සිකුරු තරුව ආදරයේ සංකේතයයි. උදා අහසේ පායන පහන් තරුවත් සැඳෑ අහසේ දිදුළන ඉරබටු තරුවත් මේ සිකුරු තරුව හෙවත් වීනස් තරුව අපට නිතර ඇස ගැටෙන පහසුවෙන් හඳුනාගත හැකි තාරකාවකි. එහෙත් අපට පහසුවෙන් පෙනුනද, ඇතැමුනට මේ සිකුරු තරුව මෙසේ පායා නැති බවත් දැනේ. අප සිකුරු තරුව දෙස බලා සුසුම් හෙළන්නට අවශ්‍ය නැත. 'සිකුරා නළලේ', 'සිකුරු හතේ' යෑයි බොහෝ දෙනා පවසති. සිකුරු මහ දසාව උදා වූ පසුව 'බඹරය වැල්ලේ' කරකැවෙන යුගයක් උදාවනු ඇත. ඔබට තාම සිකුරු ලබා නැද්ද. එසේ නොමැති නම් මා ඔබට උදව් කරන්නම්.
පාසල් විය අවසන් වූ පසු, දරුවනට සිදුවන්නේ ජීවිකාව ගෙන යන්නට ගැළපෙන රැකියාවක් සොයා ගැනීමටය. මෙයද වර්තමානයේ වාසනාව උත්සාහය හා ශක්තිය සුදුසුකම් ආදී විවිධ සාධක ඔස්සේ තීරණය වේ. ඉක්මනින්ම හෝ කල්ගත වී හෝ රැකියාවක් ලැබුණු පසු බොහෝ විට අරමුණු තුනක් වෙත ඔවුන්ගේ සිත් යොමු වේ. එනම්.
1. ඉඩමක් ගෙයක් දොරක් සිහිනය ඉටුකර ගැනීම.
2. වාහන සිහිනය ඉටුකර ගැනීම.
3. විවාහයක් සිදුකර ගැනීමය. විවාහය යන මතයේදී ප්‍රේම සබඳතාවන් ඇත්නම් ඉක්මනින් තමාගේ සහකාරයා, සහකාරිය ළඟාකර ගැනීමක් එසේ නැතහොත් ගැළපෙන සහකාරයකු, සහකාරියක තෝරා ගැනීමයි. රැකියාවන් ලැබීමෙන් පසු ඉහත තිබූ කරුණුවලට අමතරව සුළු වශයෙන් ඒත් මිනිස්සු අතර හොඳ මිනිසුන් ද ඇති බව පෙන්වමින් තමාගේ දෙමවුපියන්ට සලකන්නට ඔවුන්ගේ ඉදිරි කාලය සතුටින් තබන්නට ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර දෙන්නට පෙලඹෙන අය ද ඇත. මෙවැනි අයට සිකුරු තරුව පායන්නට ප්‍රමාදවීම වැළැක්විය නොහැක.
විවාහය ප්‍රමාදවීමට පුද්ගලයන් විවිධ සාධක ඉදිරිපත් කළ ද ජ්‍යෙdතිෂමය ඇසින් පමණක් නොව සමාජ, ආර්ථික, ආගමික වශයෙන් විවිධ සාධක බලපෑම් සිදුවේ. ජ්‍යෙdතිෂයට අනුව බොහෝ දෙනා පෙන්වා දෙන්නේ
1. කුජ දොaෂ
2. ශනි මංගල දොaෂ
3. විසි දෙවන (22) දෙර්කාණාධිපතිගේ බලපෑම
4. අටවන සහ දෙවන රාශිවල පාපයන් සිටීම
5. පාප ග්රහයින්ගේ මහ දසා පැවතීම
6. විෂ කන්‍යා යෝග ආදියයි. (විෂ කන්‍යා යෝග හඳුනාගන්න.)
ජ්‍යෙdතිෂයට අනුව ඉහත කී කරුණු සත්‍ය වුවත් ප්‍රායෝගිකව තවත් කරුණු රාශියක් විවාහ ප්‍රමාද වීමට බලපානා බව නොරහසකි. ලිපිය දිගුවන නිසා ඒ ඒ කරුණු සවිස්තරාත්මකව විස්තර කළ නොහැකි වුවත් ඊට බලපාන සාධක ගැන කෙටියෙන් බලමු.. මෙහිදී අප ඉදිරිපත් කරනු ලබන සාධක එකක් හෝ කිහිපයක්ම විවාහ ප්‍රමාදයට බලපානවා ඇත.
1. දෙමාපියන්ගේ උනන්දුව අඩුවීම.
2. දෙමාපියන් අවශ්‍ය ප්‍රමාණයට වඩා සුදුසුකම් සෙවීම.
3. තරුණ තරුණියන්ගේ ප්‍රේම සබඳතාවලට දෙමාපියන් විරුද්ධ වීම.
4. දෙමාපියන් මෙන්ම 'වැඩිහිටි' පරපුර ද අනවශ්‍ය බලපෑම් එල්ල කිරීම.
5. දායාදය - කුලබේදය උඩරට පහතරට බේදය වැනි අනවශ්‍ය සාම්ප්‍රදායික මතවල එළඹ සිටීම.
6. විවාහය සිදුවිය යුතු කාලයේදී ඒ තරුණයා හෝ තරුණිය ඒ ගැන නොසිතා උසස් අධ්‍යාපනය, ආර්ථික දියුණුව ගේ දොර වාහන පසුපස හඹා යැම.
7. සමාජයේ පවත්නා පංති පරතරය.
8. රැකියා විරහිත බව.
9. පවුලේ වගකීම් තමා මත ගොඩගැසීම.
10 රූමත්කම හෝ පෞරුෂය අඩුවීම.
11. කළුකුමාර දෝෂය
12. ශාරීරික විකෘතිතාවන්
13. කුඩා කාලයේ සිදුකරගත් නොමනා දේ
14. සීමාරහිත ආගමික භක්තිය
15. අනුන්ගේ උපදෙස් ඕනෑවට වඩා පිළිපැදීම
16. සියලු දේ අංග සම්පූර්ණ වනතුරු බලා සිටීම.
17. සියලු දේ අංග සම්පූර්ණව බලාපොරොත්තු වීම.
කුමන හෝ ආකාරයකින් වේවා මංගල යෝග කල් යැමෙන් සිදුවන්නේ ඔබ කල් ඉකුත් වූ භාණ්ඩයක් සේ සැලකීමයි. අප වෙත පැමිණෙන ඇතැම් පුද්ගලයන් ගැන සෙවීමේදී (ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව) අපට ඇතිවන්නේ ඔවුනට වැනිම වේදනාවකි. අවුරුදු පනස් පහ හැට ද ඉක්මවූ ඇතැම් චරිත තවමත් විවාහ අපේක්ෂාවෙන් පසුවේ.
මෙවැනි පුද්ගලයන්ට විවාහයේ අවශ්‍යතාව දැනෙන්නේ වියපත් වන විට. අමරදේව ශූරීන්ගේ 'කබාය ඉරිලා ඊට කමක් නැහැ මා දැන් මහලු වියේ' ගීතයෙන් කියෑයෙවන්නාක් මෙන් ජීවිතයේ පාළුව තනිකම දැනෙන්නේ වියපත් වන විටය. තමාගේ රැකියාව නිසා රැකියාව කරන කාලයේදී තනිකමක් නොදැනුණද විශ්‍රාම ගිය පසු දැනෙන පාළුව තනිකම බෝතලය සමඟ හෝ සිල් රෙද්ද සමඟ බෙදා ගන්නට සිදුවේ. ඒත් තනිකම පාළුව අසරණකම ඉහවහා යනු ඇත.
ඒ නිසා යෞවනයේ පසුවන ඔබ, එසේ නැතහොත් යෞවනයෙන් පියනඟා මැදිවියට පියනැඟ සිටින ඔබ තවදුරටත් විවාහ ප්‍රමාදය ගැන දුක්වී නොසිටිය යුතුයි. අංගසම්පූර්ණ ගැහැනියක හෝ පුරුෂයකු හෝ සොයා ගන්නට ඔබට මේ ආත්මයේ නොව ආත්ම ගණනාවක් ගත කළද විය නොහැක. බොහෝ විට අපේ සිතේ ඇඳි සේයාව අපට ජීවිත කාලයේදී ලබා ගන්නට නොලැබෙනු ඇත. ඒ නිසා විවාහ ප්‍රමාද වූවන්ට ජ්‍යෙdතිෂ හා ගුප්තවිද්‍යා අංශයෙන් අපට උදව් කළ හැකි වුවත් සමාජ ආර්ථික ගැටලුවලට පිළියම් යොදා ගත හැක්කේ ඔබටමය.
විවාහ ප්‍රමාදයට හේතුව ඔබගේ ජන්ම පත්‍ර පරීක්ෂාවෙන් බලා ගත හැකිය. එහිදී
1 කුජ - ශනි සහ අනෙක් ග්‍රහ පිහිටීම්
2. ඔබ දැනට ගත කරන මහදසා අතුරුදසා
ඔබට කුජ දොaෂයක් ඇත්නම් ළතැවි ළතැවී සිටීමෙන් ප්‍රයෝජනයක් නොමැත. කළ යුත්තේ කුජ දෝෂයට ගැළපෙන සහකරුවකු තෝරා ගැනීම පමණි. කුජ දොaෂය ඇති අයෙකු කුජ දොaෂය ඇති අයකුම විවාහ කර ගත යුතු අතර කුජ දෝෂය නැති අයකු කුජ දොaෂය නැති අයකු හා විවාහ විය යුතුය. ඔබට ගණිත පාඩමක් මතක් කර දෙන්නට සිතේ. ධන (Ý) ධන Ý එක් වූ විට අත්තරය ධන (Ý) වේ. එසේම සෘණ (-) සෘණ (-) එක් වූ විට ද උත්තරය ධන (Ý) වේ. ධන Ý සෘණ එක් වූ විට උත්තරය සෘණ (-) වේ. කුජ දොaෂයටද ඇත්තේ ඉහත පිළිතුරමයි.
ඒ නිසා ඔබගේ ජන්ම පත්‍රයේ කුජ දොaෂය පවතින නිසා විවාහය සිදුවන්නේ නැත කියා යමෙකු පවසා ඇත්නම් එය මුළාවකි. මිථ්‍යාවකි. ජ්‍යෙdතිෂය නොදන්නා කමය. අනෙකුත් ග්‍රහ දෝෂද මේ ලෙස භංග කළ හැක. යම් ලෙසකින් ඔබට කුජ දෝෂය ඇති මුත් ඔබගේ පෙම්වතාට හෝ පෙම්වතියට හෝ කුජ දෝෂය නැති නිසා විවාහයට බියවීම සාධාරණ නොවේ. එවන් තත්ත්වයක් ඇත්නම් විවාහය සඳහා ඔබ දෙදෙනා සූදානම් කළ හැක. දොaෂ අපල අඩුකරගත හැක. ඒ සඳහා 'දසදිසා' (චූල ජිනපංජරය) පිරිතෙන් රන් තැඹිලි හෝ සුදු සඳුන් තෙල් ජීවම් කර දෙදෙනාම පැළඳගත යුතුය. එවිට දෙදෙනාගේ දොaෂ අපල දුරුවී සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ හැක.
එසේම ඔබ දැනට ගත කරන්නේ පාපී ග්රහයෙකුගේ මහ දසාවක් නම් ඒ දසාවේ අපල දුරුවන පිළියමක් යොදා ගැනීමෙන් අපලය අඩු වී සාර්ථක විවාහයකට මඟÊපාදා ගත හැක. උදාහරණ සේ රාහු මහ දසාව විවාහයට අසුබ වුවත් නාගාර්ජුන යන්ත්‍රය පැළඳ ගැනීමෙන් ඒ දොaෂ ඉවත් කරගෙන සතුටින් විවාහ වී මංගල පෝරුවට නැඟීමට ඉඩකඩ ලැබේ.
කුජ දොaෂ, ග්‍රහ දෝෂ නැතත් ඇතැමුන්ට විවාහ ප්‍රමාදවීම් සිදුවේ. එය දෛවය අනුව සිදුවන තත්ත්වයකි. දෛවය වෙනස් කළ නොහැකි යෑයි සිතුවද උත්සාහය උනන්දුව ඇත්නම් ඊට මාර්ග ඇත.
විවාහ ප්‍රමාද වූවන් සඳහා මාතාංගේෂ්වරී යන්ත්‍රය හරියාකාරව ජීවම් කර පැළඳීමෙන් මාස තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත විවාහ ජීවිතයට ඇතුළත් විය හැකිය.
එසේම ඔබට විවාහ ප්‍රමාද වන්නේ නම් පෙම්වතුන්ට උදව් කරන්න. එසේම අසරණව මංගල ගමන යැමට වත්කම් නැති අයට ඊට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ආදියෙන් උදව් උපකාර කරන්න. පාර්¨වතී මෑණියන්ට පූජා පවත්වන්න. ඔබට ඉක්මනින් සිකුරු තරුව පායාවී. එය උදා කර දීමට ජ්‍යෙdතිෂයට හා ගුප්ත විද්‍යාවට හැකියාව ඇත. ඔබ ජ්‍යෙdතිෂය විශ්වාස කරන්න. ගුප්ත විද්‍යාව විශ්වාස කරන්න. එහෙත් වංචාකාරයන්ට හසු නොවන්න