‘‘මගේ පුංචි කාමරයේ ජනේල අද්දරම සුදු රෝස මලක් මෝදුවෙමින් පිපෙන්නට පටන් අරගෙන. ජනේල පියන්පත් අතරින් සුවඳ දැනෙනවා. ඒත් මල නෙළාගන්නට බැහැ. මල නෙළාගත්තොත් පෙති බිම ඉහිරී යාවි කියා සිතට බයයි. ඒනිසා ලස්සන පෝච්චියක් ගෙනැල්ලා ඒ මල නෙළාගෙන කාමරයේ තියාගන්න ඕනි... මං වෙළෙඳපොළට ගිහින් මල් පෝච්චියක් අරගෙන ඇවිත් රෝසමල නෙළා ගන්නට ජනේලය ළඟට යනවා. අනේ, දෙයියනේ ඒ මල කවුදෝ කඩාගෙන ගොහින්.......
මා කියපු එක් කෙටි කතාවක දුටු දෙයකින් ලිපිය ඇරඹුවද මා නවකතාවක් හෝ කෙටි කතාවක් ලියන්නට සමතෙක් නොවෙමි. ඒත් මෙහි ඇත්තේ වර්තමාන තරුණ පරපුරට බලපාන පොදු ගැටලූවකි. විවාහ වන්නට සුදුසු කාලයේ වෙනත් භෞතික දේ රැස්කරමින් කාලය ගත කරන විට අපේ විවාහය විය යුතු වයස් සීමාව අවසන් වීම හෝ අපේ පෙම් කළ තරුණයා හෝ තරුණිය වෙනත් අයකු හා විවාහ වීමත් සිදුව අවසන්ය. බොහෝ විට යෞවනයේ අප රැකියාවක් සොයන්නටත් රැකියාව කළ පසු නිවෙසක් ඉදිකරන්නටත් නිවස ඉදිකළ පසු වාහනයක් මිලදී ගන්නටත් උත්සාහ කරමින් පසුවෙමු. එවිට කාලය පියාඹාගොස් අවසන් ය. රැකියා ප්‍රශ්න සාමාජික ප්‍රශ්න ආදිය කාටත් උරුමයි. ආර්ථික ප්‍රශ්න නිරාකරණය කරන්නාක් මෙන්ම අප ජීවිතයට අත්‍යවශ්‍ය නොවන වෙනත් මිරිඟු පසුපස දිවයමින් විවාහ ප්‍රමාද කර ගැනීම හෝ අසාර්ථක කර ගැනීම් සිදු කරගනී. ශක්තිමත් ආර්ථිකයක් අත්‍යවශ්‍ය වුවද සමාජයේ ඉන් බැහැර වෙනත් ආකල්ප තුළ කොටු වී ඇත. උඩරට පහතරට ප්‍රශ්න කුලබේදය වර්තමානයේ දේශපාලන පක්ෂ පාට ද විවාහයට බාධා කරන අවස්ථා ඇත.
‘‘ආපෝ ඌ අර... පක්ෂයට අයත් එකෙක්්.. ඌට නම් මගේ කෙල්ල දෙන්නේ නැහැ..පවසන දෙමාපියන් ද අපට හමුවී ඇත. රෝමියෝ ජුලියට් පේ‍්‍රමවෘතාන්තය දන්නේ නම් එහි රජ පවුල් දෙකක ගැටුමක් තරුණ ජීවිත දෙකක්ම විනාශ වී ගිය ආකාරය දුක්මුසුය. සාලිය කුමරු රජකම හැරදා සැඬොල් තරුණියක විවාහ කරගත්තේ ආදරය ගැන පැවසීමට පමණක් නොව ඔහුගේ ආත්ම ශක්තිය හා ආත්ම විශ්වාසය පෙන්වීමටයි. තමාට උරුම රජ කිරුළට වඩා ආදරයට මුල්තැනදී රජකම ඉවතලන්නට ඔහු සමත් විය. ඒත් වර්තමානයේ මිල මුදල් දෑවැද්ද ඉදිරියේ ආදරයට පයින් ගසන යෞවන යෞවනියන් අනන්තය. මේ කුමන ආකාරයකින් හෝ විවාහ ප්‍රමාද වීමෙන් සිදු වන්නේ අප නොසිතන විපතක් ඉදිරියේ සිදුවීමයි. ඒ අපේ ජාතිය ක්‍රමයෙන් අඩුවී යෑමය. විවාහය පමාවීමට බලපාන තවත් හේතු ඇත. ඒවා විසඳා ගනිමු.
එසේම ඇතැමුනට සිදුවන දෙයක් නම් තමාට විවාහ වීමට අවශ්‍යතාව හා සුදුසුකම් ඇතත් විවාහයට අනෙක් පාර්ශ්වයන් (පිරිමිනට කාන්තාවන්ගෙන්, කාන්තාවනට පුරුෂයකුගෙන්) ආකර්ෂණය නොලැබීමයි. පුවත්පත් දැන්වීමක් මගින් හෝ කපු මහතකුගේ හෝ මාර්ගයෙන් සුදුසු සහකාරිය හෝ සහකාරයා තෝරා ගන්නට උත්සාහ ගත්තද අවසානයේ ‘‘හතිවැටෙන තුරු හෙව්වත් ඵලක් නෑ.. පවසන්නට සිදුවන අය ද ඇත. ඒ අනෙකාගේ සිත් ආකර්ෂණීය කර ගන්නට අසමත් වීමයි. මෙය ‘‘කුජ දෝෂ.. හෝ් ‘‘භෞම දෝෂයම.. නොවේ. අන් අයගේ සිත් ආකර්ෂණය කරගන්නට නොලැබීම ‘‘කුජ.. දෝෂ ඇති අයටත් ‘‘නැති.. අයටත් සිදුවන දෙයකි. ඒ පොරොන්දම්
නොගැළපීමත් නොවේ. පොරොන්දම් ගැලපුණ ද විවාහ බාධක එළැඹීම සාමාන්‍ය සිදුවීමකි. ඇයි අනේ එහෙම වෙන්නේ? මේකට පිළියමක් නැද්ද මට විවාහයක් වෙන්නේම නැද්ද?
විවාහය මෙන්ම වර්තමානයේ බොහෝ දෙනාට බලපානා තවත් කරුණක් නම් තමාගේ ව්‍යාපාරය කඩාවැටීම, සුළු පරිමාණ හෝ මහා පරිමාණයේ හෝ වේවා ව්‍යාපාර සිදු කරන බොහෝ දෙනා දැන් ‘‘ ඉස්සර වගේ බිස්නස් කෙරෙන්නේ නෑ.. යන අඳෝනාව නඟති.
විවාහයට හා ව්‍යාපාරවලට බලපාන මේ තත්ත්වය අප එකට ගොනුකර ගනිමු.විවාහයටද ව්‍යාපාර දියුණුුවට ද දෝෂ පැවැතීම
2 ආකර්ෂණය නොවීම යන බේද දෙක බලපානා දෙයකි. ‘හිනාවෙන්නට බැරිනම් කඩයක් දාන්න එපා. ගමේ කිියමනකි. දත් සියල්ලම පෙන්වා හිනා වුණත් තමාට හිනාවී අනෙක් වෙළෙඳ ශාලාවට පාරිභෝගිකයා ඇදී යන්නේ තමාට ඇති උපයෝගීතාව ඉටු කරගන්නටය. විවාහයද එසේමයි. තමාට ඇති ග්‍රහදෝෂ සහ ශාරීරික දුර්වලතා එසේම තබාගෙන මනාලයකු හෝ මනාලියක සෙවීම විහිළුවකි. විශේෂයෙන්ම කාන්තාවන්ට ‘කළුකුමාර. දෝෂ ඇත්නම් විවාහය පමාවීම සාමාන්‍ය සිදුවීමකි. එසේ නම් පළමුව කරගත යුත්තේ කළු කුමාර දෝෂය ඉවත් කරගැනීමය. ව්‍යාපාර ස්ථානවලටද එවැනි ‘කළුකුමාර. දෝෂ පවතී. ෙභෙරව පූජා පැවැත්වීම භූමි ආරක්ෂාව මගින් ඒ දෝෂ ඉවත්කර ගත හැක. මෙහිදී වැදගත් වන්නේ ඒ පූජාවන් ‘නිවැරැදිව. කර ගැනීමය. මේ දෝෂ නැතිවත් නැතිනම් ඉවත් කිරීමෙන් අනතුරුවද ‘ආකර්ෂණයක්. නොලැබේ නම් ඔබගේ විවාහය ප්‍රමාද වීම හෝ ඔබගේ ‘ව්‍යාපාරය. දියුණු නොවී එතැනම ‘පල්වීම. සිදුවිය හැකිය. නැවතත් මෙහිදී ඔබගේ දියුණුවට නැතිනම් අසාර්ථක වීමට තවත් එක් කරුණක් බලපාන්නට ඉඩ ඇත.
එනම් ඔබට පවත්නා ‘ග්‍රහ අපල. තත්ත්වයන්ය. රාහු මහ දසාව ‘සෙනසුරු ඒරාෂ්ටක. ‘අට චන්ද්‍රයාත්. මහදසාව ආදි දේ ඔබගේ අසාර්ථකත්වයට බලපාන්නට පුළුවන. එපමණක් නොව ඔබ ගත කරන්නේ ‘ගුරුගේ. මහ දසාව වුවත්් ගුරු නීච හෝ සතුරු නම් ඔබ අසාර්ථක විය යුතුය. ඒ නිසා ඔබ ඔබගේ ජ්‍යොතිෂ මහතා හෝ ප්‍රවීණ ජ්‍යොතිෂ මහතකු හමුවී තමාට ‘අදාළ. කාරණා ගැන විශේෂ හඳහන් පරීක්ෂාවක් කරවා ගන්න. ‘සාම්ප්‍රදායිකව. සිදුවන හඳහන් පරීක්ෂාව නොව ‘අදාළ. කාරණයට සම්බන්ධව විශේෂයෙන් පරීක්ෂා කරවා ගන්න. විවාහය ප්‍රමාද වීමක් ගැන නම් විවාහ ප්‍රමාදය ගැන විමසන්න. ඒ ගැන නොව‘කවදා විදේශගත වන්නට ලැබේද?. විමසන්නට නොයන්න. ඔබගේ ජන්ම පත්‍රයේ තත්කාල කේන්ද්‍රයට අනුව දෝෂ ඇත්නම් එය නිවැරැදි කරගෙන දෝෂ මඟහරවා ගෙන ජීවිතය සාර්ථක කරගන්න. ඔබගේ තත්කාල කේන්ද්‍රයේද දෝෂයක් නොමැති නම්, නැතහොත් වෙනත් කිසිදු දෝෂයක් ඔබට නොවේ නම්, ඔබගේ අසාර්ථක බවට වෙනත් සාධකයක් බලපාන්නට හැක. ඒ නිසා විවාහය ප්‍රමාද වීම. ව්‍යාපාරයත් අසාර්ථක වීම්, දේශපාලනික වශයෙන් ජනතා ප්‍රසාදය නොමැති නම් ඊට විසඳුමක් පවතී.
ඒ සඳහා ඔබ නිවැරැදිව ජීවම් කරන ලද ‘මාතාංගේෂ්වරි. යන්ත්‍රය පළඳින්න. ඇතැම් අවස්ථාවල මෙම මාතාංගේෂ්වරී යන්ත්‍රය ඕනෑම අවස්ථාවක ලබාගත හැකි යැයි සඳහන් වුවද එය වැරදි මතයකි. මාතාංගේෂ්වරී යන්ත්‍රය එක්වරම ජීවම් කළ හැක්කේ එක් අයකුගේ නමට පමණි. රතනයන්ත්‍රය, සීවලී යන්ත්‍රය, මෙන් මාතාංගේෂ්වරී යන්ත්‍රය පොදුවේ ජීවම් කළ නොහැක. ඒ යන්ත්‍රය අදාළ පුද්ගලයාගේ නමට පමණක් ජීවම් කළ යුතුය. එය පහසු කාර්යයක් නොවේ. අනෙක් යන්ත්‍රවලදී මෙන්ම මාතාංගේෂ්වරී යන්ත්‍රය ජීවම් කිරීමේදී අප පුරුදු වත් පිළිවෙත් අනුගමනය කළ යුතුය.