Health
සන්ධි ආශි‍්‍රත රෝගවලට ජල චිකිත්සාවෙන් සුවයක්
ජලය වනාහි මිනිසාගේ ජීවිතයේ පැවැත්මෙහිලා අත්‍යවශ්‍යම සාධකයකිග ආහාර නොමැතිව දින දෙක තුනක් ජීවත් වුවද ජලය නොමැතිව අපට එක් දිනක් වත් ජීවත් විය නොහැකි වන්නේ යම්හෙයකින් ජලය නොමැතිවූ විට විජලනය ඇති වී අපට ජීවිතයෙන් පවා සමුදෙන්නට සිදුවන බැවිනිග එබැවින් මිනිස් ජීවිතයට ජලය කොතරම් බද්ධ වී ඇත්ද යන්නට මෙය හොඳම නිදසුනක් වනු ඇතග පානයටල ආහාර පිළියෙල කිරීමටල ස්නානයටල පිරිසිදු කිරීමට යනාදී මෙකී නොකී සියලුම දේට ජලය අත්‍යවශ්‍යයග කොටින්ම පැවසුවොත් මිනිස් ජීවිතයේ පැවැත්මට ජලය ප්‍රබල සාධකයකිග
බොහෝ දෙනා නොදැන ගෙන සිටිය ද ජලය යනු භෞතචිකිත්සාවේ වැදගත් ප්‍රතිකාර ප්රභේදයකිග විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටක වෙසෙන අප වැනි අයට සන්ධි ආශි‍්‍රත රෝග මඟහරවා ගැනීමට ඉතා සුදුසුම ප්‍රතිකාර ක්‍රමයක් වූ ජල චිකිත්සාවෙන් අද නොමිලේ ප්‍රතිකාර ලබන්නේ කීයෙන් කී දෙනාදරෑ
ශ්‍රී ලංකාව වැනි මුහුදෙන් වටවී ඇති රටක සන්ධි ආශි‍්‍රත රෝගවලට ජලයෙන් කෙරෙන ප්‍රතිකාර ක්රමයන් අද භෞතචිකිත්සකවේදයෙන් හඳුන්වා දී ඇතග එබැවින් ජලයෙන් උපරිම ප්‍රයෝජන ලබන්නට මේ රෝගීන්ට හැකියාවක් ලැබෙනු ඇතග
ජල චිකිත්සක ප්‍රතිකාර කළ යුත්තේ සුදුසුකම් ඇති භෞතචිකිත්සකවේදියෙකුගේ උපදෙස් මතයග නිසි ආකාරව මෙම ප්‍රතිකාර ක්‍රමය සිදු කිරීමෙන් සුවය ලබා ගැනීමට බොහෝ දුරට හැකියාවක් ඇතග
විශේෂයෙන්ම සඳහන් කළයුතු දෙයක් වන්නේ ජලයත් සමඟ ක්‍රීඩා කිරීමේදී මිනිසාගේ ආතතිය පහත හෙලන බවයිග ජල චිකිත්සාවේ මූලික සිද්ධාන්තය යනු ජලයේ ඇති උඩුකුරු තෙරපුමයිග
ස්නායු ආබාධ නිසා දෙපා පණ නැති අයට ජල තටාකයක් තුළ ජලයේ උඩුකුරු තෙරපුම නිසා ගුරුත්වාකර්ශණයට එරෙහිව දෙපා එසවිය හැකි බැවින් පහසුවෙන් ඇවිදීමට පුළුවනග
සාමාන්‍යයෙන් ජල චිකිත්සාව සඳහා යොදා ගන්නා ජල තටාකයේ වතුර ගලන දිශාව විවිධ කෝණ ඔස්සේ වෙනස් කළ හැකග වතුර පහර රෝගියාට වදින දිශාව මෙන්ම වේගය අඩු වැඩි කිරීමට ඒ තුළ උපකරණ ඇතග මෙමඟින් දෙපා පණ නැති රෝගියාට දෙපා චලනය කිරීමට අවශ්‍ය ජවය ජලය මඟින් ලබා දේග මෙම ව්‍යායාම ක්‍රමය සක්‍රීය උදවු ව්‍යායාම ලෙස හඳුන්වයිග (Active assisted
exercises) තවද රෝගියාගේ චලනයට විරුද්ධව ජල පහර එවීමෙන් රෝගියා එයට එරෙහිව චලනය කිරිම නිසා අදාළ පේශි ශක්තිමත් වේ (Resisted exercises)
සාමාන්‍යයෙන් ජල චිකිත්සක ප්‍රතිකාර ලබාදීමට ප්‍රථම භෞතචිකිත්සකවරුන් විසින් රෝගියා පරීක්ෂාවට ලක් කර රෝගියාගේ පේශි වර්ගීකරණයක් කරනු ලබයිග එම වර්ගීකරණයට අනුව 2 වන ශ්‍රේණියට පේශිය පැමිණ ඇතිනම් පමණක් ජල චිකිත්සක ප්‍රතිකාරවලට යොමු කරනු ලබයිග
ආඝාතයට ලක් වූ රෝගීන්ට ජල චිකිත්සාව කිරීම සඳහා භෞතචිකිත්සකවරයාගේ උපදෙස් මත ආරක්ෂාව සහිතව රෝගියෙකුට ගංගාවකල මුහුදකදී ප්‍රතිකාර සිදු කළ හැකියග
උදාහරණයක් ලෙස කලවයේ ඇති පේශිය වන කොඩ්රිසෙෆ් (Quadricep) ශක්තිමත් කිරීමට මුහුදු වෙරළට ගොස් මුහුද දෙසට මුහුණලා ගොඩට එන රැල්ල කකුලට ස්පර්ශ වන විට එයට විරුද්ධව දණ හිසෙන් කකුල දිග හැරිය යුතුයග රැල්ලේ වේගය හා ජල පහරේ ඝනත්වයට එරෙහිව කකුල දිග හැරීමෙන් කොඩ්රිසෙෆ් පේශිය ශක්තිමත් වේග
එමෙන්ම සක්‍රීය උදව් ව්‍යායාමයක් කිරීමට නම්ල රෝගියාට දණහිසෙන් කකුල දිග හැරීමට තනිවම නොහැකි නම් මුහුදු වෙරලේ මුහුදට පිටුපා සිට ගෙන මුහුදු රැල්ල එනවිට එයත් සමඟ දණහිස දිග හැරීමෙන් එය පහසුවෙන් කළ හැකග එවිට ටික දිනකින් පේශිය ශක්තිමත් වේග
විකලාංග රෝග අවස්ථාවකදී කිහිලිකරු භාවිතා කරමින් සිටිය ද ජල චිකිත්සක ප්‍රතිකාර ලබා ගත හැකග ජල තටාකයේ සිටින විට කිහිලි ප්‍රදේශය දක්වා ජලය පිරවූ විට රෝගියා දෙපාවලින් සිටගෙන සිටියද රෝගියාගේ බරින් 90්‍රක් රෝගියාට නොදැනෙන බැවින් ඔහුට ජලයේ සිටගෙන සිටිය හැක
curtesy :
dinamina.lk