුවී යයිග
ඇස් රුදාවට දෙළුම්
හිරු එළිය හොඳින් පතිත වන ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැවෙන දෙළුම් අලංකාරය පිණිසද වවනු ලබයිග මෙය ඖෂධයක් සේම පලතුරක් ද වේග ඖෂධ ලෙස ගෙඩිල මල්ල මුල්ල පොතුල කොළල දළු භාවිතා කරයිග
දෙළුම් ශරීර ශක්තිය වර්ධනය කරයිග දෙළුම් ඇටවල පවතින මාංශලමය කොටස සිරුරට ශක්තිය ලබාදෙන කොටසයිග මෙම ගසේ පවතින කහට රසය මිනිස් සිරුරේ ලේ පිටතට ගලායාම නවතාලිය හැකි ඖෂධයකිග ගෙඩිවල ඇත්තේ මධුර රසයයිග නාසයෙන් රුධිරය ගලන විටදී දෙළුම් මල් තලා මිරිකා ගත් යුෂ බිංදු කිහිපයක් නාසයට දැමීමෙන් ලේ ගැලීම නතර කළ හැකියිග දෙළුම් ගෙඩියේ ලෙල්ල තමිබා ගත් වතුරට සීනි මී පැණි දමා බොන්න දීමෙන් ලේ කැටි ගැසීමේ ගුණය වැඩිකර ගත හැකියිග මල කැටි කර දෙයිග මලපහවීම බුරුල් කර දෙයිග
අමිලපිත්ත රෝගයට සුදුසුයිග ඉදුණු දෙළුම් යුෂ පානය කිරීමෙන් ආමාශයේ දාහය අඩුවේග පණු රෝගවලට සුදුසුයිග විශේෂයෙන් දෙළුම් මුලේ පොතු තම්බා සහිඳ ලුණු ටිකක් දමා පානය කිරීම පණු රෝගයට ගුණදෙයිග අභිස්යන්ධි හෙවත් ඇස් රුදාවට සුදුසුයිග දෙළුම් දළු තම්බා සේදීමෙන් ඇස් රතුවීම හා ඉදිමුම අඩුවී යයිග ඇසේ තැල්මකදී දෙළුම් දළු තම්බා තැවීම කළ හැකියිග සම වර්ණවත් කරයිග කෙස් වඩයිග කෙස් දීප්තිමත් කරයිග සම පැහැපත් කරයිග ඇස් නොපෙනීම දුරුකරයිග ඇස් දීප්තිමත් කරයි
curtesy :
dinamina.lk/