Beauty
ස්වභාවිකව ඇහි බැමි ඝනව වවාගත හැකි ලේසිම ක්‍රම මෙන්න
ඝනව වැඩුණු හොඳින් හැඩ කරගත් ඇහිබැමි තිබීම ඔබේ පෙනුම වර්ධනය කරන අතර සිහින් ඇහිබැමි තිබීම ඔබට වයස පෙනුමක් එක්කරනවා.
බොහෝදෙනා ඇහිබැමි ත්‍රෙඩින් හෝ ප්ල්කින් කිරීමට යාමෙන් ඕනවට වඩා ඇහිබැමි සිහින් කරගන්නවා.
නමුත් ඇහිබැමි සකසා ගැනීමේදී හැඩ කරගැනීම පමණක් ප්‍රමාණවත්.
උදාහරණයක් ලෙස,
බොලිවුඩ් නිළියන් ඇහිබැමි සකසා ඇති අයුරු බලන්න.
විශේෂයෙන්ම දීපිකා පදුකෝන් ඇඟේ ඇහිබැමි ඝනව තබා ගැනීමට හුරුවී තිබෙනවා.
ඔබේ ඇහිබැමි තුනී නම් ස්වභාවික දේවල් යොදාගෙන පහසුවෙන්ම මෙම ගැටළුව විසඳගන්න පුළුවන්.
01.එඬරු තෙල්
පිරිසිදු එඬරු තෙල් තුළ කපු පුළුන් කැබැල්ලක් පොඟවා එය එක් එක් ඇහිබැමි මත ආලේප කර විනාඩි 2-3 ඔබේ ඇඟිලි තුඩු වලින් මෘදුව සම්බාහනය කරන්න.
එය විනාඩි 30ක් පමණ තබා මඳ උණුසුම් ජලයෙන් සෝදාහරින්න.
දිනපතා සති කිහිපයක් මෙය සිදු කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.
02. පොල් තෙල්
ඔබේ ඇඟිලි තුඩු මත උණුසුම් පොල් තෙල් බිංදු කිහිපයක් තබා ඇහිබැමි මත එය ආලේප කර රුධිර සංසරණය වැඩි කිරීමට විනාඩි කිහිපයක් මෘදුව සම්බාහනය කරන්න.
එය රාත්‍රියේ තිබෙන්නට හැර උදෑසන උණුසුම් ජලයෙන් සෝදාහරින්න.
ඇහිබැමි ඝනව වැඩෙන තුරු මාස 1-2 මෙය දිනපතා කරන්න.
03.ඔලිව් තෙල්
රාත්‍රී නින්දට යාමට පෙර උණුසුම් ඔලිව් තෙල් යොදා විනාඩි 05 ක් පමණ ඇහිමැම සම්බාහනය කරන්න.
පසුදින උණුසුම් ජලයෙන් සෝදාහරින්න.ඔලිව් තෙල් සමඟ මී පැණි මිශ්‍ර කර මෙලෙස ආලේප කිරීමෙන්ද හොඳ ප්‍රතිඵල ලබාගත හැක.
04.බිත්තර කහමදය
බිත්තරයේ කහමදය වෙන්කරගෙන එය උකු වනතුරු බීට් කරගන්න.
පසුව පුළුන් කැබැල්ලක් එහි පොඟවා ඔබේ ඇහිබැමි මත ආලේපකර විනාඩි 10-15කට පසුව සීතල ජලයෙන් සෝදාහරින්න.නිසි ප්‍රතිඵල ලැබෙන තුරු සතියකට වරක් හෝ දෙවරක් මෙම ප්‍රෝටීන ප්‍රතිකාරය කරන්න.
05.කෝමාරිකා
කෝමාරිකා පත්‍රයෙන් ජෙල් එක වෙන් කරගෙන එය ඇහිබැමි මත ආලේප කර විනාඩි කිහිපයක් මෘදුව සම්බාහනය කරන්න.
විනඩි 30ක් පමණ එය තිබෙන්නට හැර මඳ උණුසුම් ජලයෙන් සෝදාහරින්න.
කෝමාරිකා සමඟ මී පැණි හෝ පොල්තෙල් මිශ්‍ර කර ආලේප කිරීමෙන්ද හොඳ ප්‍රතිඵල ලබාගත හැක.
(under the courtesy of hirutv.lk blog web)