පැහැපත් සමකට දිදුලන රුවකට අපේ යුවතියන් කොයි තරම් ආසද? සමට කරන සත්කාර හැරුනාම ඔබ ඔබේ ජිවන රටාවේත් සුළු සුළු වෙනස් කම් ඇති කරගන්නට ඕනෑ.
ඒ සඳහා අහිතකර වන ආහාර වර්ග වලින් වැළකී සිටින්නට ඔබ පුරුදු විය යුතුයි. බොහෝ විට අප පුරුදු වී සිටින්නේ අපේ රස නහර පිනවන ආහාර ගන්නයි. එහෙත් එසේ කර ඔබ ඔබේ රූප සෝභාව නැතිකර ගන්නවාද කියන ප්‍රශ්නයට පිළිතුර ඔබම සොයාගත යුතුයි.
කට පාලනය කර ගත්තොත් ඔබට බොහෝ ලෙඩ රෝග වලිනුත් වැළකී නිරෝගිමත් ජීවිතයක් හිමිකර ගත හැකියි.
ඇස් යට කළුවීම වළකා ගැනීම සඳහා ඔබේ ආහාර පද්ධතියට යකඩ බහුල ආහාර එකතු කර ගන්න. නිවිති, තම්පලා වැනි කොළ වර්ග නිතර ම ඔබේ ආහාරයට එකතු කර ගැනීමෙන් පහසුවෙන් ම වැඩි යකඩ ප්‍රමාණයක් ශරීරයට එකතු වනවා.
ඒ වගේ ම තමයි ඔබට කැල්සියම් බහුල ආහාරත් අත්‍යවශ්‍යයි. හාල්මැස්සන්, කිරි වැනි දේ නිතරම ආහාරයට එකතු කර ගැනීමෙන් කැල්සියම් ඔබට ලබාගත හැකි ය.
අනෙක් සුවිශේෂීම කාරණය තමයි ඔබ බොහෝ දෙනෙක් ඉතා ම ආසාවෙන් කන චොකලට් මේ තත්ත්වයට දැඩි ලෙසින් ම බලපාන බව. චොක්ලට් දැක්කම ඔබලා සියලු දෙනාටම තමන්ගේ රූප ස්වභාවයත් අමතක වෙනවා.
ඒ නිසා තමයි ඔබට නැවත නැවත මතක් කරන්නේ චොකලට් කන්න එපා කියලා. ඇස් යට කළු වීමට විතරක් නෙවෙයි. සමේ ඇතිවන පිග්මස්ටේෂන් තත්ව, කුරුලෑ තත්ව, සම වියළීමේ ස්වභාවය ආදී වූ බොහෝ දේ සඳහා චොක්ලට් අහිතකර ලෙස බලපානවා.
අපේ රටේ කාන්තාවන් නම් බොහෝ විට ඇල්කොහොල්, මධ්‍යසාර සහ දුම්වැටි භාවිතයෙන් ඉතා ම අඩු තත්වයක පවතින්නේ. එහෙත් පුරුෂ පක්ෂය ඉතාම දැඩි විදියට මේ සඳහා ඇබ්බැහි වී සිටිනවා.
මේවා නිතර පාවිච්චිය නිසා ඇස් යට කළු වීම ඉතාම තදින් ඇතිවීමට පුළුවන්. එබැවින් මධ්‍යසාර සහ දුම්වැටි භාවිතයෙනුත් හැකිතාක් දුරට වැළකී සිටින්න.
අපි ආහාරයට එක් කරගන්නා දේ සේම බාහිරින් සම මතුපිටින් අපි කරන විවිධ ප්‍රතිකාර සත්කාර සේම විවිධ ආලේපන වර්ගත් ඇස්යට කළුවීම සඳහා බලපානවා. මුහුණට පාවිච්චි කරන pack වර්ග සමහරුන් ඇස්වලට උඩටත් යොදනවා. නොදැනුවත්කම එසේ කළත් මුහුණට පාවිචිචි කරන pack කොයිම මොහොතකවත් ඇස් උඩට යොදන්න එපා.
අනික් කාරණාව තමයි ඔබ සුවිශේෂී ගමනක් යාමට හෝ මඟුල් ගෙදරක යාමට හෝ නැතහොත් දිනපතා කාර්යාලයට යාමට හෝ මේක් අප් "(mack up) කරන කෙනෙක් විය හැකියි. එසේ මේක් අප් කළ විට අනිවාර්යයෙන් ම නින්දට යන විට ඉතා ම හොඳින් ඒ make up ඉවත් වනතුරු සෝදා නින්දට යා යුතුයි.
හොඳ වර්ගයේ ප්‍රමිතියකින් යුතු ක්ලෙන්සර් වර්ගයත් මේ සඳහා ඔබට පාවිච්චි කළ හැකියි. ඉතා ම සියුම් ව පිරිමදිමින් ඇස් වටේ සහ මුහුණේ ඇති මේක් අප් ඉවත් කරන්නට ඔබ පුරුදු විය යුතු ය. කිසිම මොහොතක කලබලයට තද පීඩනයකින් ඇතිල්ලීම කළ යුතු නැහැ.
(under the courtesy of goodhousekeeping.lk web)