Life
සර්වාංග රෝග නිවාරණය කරන පලතුරු
ශ්‍රී ලංකා ධරණි තලයේ සරුසාර පින් භූමියේ ස්වභාවධර්මයෙන් අපවෙත දායාද ලෙස
පිරිනැමුණු මිල කළ නොහැකි ගතසිත පුබුදුවාලන ලේ නහර පුබුදුවා දිවපිනවා ශරීර
ශක්තිය තිව්රර කරමින් වාත, පිත්ත, සෙම යන ත්‍රිදොaෂ මුල්කරගෙන ඉදිරියට
විකාශනය වන, රස, රත්න, අස්ථි, මඡ්ජා, ශුක්‍ර යන රස ධාතූන් සංරක්ෂණය කර
ඒවාට පණ පොවමින් ආපෝ, තේජෝ, වායෝ, පඨවී, ආකාශ යන පංච මහා භූයන්ගෙන්
නිර්මාණය වූ මානවයාට නීරෝගි භාවය ලබාදී ශ්‍රී ලාංකිකයාට යහපත් පිවිතුරු
මනසක් ලබාදී සෝභාවමත් ලස්සන පැහැපත් සිරුරක් ලබාදී ඉතා හොඳ පවුල්
පසුබිම් සහ පවුල් සංස්ථාවක් ඇති කරමින් අවුරුදු සියය ඉක්මවීමට ජීවත්
වීමට උරදෙන උපස්තම්බක වන අපේ පින් බිමේ අපටම ආවේණික වූ වස විසෙන් තොර
පලතුරු වර්ග විශාල සංඛ්‍යාවකි.
මා එම පලතුරු වර්ග සංඛ්‍යාව මෙහි
සඳහන් කරමි. එමෙන්ම එම පලතුරු වර්ග කුල වශයෙන්ද සඳහන් කර ලියමි. එසේම යම්
යම් පලතුරු වර්ග ගුණාත්මක භාවය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් පරිදි
මූලධර්ම අධ්‍යයනය කිරීමේදී ද්‍රව්‍ය ගුණ විඤ්Æනයට සාපේක්ෂව ර¹ පවතී. අනෙක
ඇතැම් පලතුරු රෝග මර්දනය කිරීමටද ඉවහල්වේ. වස, විෂ, රසකාරක, පොහොර යනාදිය
හේතුව නිසා ඒවා යෙදූ ආහාර ගැනීමෙන් අප රෝගීන් බවට ගොදුරුවී ඇත.
ප්රසංගාද් ගාත්රා සංස්පර්ශාසත් නි( ශ්වසාත් සහ භෝජනාත්
ඒක ශයHdසනශ් වෛච වස්ත්‍ර මාල්යාන, ලේපනාත්
කුෂ්ඨජ ජවරශ්ච ශෝෂශ්ච නේත්‍ර ශිෂ්‍යයන්ද ඒවච
ඖපස්රගිත රෝගාංග්ච්චච සංත්රාමන්තස නරාන්නරම්
මෙම
ශ්ලෝකයෙන් ගම්‍ය වන්නේ යම්කිසි තැනැත්තකුගෙන් තවත් පුද්ගලයකුට ආශ්රයෙන්
සහ පරිහරණය කරන දේවලින්ද නිරෝගී පුද්ගලයා රෝගී වන බවයි. රෝගී වූ විටද දේශීය
පලතුරුවල සරණ ඉවහල්වේ. ශ්‍රී ලංකාවේ පැරැන්නන්ගේ ආහාර වට්ටෝරුව පලතුරු
අනුභවය ප්‍රධාන තැනක් දී තිබූ බවට සාධක තිබේ. දේවත්වයෙන්ම සලසා තිබේ. එයට
සාධක වන්නේ සුමන සමන්, කතරගම විශ්ණු, වැනි දෙවිඳුන් හට භාරහාර කිරීමේදී පවා
පලතුරු වට්ටි පූජාව අනිවාර්ය වීමය.
වසරක් පාසා මේ රටට පැමිණෙන
විදේශීන් පවා මෙම රටේ වැවෙන අලුත් පලතුරුවල ගුණ සුවඳ රසය, භුක්ති විඳ එහි
වටිනාකම සහ ප්‍රශංසාව පළ කරන වග අප්‍රමාණය.
මෙම පලතුරු වර්ග භාවිතය
වර්තමානයේ එක එක අයුරින් භාවිතය යොදා ගනී. ඉතා උසස් අයුරින් බීම වර්ග
නිෂ්පාදනය කරති. එයින් බීම සමාගම් නිෂ්පදනාගාර ඉදිවී තිබේ.
මංගල
උත්සව අවස්ථාවල රස නාළ පිනවා වීඩාව සංසිඳවා කුසගින්න දල්වා ගැනීමට පවස
සංසිඳවීමට හොඳ පලතුරු බීම බඳුනක් පිරිනැමෙන බවද රහසක් නොවේ.
එ අතර ග්‍රාමීය මට්ටමේ සහ නගර මට්ටමේ දානමය අවස්ථාවලද මෑත යුගයේ පලතුරු බඳුනක් පානය කිරීමට දෙනු ලැබීම දැකබලා ගත හැකිය.
ගස්
ලබු ජූස්, අඹ ජූස්, කටුඅනෝනා ජූස්, දිවුල් ජූස්, දොඩම් ජූස්, නෙල්ලි
ජූස් ඒ ඈත යුගයෙන් මෑත යුගයට ආහාර පාන වට්ටෝරුවට අවතීර්ණ වී ඇත.
මෙසේ සිදුවීම අපේ රටේ දේශීය පලතුරුවලට සුවිශේෂ තැනක් නිර්මාණය වී ඇති බව සාධක වේ.
"අප රට දේ සිරිසැප දේ" යන කියමන සිහිගැන්වේ.
මට මෙහිදී පැරැණි කවියකු ලියූ ගංගාගෝව කෘතියේ පද්‍යයක් සිහියට නැඟේ.
"ඇන උල්කියුනු ගල්මුල්වල මූනත මැඩ
යන මේ ගමන කොතරම් හිතවතද හැඩ"
අපේ
රටේ පලතුරුවල ගුණාත්මක භාවය සහ එහි වපසරිය පිළිබඳ විදේශිකයකු වූ රොබට්
නොක්ස් පවසා ඇත්තේ කොස් ගෙඩිය ගැන සඳහන් කර එය ඉදුණු විට වරකා සහ
වැලමදුළුවේ ඉතා මිහිරි රසයෙන් හෙබි අට දෙනකුට පමණ කා කුසගින්න නිවාලීමට
හැකි බවය.
ලංකාවට සම්ප්‍රාප්ත වූ රොබට් නොක්ස් ලංකාවේ සෑම, කැලෑ
බද ප්‍රදේශයකට ගොස් සෑම පලතුරු වර්ගම දැන හඳුනා ඒවා අනුභව කර එහි රස ගුණ
පිළිබඳව අගයකරදීම සහ පලතුරු පිළිබඳව අතීතයට සහ වර්තමානයටත් අනාගතයටත්
පැහැදිලි දැක්මක් ආවර්ජනයක් ඔබ හමුවේ තැබීමයි.
බැද්දේගම කෘතිය
ලියූ ලෙනඩ් වුල්ප්ද අපේ ආයුර්වේද බෙහෙත් පිළිබඳව මෙන්ම පලතුරු පිළිබඳවද
ඇතැම් අවස්ථාවල ප්‍රශංසනීය ලෙස කාලෝචිත ලෙස අගේ කොට සඳහන් කර ඇත.
ලෝකයේ
සහ හොඳ මිහිරි රසයෙන් පිරිපුන් පැණි දොඩම් වගාව තිබුණේ ඌවේ බිබිලේය.
විදේශීන් විසින් වෛරස් වැලඳුන දොඩම් පැලෑටියක් ගෙනවිත් ලංකාවේ වගාකර
ලංකාවේ පැණි දොඩම් වගාව විනාශ කර දැමීය. බිබිලේ දොඩම් වගාව සංහාරය කළේය.
හෙරලි
වෙනුවට රබර් වැව්වේය. බිබිලේ දොඩම් වගාව විනාශකර අද පිටරටින් විශාල ලෙස
දොඩම් ගෙන්වා. ජනතා පරිභෝජනයට වෙළෙඳ පොළේ ගොඩ ගසා තිබේ. අපේ මුදල් විශාල
ලෙස පිටරටට ඇදී යයි.
අපේ රටේ නිදහස වෙනුවෙන් පොත් ලිවූ පැදි ටිබට් ජාතික එස්. මහින්ද හිමියන්ද මා මෙහි සිහිපත් කර සඳහන් කරමි. (නිදහසේ දැහැණ)
මාගේ ගොයම් කපති වෙන රටවල ගොවියෝ
ලාහේ ලන්න වියටැක් දැන්මෙහි නැතියෝ
වර්තමානයේ
ආයුර්වේද බෙහෙත් සමාගම් සහ නිෂ්පාදනාගාරවල රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා
ගැනීමට ශරීරය ශෝභාව සම්පන්න කිරීමට දේශීය පළතුරු යුෂ යොදාගෙන ආලේප වර්ගද
නිෂ්පාදනය කර තිබේ.
කෙස් ගහ පවා පිටරටවල මිනිසුන් නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන් නේ
ඉස්මොල තිබෙද්දීත් මේ ගැන නොතකන් නේ
ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන් නේ·
වස
විෂෙන් තොර අපේ රටේ පලතුරු පිළිබඳව ලිවීමේදී මැකී යන සංස්කෘතික උරුමයන්
යළි පණ ගන්වා සිංහලයා අවදිකරලූ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ද මා
මෙහි සිහිපත් කරමි.
පලතුරු වර්ග
වරකා, වැල, කජු පුහුලන්,
වෙරළු, ලාවුළු, වැල් දොඩම්, පේර, ගස් ලබු, අන්නාසි, දිවුල්, බෙලි,
මහනාරන්, හීන් නාරන්, ජම නාරන්, දොඩම්, කෙසෙල්, රඹුටං, සියඹලා, ජම්බු,
මැංගුස්, අනෝනා, දූරියන්, මිදි, නෙල්ලි, පත්තක්කා, (කොමඩු, කැකිරි,
හිඹටු, ඉඳි, පළු, මොර, ගල් සියඹලා, ඇඹරැල්ලා, අට්ටික්කා, කැටකාල,
ඇටිකෙහෙල්, ස්ට්‍රොaබරි, ගඩුගුඩා, කෑලිය, කරඹ, කිරිල්ල, කාමරංග,
උගුරැස්ස, ලොවි, කට්ටම්බේරිය, කිරිපලු, හිඹටු, එරමිනියා, මසං, ගොරකා, බිං
පොල්, වැල්පතොක්, (රූන් පතොක්), ගිරිහිල්ල, වැල් කරපිංචා, හාගිල්ලා (වල්
කැකිරි), එළගොරක, චෙරි, ජෑම් (සින්චච්), පාසි ඇපල් (බූසි ඇපල්),
ගුස්බෙරි, උඩහලු (වැල් රඹුටං), දමුන්න, බාලෝලියා, සිදරං, මාදං, බලුද,
කෝන්ය.
මා මෙහි සඳහන් කළේ ඉහත පලතුරු ඇතැම් අවස්ථාවල සර්වාංග රෝග
නිවාරණය සඳහා ගෙඩි වර්ග යුෂ වර්ග ගස්වල මුල් කොළ පොතු, ගෙඩි, මල් භාවිතයට
ගැනේ. පංචාගයම ගැනෙන අවස්ථා පවතී. සර්වාංග රෝග චර්ම රෝග, සර්ප විෂ,
කැඩුම්, බිඳුම් වෙදකමට ගෙඩි සහ පිළිකා වෙදකමට අක්ෂි රෝග වෙදකමට, ඇතැම්
අවස්ථාවල අවස්ථානුකූලව උගත් ප්‍රවීණ ආයුර්වේද වෛද්‍යවරයාට යොදා ගැනීමට
සිදුවන බව අවිවාදයෙන් යුතුව සඳහන් කරමි.
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි