රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය
මහින්ද හේමප්රිය
“ලේ අඩුවීම” මහන්සියක් ලෙස දැනෙන්න් ඇයි කියා විමසා බලමු. අපගේ රුධිරය, ශරීරයේ
ක්‍රියාකාරිත්වයට විවිධ ආකාරයෙන් උදව් කරනවා. කොටින්ම රුධිරයේ ක්රියාකාරීත්වයක්
හෙවත් රුධිර සංස්සරණය නැතිනම් ජීවිතයක් පවතින්නේ නැහැ. අනිවාර්යයෙන්ම මරණයට
පත්වෙනවා. මේ රුධිරය සතු කාර්යයන්වලදී වැදගත් දෙයක් ලෙස සලකන එකක් වන්නේ “ඔක්සිජන්”
ප්රවාහනයයි.
අපි හුස්ම ගන්නා විට පෙනහලු තුළට ඇතුළුවන වාතයෙහි අඩංගු ඔක්සිජන් වායුව, එහිදී
ලේවලට උරාගෙන ශරීරයේ අනිකුත් ප්‍රදේශවලට ප්‍රවාහනය කරනු ලබනවා. ශරීරයේ අනෙකුත්
ප්‍රදේශවල ඇති මොළය, හෘදය, වකුගඩු, අක්මාව වැනි ඉන්ද්රියයන් ද මාංශ පේශී වැනි
පටකයන් ද මෙලෙස ප්‍රවාහනය කරනවා. ඔක්සිජන්, ආහාර වලින් ලැබෙන ග්ලූකෝස් සමඟ මිශ්‍රකර
අවශ්‍ය “ශක්තිය” සපයා ගන්නවා. ඒ කියන්නේ වාහනයක ඉන්ධන, වාතය සමඟ මිශ්‍රකර දහනය වී
වාහනය ගමන් කිරීමට ශක්තිය ලබා ගන්නවා වාගේ, අපේ ශරීර පටකයන් ද ආහාරවලින් ලැබෙනා
ග්ලූකෝස් නැමැති ඉන්ධන, රුධිරයෙන් රැගෙන එන ඔක්සිජන් සමඟ මිශ්‍රකර දහනය වී ශරීර
ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය සපයා ගන්නවා. ඉතිං, “ඔක්සිජන්”වල වැදගත්කම පාඨක ඔබට
වැටහෙනවා ඇති. මේ “ඔක්සිජන්” රුධිරයේ ගමන් කරන්නේ “හිමොග්ලොබින්” ඩ්ඥථධඨතධඡඪද නම්
වූ යකඩ හා ප්‍රෝටීන්වලින් නිර්මාණය වු සියුම් ද්‍රව්‍යයක් හරහායි. ඒ කියන්නේ ශරීරයේ
ශක්තිය නිපදවා ගන්න අවශ්‍ය ඔක්සිජන් නිසි ප්‍රමාණයට ලබා දීමට මේ ඔක්සිජන් ප්‍රවාහනය
කරනා “හිමොග්ලොබින්” නිසි ප්‍රමාණයට තිබිය යුතු වෙනවා. ඒ වාගේම කියන්න ඕන අපගේ
රුධිරයේ රතු පැහැය ඇතිවෙන්නේ මේ “හිමොග්ලොබින්” කියන ද්‍රව්‍යය නිසයි. කිසියම්
හේතුවක් නිසා රුධිරය තුළ මේ “හිමොග්ලොබින්” ප්‍රමාණය අඩු වූ විට, ඔක්සිජන්
ප්‍රවාහනය අඩපණ වී ශරීරයට ශක්තිය නිසිලෙස නිපදවා ගත නොහැකි වෙනවා. විශේෂයෙන් අපි
ශරීරය වෙහෙස මහන්සි වන ක්‍රියාවකදී, ඒ කියන්නේ ඇවිදීම, කන්දක් නැඟීම, ව්‍යායාම
කිරීම, ශරීරය වෙහෙසන රැකියාවක් කිරීම ආදී ක්‍රියාවකදී “ශක්තිය” වැඩි වැඩියෙන්
අවශ්‍ය නිසා, ඔක්සිජන් ද වැඩි වැඩියෙන් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් රුධිරය පොම්ප
කරන හෘදය වස්තුවේ විනාඩියකට ගැහෙන වාර ගණන වැඩිවීම හා ඔක්සිජන් ශරීරය තුළට ලබාගන්නා
පෙනහලු ක්‍රියාකාරීත්වය වැඩිවීම හෙවත් හුස්ම ගන්න වාර ගණන වැඩිවීම මඟින් මේ “අමතර
ඔක්සිජන්” ශරීරයට සපයා ගනු ලබනවා. අපේ ශරීර ක්රියාකාරීත්වයකදී හෘදයේ ගැස්ම
වැඩිවෙන්නේත් හුස්ම ගන්නා වාර ගණන වැඩිවෙන්නේත් මේ නිසයි.
නමුත් මේ ආකාරයට ඔක්සිජන් අමතරව ලබා ගත්තත් “හිමොග්ලොබින්” නම් වූ ඔක්සිජන්
ප්‍රවාහනය කරණ ද්‍රව්‍යය අඩුවීම නිසා ශරීරයේ පටක තුළට, මාංශ පේශි තුළට ඔක්සිජන් ලබා
ගැනීම, සැපයීම අඩු වී යනවා. ඉතිං මේ අවයව ශක්තිය නිසිලෙස, නිසි ප්‍රමාණයට නිපදවා
ගැනීමට බැරිවීම නිසා අධික වෙහෙසකට පත්වෙනවා. ඔක්සිජන් සැපයීම මදි නිසා, දැනට තිබෙන
අඩු “හිමොග්ලොබින්” ප්‍රමාණයෙන් උපරිම ලෙස වැඩ ගැනීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා
වේගයෙන් හුස්ම ගැනෙනවා. ඒ කියන්නේ පපුවේ මහන්සියක්, හතියක් ඇති වෙනවා. ඒ විතරක්
නෙවෙයි එම ඔක්සිජන් ටික වේගයෙන් පොම්ප කිරීමට හෘදයේ ගැස්මත්, පමණට වඩා වැඩියෙන්
සිදුවෙනවා. ප්‍රතිඵලය වන්නේ “අධික මහන්සියක්” දැනීමයි.
ශරීරය තුළ “ලේ අඩුවීම” හෙවත් හිමොග්ලොබින් අඩුවෙන ආකාරය හා ඒවාට හේතු සාකච්ඡා
කිරීමට මේ ලිපිය ඉඩකඩ මදි නිසා, පසු දවසක ඒ ගැන දැන ගනිමු. අද ලිපියේ අවශ්‍යතාවය
වුණේ කිසියම් ආකාරයටකට රෝගයකට “ලේ අඩුවීමක්” සිදු වුණොත්, එය අපිට පපුවේ හතියක්,
මහන්සියක් ලෙස දැනෙනා ආකාරයට පාඨක ඔබට විස්තර කර දීමයි. ඒ වාගේම මතක තබා ගත යුතු
දෙයක් වන්නේ, මේ ආකාරයට “ලේ අඩුවීමක්” දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණ හොත් (ඛ්ඩපධදඪජ
ඒදඥථඪච) පමණට වඩා වේගයෙන් ක්‍රියාකිරීමට සිදුවීම නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය
අඩුවීමයි. (ඩ්ඥචපබ ටචඪතභපඥ) ඒ නිසාම පෙනහලු ක්‍රියාකාරීත්වය ද අඩුවීමයි. එවිට
සිදුවන්නේ අද අපි සාකච්ඡා කළ රෝග ලක්ෂණ ඉතා උග්රවීම බව සැලකිය යුතු වෙනවා.
ශරීර ක්රියාකාරිත්වයකදී පපුවේ මහන්සිය ඇතිවන තවත් වැදගත් රෝග තත්ත්වයක් ගැන ලබන
සතියේ කතා කරමු.
curtesy :dinamina.lk