Health
සිරුරේ දූෂිත වූ කොටස් බැහැර කරන පංචකර්මය
බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ පංචකර්ම ඒකකයේ
විශේෂඥ වෛද්‍ය තිලකා මාලනී රූපසිංහ
කොයිතරම් ඩහබිඳු සිරුරින් පිටවුණත් සිරුරට හානියක් නොවන ලෙස කටයුතු කරන චිකිත්සා ක්‍රමයක් තමයි පංචකර්ම කියන්නෙග අප ඩහදිය දමනවාට අකමැති වුණත්ල විශේෂ ක්‍රම යොදා ඩහබිදු එන්න සලස්වා විවිධ ලෙස සිරුර අභ්‍යන්තරයේ පවතින අපවිත්‍ර කොටස් බැහැර කරවීම පංචකර්මයෙන් සිදු වේග මෙහිදී වා පිත් සෙම් යන ත්‍රිදෝෂයන්ගෙන් අපවිත්‍ර කොටස් බැහැර කිරීම සිදු වේග එය ශෝධනයයිග පංචකර්මයෙන් සිදුවන විශේෂ ගුණාත්මක භාවය හා එහි කර්තව්‍ය කෙබදු ද යන්න අපව දැනුවත් කළේ බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ පංචකර්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය තිලකා මාලනී රූපසිංහයිග
පංචකර්මය කියන්නේ
කර්මය යනු චිකිත්සාවයිග ආයුර්වේදයට අනුව සිදුවන මේ චිකිත්සාව වමනල විරේචන වස්තිල නාස්ය සහ රක්ත මෝක්ෂණය යන පස් ආකාරයෙන් සිදු වේග සිරුරේ අපවිත්‍ර වා පිත් සෙම් යන දෝෂ ශෝධනය කර බැහැර කිරීම මින් සිදු වේග
අරමුණු
පංචකර්ම නිසා සිරුර සමතුලිත කරගත හැකියිග එනම් ත්‍රිදෝෂයම සමතුලිත වී නීරෝගිභාවය රැක දිමයිග වා පිත් සෙම් යන රෝග දෝෂයන් නිසා හටගන්නා විවිධ රෝග දුරු කිරීම සිදු වේග ඒ අනුව සිරුරේ නිරෝගී බව ආරක්ෂා වෙයිග රෝග සුව කර ගැනීම හා රෝගවලින් මුදවා ගැනීම මෙහි අරමුණු වේග
පංචකර්ම ක්‍රියාවලිය
පංචකර්ම ක්‍රියාවලිය ක්‍රම 3කින් පූර්ණ කරගත යුතුයිග
පූර්ව කර්ම - පංචකර්මයට පෙර රෝගියා සූදානම් කිරීම
ප්‍රධාන කර්ම - පංචකර්ම ප්‍රතිකාර යෙදීම
පශ්චාත් කර්ම - ප්‍රතිකාරයෙන් පසු අනුගමනය කළ යුතු පිළිවෙත්
පූර්ව කර්ම
පංචකර්මයට පෙර කළ යුත්තේ පූර්ව කර්මයයිග රෝගියාගේ වයසල ශරීර ශක්තිය හා අවනතභාවය මෙහිදී සලකා බැලෙන ප්‍රධාන කරුණු කිහිපයකිග ආම පාචනය වූ අග්නිය වර්ධනය වීම ද රෝගියාට තිබිය යුතු ලක්ෂණයකිග මෙහිදී ආහාර හොඳින් දිරවන බඩගින්න ඇති මල මුත්‍රා හොඳින් පිටවන තත්ත්වයන්ට රෝගියාව පත් කෙරේග
එය සිදුවන්නේ ක්‍රම දෙකකිනිග
ස්නේහ කර්ම - තෙල් වර්ග පානයට දීම හෝ ශරීරයේ තෙල් ගෑම
ස්වේද කර්ම - ශරීරය තැවීම :පොට්ටනි ආධාරයෙන් ඩහදිය එනතුරු-
ස්නේහ කර්ම
අභ්‍යන්තර හා බාහිර කර්මවලින් මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ හොඳින් බඩගින්න ඇති මල මුත්‍රා පිටවීමට හැකි තත්ත්වයට පත් කළ රෝගියාටයිග ස්නේහ කර්මය තුළින් සිරුරට සිදුවන කාර්යය අතිමහත්යග එනම් කිලිටි වූ දෝෂ මෘදු කර පිටකිරීමට හැකි තත්ත්වයට පත් කිරීමයිග දූෂිත වූ වාල පිත් සෙම් යන දෝෂයන්ගෙන් අපවිත්‍ර කොටස් බුරුල් කිරීමට උදව් දීමයිග
සිරුරේ බලය හා ශක්තිය ලබාදීම සිදු වේග වාත රෝගයකදී පොදු ප්‍රතිකාරයක් ලෙස තෙල් ගෑම සිදු කරයිග එයින් වාතය සමනය වේග තෙල් ගෑම තුළින් පවතින වේදනාව දුරු කරයිග සිරුරේ බඩගිනි ඇති කරයිග මුළු සිරුරේ ක්‍රියාකාරීත්වය නිසිලෙස පවත්වා ගැනීමට උදව් වේග
බාහිර ස්නේහ කර්ම
උඩ සිට පහළට තෙල් ගෑම අනුලෝමව සිදුවන බව මෙම ක්රමයේ දී පැහැදිලියග නමුත් ප්‍රතිලෝමව සිදුවන ක්‍රියාවලිය වන්නේ පහළ සිට ඉහළට රෝම කූප උඩ අතට සිටින සේ ගෑමයිග ශරීරය කෙට්ටු කිරීම හා බර අඩු කිරීම මෙමඟින් සිදු වේග ආයුර්වේදයේ උද්වර්තනය සිදු කරන්නේ ප්රතිලෝමවයිග මේ සඳහා සුදුසු තෙල් වර්ග වෛද්‍යවරයා විසින් තෝරා ගැනේග
හිසට ස්නේහ
ශිරෝ අභ්යංගල ශීරෝ පිචුල ශීරෝ වස්තිල ශීරෝධාරා හිසට සිදු කෙරෙන ස්නේහ කර්මයයිග මෙයින් සිරසේ පවතින දෝෂ බුරුල් කරන අතර මොළයට තර්පනයක් ලබා දීම සිදු වේග ශරීරයේ තෛල අභ්‍යංග කිරිමේදි ඉරියව් පැවැත්ම වැදගත්යග මෙය ඉරියව් 7ට තෙල් ගල්වනු ලබයිග එම ඉරියව් 07 අවසන් වන විට විනාඩි 35 ක් පමණ ගත වේග එහි ක්‍රියාකාරිත්වය ඇටමිදුළු දක්වා යාම විනාඩි 5ක් ඇතුළත සිදුවේග මෙම ඉරියව් වලින් මුළු ගතේම තෙල් ගල්වනු ලැබේග මෙයින් උරාගන්නා තෙල් සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලියට උදව් වේග රුධිරය ඇතුළු සප්ත ධාතුවටම උදව් වනවා සේම අපද්‍රව්‍ය බැහැර විමට ද උදව් වේග
නේවාසික වීම
මේ උරාගන්නා තෙල් බැහැර කිරීමට සුදුසු ඖෂධ වර්ග යොදයිග මේ සඳහා රෝගීන් රෝහලේ නේවාසික වීම වැදගත් වේග මෙවැනි රෝගීන් උස් හඬින් කථා කිරිමල සීත සුළං වැදීමල හිරු රශ්මියට සිරුර නිරාවරණය වීමල වාතයට නිරාවරණය වීමල ස්නානයල සීතල ජලය භාවිතාව ආදිය නොකළ යුතුයි
curtesy :dinamina.lk