සතුටුදායක දෙයක් හෙට අනිද්දවත් සිද්ධ වෙයි ද ? කියන ප්රශ්නය හැමෝගෙම හිතේ තියෙන පොදු ප්‍රශ්නයක් කීවොත් ඒකට ඔබත් එක`ග වෙනව ඇති කියල මට හිතෙනව. අද පවතින දුක් කම්කටො`ඵවල නිමාවක් දකින්නේ කවදා ද ? මේ ගැන හීන මවන එක කාටත් පොදු දෙයක්. සමහර විට මේ ප්‍රාර්ථනා බලාපොරොත්තු සාර්ථක වෙන්නෙ නෑ. එහෙම හිතනකොට බයයි. මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න විවිධ ක්රමවදන් අදත් සමාජයේ පවතිනව.
එකක් තමයි ජ්‍යෙතිෂය. හ`දහන බලල සතුටුදායක අනාගතයක් උදා වෙන්නෙ කවදද කියල දැන ගන්න උත්සාහ කරනව. ඒකෙ වරදක් නෑ. උදා වෙන හෙට දවස බලාපොරොත්තු වෙන සතුට වෙනුවට දුක් කරදර උදා කරයි ද කියලත් සැකයි "සුබපල", "අසුබපල" දෛවඥයෝ කියන්නෙ එහෙමයි.
"ජ්‍යෙතිෂය කියන්නෙ පට්ටපල් බොරුවක්" කියලත් සමහරු අභියෝග කරනව. ඒකට හේතුව ජ්‍යෙdතිෂය අනුව කියන අනාවැකි බොරු වීම තමයි. ඒ වුණත් එහෙ ම නම් ජ්‍යෙdතිෂය අවුරුදු පන්දාහකට වඩා ලෝකෙ පැවතුණේ ඇයි ? මහ උගතුන් පවා ජ්‍යෙdතිෂයෙ පිහිට පතනව කීවොත් නිවැරැදියි. අපි මේ ගැන හොයල බලමු. මම හිතන්නෙ කාලීන මාතෘකාවක්. ඉතිං පලාපල කියන්න, හ`දහන් බලන්න ක්‍රම කීපයක් ම අපේ ජ්‍යෙdතිර්වේදීන් භාවිත කරනව. ඒ කියන්නෙ ජ්‍යෙdතිෂ ක්‍රම ගණනාවක් තියනව. පරාශර ජ්‍යෙdතිෂ ක්‍රමය තමයි ප්‍රචලිතම ක්‍රමය. තව විවිධ ක්‍රම තිබුණත් කේන්ද්‍රය හදල දැන් පවතින දශාව ගණනය කරල උපතේ දී ග්‍රහයො හිටපු විදිහත්, දැන් ඉන්න තැනත්, ඒ කියන්නෙ ග්‍රහ ගෝචරයත් බලල පලාපල කියනව.
සමහර විට මේ දශා කාලය අවුරුද්දක් දෙකක් විතරක් තියනව. සිකුරු - ශනි වගේ ග්රහයින්ගෙ අතුරු දශා ඊටත් වැඩියි. ඉතිං මේ පලාපල සාමාන්‍යයෙන් හරි උනාට. හරියටම හරි නෑ. පුරාණ ජ්‍යෙතිෂ ග්‍රන්ථවල ස`දහන් වෙන වටිනාම පරිච්ඡේදයන් අත්හැරීම තමයි ඒකට හේතුව. ඒකට කියන්නෙ "ප්‍රශ්න ශාස්ත්‍රය" නැත්නම් "තත්කාල ශාස්ත්‍රය" කියල.
අපි උදාහරණයක් බලමු. තරුණයෙක් හිතනව විවාහයක් කර ගන්න. ඉතිං කේන්දර දෙකම අරගෙන යනව ජ්‍යෙdතිර්වේදියෙක් ළ`ගට. එයා කියනව සීයට හැත්තෑ පහක් ගැළපෙනව. මේක හො`දයි කරන්න කියල . නැත්නම් කියයි මේක ගැළපෙන්නෙ සීයට හතළිහයි. හො`දට ගැළපෙන්නෙ නෑ කියල. විනාඩි කීපයකින් සමහරවිට පරිගණකය පාවිච්චි කරලයි මේ තීරණේ ගන්නෙ. මෙහෙම හො`දයි කියපු විවාහ ගණනාවක් ම ෙ€දවාචකවලින් තමයි නිම වෙලා තියෙන්නෙ.
තව කෙනෙක් ව්‍යාපාරයක් ආරම්භ කරන්න නැකතක් බලන්න එනව. නැකත දෙනව. ව්‍යාපාරය අසාර්ථක වෙනව. ඔය වගේ විවිධ කාරණාවලදී සාම්ප්‍රදායික පලාපල කීමත්, නැකැත් දීමත් වැරදෙන බව පේනව. හේතුව ඉහත කියපු ප්‍රශ්න ශාස්ත්‍රය භාවිත නො කිරීමයි. ප්‍රශ්න ශාස්ත්‍රය නැත්නම් තත්කාල ශාස්ත්‍රය කියන්නෙ ජ්‍යෙdතිෂ් ශාස්ත්රයේ තියන උසස්ම අංශය කියල කීවොත් නිවැරැදියි. ඒකට භාවිත කරන්නෙ ජන්ම පත්‍රය නැත්නම් හ`දහන නෙවෙයි. තත්කාල ශාස්ත්රයේ දී හදන කේන්ද්‍රයට කියන්නෙ තත්කාල කේන්ද්‍රය කියල. ඒක හදන්නෙ සේවා දායකයා. ජ්‍යෙdතිර්වේදියා වෙත ඉදිරිපත් වෙන වෙලාව පදනම් කරගෙනයි.
අපි දන්නව ඉස්සර ඉ`දලම ප`ඩුරුත් එක්ක බුලත් අතක් පිළිගන්වල තමයි තමන් ආපු කාරණාව අහන්නෙ. මේ චාරිත්‍රයෙන් අදහස් වෙන්නෙ මුදලක් දීම පමණක්ම නෙවේ. සේවාදායකය උදැසනම පැමිණ දෛවඥයාට බුලත් හුරුල්ල පිළිගන්වන්නෙ ප්රශ්නය හිතේ තියාගෙන. මේ වෙලාව උදේ නවයයි තිස් පහ කියල අපි හිතමු. ඒ වෙලාවට දරුවෙක් ඉපදුණු වෙලාවට හදනව වගේම කේන්ද්‍රය හදනව. ලග්නය, නවාංශකය, හෝරාව තමයි ඉතාම වැදගත්.
පුදුමය කියන්නෙ ප්‍රශ්නෙට මේ කේන්දරේ විශේෂ සම්බන්ධයක් තියෙනව. තවත් තේරුම් කළොත් ප්‍රශ්නයක් හිතේ ඇති වෙන වෙලාවට උදා වෙන ග්රහචාරයෙ සම්බන්ධයක් තියනව. මේ වෙලාවට ලග්නාධිපතිය තැන්පත් උන භාවයට අදාළ දෙයක් තමයි බොහෝ විට ප්රශ්නය වෙන්නෙ.
ලග්නාධිපතිය ලග්නයෙම ඉන්නව නම් යම් කිසිවක් සාර්ථක වෙයි ද අසාර්ථක වෙයි ද ? නැත්නම් සුබ ද අසුබ ද වගේ ප්රශ්නයන්. ලග්නාධිපති හතරෙ නම් ගෙදර ගැන ඉඩමක් ගැන පවුල ගැන වගේ. ලග්නාධිපති පහේ නම් දරුවෙක් නැත්නම් ඉගෙනීම ගැන ප්‍රශ්නයක්. ලග්නාධිපති හතේ නම් විවාහ ප්‍රශ්නයක්. අටේ නම් දුකක් කරදරයක් ගැන. මේ කීවෙ උදාහරණ කීපයක් විතරයි. ප්‍රශ්න විතරක් නෙවෙයි, විස`දුමත් මේ තත්කාල කේන්දරේ සංඥාවලින් දැන ගන්න පු`ඵවනි. අපි හිතමු ඉඩම් නඩුවක් ගැනයි දැන ගන්න ඕන කියල. එතකොට කේන්දරේ බලල කියන්න පු`ඵවන් වෙන්නෙ ග්‍රහ අපල ගැටලු, පදිංචියෙ ප්‍රශ්න තියෙන බව විතරයි. ඒ වුණත් තත්කාල ශාස්ත්‍රය අනුව හදපු කේන්ද්‍රයෙන් විස`දුමක් දෙන්නත් පු`ඵවනි.
ඒක ග්‍රහ තාරකා සංඥා අනුව නිවේදනය කරනව. ග්රහයෙකු සංඥ කරන දේ අනුවයි විස`දුම දෙන්නෙ. රවි නම් රජයට ඒ කියන්නෙ නීතියට අනුව ක්‍රියා කරන්න කියලයි. කුජ නම් සටන් කරන්න කියනව. බුධ නම් සාකච්ඡා කරන්න කතා කරන්න වගේ සංඥාවක් දෙනව. ගුරු ග්‍රහයා කේන්ද්‍රයේ නම වැනි භාවයටත් සම්බන්ධ නම් දෙවියන්ට කියන්න භාර වෙන්න කියන සංඥව දෙනව. හොරකමක් වෙලා බුධ දොළහේ නම් කතා කරන්න එපා ප්‍රචාරය කරන්න එපා කියල සංඥා කරනව.
අද විවාහය ගැන තීරණය කරන්නෙ විසි පොරොන්දම් පරීක්ෂාව අනුවයි. පරිගණකවලිනුත් මේක කරන්න පු`ඵවනි. ඒ වුණත් විවාහ ගැටලු තීරණය කරන්නත් ප්‍රශ්න ශාස්ත්‍රය තරම් උසස් ක්‍රමයක් නෑ. දෛවඥ කාමෙනු, හෝරාභරණය, නාරද සංහිතාව, වරහාමිහිරය වගේ පුරාණ ග්‍රන්ථවල වෙනම පරිච්ඡේද ලියෑවිල තියනව මේ ගැන.
බලාපොරොත්තු වන සහකරුගේ චරිතය, දරුඵල, ධනය, පවුලේ පසුබිම වගේ සියුම් කාරණාත් තත්කාලයෙන් කියන්න පු`ඵවනි. ඒත් පොරොන්දම් බලල කියන්න බෑ. විවාහයෙන් මාස හයකින්, අවුරුදු දෙකකින් වගේ සහකරුගෙ මරණය නැත්නම් වෙන් වීම සිද්ධ වෙන ග්‍රහ යෝග තත්කාලයේ උදා වෙන බව මේ පොත්වල තියෙනව.
ඉතාම වැදගත් දේ තමයි ග්‍රහ අපල තියෙන කෙනෙකුගෙ මරණය නැත්නම් ජීවත්වීම ගැන සංඥ කිරීම. මේ වගේ දේවල්වලට විතරක් නෙවෙයි ළි`ද කපන තැන වතුර තියනවද ? ගෙදර වාස්තු දොaෂ තියනව ද ? අමනුෂ්‍ය දොaෂ තියනව ද ? තියනව නම් ඒ භෛරව, ප්‍රේත ආදී දොaෂවලින් මොකක් ද ? රැකියා ප්‍රධානියා හිතවත් ද ? නඩුවෙන් ජය ලැබේ ද වගේ ප්‍රශ්නවලට සාර්ථක විස`දුම් දෙන්න ජන්ම පත්‍රයට නැත්නම් හ`දහනට බෑ. ඒ වුණත් තත්කාල ශාස්ත්‍රය අනුව පු`ඵවනි.
තත්කාල ශාස්ත්‍රය අනුව සුබ අසුබ තියෙන කොට භාවිත කරන තවත් වැදගත්ම දෙයක් තමයි ප්රශ්නය උදාවෙන වෙලාවට පෙන්වන නිමිති. මේව දකින්න, අහන්න වගේම සිදුවීමක් හැටියටත් පෙන්නනව. සමහර විට තමන්ගෙ හිතට දැනෙන්නත් නිමිති උදාවෙනව.
මේ මෑතකදි මහනුවර ලොකු හෝටලයක ම`ගුල් උත්සවයක් තිබුණ. මනමාල මහත්තය වාහනයෙන් බැහැලා නැටුම් ගැයුම් එක්ක පාවාඩ උඩින් හෝටලේ දොර ළ`ගට ආව. මනමාලිගෙ මල්ලි ඒ කියනනෙ මස්සිනා මනමාලයගෙ පා දොaවනය කරන්න සූදානම් වෙලයි හිටියෙ. ඉස්සර ඉ`දලම එහෙම චාරිත්‍රයක් තිබුණනේ. මනාලයගෙ කකුල් හෝදලනෙ ඇතුළට ආරාධනා කරන්නෙ. පුදුමෙ කියන්නෙ කකුල් හෝදන්න තියපු බේසමේ වතුර තියල නෑ. ඔච්චර සෙන`ග ඉ`දලත් ඒක දැකලත් නෑ. ඔන්න අසුබ නිමිත්තක්. දැං අවුරුදු දෙකයිමේ යුවළ අද වෙනකොට දික්කසාද වෙලා.
තවත් යුවළක් මධුසමයට පිටත් වෙන්න පාරට එනකොටම ඉස්සරහට ආවෙ දළ තියෙන හස්තිරාජයෙක්. කාගෙත් සතුට උතුරල ගියා. දැං අවුරුදු දහයක් විතර ඇත. මේ ඉංජිනේරු යුවළ අදත් සතුටින් ජීවත් වෙනව.